ලංකාවේ ගෑ..නු උනාම
සමන්තා උදේම ඇහැරුනේ වැඩට යන්න කලින් පාඩම් ටික කරගන්න ඕනේ නිසා. එළියේ ජනේලයෙන් එහා හිම වැටෙනවා. ඇය නිදහසේ කෝපි එකක් බිබී අසයින්මන්ට් එක පෙළගැස්සුවා. පොඩි එකා නැගිටින්න තව වෙලා තියෙනවා. සමන්තා ඇමරිකාවට සංක්‍රමණය වුනේ මීට අවුරුදු දහයකට පෙර. ඇගේ උපාධිය කරන්න ආවට පස්සේ එහෙම දැකල හිත ගිය කඩවසම් ජෝන් ග්‍රේ එක්ක විවාහ වුනේ ඇගේ ආදරය මල්පල ගන්වමින්.
උදෑසන හතයි දහය වගේ වෙද්දී ජෝන් ආවේ වැඩට යන්න ඇඳගෙනම.
“ ගුඩ් මෝනින් හනී “ කියල ඇයගේ නළලට සැහැල්ලු හාද්දක් දුන්නු ඔහු දෙස බලා ඈ ආදරෙන් හිනා වුනා.
ජෝන් ෆ්‍රිජ් එකේ දොර ඇරලා ෆ්‍රෙෂ් මිල්ක් එක භාජනයකට වත් කළා. ඒකට කොර්න් ෆ්ලේක්ස් ටිකක් දාගෙන පැත්තක තිබ්බ මේපල් සිරප් ටිකකුත් දාගෙන ඔහු ඈ ලඟින්ම කුස්සියේ කෑම කන මේසේ ඉඳගත්තා. දෙන්නා උදේ ආහාරය ගන්න අතරේ කතා වුනේ අද දවසේ දෙදෙනාගේ රාජකාරි ගැනයි. ඇගේ අවසන් අසයින්මන්ට් එක ගැනත් ඔහු සුබපැතුවා. කාල භාජනේ හෝදපු කඩවසම් සුදු සැමියා ෆ්‍රිජ් එක ආයෙත් ඇරලා පළතුරු යුෂ පැකට් එක කඩලා වීදුරුවට දාගෙන පානය කළා. ඔහු ගෙදරින් නික්මුනේ සමන්තාට නැවත ආදරණීය හාද්දක් දීල .
සමන්තාගේ අවුරුදු තුනේ පුතා නැගිට්ටේ ජෝන් ගිහින් ටික වෙලාවකින්. ඈ පුතාට බාත්රූම් එකේ ටබ් එකට උණුවතුර ටැප් ඇරලා දත් මදින්න උපකාර කළා. පුතු එලින් හැම දේම තනියම කරගන්න හුරු වුනු දරුවෙක්. ඈට තිබ්බේ උපකාර කරන්න විතරයි. ඔහු ඇඟ හෝදලා ඉවර වුනාම පිහදාල ඇඳ උඩ තිබ්බ ඇඳුම් ඇඳගත්තා. පුතාට කිරිත් එක්ක වීට් බික්ස් කන්න දාල දුන්න සමන්තා වහාම ගිහින් ඇඳ ගත්තා.
ඔවුන් දෙදෙනා ගෙදරින් පිට වුනේ අටයි පහළවට. ඩේ කෙයා එකට පුතාව බස්සවල එතනින් ඔෆිස් එකට යන්න ඇයට විනාඩි පහලව ඕනෙවට වඩා වැඩියි. පාරවල් වල තියෙන නිදහස් කම නිසා වේගයෙන් රිය පදවාගෙන ගියා. ඩේ කෙයා එකේ Teaching assistant මිස් ඈන් ඉස්සරහට ආවේ හිනා කටක් පුරෝගෙන. එලින් සතුටින් අම්මට බායි කීවා.
ඈ විනාඩි පහකින් ඔෆිස් ගියා. දවසම වැඩ කරලා හවස පහට හැමෝම ඔෆිස් එකෙන් නික්මුනා. සමන්තා ගියේ විශ්ව විද්‍යාලයට. ඈ දේශන ඉවර වෙලා ගෙදර එද්දී රෑ නවය වුණා. හවස එලින්ව ඩේ කෙයා එකෙන් ගන්නේ ජෝන්. ඒ වෙද්දී ඔහුව හවසට ඇඟ හෝදලා ඩිනර් එකත් කවල තමා එතනින් දුන්නේ. ඈ ඇඳුම් පිටින්ම ගියේ කිචන් එකට එද්දී හොඳ සුවඳක් එනවා.
