පළමුව කියන්න ඕන මම කිසිම ආකාරයක ආගමක් විශ්වාස කරන්නේ නැහැ කියන කාරණය. දෙවනුව සියලුම ආගම් වලින් මිනිස්සු භේද කිරීම කොටවන එකයි කෙරෙන්නේ. ඒ හැම ආගමකම තියෙන්නේ පච!
එත්, ආගම් අදහන උන්, උන් උන්ගේ සීමාව ඇතුලේ අනුන්ට කරදරයක් නොවී අදහාගෙන පාඩුවේ ඉන්නවා නම් එකේ කිසිම වැරද්දක් නැහැ,
මේ ලංකාව, සෞදිය නෙවේ, සෞදියේ වගේ මනුෂ්‍ය නිදහස සීමාකරපු, ආගමික නීතිවලින් පාලනය වන කාලකණ්නි රටක් නොවේ,
මේ නිදහස් රටක්, ඕන මිනිහෙක්ට අනුන්ගේ නිදහසට බාධාවක් නොවෙන තාක් කල් මෙහෙ හොඳින් ඉන්න පුළුවන්.
එත් මුස්ලිම් හරි මොකෙක් හරි සිංහලයෙන් දන්නා බාසාවකින් උන්ගේ ආගම් ප්‍රචාරය කිරීමේ කිසිම වැරද්දක් නැහැ, වැරද්දක් තියෙනවා නම් තියෙන්නේ සාමාන්‍ය පොදු මිනිසුන්ට නොතේරෙන වෙන මොකක් හරි භාෂාවකින් ආගමක් කියනවා නම්. සිංහල බයිබල්, සිංහලෙන් දේශනා කරනවා, කාටවත් තේරෙන්නේ නැති ලැටින් වලට වඩා හොඳයි, කාටවත් තේරෙන්නේ නැති අරාබි භාෂාවකින් කුරානය දේශනා කරනවට වඩා සිංහලෙන් එක කරන එක හොඳයි, එකේ කිසිම අවුලක් නැහැ.
ඊළඟට ඔය ආගමික පාසැල් ආදියට ආධාර ලැබෙන්නේ කොහෙන්ද කවුද දෙන්නේ වියදම් කරන්නේ කොහොමද කියන දේත්, ඕනෑම අයෙකුට ලබාගත හැකි පොදු තොරතුරු විය යුතුයි,
ඒ නිසා මේ වගේ තුට්ටු දෙකේ පොස්ට් දමන්න එපා, මිනිස්සු අතරේ වෛයිරයක්, තරහක්, බෙදීම් ඇතිවෙන දේවල් දමන්න එපා,