එංගලන්තය ලෝක කුසලාන තරගාවලියෙන් ඉවතට විස
ගෝල 4-1කින් ජර්මනියට පැරදීම නිසා එංගලන්ත පාපන්දු කණ්ඩායමට තරගාවලියෙන් ඉවත් වන්නට සිදු වීම අද එංගලන්තයේ පාපන්දු ලෝලීන්ගේ මහත් කම්පාවට හේතු වී තිබේ.
එංගලන්ත මාධ්‍ය රැසක් ම පරාජය ගැන දොස් පවරන්නේ පුහුණුකරු ෆේබියෝ කැපෙලෝටයි. ඊට අමතරව විනිසුරුවන්ගේ දෝෂ පිළිබඳව ද දොස් පැවරෙමින් තිබේ.
එහෙත්, අප නම් කියන්නේ වරද එය නොව, එංගලන්තය ලංකාව කියූ දේ නො ඇසූ එක ය.
අප මේ පිළිබඳව ලංකා ජනපතිගේ අලුත්ම ආශ්චර්යය එලියන්ත වයිට් | Sri Lanka President's latest miracle , Eliyantha White යන මැයෙන් ලිපියක් ලියූ අතර එහි මාතෘකාව ඉංග්‍රීසියෙන් ද ලියුවේ සුද්දන්ට හොඳින් තේරෙන්නට ය. ලංකාව ලෝකෙන් උතුම් රට බැවින් සුද්දෝ සිංහල ඉගෙන ගත යුතු ය. නැතිනම්, ලංකාව ආසියාවේ ආශ්චර්යය වන දාට ලංකාවට හිඟා කන්නට එන සුද්දන්ට පිච්චියක් සොයා ගැනුමට ලැබෙන්නේ නැත.
එංගලන්ත පාපන්දු පිලේ හිටපු නායක සුපිරි පාපන්දු ක්‍රීඩක ඩේවිඩ් බෙකම්ගේ පාදයේ ආබාධය සුවකර ගැනීම සඳහා ශ්‍රී ලංකාවට පැමිණෙන ලෙස ජනාධිපති මහින්ද රාජපක්ෂ 2010 මාර්තු මාසයේ ආරාධනාවක් යැව්වේ ලංකාවේ යුද්ධයෙන් අත පය කඩා ගත් දස දහස් ගණනක් සිටියදී එතුමා බෙකම්ගේ අණ්ඩ ගැන ඊටත් වඩා සංවේදී වූ නිසා ය.
ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පෞද්ගලික වෛද්‍ය එලියන්ත වයිට් මහතා විදෙස් මාධ්‍ය වෙත සඳහන් කළේ ජනාධිපති ලේකම් කාර්යාලය මගින් ඩේවිඩ් බෙකම් වෙත ආරාධනා පත්‍රයක් යැවූ බවයි. එහෙත්, මේ සුද්දා එකී ආරාධනා පත්‍රය ලැබුණු බවවත් ජනමාධ්‍යයකට කීවේ නැත.
ඩේවිඩ් බෙකම් ඉතාලියේ පාපන්දු සමාජයකට ක්‍රීඩා කරමින් සිටියදී පාදයේ බත් කෙණ්ඩේ ආබාධයකට ලක්ව පසුව ෆින්ලන්තයේදී ශල්‍යකර්මයකට භාජනය කරන ලද අතර මාස හයක කාලයක් ක්‍රීඩා පිටියෙන් ඈත්ව සිටීමට ඔහුට වෛද්‍ය උපදෙස් ලැබී තිබේ.
1998 දී එංගලන්තය වෙනුවෙන් ලෝක කුසලාන තරගාවලියට එක්වූ බෙකම් ජූනි මාසයේ දකුණු අප්‍රිකාවේ පැවැත්වෙන ලෝක පාපන්දු ශූරතාවලියට සහභාගිවීමට අපේක්ෂාවෙන් සිටියේය. එම තරගාවලියට සහභාගිවීමට හැකි වී නම් ලෝක කුසලාන පාපන්දු තරගාවලි හතරක් නියෝජනය කළ පළමු එංගලන්ත ක්‍රීඩකයා ලෙස 34 හැවිරිදි බෙකම් ඉතිහාසගත වීමට ද තිබිණි.
ඉතිහාසගත වීම ශරීර සෞඛ්‍යයට වඩා වැදගත් කරුණක් ලෙස ලංකාවේ අපි නම් සිතන්නෙමු. අප බොහෝ කරුණු අතින් ඉතිහාසගත වී සිටින්නේ එහෙයිනි.
ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පෞද්ගලික වෛද්‍ය එලියන්ත ලින්ඩ්සේ වයිට් ජීවකතුමා එක්ස්රේ පතක්වත් නොබලා සිය ගුප්ත බල සහිත ආයුර්වේද ප්‍රතිකාර මගින් දින තුනකදී බෙකම්ට ක්‍රීඩාපිටියට අවතීර්ණ විය හැකි බවට විශ්වාසය පළ කළමුත් මේ බෙකමා එය ගණන් ගත්තේ නැත. දැන් ඔය එංගලන්තයට කෙළ වී ඇත්තේ ඒ නිසා ය.
“මා සූදානම් ඔහුට ප්‍රතිකාර කිරීමට. ඔහුගේ ආබාධය දින තුනකදී සුව කළ හැකියි. ක්‍රීඩාපිටියට යන්න පුළුවන්. සාම්ප්‍රදායික ආයුර්වේද ප්‍රතිකර්ම සමඟ මුසුකරන විශේෂ බලයක් තිබෙනවා” එදා වෛද්‍ය එලියන්ත වයිට් විදෙස් මාධ්‍ය වෙත පැවැසීය.
ජනාධිපතිතුමනි, ඔය පර සුද්දන්ට බම්බු ගසා ගන්නැයි කියා මේ ආශ්චර්යවත් ජීවකයා ලවා පාපන්දු ගසන අපේ කොල්ලන්ගේ කකුල් මසාජ් කරවමු. එවිට ආසියාවේ ආශ්චර්යය වෙනවාට අමතරව අපට 2014 ලෝක කුසලානය දිනා ගන්නට ද හැකි වනු ඇත.
Source