'උසාවිය නිහඬයි'

amasin

Member
Nov 11, 2012
11,743
766
0
44
'උසාවිය නිහඬයි'

35f78d057a98cd851e2b8f2863514071_L.jpg


ප්‍රසන්න විතානගේ අධ්‍යක්ෂණය කළ "උසාවිය නිහඬයි" චිත්‍රපටය අද (06) සිට මෙරට සිනමා ශාලාවන්හි තිරගත කිරීම ඇරඹීමට සියල්ල සූදානම් කොට තිබුණා.

අගනුවර ආශ්‍රිතව එම චිත්‍රපටයේ ප්‍රචාරක පෝස්ටර ද විශාල ප්‍රමාණයෙන් අලවා තිබෙනු ද දක්නට ලැබුණා.

එහෙත් මෙම චිත්‍රපටය තිරගත වීම ඇරඹීමට නියමිතව තිබූ දිනට පෙර දින, එනම් ඊයේ දිනයේ දී "උසාවිය නිහඬයි" සිනමා නිර්මාණයට උසාවියෙන්ම තහනම් නියෝගයක් පැනවුණා.

කොළඹ දිසා විනිසුරු එම්.යූ.ගුණවර්ධන මහතා මෙම චිත්‍රපටයට අතුරු තහනම් නියෝගයක් නිකුත් කළේ එය ඔක්තෝබර් 19 වැනි දා තෙක් තිරගතවීම වළක්වාලමින්.

මෙම නියෝගයට හේතුව වුණේ හිටපු මහේස්ත්‍රාත්වරයකු වන ලෙනින් රත්නායක මහතා ගොණුකර තිබූ පෙත්සමක්.

තමා සම්බන්ධයෙන් අසත්‍ය තොරතුරු මෙම චිත්‍රපටයේ සඳහන්වන බව කියමින් ඔහු මෙම පෙත්සම ගොණු කර තිබුණා.

මෙම වාරණයත් සමගින් "උසාවිය නිහඬයි" සිනමා නිර්මාණය පිළිබඳව සහ එහි අන්තර්ගතය කවරාකාර ද යන්න පිළිබඳව සමාජය තුළ තරමක උනන්දුවක් ඇති වී තිබෙනවා.

අදාළ වාරණයට පෙර "උසාවිය නිහඬයි" නිර්මාණය පිළිබඳ සරසවිය පුවත්පත මෙලෙස වාර්තා කර තිබුණා.

එක්තරා කාල වකවානුවක විශාල ආන්දෝලනයක් ඇති කරමින් පුවත්පත් කතුවරයෙකු සහ කාන්තාවන් දෙදෙනෙකු නීතිය ඉදිරියේ සමාජ සාධාරණත්වය ඉටු කර ගැනීමට ගෙන ගිය අරගලයකි.

අගනුවර සිට කිලෝමීටර් සියයකටත් වඩා දුරින් පිහිටි ගොවි ගමක වෙසෙන කාන්තාවන් දෙදෙනෙකු දූෂණයට ලක් වෙන්නේ වසර දෙකක තරම් වූ කාලයක් ඇතුළතදීය.

දූෂකයා අන්කවරෙකුවත් නොව රටේ නීතිය වෙනුවෙන් පෙනී සිටිනා විනිසුරුවරයෙකි.

මෙම කාන්තාවන් දෙදෙනාගේම ස්වාමිපුරුෂයන් සැකකරුවන් වන නඩු දෙකක යුක්තිය පසිඳලන්නට ඉදිරිපත් වී සිටින්නේද ඔහුමය.

මෙම සිදුවීමේදී සැකකරුවන් දෙදෙනාම අධිකරණ කොමිසමෙන් සහ ජනාධිපති කොමිසමෙන් සාධාරණයක් අයැද සිටිති. නමුත් එම ආයතන ද්විත්වයම මෙම පැමිණිලි නොසලකා හැර ඇත.

එයින් කෝපයට පත් මේ සැමියන් දෙදෙනා තමන් ලක් වූ අසාධාරණයට එරෙහිව පළිගැනීමට දිවුරයි.

