උසාවිවලට_පහරදී

hirashgeff

Well-known member
  • Jan 16, 2007
    22,187
    25,936
    113
    29
    ලොවෙත් නැති තැනක


    2d8rjx1.jpg


    උබලට ඔය කියල තියෙන ඒවා තේරෙනවද?ඕකුන්ට ජාතක උන උන්ට නම් ඕවා තේරෙන්නේ නෑ.


    ඔය ඉතින් යන්නෙ කොහෙද මල්ලේ පොල් කතාවක් නේ, අන්ක රනිලට මම ඕන තරම් බැනලා ඇති. :lol::lol:
     

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    උසාවිය කියන උත්තරීතර තැනට නිගා කරන බල්ලන්ට දඩුවම් කිරීම පාලකයන්ගේ යුතුකම. එදා බදුර්දීන් හිවලා උසාවියට ගල් ගහනකොට මහින්දය උෟව හුරතල් කරා. ඒකෙ ප්‍රතිපල උන්දැට ලැබුනා. දැන් ඉන්න උන්දලත් මේව හිතල බැලුවොත් හොදයි. තීරණ දීල විනිසුරැවන්ට විනිසුරැ දිවියට තිත තියට තැනට වැඩ සලස්වන්නෙ නැතුව

    ඉතින් එකනේ මේ ආණ්ඩුව ගල් ගහපු උන්ව අල්ලලා තියෙන්නේ :P
     

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,936
    113
    29
    ලොවෙත් නැති තැනක
    උසාවිය කියන උත්තරීතර තැනට නිගා කරන බල්ලන්ට දඩුවම් කිරීම පාලකයන්ගේ යුතුකම. එදා බදුර්දීන් හිවලා උසාවියට ගල් ගහනකොට මහින්දය උෟව හුරතල් කරා. ඒකෙ ප්‍රතිපල උන්දැට ලැබුනා. දැන් ඉන්න උන්දලත් මේව හිතල බැලුවොත් හොදයි. තීරණ දීල විනිසුරැවන්ට විනිසුරැ දිවියට තිත තියට තැනට වැඩ සලස්වන්නෙ නැතුව

    :cool::cool:
     

    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    මම හිතන් හිටියේ තමිල්නාඩුවේ ඉන්න ගොන් දෙමල්ලු ලංකාවේ නෑ කියල .. බලන් යනකොට එහෙන් මෙහෙන් උනුත් ඉන්නවා වගේ ...
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,559
    28,444
    113
    මහින්ද ජාතිවාදය වපුරන්න ඉතිහාසය පටලවයි

    මහින්ද ජාතිවාදය වපුරන්න ඉතිහාසය පටලවයි

    "අද උතුරේ උසාවිවලට පොලිස්ථානවලට ගල් ගහනවා. එදා LTTE පටන් ගත්තෙත් එහෙම තමා. මේක භයානක තත්වයක් හා මුල පිරීමක්. ඉතිහාසය ගත්තාම ඔහොම තමයි LTTE එක ආරම්භ උනේ. ඒක නිසා පොලිසිය ක්‍රියාත්මක වෙන්ඩ ඕන. උතුරේ නිතිය එක ක්‍රමයටත් දකුනේ නිතිය එක ක්‍රමයටත් ක්‍රියාත්මක කරන්ඩ බැහැ. රටේ එක නිතියක් පවතින්ඩ ඕනා. සාමය තියෙන්ඩ ඕනා. මේ තත්වය ඉක්මනින් වෙනස් කිරිමක් කරන්ඩ ඕනා." යැයි හිටපු ජනාධිපති මහින්ද රාජක්ෂ මහතා මහියංගනයේදී මාධ්‍ය හමුවේ ප්‍රකාශ කර තිබේ.

