එකගෙයි කෑම

Al Baik

Well-known member
  • Jan 5, 2011
    15,128
    12,108
    113
    Ohio, USA
    එකගෙයි කෑම පිළිබඳ ව කොතෙක් මතිමතාන්තර තිබුණ ද මෙය අපගේ සම්මත විවාහයක් ලෙස පිළිගැනීමට ලක් ව තිබුණ බව පෙනේ. එහෙත් බොහෝ විට අභ්‍යන්තර ගැටලු පැවති බවද අනාවරණය වේ. විශේෂයෙන් ම කාන්තාවන් දෙදෙනකු එකගෙයි කන විට නොයෙකුත් ගැටලු පැන නැඟී ඇති බව අතීත තොරතුරුවලින් අනාවරණය වෙයි. පිරිමි දෙදෙනකු එකගෙයි කන විට බොහෝ විට බාල සොයුරාගෙන් පවුල් දිවියට ගැටලු මතුවී ඇති බව පෙනේ. කෙසේ වෙතත් ගැහැනු දෙදෙනා අතර මතුවන ගැටලු විසඳීමට පිරිමියාත් පිරිමි දෙදෙනා අතර මතුවන ගැටලු විසඳීමට ගැහැනියත් මූලිකව ක්‍රියා කළ බව පෙනේ. දේපළ තත්ත්වයන් හෝ සිරිත් විරිත් අණ තහංචි කොතෙක් බලපෑවත් මානුෂික හැඟීම් හා කායික අවශ්‍යතා හේතුවෙන් මෙබඳු විවාහයන්හි අභ්‍යන්තර නොසන්සුන් බව නම් නිරන්තර ව පැන නැඟී ඇත.

    QJaC1.jpg


    පාරම්පරික විවාහ ක්‍රමය අනුව දීග විවාහ බින්න විවාහ ආදිය ප්‍රමුඛ වන අතර එකගෙයි කෑමේ විවාහ ක්‍රමය ගැන ද සඳහන් වෙයි. එකගෙයි කැම යනු එක ම ගෙයක සහෝදරයන් දෙදෙනකු එක් කාන්තාවක් සමඟ දීග කැමයි. මෙය බොහෝවිට උඩරට ධනවත් පවුල් අතර පැවැති අතර පසුකාලීන ව සාමාන්‍ය පවුල් අතරට ද ව්‍යාප්ත වූ බව පෙනේ. පවුලේ ධනයට උරුමකම් ඇති සොයුරන් දෙදෙනකු කාන්තාවන් දෙදෙනකු කැන්දන් ආවිට ඒ දේපළ දෙකට බෙදීයයි. මේ තත්ත්වය වැළැක්වීමට සොයුරන් දෙදෙනා සඳහාම එක කාන්තාවක් පාවාදීම සිදුවිය. මේ තත්ත්වය ද ක්‍රම තුනකින් සිදුවූ බව පෙනේ.

    1. සොයුරන් දෙදෙනකුට එක කාන්තාවක්.

    2. සොයුරියන් දෙදෙනකුට එක ස්වාමිපුරුෂයෙක්.

    3. සොයුරන් දෙදෙනකු විවාහ දෙකක් කරගෙන එක් සොයුරකුගේ අඹුව මිය ගිය පසු දරුවන් නොමැති අවස්ථාවලදී වැන්දඹු වන පුරුෂයා ද සොයුරාගේ බිරිය සමඟ එක් ව පවුල් කෑම.

    කෙසේ වතුදු මේ කුමන තත්ත්වයක් යටතේ වුවද එකගෙයි කෑමේදී පුරුෂයන් දෙදෙනා විසින් පිළිපැදිය යුතු චාරිත්‍ර කීපයක් ඇත. එය සම්මතයේ පැවත එමින් එහෙත් අප්‍රසිද්ධ ව තිබුණු සිරිත් ය. ධනය මුල්කොටගෙන ආරම්භ වූ විවාහ ක්‍රමයක් වුවද මෙය ලිංගිකත්වය මූලික වූ ක්‍රියාවලියක් නිසා මේ තත්ත්වය ප්‍රසිද්ධියේ කියා පෑමට බොහෝ අය මැළි වූහ. විවාහයට අදාළ ගැහැනිය හෝ පිරිමින් දෙදෙනා වුවද නිහඬ ව එළැඹෙන තත්ත්වයට මුහුණ දුන්හ. එහෙත් කිසිවිටක සම්මතයට පිටු නොපෑහ. එහිදී ඔවුහු එදිනෙදා ජිවිතයේදී මේ තත්ත්වය පිළිබඳ අවබෝධයෙන් කටයුතු කළහ.

    1. ගොවිපළේ සිට හෝ වෙනත් ගමනක් බිමනක් ගොස් ගෙට එන විට තමන් පැමිණි බව දැනුවත් කිරීම සඳහා ශබ්ද කිරීම (උගුර පෑදීම – බල්ලකුට පූසකුට මහ හඩින් කතා කිරීම හෝ වෙනත් උචිත යමක් කිරීම)

    2. පිළ් බිත්තියේ ගසා ඇති මුව අඟේ හෝ වෙනත් පේනමානයේ තැනක සොයුරාගේ දිය කෝනම (අමුඩේ) ඇත්දැයි විමසිලිමත් වීම, එබඳු තැනක අමුඩය ඇති විට සොහොයුරා ගෙයි ඇතුළේ සිටින බව අනෙකා අවබෝධ කරගනී.

    3. සිය අවශ්‍යතා පිළිබඳ ව කාන්තාව සමඟ කතා කොට නිසි දින වකවානු හෝ කාල වේලාවන් පිළිබඳ ව දැනුම්වත් වීම.

    4. සහෝදරකම දැඩි ව ආරක්ෂා කරගැනීම හා වැඩිමහල් සොයුරාගේ අභිමතයට හිස නැමීම.

    මේවා සොයුරන් දෙදෙනකු එක ගෙයි කන විට පැවැති චාරිත්‍ර වූ අතර සොයුරියන් දෙදෙනකු එක සැමියකු හා වසන විට මීට තරමක් වෙනස් පිළිවෙත් අනුගමනය කළහ. සැමියාගේ අවශ්‍යතා පිළිබඳ ව සැලකිලිමත් වෙමින් ඊට මුල් තැන දෙන සෝයුරියන්

    ”අරයා අද හේනට යන්ඩ මට කතාකරනවා”

    ”අරයා කතා කරනවා මං බලලා එන්නන්”

    අරයට ඔලුවේ කැක්කුමයිලු. මම ඉසේ තෙල් ටිකක් ගාලා එන්නන්”

    වැනි කතාබහකින් සැමියාගේ ඉල්ලීම ඉටු කිරීමට පෙර සොයුරියන් තීන්දු ගනී. ඒ හැර එක් සෝයුරියක් ගෙයි සිටින විට ඇයගේ ඇඳි වතක් (චීත්තයක්) දොර ලෑල්ලේ වනා තිබීමෙන් අනෙක් සොයුරිය දැනුම්වත් කරනු ලැබේ.

    එකගෙයි කෑම පිළිබඳ ව කොතෙක් මතිමතාන්තර තිබුණ ද මෙය අපගේ සම්මත විවාහයක් ලෙස පිළිගැනීමට ලක් ව තිබුණ බව පෙනේ. එහෙත් බොහෝ විට අභ්‍යන්තර ගැටලු පැවති බවද අනාවරණය වේ. විශේෂයෙන් ම කාන්තාවන් දෙදෙනකු එකගෙයි කන විට නොයෙකුත් ගැටලු පැන නැඟී ඇති බව අතීත තොරතුරුවලින් අනාවරණය වෙයි.

    පිරිමි දෙදෙනකු එකගෙයි කන විට බොහෝ විට බාල සොයුරාගෙන් පවුල් දිවියට ගැටලු මතුවී ඇති බව පෙනේ. කෙසේ වෙතත් ගැහැනු දෙදෙනා අතර මතුවන ගැටලු විසඳීමට පිරිමියාත් පිරිමි දෙදෙනා අතර මතුවන ගැටලු විසඳීමට ගැහැනියත් මූලිකව ක්‍රියා කළ බව පෙනේ.

    දේපළ තත්ත්වයන් හෝ සිරිත් විරිත් අණ තහංචි කොතෙක් බලපෑවත් මානුෂික හැඟීම් හා කායික අවශ්‍යතා හේතුවෙන් මෙබඳු විවාහයන්හි අභ්‍යන්තර නොසන්සුන් බව නම් නිරන්තර ව පැන නැඟී ඇත.

    මගේ ය කියන සහකාරයා හෝ සහකාරියට අපේ ය කීමට තරම් උපේක්ෂා සහගත මිනිකම් පවතිනුයේ අතලොස්සකි. මේ මානුෂික යථාර්ථය තුළ මෙබඳු පවුල් ජීවිත හැම අතින් ම සාර්ථක එකක් ය යන්න හිතලු කතාවකි. එහෙත් එවකට පැවැති සමාජ ආර්ථික තත්ත්වයන් තුළ මේ වැනි විවාහ පවත්වාගෙන ගිය සොයුරන් හෝ සෝයුරියන් තුළ උපේක්ෂා සහගත බව මැනැවින් පැවති බව සිතාගත හැකි ය. අනෙක් කරුණ දේපළ පිළිබඳ ව පැවැති ආශාව හා සමාජ චාරිත්‍ර විසින් මේ පවුලේ මානව ත්‍රිත්වය කිසියම් හික්මීමක් සහිතව දිවි ගෙවූ බව නම් පෙනේ.

    මේ එකගෙයි කෑම සඳහා පිරිමි දෙදෙනකුට දීග යාමට ගැහැනිය අකැමැති වුව ද දෙමව්පිය බලපෑම මීට හේතු වූ බව පෙනේ.

    අනෙක් කරුණ නම් තරුණිය දීග යන්නේ පවුලේ වැඩිමලාට ය. ලෝකෙට එසේ කීවද සිදුවන්නේ වෙනත් දෙයකි. මේ සියලු තත්ත්වයන් බාහිර ලෝකයෙන් වසන් කොට තබාගත් අතර පැවැත්මේදී බාහිර ලෝකය මේ තත්ත්වය අවබෝධ කරගත්හ.

    අය්යාට දීග ගේනවා කියමින් ගෙට ගෙන ආ තරුණිය පිළිබඳ ව මලයා තුළ පවතින්නේ වෙනත් ආකාරයේ හැඟීමකි. එහෙත් බාල සොයුරා එකගෙයි කෑම කෙරේ යොමු කර ගැනීමට මුල් විය යුත්තේ කාන්තාවයි. වැඩිමල් සෝයුරා ඊට අනුබල දෙමින් කටයුතුª කිරීමට වග බලා ගත යුතුය. ඒ අනුව එකගෙයි කෑමේදී බොහෝවිට වගකීම් දරන්නේ වැඩිමහල් සොයුරා ය.

    දරුවන්ගේ පියා වන්නේ ද ඔහු ය. මේ සියලු තත්ත්වයන් දෙස බැලීමේදී එකගෙයි කෑම යනු උපේක්ෂා සහගත තිදෙනකුගේ එකමුතු පැවැත්මක් බව නම් නොකියාම බැරි ය.


    කට්ටඹුවාගම විජයපාල කුමාරසිංහ

    Code:
     http://www.silumina.lk/punkalasa/20101226/_art.asp?fn=ar10122614
     
    • Like
    Reactions: ZULFAAN and nasanka

    king_pandukabaya

    Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    ඉස්සර මේක තිබ්බා කියලා කියනවා.
    හැබැයි දැන් මේ ක්‍රම‍ය අභාවයට ගිහින්. සමාජය වෙනස් වෙනකොට මිනිස්සුත් ඒකට අනුගත වෙන්නේ ඕන ;) . ඒක නිසා බහු පුරුෂ විවාහය නැතිවෙලා
     

    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,141
    113
    Leeds, UK
    ඉස්සර තිබ්බ තමා ගොඩක්ම ඔය දේපල පිට නොයන්න තමා ඕවා කලේ. නමුත් කාලයත් එක්ක ඒවා නැති වේලා ගිහිල්ලා තියන්නේ.
     

    ZULFAAN

    Well-known member
  • Feb 1, 2009
    2,118
    589
    113
    36
    Great Galle
    ඉස්සර තිබ්බ තමා ගොඩක්ම ඔය දේපල පිට නොයන්න තමා ඕවා කලේ. නමුත් කාලයත් එක්ක ඒවා නැති වේලා ගිහිල්ලා තියන්නේ.
    :yes::yes::yes: