ඌවේ ඡන්ද කෑල්ලක් රැ2500
ඌවේ ඡන්ද කෑල්ලක් රැ2500
පවුලකට රුපියල් 2500 බැගින් දී බැසිල් ඌවේ ඡන්ද ගන්න හදයි
ඌව පළාත් සභා මැතිවරණය ඉලක්ක කර ආර්ථික සංවර්ධන අමාත්‍යංශය මගින් එම පළාතේ සෑම පවුලකටම රු.2500 බැගින් මුදලක් ඛෙදා දීමට කටයුතු කරමින් තිබේ. එම වැඩපිළිවෙල ක්‍රියාත්මක කිරීමට මැදිහත් වන ලෙසට දිස්ත්‍රික් ලේකම්වරුන් වෙත 2014.09.05 දාතමින් ලිපියක් යවා තිබේ. එම ප්‍රදේශවල පවතින නියගයට මුවා වී මෙම මුදල් ඛෙදා හැරීමට ආණ්ඩුව කටයුතු කරමින් සිටියි.
මෙම වැඩසටහන මගින් 2014.09.09 දින සිට 2014.09.16 දින දක්වා සියලු ප්‍රතිලාභීන්ට මුදල් ලබාදී අවසන් කළ යුතුබවටද එම ලිපියෙන් උපදෙස් ලබාදී තිබේ. සෑම දිස්ත්‍රික් ලේකම්වරයෙකු වෙතම ආර්ථික සංවර්ධන අමාත්‍යංශයෙන් රුපියල් මිලියන 200ක මුදලක් වෙන් කර තිබේ. මෙය පළාත් සභා මැතිවරණය ඉලක් කර සිදුකරන ක්‍රියාවලියක් බව ජවිපෙ ප්‍රචාරක ලේකම් විජිත හේරත් මහතා චෝදනා කරයි. ආපදා කළමනාකරණ අමාත්‍යංශයක් තිබියදී ආපදා අවස්ථාවලදී සහන සැපයීමට ආර්ථික සංවර්ධන අමාත්‍යංශය මූලිකව කටයුතු කිරීමෙන්ම ඒ බව තහවුරු වේ.
ප්‍රාදේශීය ලේකම්වරුන් වෙත යැවූ ලිපිය මේ සමග අමුණා ඇත.
source

Last edited: