ඌවේ රැකියා ඉල්ලුම්පත් මහ ඇමතිගෙ කුණු ගොඩේ
කසලවලට දමා තිබියදී හමුවූ පසුගිය ඌව පළාත් සභා මැතිවරණයේදී වත්මන් මහඇමති ශෂින්ද්‍ර රාජපක්ෂ මහතා විසින් ඡන්දදායකයින්ගෙන් ලබාගත් රැකියා අයදුම්පත් තොගයක් අනුර දිසානායක මන්ත්‍රීවරයා අද මාධ්‍යයට ලබා දුන්නේය.
මන්ත්‍රීවරයා මෙම අයදුම්පත් ප්‍රදර්ශනය කළේ ජනතා විමුක්ති පෙරමුණ විසින් අද පැලවත්ව පක්ෂ මූලස්ථානයේ පැවැත්වූ මාධ්‍ය හමුවේදීය.
එහිදී අදහස් දැක්වූ අනුර දිසානායක මහතා,
මේ තිබෙන්නේ ඌව පළාත් සභාවේ මහ ඇමති ශෂීන්ද්‍ර රාජපක්‍ෂ මහතාට ලැබුණු රැකියා ඉල්ලූම් පත‍්‍ර. මේවා පැල්වත්ත සීනි කර්මාන්ත ශාලාව ආසන්නයේ තිබෙන වලූගොල්ල කුණු ගොඬේ තිබී හමු වූ ඒවා.
ශෂීන්ද්‍ර රාජපක්‍ෂ මහතා ඉල්ලූම් පත‍්‍ර එවන ලෙස ජනතාවට දන්වමින් යැවූ ලිපියත් කුණු ගොඬේ තිබෙනවා. ඒ වගේම ඌව පළාත ගොඩනගන්න ජනතා අදහස් ලබා ගැනීමට යැවූ ලිපිය, ඒකත් කසල ගොඬේ. කුසලතා සපිරි ව්‍යාපාරිකයින්ට තමන්ට අවශ්‍ය මොනවාද කියා ඉල්ලූම් කිරීමට ලබා දුන් ඉල්ලූම් පත‍්‍රය. මේ වඩු කාර්මිකයා එවා තිබෙනවා ඔහුට ආයුධ කට්ටලයක් අවශ්‍යයි කියා. ඒකත් කසල ගොඬේ. ඊළඟට ගමේ අවශ්‍යතා ඉටු කරන ලෙස ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ ශාඛා සමිතිය එවූ ලිපියත් තිබෙන්නේ කසල ගොඬේ. වෙනත් පුද්ගලයින් එවූ ලිපි පමණක් නොවෙයි, තමන්ගේ පක්‍ෂයේ ශාඛා සමිතිය එවූ ලිපියට අත්වී තිබෙන ඉරණම. ඊළඟට ලංකා ගමනාගමන මණ්ඩලයේ ශ‍්‍රීලංකා නිදහස් පක්‍ෂයේ සභාපති හා ලේකම්ගේ අත්සනින් එවූ ලිපියක් තිබෙනවා බස් රථ ලබා දෙන ලෙස. ඒකත් කසල ගොඬේ.
මේ අය හමුදා සෙබළුන් ගැන මහා ඉහළින් කතා කරනවා. මේ ලිපි අතර තිබෙනවා, ආබාධිත සෙබළෙක් කෘත‍්‍රිම පාදයක් ඉල්ලා යැවූ ලිපියක්. ඒකත් තිබෙන්නේ කසල ගොඬේ. තවත් මහත්මියක් තමන්ගේ දරුවාත් සමග තමන්ගේ නිවසේ ඡායාරූපයක් එවා තිබෙනවා ලිපියක් සමග. ඇය ඉල්ලා සිටින්නේ දමන්නේ නිවසට සෙවිලි තහඩු ලබා දෙන ලෙස. ඒ ලිපියත් මේ ලිපි ගොඩ අතර තිබෙනවා.
මේ ආකාරයට මැතිවරණ සමයේදී රැකියා ලබා දෙන බවට පොරොන්දු දෙමින් ලබා ගන්නා ඉල්ලූම් පත‍්‍ර, ජනතාවගේ අවශ්‍යතා ගැන ලබා දෙන පොරොන්දු ලේඛන සියල්ල මැතිවරණයෙන් පසුව කසල ගොඩට දමනවා. මේ කැත, නින්දිත, පිළිකුල් සහගත දේශපාලනය නතර කළ යුතු නැද්ද?
රස්සා අහසේ හදන්න බැහැ. රැකියා ලබා දීම සඳහා සේවා හා නිෂ්පාදන ක්‍ෂෙත‍්‍රයේ සංවර්ධනයක් අත්පත් කරගත යුතුයි. මහා පරිමාණ ගොවිපොළවල් ඇති කරන්න ඕන. එවිට ඒවායේ රැකියා නිර්මාණය වෙනවා. නමුත් ආණ්ඩුවට එවැනි වැඩපිළිවෙළක් නැහැ. ආණ්ඩුවට තිබෙන්නේ ජනතාව රැවටීමේ කැත වංචාකාරී පොරොන්දු පමණයි. ඒ නිසා මේ දේශපාලනය පරාජය කරන්න ඕන. ඒ සඳහා සියලූ දෙනාට ආරාධනා කරනවා.’’