    ඔහු මෙලෙස ප්‍රකාශ කරන්නේ පසුගියදා යාපනය කයිට්ස්හි සිසුවික සමූහ දූෂණය කර ඇය ඝාතනය කිරිමට සම්බන්ධ සැකකරුවන් ඊයේ (20) උසාවියට ඉදිරිපත් කළ අවස්ථාවේ ඇතිවූ උණුසුම් කාරී තත්ව මත පදනම් වෙමිණි. ‍

    මෙම තත්වය හුදු සාපරාධී අපරාධයක් සම්බන්ධයෙන් ජනතාව තුළ ඇති වූ ප්‍රකෝපකාරී තත්වයක් වන අතර පසුගිය දසක දෙක තුළ උතුරේ හෝ නැගෙනහිර නොවන පළාත්වලද මෙවැනිම ප්‍රකොපකාරී තත්වයන් හට ගත්තේය.

    වැල්ලවත්ත පොලීසියට පහරදීම, මාධ්‍ය වේදීන්ට පහරදීමට එරෙහිව මාධ්‍යවේදීන් මහව පොලීසියට එරෙහිව උද්ඝෝෂණය කිරීම, කෝට්ටේ මහ නගර සභාවේ සභාපතිවරයාව පැහැරගැනීමට සුදු වෑන් රථයකින් පැමිණී පිරිස නිරුපද්ධිතව නිදහස් කර හැරීමට එරෙහිව එම ප්‍රදේෂයේ ජනතාව එම පොලීසියට එරෙහිව උද්ඝෝෂණය කිරිම, බොදු බල සේනා සංවිධානය අවස්ථා කිහිපයකදීම අමාත්‍යාංශ පොලීසි ආදියට කඩා වදිමින් එහි රාජකාරියේ නිරත නිලධාරීන්ට බාධා කිරීම වැනි උදාහරණ බොහෝමයක් තිබේ.

    කෙසේ නමුත් තම අගමැති සිහිනය මුදුන් පමුණුවා ගැනීම සඳහා යහමින් ජාතිවාදය වපුරවන මහින්ද රාජපක්ෂ මහතා මේ සියල්ල අමතක කර දමමින් අමු අමුවේ අද බොරු ප්‍රකාශ සිදු කරමින් සිටී.

    පොලීසිවලට උසාවිවලට පහරදීම වරදකි. නමුත් LTTE ත්‍රස්තවාදය පරාජයට පත්වීමෙන් පසු උතුරේ උසාවිවලට පොලීසිවලට පහරදුන් පළමු අවස්ථාව මෙය නොවන බව මහින්ද රාජපක්ෂ මහතා සිතාමතාම අමතක කර ඇති බව පෙනෙන්නට තිබේ. රාජපක්ෂ පාලන සමයේ අමාත්‍යවරයෙකුව සිටි රිෂාඩ් බදුර්දීන් 2012 වසරේදී ඔහුගේ ආධාරකරුවන් යොදවා මන්නාරම උසාවියට පහරදීම සිදු කළේය. එදා තමන් ජනාධිපතිව සිටි සමයේ සිදු වූ ‍මෙම සිදුවීම ගැන උක්ත ප්‍රකාශය සිදු නොකළේ මන්ද?

    රාජපක්ෂ සමයේදී කයිට්ස් වැනි ප්‍රදේශවල රාජ්‍ය මැර කල්ලි පොලීසි පවා නිහඬ කරමින් කටයුතු කරගෙන ගිය අතර අද ඔවුන්ගේ විනාශකාරී සාපරාධී කටයුතුවලට එරෙහිව නීතිය ක්‍රියාත්මකවෙද්දී එය වැලැක්වීමේ අරමුණෙන් කලකෝලාහල ඇති කිරීමටත් එය ජාතිවාදී ස්වරූපයකට ගෙන ඒමටත් දඟලන පිරිසට මහින්ද රාජපක්ෂගේ උක්ත ප්‍රකාශය උඩගෙඩි දීමක්ය. රාජපක්ෂ කල්ලියටම අද අවශ්‍යව ඇත්තේ උතුරෙත් දකුනෙත් ජාතිවය වපුරා සිංහල ජාතිවාදීන්ගේ කර මතින් බලයට පැමිණ ශ්‍රී ලංකා භූමිය ලෙයින් නැහැවීමටද?


    - http://www.lankatruth.com/home/sinh...-32-45&catid=36:2011-10-17-04-27-38&Itemid=72