එකපාරට අහසින් දියමන්ති වැස්සක් ?

peel1985

Member
May 17, 2011
86
12
0
Galle
එකපාරට අහසින් දියමන්ති වැස්සක් ?

පෘථිවියේ🌏 ජීවත්වෙන අපිට දියමන්ති දුර්ලභ, වටිනාකමින් ඉතා ඉහළ දෙයක් වුණාට , අහසින් දියමන්ති වැටෙන ග්‍රහලෝක තියෙනවා.
ඉන් එකක් තමයි බ්‍රහස්පති.
බ්‍රහස්පති කියන්නෙ අපේ සෞරග්‍රහමණ්ඩලයේ විශාලතම ග්‍රහලෝකය. විවිධ වායුන්ගෙන් පිරි මේ ග්‍රහලෝකයේ පවතින්නේ අනෙකුත් ග්‍රහලෝක වලට වඩා වෙනස්ම වූ කාලගුණයක්.
විද්‍යාඥයින් විසින් සොයාගෙන තියෙන විදිහට මෙහි වායුගෝලයේ කාබන් සහ මීතේන් ප්‍රතිශතය ඉතා ඉහළ අගයක් ගන්නවා.
එම කාබන් දැළි සහිත වායුගෝලයත් එක්ක අකුණු ගැටීම නිසා ඒවා මිනිරන් බවට පත්වී ග්‍රහලෝකය මතට කඩා☄️ වැටෙනවා. එම කඩා වැටීමේදී වායුගෝලයේ කුණාටු සහිත අධික පීඩනයට හසුවීම නිසා දෘඩතාවය සීග්‍රයෙන් වැඩිවෙලා ඒවා දියමන්ති බවට පත් වෙනවා.

බ්‍රහස්පති ග්‍රහයා මතට වැටෙන මහා කුණාටු සහිත වර්ශා වලදී වැසි ලෙස වැටෙන්නේ එම දියමන්තියි.
💎💎💎💎💎💎💎💎💎
 

ruwanwellarocker

Well-known member
  • May 19, 2010
    10,721
    2,508
    113
    Bevery Hills-90210
    jupiter වල Surface එකක් නැහැ. gas planet එකක්. ඉතින් කොහාටද දන්නේ නැහැ දියමන්ති වැටෙන්නේ...