මේ අතරවාරයේ එක් කාන්තාවක් ගැන තොරතුරු දැන ගන්නා පුවත්පත් කතුවරයෙක් එම සිදුවීම තම පුවත්පතේ පළ කරන්නට කටයුතු යොදන අතර දිගින් දිගටම විනිසුරුවරයාගේ වරද හෙළි කිරීමේ වෑයමක යෙදී සිටියි.

නමුත් අදාළ බලධාරින් තවමත් මේ නඩුකාරයාට එරෙහිව නීතිමය පියවර ගෙන නැත.

පුවත්පත් කතුවරයා වෙත කෙතරම් පීඩනයක් එල්ල වුවද මෙය අතහැරීමට ඔහු ද සූදානම් නැත.

වසර තුනකට පසුව මේ සම්බන්ධව සොයා බැලීමට අධිකරණ කොමිසමෙන් ඉහළ උසාවියේ විනිසුරුවන් තිදෙනෙකු ගෙන් යුතු විනිසුරු මඬුල්ලක් පත් කරයි.

ඉහත කී විනිසුරුවරයා වරදකරු බව ඔවුන්හට පෙනී ගියද ඔහු වැරදිකරු බවට පත් කර තනතුරෙන් පහ කරනු වෙනුවට පඩි සහිත අනිවාර්ය නිවාඩු ලබාදීමට තීන්දු කරයි.

මේ වනවිට අසරණ වූ කාන්තාවන් දෙදෙනාගේ ජීවිතද විනාශ වී හමාරය.

සාධාරණයක් නොවූ තැන පුවත්පත් කතුවරයා නීතිපති සහය පතයි. ඔහුගේ ප්‍රශ්නය සාමාන්‍ය ජනතාවට සාධාරණයක් ඉටු කරන්නට නීතියට නොහැකි වූයේ මන්ද යන්නයි.

එයින් වසර දහහතරක් ගත වී ඇතත් අදටත් මේ පුවත්පත් කතුවරයා සහ අසරණ කාන්තාවක් දෙදෙනා සාධාරණයක් ඉටුවන තෙක් බලා සිටිති.

මෙරට උසාවියේ ස්වාධීනත්වය ගැන ප්‍රශ්න කෙරෙන මෙම කතාපුවත වාර්තා සිනමා පටයක් ලෙසින් නිර්මාණය කරන ලද්දේ සම්මානනීය සිනමා අධ්‍යක්ෂ ප්‍රසන්න විතානගේ විසිනි.
 

manulasj

Well-known member
  • Jan 29, 2009
    1,716
    199
    63
    වික්ටර් අයිවන් තමා කේස්එක ඇද්දේ ..මම නම් කියන්නේ ඕක දෙපැත්තෙම වැරදි නඩු කාරයා ගැනිව බලෙන් ඇදගන ගියේ නැනේ ..කැමැත්තන්නේ ගියේ..නඩු කාරයාගේ වැරැද්ද ලිංගික අල්ලසක් වෙනුවෙන් වැරදි කරුවෙක් නිවැරදි කරුවෙක් කරන්න ගිය එක
     

    waligamaya

    Well-known member
  • වික්ටර් අයිවන් තමා කේස්එක ඇද්දේ ..මම නම් කියන්නේ ඕක දෙපැත්තෙම වැරදි නඩු කාරයා ගැනිව බලෙන් ඇදගන ගියේ නැනේ ..කැමැත්තන්නේ ගියේ..නඩු කාරයාගේ වැරැද්ද ලිංගික අල්ලසක් වෙනුවෙන් වැරදි කරුවෙක් නිවැරදි කරුවෙක් කරන්න ගිය එක

    මේක බලහත් කර කමක්, තමන්ව මානසිකව හිරකරලා කරන දෙයක්, එනිසා දුෂණයක්. අනික එන කියන්නේ කටඋත්තරයක් ගන්න.
     

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    මේක බලහත් කර කමක්, තමන්ව මානසිකව හිරකරලා කරන දෙයක්, එනිසා දුෂණයක්. අනික එන කියන්නේ කටඋත්තරයක් ගන්න.

    සමහරුන්ට ඔය පොඩිදේ තේරුම් ගන්න තරන් වත් බුද්දියක් නෑ බන්. . :D
     

    Similar threads