උළුහාල්

Dasunx

Active member
  • Jul 7, 2020
    200
    234
    43
    dasunx.com
    1610351967922.png


    Tea spoon newe Table spoon 1
     
    • Like
    Reactions: fallend and NRTG

    Aitne

    Well-known member
  • Jan 15, 2021
    376
    765
    93
    kema hadadi danna, mama nam samahara malu curry hadaddi danawa, Tea bona eka adu kara nam hari.
     
    • Like
    Reactions: NRTG

    ElaBaba

    Well-known member
  • Jun 8, 2018
    7,225
    10,889
    113
    NWP
    🔶. අපේ ශරිරයට අත්‍යවශ්‍ය යකඩ, කැල්සියම්, සින්ක්, පොටෑසියම්, සෙලිනියම්, ඛණිජ ලවණ, විටමින් ආදී බොහෝ පෝෂ්‍ය පදාර්ථ මෙම උළුහාල් වල අන්තර්ගත වෙලා තියෙනවා. ඒ විතරක් නෙවෙයි ඉහළ ආහාරමය තන්තු ප්‍රමාණයකින් ද, හොඳ ප්‍රතිඔක්සිකාරක ගුණයකින් ද මෙම උළුහාල් ගොඩක් පොහොසත්.
    🔶. අප ගන්නා ආහාරයේ ඇති ග්ලූකෝස් රුධිරයට අවශෝෂණය මදක් ප්‍රමාද කරවන ඉන්සියුලින් හෝමෝනය නිපදවීම ක්‍රමවත් කරන නිසා මෙම උළුහාල් දියවැඩියාව රෝගීන්ට ඉතාම ගුණදායකයි.
    🔶. උළුහාල් වල ෆෝලික් අම්ලය අඩංගු වන නිසා උළුහාල් ආහාරයට එකතුකර ගැනීමෙන් කිරි දෙන මව්වරුන්ට තම කිරි ස්‍රාවය හොඳින් වර්ධනය කරගන්නත් එය හොඳින් පවත්වාගෙන යන්නත් පුළුවන්.
    🔶. ස්වාභාවයෙන්ම ආහාර රස ගන්වන හා සුවඳ ගන්වන ගුණ උළුහාල් වල අඩංගු නිසා අග්නි දීපනය (බඩගින්න ඇතිකිරීම) සිදුකිරීමත්, ආහාර මාර්ගය ආශ්‍රිත සියලුම ග්‍රන්ථි උත්තේජනය කිරීමත් එයට අමතරව බඩ පිපුම, අජීර්ණ තත්ව, මලබද්ධය, පණුරෝග, ආහාර මාර්ගය ආශ්‍රිත පිළිකා හා තුවාල ආදිය සුවකිරීමත් මෙම උළුහාල් වලින් සිදුකරනවා.
    🔶. උළුහාල් වල වාත සමන හා වාත අනුලෝමන ගුණ සහිත නිසා දේහයේ ඇතිවන විවිධ වේදනාවන් විශේෂයෙන් කාන්තාවන්ගේ මාස් ශුද්ධියේදී ඇතිවන වේදනාවන් සඳහා උළුහාල් බොහෝ ගුණ දෙනවා.
    🔶. සමෙහි ඇතිවන රැළි වැටීම්, අවපැහැ ගැන්වීම් වළක්වා ගැනීම සඳහා රූපලාවණ්‍යය කටයුතු වලදී උළුහාල් කුඩු මඟින් සාදාගත් ෆේස් පැක් හා ස්ක්‍රබ් වර්ග භාවිතා කරන ලබනවා.
    🔶. හිසකෙස් අකලට වැටීම, හිසකෙස් තුනී වීම, හිස්හොරි ඇතිවීම, තට්ටය පෑදීම වැනි බොහෝ ශීර්ෂ ගැටළු වලටත් තරුණයින්ගේ රැවුල වැවීමේ මද බවටත් මෙම උළුහාල් බොහෝ ගුණදෙනවා.
    🔶. විදුරු මස් නිරෝගී කරවන උළුහාල් මුඛ දුර්ගන්ධයටද කදිම ඔසුවක්. ඒ විතරක් නෙවෙයි සෙම් රෝග හා උගුරේ ඇතිවන ආසාදන තත්වයන් වලටද මෙම උළුහාල් හොඳ ඖෂධයක්.
    🔶. උළුහාල් ස්වභාවයෙන්ම රක්ත ශෝධන ගුණ සහිත නිසා සම ආශ්‍රිතව ඇතිවන ආසාත්මිකතා, කැසීම්, රතුවීම්, පළු දැමීම්, උෂ්ණ බිබිලි, දද, හා විවිධ කුෂ්ඨ වර්ග ඇති වීම පාලනයත්, ශරීරයේ උණ පාලනයත් හරි ලස්සනට සිදුකරනවා.
    🔶. මුඛයේ තුවාල, බඩ පිපුම, ගැස්ට්‍රයිටිස්, ලිංගික බෙලහීනතාවය, මුත්‍රාගල්, වාත රෝග, සන්ධි වේදනා, පිළිකා, අක්මා හා මොළයේ ගැටළු වලටද මෙම උළුහාල් දිව්‍ය ඖෂධයක්.
    🔶. ස්වභාවයෙන්ම තීක්ෂණ, උෂ්ණ හා ලඝු ගුණ අන්තර්ගත වන උළුහාල් සිරුරේ සියලු අවරෝධ වූ නාල හා මාර්ග (ස්‍රෝතස්) පිරිසිදු කිරීමට උපකාරී වන නිසා කොලෙස්ටරෝල්, අධිරුධිර පීඩනය වැනි රෝග තත්ව වලට ද ඉතා හොඳ ඔසුවක්.
     

