එකපිට එක තබා තැලිය යුත්තේ ඇයි?

Target Hoona

Well-known member
  • Jul 15, 2016
    1,134
    895
    113
    එකපිට එක තබා තැලිය යුත්තේ ඇයි?

    [FONT=Malithi_Web]එකපිට එක තබා තැලිය යුත්තේ ඇයි?


    - පුංචි සඳලිගේ කතාව (1)



    [/FONT]
    [FONT=Malithi_Web]මුදල් ගනුදෙනුවක් සම්බන්ධයෙන් කාන්තාවක සමඟ ඇති වූ වචන හුවමාරුවකින් පසු තිරය ඔසවා වැඩිහිටියන්ට පමණක් සීමා වූ සජීවී දර්ශනයක් ඉදිරිපත් කළ මහතකු කළුතර වැඩබලන මහෙස්ත‍්‍රාත්තුමා විසින් රිමාන්ඞ් කරනු ලැබ තිබේ. මෙහිදී අප තිරය වශයෙන් හඳුන්වන්නේ පෙරකී මහතා ඇඳ සිටි සරම ය. මෙය 4 වැනිදා සිදු වූවකි.

    පස් හැවිරිදි පෙර පාසල් දැරියක බරපතළ ලෙස ලිංගික අපයෝජනයට ලක් කළ හතළිස් හය හැවිරිදි තිරිසන් අංකල් කෙනකු කොස්ගොඩ පොලිසිය මගින් 5 වැනිදා අත්අඩංගුවට ගත් බව අපට දැනගන්නට ලැබිණ. පොලිස් පහරදීම්වලට අප විරුද්ධය. එහෙත් මෙවැනි කාලකණ්ණින් කෝටුමස් කිරීමේ බලය පොලිසියට ලබා දිය යුතුය. දැරිය පුංචි නිසාත් ඇගේ කට උත්තරවල පරස්පරයක් තිබිය හැකි නිසාත් නඩුව ඔප්පු කර ගැනීමට බැරි වීමෙන් මෙවැනි නීචයන් උසාවියේදී නිදහස් වන නිසා එක පිට එක තබා තලා ඔවුන් පොලිසියේදී ම පුස්සන් බවට පත්කිරීම ජාතික වගකීමකි. මේ පුවත දිනපතා ‘දිවයිනේ’ පළවුවද, නීච ¥ෂකයාගේ නම සඳහන් වී නැත. එයට හේතුව මාධ්‍ය සදාචාරය නමැති ගොං පිරුවටයයි. අපරාධයක් උසාවියට ගොස් නඩුකරයක් බවට පත් කරන තුරු විත්තිකරුවන්ගේ නම් මාධ්‍ය මගින් ප‍්‍රසිද්ධ කිරීම නුසුුදුසු බව මාධ්‍ය සදාචාරය නමැති ගොං පිරුවටය මගින් අපට බල කරනු ලැබ ඇත. මේ පිරුවටය උස්සා බැලූ විට අපට දැකගන්නට ලැබෙන්නේ කළුතර මහතා විසින් ප‍්‍රදර්ශනය කෙරුණු වැඩිහිටියන්ට ම පමණක් සීමා වූූ උපකරණ සමූහය වැනි අසභ්‍ය දර්ශන සමූහයකි. වසර දෙදහස් පන්සියයක ඉතිහාසයක් ඇති නමුත් තවදුරටත් ධර්ම රාජ්‍යයක් නො වන ලංකාව වැනි රටක සිටින අප ස්ත‍්‍රී ¥ෂක විත්තිකරුවන්ගේ නම් සඟවන මාධ්‍ය සදාචාරයට පයින් ගසා එළවිය යුතුය. ඉන්පසු මෙබඳු ලිංගික අපරාධකාරයන්ගේ නම් ප‍්‍රසිද්ධ කර උන් සමාජයේ ගල් පහරට ලක්කළ යුතුය. කැරලිකරුවන් විසින් පාලනය කරනු ලබන සෝමාලියානු ප‍්‍රදේශයක ස්ත‍්‍රී ¥ෂකයකුට දඬුවම් දෙන ආකාරය මෙයට කලකට පෙර අන්තර්ජාලය ඔස්සේ ප‍්‍රචාරය විය. ¥ෂකයාගේ වයස අවුරුදු තිහක් පමණ වූ අතර ¥ෂණයට ලක් වූයේ අවුරුදු පහළොවක පමණ වයසේ වූ දැරියකි. කැරලිකරුවන් විසින් නිරුවත් කරනු ලැබූ ¥ෂකයා පිට්ටනියක් මැදට ගෙනෙනු ලැබේ. ඉන් පසු ¥ෂණයට පත් වූ දැරිය ද එතැනට ගෙන්වා ඇය ඉදිරියේ ම ඔහුගේ මෙවලම් කපා දමනු ලැබේ. ¥ෂකයා විනාඩි කිහිපයක් වෙවුලමින් සිට මියයන්නේය. මෙතැනදී කාරණා දෙකක් සම්පූර්ණ වෙයි. පළමුවැන්න තමාට සාධාරණයක් වූ බව අසරණ දැරිය විශ්වාස කිරීමය. කඩාවැටී තිබූ ඇගේ ආත්ම ශක්තිය සහ චිත්ත ධෛර්යය බව එවිට නැඟ එයි. දෙවනුව බලා සිටින මිනිසුන්ට මෙය ඉතා හොඳ පාඩමකි. ස්ත‍්‍රී ¥ෂකයාට දෙන දඬුවම මොන තරම් බරපතළ සහ වේදනා සහගත දෙයක් ද යන්න පේ‍්‍රක්‍ෂකයන්ට වැටහෙයි. මෙය අපරාධ අඩු වීමට හේතු වෙයි. කෙසේ වුවද කැරලිකරුවන් විසින් පාලනය කරන සමාජයක හැර වෙන අන් තැනක මෙවැනි ශල්‍යකර්ම පරිහරණය කළ නො හැකි ය.

    ශ‍්‍රී ලංකාවේ ළමයින් ලිංගික වශයෙන් අපයෝජනය කිරීම අප හිතනවාට වඩා බරපතළය. අන්තර්ජාලයට පිවිස ජයසකා ිැං ්ඉමිැ සබ ීරස ක්බන් යනුවෙන් ටයිප් කළ විට මේ පිළිබඳ තොරතුරු විශාල වශයෙන් ගලා එන්නට පටන් ගනී. රද්ර නමැති වෙබ් අඩවියක පළ වූ එවැනි සත්‍ය කතාවක් මෙසේය. මෙරට බාල වයස්කාර ගැහැනු දරුවකු අපයෝජනය කිරීමට සම්බන්ධ පුද්ගලයන් හයදෙනෙක් වසර 2016 ජුලි 20 වැනිදා පොලිස් අත්අඩංගුවට පත් වූහ. මේ බව පුවත්පත්වල ද පළවිය. ඒ වූ කලී මාතර දෙරණගල වතු යායක පදිංචි ‘සඳලිි නමැති හත් හැවිරිදි දැරියගේ අපයෝජනය කිරීම පිළිබඳ ශෝකජනක කතාවය. ඇගේ මාපියෝ වතු කම්කරුවෝ වූහ. එබැවින් ඇය දිවා කාලයේදී කල්ගත කළේ සිය සහෝදරයාගේ සෙවණේ ය. දිනක් සහෝදරයාගේ මිතුරකු පැමිණ ඔහුගේ අනුදැනුම යටතේම කුඩා සඳලි ¥ෂණය කළේය. මේ සිද්ධියