එකට යන අපේ ගමන හරිම කෙටියි...!

redhat

Well-known member
  • Aug 2, 2008
    3,124
    2,519
    113
    Redhat lab - Aukland
    එකට යන අපේ ගමන හරිම කෙටියි...!
    ------------------------------------------------
    අපි හැමෝගෙ ම ජීවිත වලට ගොඩක් වැදගත් පුංචි ලස්සන කථාවක් මුණ ගැසුනා... විනාඩියක් අරගෙන මේ කථාව කියවන්න.

    එක් තරුණ කාන්තාවක් බස්රථයකට ගොඩ වෙලා අසුනක වාඩි වුනා. ඊළග බස් නැවතුමෙන් බසයට ගොඩ වුනේ තොරතෝන්චියක් නැතිව ශබ්ද නගා කියවන, බුම්මාගත් මුහුණින් යුතු වයසක කාන්තාවක්. ඇය තමන් සතුව තිබූ බෑග් ගොඩත් අර තරුණියගේ ඇගෙ තදින් හප්පගෙන, ඇයව සිර වෙන විදියට හරිම නොසැළකිල්ලෙන් ඇය අසළින්ම වාඩි වුනා.

    තරුණ කාන්තාවට යාබදව අනිත් පැත්තේ වාඩිවෙලා හිටිය කෙනාට මේ ගැන අැති වුනේ නොරිස්සුමක්. ඔහු ඇයට මෙහෙම කිව්වා.. "ඇයි ඔබ ‌කථා කරන්නෙ නැත්තේ, ඇයි මේකට මොකවත් නොකියන්නේ..?"

    තරුණිය සිනහවකින් මුව සරසාගෙන මෙහෙම පිළිතුරු දුන්නා..

    'මෙතරම් නොවැදගත් දෙයක් ගැන වාද කරන්නවත්, සැර පරුෂ වෙන්නවත් අවශ්‍ය නැහැ, "එකට යන අපේ ගමන හරිම කෙටියි". මං ඊළග බස් නැවතුමෙන් බහිනවා.'

    ඇගේ මේ ප්‍රතිචාරය රන් අකුරින් ලියා තබන්න තරම් වටිනවා.

    "මෙතරම් නොවැදගත් දෙයක් ගැන වාද කරන්න අවශ්‍ය නැහැ, එකට යන අපේ ගමන හරිම කෙටියි."

    අපි හැම කෙනෙක්ම තේරුම් ගත්තා නම් අපිට මෙහි ගත කරන්න තිබෙන කාලය හරිම කෙටියි කියා, ඒ කෙටි කාලය රණ්ඩු සරුවල් වලින් අඳුරු කරගන්නට අපි යොදවන්නේ නැහැ. ඒ වගේම වැඩකට නැති නිශ්ඵල වාද විවාද වල යෙදීම, අන් අයට සමාව නොදී හිත් ඇතුළේ තරහ වෛර තබා ගෙන සිටීම, ලද දෙයින් සතුටු නොවී අතෘප්තිමත්ව කාලය ගත කිරීම, අන් අයගේ වැරදි ‌ සොයන ආකල්පවලින් යුතුව කටයුතු කිරීම වගේ දේවල්, අපට ජීවත් වීමට තිබෙන කෙටි කාලය සහ ශක්තිය අපතේ යැවීමක් බව අපට ම තේරුම් ගත හැකි වේවි.

    ♦️කවුරු හරි කෙනෙක් ඔබේ හදවත බින්ඳා ද? සන්සුන් වෙන්න, " එකට යන ඒ ගමන හරිම කෙටියි.!! ".

    ♦️කවුරු හරි ඔබව පාවා දුන්නා ද? ඔබේ විශ්වාසය කඩ කළාද ? ඔබට හිරිහැර කළාද? ඔබ ව රැවැට්ටුවා ද? ඔබට ලැජ්ජාවට පත් කළා ද? සංසුන් වෙන්න, සමාව දෙන්න,
    " එකට යන අපේ ගමන හරිම කෙටියි..!! ".

    ♦️කවුරු මොන ගැටලුව ඇති කරත්, අපි මතක තබා ගනිමු, "එකට යන අ‌පේ ගමන හරිම කෙටියි.!! ".

    කිසිම කෙනෙක් දන්නේ නැහැ මේ ගමනේ යෙදෙන්න තිබෙන කාලය කොපමණ ද කියා.කිසිම කෙනෙක් දන්න‌ේ නැහැ ඒ අයගේ නැවතුම එන්නේ කවදා ද කියා..
    "එකට යන අපේ ගමන හරිම කෙටියි.!! "

    අපි අපේ ආදරණීයයන් සහ යහළුවන් අාදරයෙන් රැක බලා ගනිමු. අපි එකිකෙනා කෙරෙහි ගෞරව කරමු, කරුණාවන්ත වෙමු. එකිනෙකාට සමාව දෙමු. කෘතඥතාවයෙන් සහ සතුටින් පිරුණු අය බවට පත් වෙමු.

    එය එසේ වුවත්, අවසානයේ දී පවසන්න තිබෙන්නේ,
    "එකට යන අපේ ගමන හරිම කෙටියි.!! "
     
    Anatha sinhalu

    Well-known member
  • Jul 10, 2019
    6,496
    13,729
    113
    ඇයි එන්නද ?

    කළු තීම් එක යුස් කරන අයට