ජෝන් වේලාසන එන නිසා පුතා ඇඳට දාල ඔහු ඩිනර් එක ලැස්ති කරලා. ඇත්තටම ඔහු කලේ සුපර් මාකට් එකෙන් ගෙනත් තිබ්බ සමන්තාගේ ප්‍රියතම ලෙමන් චිකන් එක මයික්‍රෝවේවූ දාල රත් කරලා එළවලු කපල සැලඩ් එකක් හදලා පාන් ටෝස්ට් කරලා. හරිම ආදරණීය විදිහට සමන්තා වෙහෙසින් වුනත් ජෝන්ට හාද්දක් දුන්නා. ඩිනර් හැදීම ගැන ස්තුති කළා. ඔවුන් දෙදෙනා වයින් වීදුරුවක් එක්ක ඩිනර් ගත්තේ සාර්ථවක අසයින්මන්ට් එක සබ්මිට් කිරීම ගැන සතුටින්.
සමන්තා නිදාගන්න කලින් ෆෝන් එක බැලුවා අහම්බෙන් මල්ලි සමන්ත කතා කරලා බව දැක්කා. “ දැන් රෑ වැඩියි. හෙට මල්ලිට කෝල් කරනවා “ ඈ හිතුවා.
…………………………………………………………………………………………………..
රන්සරා උදේ නැගිට්ටේ පහේ එලාර්ම් එකේ සද්දෙට. ඇයට තවම නිදි මතයි. ඊයේ රෑත් දෙක වෙනකම් දුව කිරි බිවුවනේ. අන්තිමේ රන්සරා නිදියද්දී දෙකත් පහු වෙලා. නිදියන්න ආස වුනත් නිදියන්න විදිහක් නැහැ. සමන්ත දවසකට වත් කඩයෙන් කන්න ආස නැහැ. එහෙම දවසට සතියක් වත් කුලේ කියෝනවා.
දුව කන්න හොර කිරි බොන නිසා කියල ඩොක්ට කියපු නිසා ගිය සතියේ රන්සරා උත්සහ කරා දුවව වෙනම නිදි කරවන්න. මුල් දවස් ටිකේ අඬයි කියලත් ඩොක්ට කීවා. අන්තිමේ ඒකත් ඉවර වුනේ ලොකු රණ්ඩුවක් වෙලා කියල මතක් වුනු රන්සරා සුසුමක් හෙලුවා. තාම සමන්ත සහ රෑ පුරා වද දුන්නු දූ පැටියා සැපට නිදි.
“ ළමයා මේ විදිහට අඬවන තමුසේ මහා හිතක් පපුවක් නැති ගෑ..නියෙක් “ සමන්ත කීවේ කෙලින්ම රන්සරා වෙතට කෝපය පළකරමින්.
“ මට හරි අමාරුයි සමන්ත රෑ පුරාම මෙයා කිරි බොද්දි ඇඟට පණක් නැහැ “ රන්සරා කීවේ බැගෑපත්ව.
“ අපි නම් ඉස්කෝලේ ගිහින් ඇවිල්ලත් කිරි බොනවා. අපේ අම්මලාට මල් තියල වඳින්න ඕනේ. ත.මුසෙගෙ ලේසියට පවු පොඩි එකා. ළමයිගේ ප.වට ඔහොම අම්මලාගේ බඩේ ඉපදෙන්නේ “ මේ වචන රන්සරාගේ දෙනෙත් කඳුලින් මෝදු කළා.
කාමරේ එහාට වෙලා සංවාදය අහගෙන හිටි නැන්දම්මා ආඩම්බරය මුසු ස්වරයෙන් ඈට කීවේ “ අම්මෙක් වුනාම ඔහොම තමා දුව. දුක් විඳින්න වෙනවා. “ කියලයි.
ඉතින් දරුවා වෙනම නිදි කරවන එක හීනයක්ම වුණා. “ඔන්න ඔහේ එයාට ඇති වෙනකම් ඉන්නවා” අන්තිමේ රන්සරා හිතුවේ තමා නරක මවක් නෙවේද කියල හිතමින්.
පහයි දහය වෙද්දී ඈ ඇඳෙන් නැගිට්ටා.
ඇහැ පිහදාමින් කුස්සියට ගිහින් ඊයේ රාත්‍රියේ යට කොටසේ දාල තිබ්බ කුකුල් මස් එක හැදුවා. ඊට පස්සේ කරවිල බැදලා උයල පරිප්පු කිරට හැදුවා. කොළ සම්බෝලේ හදල ඉවර වෙද්දී හය හමාරයි. බත් එකටම උඩ ස්ටීමරේ ඉඳිආප්ප කීපයක් තම්බා ගත්තේ සමන්ත උදේ කන දේ දවල්ට කන්නේ නැති නිසා. ඒ අතරේ පොඩිවට පොල් සම්බෝලයකුත් හැදුවා. ඈ වහාම තේ එක හැදුවේ දැන් දැන් සමන්ත නැගිටලා කෝ.පෙන් කෑ ගහයි කියල බයට.
ඈ තේ එකත් අරගෙන විජහට කාමරේට දුවද්දී සමන්ත ඇහැරිලා ෆෝන් එකේ ෆේස් බුක් බලමින් හිටියේ. ඔහු ෆෝන් එක දිහා බලාගෙනම තේ එක ගත්තා.
“ කහට පොඩ්ඩක් වැඩියි වගේ “ ඔහු කීවෙත් ෆෝන් එක දිහාම බලාගෙන. දුව නින්දෙන් නැගිටලා කෙලින්ම ඇවිත් රන්සරාගේ කුක්කුවේ එල්ලුනා.
සමන්ත බාත්රූම් ගිහාම ඈ ඔහු නිදා සිටි ඇඳ හදල දැම්මා. හෝදලා මැදලා තිබ්බ කලිසමක් සහ කමිසයක් අල්මාරියේ එල්ලලා තිබ්බ නිසා රන්සරා හෙමින් දුව මෑත් කරලා ෆෝන් එක බැලුවා.
“ රන්සරා...රන්සරා ...කෝ අර මගේ බොක්සින් බැනියම?”
“ ඔය තියෙන්නේ අනේ..බැනියම් තියෙන තැන “ රන්සරා කෑගහල කීවා.
ටිකකින් සමන්ත ය.කෙ.ක් වගේ දොර ළඟ හිටගෙන.
“ ටිකක් කතා කරහම එනවකො. උදේම ෆේස් බුක් එක ...ඔය හෙනේ නිසා තමා මේ ගෙදර කිසිම දෙයක් වෙන්නේ නැත්තේ “ රන්සරා ෆෝන් එකේ උන්නු විනාඩි කීපය ගැන කනගාටු වුණා. ඈ වහාම ගිහින් බැනියම් ගොඩේ තිබ්බ ඔහුගේ බැනියම හොයල දුන්නා.
ඔහු කාල පිඟාන මේසේ උඩ තියෙද්දී අත්දෙක සබන් දාල හෝදගෙන එලියට බැස්සේ රන්සරා දුන්නු බත් එකත් අතට අරගෙනයි. වාහනේ පාරට දාද්දීම සමන්තට යකා වැහුනා. හොඳටම ට්‍රැෆික්. “හෙට වත් රෑට ගේම් ගහන එක නතර කරලා ටිකක් වේලපහින් නිදියන්න ඕනේ” . ඔහු හිතුවා.
වැඩ පොලෙත් වැඩ හොඳටම. හැමදාම රෑ වෙනකම් වැඩ. තනි පඩියක් විතරක් තියෙන නිසා ආර්ථිකේ අමාරුයි. අම්මගේ වියදම් වලට අක්කා ඇමරිකාවෙන් නිතර මුදල් සහ බඩු එවන එකත් සහනයක්. සමන්ත බාලයා නිසා අම්ම කොහොමත් ආදරේ කරේ ඔහුට. අක්කා සමන්තා කොහෙත්ම හැදුනේ තමන්ගේ දේවල් කරගෙන ශක්තිමත්ව. අදටත් සමන්තට නිතර අක්කා මුදලින් හදලින් උපකාර කරන්නේ මල්ලිගේ ගතිගුණ දන්නා නිසයි. සමන්තා මල්ලිට හරිම ආදරෙයි.
ඔහු එදා හවස වෙනකම් වැඩ කරලා ඉතුරු ටික ඉවර කරන්න ඔෆිස් එකේ නැවතුණා. ඊයේ සල්ලි ටිකක් ඉල්ලගන්න අක්කට කෝල් කරාට ඈ ආන්සර් කරේ නැහැ. ඔහු නැවත වරක් උත්සහ කරා. ඒ ගමන අක්කා ගත්තා.
“ අනේ මල්ලි ඊයෙත් කතා කරලා තිබ්බා. සොරි මල්ලි. මම හිටියේ කැම්පස් එකේ ලෙක්චර්ස් වල “ අක්කා කීවේ ආදරෙන් .
අක්කගේ උසස් අධ්‍යාපනය ගැන මල්ලි ආඩම්බරෙන් විස්තර ඇහුවා. ඇගේ උසස්වීම ගැනත් සතුටු වුණා. අක්කා මුදල් එවන්න කැමති වුනත් කතා කරේ අප්‍රසාදයෙන්.
“ ඇයි ඔයාට පිරිමහගන්න බැරි? ඇයි ඔයාගේ වයිෆ්ට වැඩක් කරන්න බැරි ?” වගේ දේවල් ඈ ඇහුවා.
ගෙදර එන ගමන් සමන්ත කල්පනා කළෙත් ඒකමයි.
ළමයා ලැබුනට පස්සේ රන්සරාට ජොබ් එකෙන් අයින් වෙන්න වුණා. සමන්තගේ අම්මාගේ කකුල දෙකටම කැඩිලා තියෙද්දී පුංචි බබා බලන්න ආව ගෑනු කෙනා බබාට ඕඩිකොලොන් දීල නිදි කරලා. හොඳ ඩේ කෙයා එකකට දාන්න බැලුවත් හැම එකක්ම රන්සරාගේ පඩියට වඩා ගාන වැඩියි. ගණන් අඩු ඒවගේ කොලිටිය හොඳම නැහැ. ඒවාට ගිය සමහර දරුවන්ට ගු..ටි කා..ල මානසික ලෙඩ පවා හැදිලා කියල දැනගත්තු රන්සරා බය වුණා. රජයෙන් මේවා ගැන කොහෙත්ම සොයා බැලීමක් කළේ නැහැ.
එකම විසදුම වුනේ රස්සාවෙන් සමු ගැනීම. සමන්ත වුනත් ඒකට විරුද්ධ වුනේ නැත්තේ අම්ම බලන්නයි, බබා බලන්නයි කෙනෙක් නැති නිසා.
“ මේ ගෑ..නිට රස්සාවට යන්න බැහැ කියමු. ඒ වුනත් හැමදාම මල අදෝනාව. දවසම ගෙදර ඉඳලත් හරියට කන්න ටික හදාගන්න , රෙදි ටික හෝදන්න , ගේ දොර පිළිවෙලට තියාගන්න බැහැ. “ ඔහු කල්පනා කළා.
“ මහන්සි වෙලා අවහම ළමයා මගේ ඇඟට ගන්න එපා “ කියල හොඳ වෙලාවට අම්ම කලින්ම කියල දුන්නේ. නැත්නම් මේ ගෑ..නි හවසට පොඩි එකත් මගේ ඇඟට දානවා. මහා කිසි දෙයක් බැරි ගෑ..නියෙක්. “ ඔහු හිතුවේ හරිම කලකිරීමෙන්.
ඔහු ගෙදර යද්දී ඉස්සරහ ෆීඩින් චෙයා එකේ හැම තැනම කෑම හැලිලා. ඔහුට දැනුණේ දැඩි කෝපයක්.
“ රන්සරා...රන්සරා…” ඔහු කෑ ගැසුවා.
“ දවසම ගෙදර ඉඳල ගෙයක් වත් පිළිවෙලට තියා ගන්න බැහැ නේ? මහන්සි වෙලා එද්දී ගේ අපායක් වගේ “ ඔහු ගෝරනාඩු කළා.
“ අනේ සමන්ත දැන් මේ දුව කවල , හෝදලා නිදි කළේ.” ඈ කීවේ බැගෑපත්ව.
“ මේ ඕයි…. අපේ අක්කල වගේ ගෑනු තමා දවසකට හරි ගෑ..නු ..අන්න මේ පාර ප්‍රමෝට් වෙලාලු. ඒ මදිවට MBA එකත් ඉවර කරලා. ඒ ගෑ..නිටත් ඔය වයසේම ළමයෙක් ඉන්නවා . මිනිහෙක් ඉන්නවා. හරි හරියට හම්බු කරනවා. තමුසෙලා වගේ දවසම කුණු කුණු ගගා ගෙවල් අස්සේ රින්ගන් පිනට කන්නේ නැහැ. මිනිස්සුන්ට ඒ වගේ ගෑ..නු වාසනාවන්. ශික් “
රන්සරා කඳුලක් පිස දමමින් හීල්ලුවා. සාලයේ කොනක තිබ්බ ඇගේ උපාධි ෆොටෝ එක අඳුරේම ඇයට නියවාගෙන බලාගෙන හිටියා.
Goodhousekeeping .lk වෙබ් අඩවියේ පල වූ කතාවකි