එංගලන්ත රූ රැජින Miss World 2025 තරගය අතරමැද දී ඉවත් වූ හේතුව

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,679
    113
    එංගලන්ත රූ රැජින Miss World 2025 තරගය අතරමැද දී ඉවත් වූ හේතුව

    එංගලන්ත රූ රැජින Miss World 2025 තරගය අතරමැද දී ඉවත් වූ හේතුව​



    ඉන්දියාවේ තෙලන්ගානා ප්‍රාන්තයේ හයිද්‍රාබාද් හි පැවැත්වෙන 2025 ලෝක රූ රැජින තරගයෙන්, එක්සත් රාජධානිය නියෝජනය කළ එංගලන්ත රූ රැජින 24 හැවිරිදි මිල්ලා මාගී ඉවත් වී තිබේ.

    තරඟකරුවන්ට සලකන ආකාරය පිළිබඳ කනස්සල්ල පලකරමින් ඇය මෙම තරගයෙන් හදිසියේම ඉවත් වීමට තීරණය කර ඇති බව විදෙස් මාධ්‍ය පවසයි.
    "The Sun" පුවත්පත සමඟ පැවති සම්මුක සාකච්ඡාවකදී ඇය මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් පවසා ඇත්තේ තරගය අතරතුරටදී "සූරා කෑමට ලක් වූ" බවය.
    ඇය පවසා ඇත්තේ තරගකරුවන්, අනුග්‍රාහකයින් සහ අමුත්තන් යන පිරිසට සංග්‍රහ කිරීම සඳහා පැවති උත්සවවලදී තමන්ට දැඩි අපහසුතාවයක් දැනුණු බවය.

    "අමුත්තන් හය දෙනෙකුගෙන් යුත් සෑම මේසයකටම ගැහැණු ළමයින් දෙදෙනෙකු සිටියා. අපි මුළු සවසම ඔවුන් සමඟ වාඩි වී සිටියා. ඔවුන්ට ස්තූති කරනවා වගේ. මට ඒක විශ්වාස කරන්න බැරි වුණා." "මේක හරිම වැරදියි, කියලා මම හිතුවා. මම මෙහි ආවේ මිනිසුන්ගේ විනෝදාස්වාදය සඳහා පුහුණු වීමට නොවේ." උත්සවය කළමනාකරණය කළ ආකාරය ගැන කලකිරීම ප්‍රකාශ කරමින් ඇය මේ බව පවසා ඇත.

    වැඩිදුරටත් අදහස් දක්වමින් ඇය පවසා ඇත්තේ එම අවස්ථාවේදී "ඔවුන් මාව ගණිකාවක් ලෙස හැඟෙව්වා" යනුවෙනි.

    "කවදාවත් මම ඒ තත්ත්වයට පත්වේ යැයි අපේක්ෂා කළේ නැහැ. අපි මේ අය සතුටු කිරීමට වඳුරන් වගේ එහි වාඩි වී සිටියා. මට එය දරාගත නොහැකි වුණා.”

    තරගය අතරමැදදී ඉවත්වීමට මේගී ගත් තීරණය රසිකයින්ට මෙන්ම සෙසු තරගකාරිනියන්ටද කම්පනයක් ඇති විය.
    කෙසේ නමුත් මීට දින තුනකට පෙර ඇය තරගයෙන් ඉවත් වු අවස්ථාවේ ඇය පවසා ඇත්තේ ඇති වූ අයහපත් සෞඛ්‍ය තත්ත්වයක් හේතුවෙන් තරගයෙන් ඉවත් වීමට තීරණය කළ බවය.

    මේ අතර ඇයගේ මෙම චෝදනාව සම්බන්ධයෙන් 2025 ලෝක රූ රැජින තරගයේ සංවිධායක මණ්ඩලයෙන් මෙතෙක් ප්‍රතිචාරයක් දක්වා නොමැති බව සඳහන් වේ.
    එමෙන්ම තරගයට එක්සත් රාජධානිය නියෝජනය කිරීම සඳහා Miss England 2024 තරඟයේ අනුශූරිය වන චාලට් ග්‍රාන්ට් එක්වීමට නියමිත බව සඳහන් වේ.
    එළැඹෙන 31 වනදා මිස් වර්ල්ඩ් 2025 අවසන් මහා තරගය ඉන්දියාවේ තෙලන්ගානා ප්‍රාන්තයේ හයිද්‍රාබාද් හි පැවැත්වේ.
     

    Bumbzy

    Well-known member
  • Jul 20, 2015
    1,823
    2,041
    113
    Galle
    ඇත්ත කතාව.... බඩුව වගේ තමයි... නැමෙන එකෙක් වගේ දැනුනොත් කෙලින්ම පුක මන්තා තමයි...
     
    • Haha
    Reactions: Cypress and SLK_sri