ඌව ජන්දයෙන් ජවිපෙට අන්ත පරාජයක්!!
මෙවර ඌව පළාත් සභා ජන්දයෙන් ජනතා විමුක්ති පෙරමුණට කිසිදු ආසනයක් දිනාගත නොහැකි වී අන්ත පරාජයක් අත්වනු ඇතැයි විමල් වීරවන්ශ මහතා අද පැවති මාධ්‍ය සාකච්චාවකදී පවසා සිටියේය.
පරාජය හමුවේ තමන්ගේ කාර්යාල කඩා බිඳගනිමින්, තමන්ගේම පක්ෂ සාමාජිකයින්ට පහරදී ආණ්ඩුවට මඩ ගැසීමේ තුච්ච, නින්දිත, "හිවල් දේශපාලනයකට" යාමට තරම් අද ජනතා විමුක්ති පෙරමුණ බන්කලොත් වී ඇතයි ඔහු මාධ්‍යවේදියෙකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් පැවසීය.
"අද රතු කමිස ඇඳගෙන උගුර ලේ රහවෙනකන් කෑ ගහන සමහර අය මිත්‍රවරුනි, කියන්නේ එකක්.. කරන්නේ තව එකක්. අද නායකයා කියා කියාගන්නා සමහර අය,තමන් පීඩිත පන්තියේ කියලා කිය කිය ලක්ශ හැට-හැත්තාවක් වටින අලුත්ම ඩබල් කැබ් වල යන්නේ. ඕකට අපේ ගමේ ගොඩේ මාමලා නැන්දලා කියන්නේ.. හක්කේ බුදුරැස් බොක්කේ දඩමස් කියලා සහෝදරවරුනි.
අද ජවීපේ නන්නත්තාර වෙලා ඉන්නේ… හරිහමන් නායකත්වයක් නැහ. එජාපේ ගැන ඉතින් සහෝදරවරුනි කියලා වැඩක් නැහනේ… කවදත් වලේ… රනිල් මහත්තයා බොරුවට තෝසේ කකා තේ බිව්වට, මෙදා පාරත් අන්ත පරාජයක් අනිවාර්යයි"
මෙම මාධ්‍ය සාකච්චාව සඳහා කෙහෙළිය රඹුක්වැල්ල ඇතුලු තවත් මැති ඇමතිවරු රාශියක් සහභාගී වී සිටියහ.
සටහන: දමිත් අසන්ක
ලන්කා සී නිවුස්

Last edited:

patta kathwa bn rep+