ඌරු හදවත බද්ධ කළ මිනිසා ජීවිතයෙන් සමුගනී

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,679
    113
    ඌරෙකුගේ හදවතක් බද්ධ කළ ලොව පළමු මිනිසා ජීවිතක්ෂයට පත්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

    අදාළ සැත්කම සිදුකළ මේරිලන්ඩ් රෝහල උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය මේ බව වාර්තා කර ඇත.

    ඌරෙකුගේ හදවතක් බද්ධ කළ ඩේවිඩ් බෙනට් මියයන විට 57 හැවිරිදි වියේ පසුවිය.

    කෙසේ වෙතත් ඔහුගේ මරණයට නිශ්චිත හේතුවක් මේ දක්වා ඉදිරිපත් කර නැතත් වෛද්‍යවරුන් ප්‍රකාශ කර ඇත්තේ දින කිහිපයකට පෙර සිට ඔහුගේ තත්ත්වය නරක අතට හැරෙමින් පැවති බවය.

    University of Maryland Medical Center හිදී මීට මාස දෙකකට ඉහතදී මෙම සැත්කම සිදුකෙරුණි.

    වෛද්‍ය ඉතිහාසයේ පෙරළියක් සිදුකරමින් ලොව පළමු වතාවට ඌරකුගේ හදවතක් මිනිසකුට බද්ධ කෙරුණු අවස්තාව මෙය විය.

    හදවත ලබාගෙන තිබුණේ පර්යේෂණාගාරයක් තුළ ජාන වෙනස් වීම් කරමින් බිහි කළ ඌරෙක්ගෙනි.

    ලොව ප්‍රමුඛ පෙළේ ශල්‍ය වෛද්‍යවරයෙක් වන මහාචාර්ය වෛද්‍ය බාර්ට්ලි ග්‍රිෆිත්ගේ ප්‍රධානත්වයෙන් මෙම සැත්කම සිදුකර තිබුණි.
     
    • Sad
    Reactions: Solo Rider