    ElaBaba

    Well-known member
  • Jun 8, 2018
    7,225
    10,889
    113
    NWP
    🔴 කොලෙස්ටරෝල් වලට හා දියවැඩියාවට ගුණදෙන විශ්මිත ආයුර්වේද පානය
    අවශ්‍ය ද්‍රව්‍ය
    •••••••••••••••••
    • යන්තමට කොටාගත් උළුහාල් මේස හැඳි 02 ක්
    • තලාගත් ඉඟුරු කැබැල්ලක්
    • වතුර කෝප්ප එක හමාරක්
    සාදාගන්නා ආකාරය
    ••••••••••••••••••••••••••••
    01. වතුර සාස්පානකට දමා උණු කරගන්න. වතුර නටද්දී ලිපෙන් ගන්න.
    02. වැසිය හැකි කෝප්පයකට දමන්න. එයටම තලාගත් උළුහාල් සහ ඉඟුරු දමන්න.
    03. පැය 03 ක් වසා තබන්න. පුරා රැයක් තිබ්බට ගැටළුවක් නැහැ.
    04. උදෑසන හිස්බඩ බොන්න.
    05. මේ පානය දිනපතාම රාත්‍රියට හදා තබා උදේට උදේට පානය කිරීමෙන් විශ්මිත ගුණයක් ලැබේ.

    🔴 කොලෙස්ටරෝල් වලට තවත් පානයක්...
    උළුහාල් ස්වල්පයකට සුදුළූණු බික් 01 ක්, කළුදුරු ස්වල්පයක්, ගොරකා බික් 01 ක් දමා තම්බා එයින් අඬු කෝප්ප 1/2 ක් රාත්‍රී ආහාරයෙන් පසු පානය කරන්න.
    ------ Post added on Jan 19, 2021 at 7:48 AM
     

    stasia

    Well-known member
  • May 28, 2018
    12,814
    26,358
    113
    כדור הארץ

    2. හැමදාම උදේට මද උණුසුම් උණු වතුර වීදුරුවක උළු හාල් කුඩු තේ හැන්දක් දිය කර පානය කරන්න.
    මේක කරන්න ගිහින් වමනේ ගියා. එදත් එදා මයි දකිද්දී පවා අප්පිරියයි
     
    • Wow
    Reactions: Ryan08 and NRTG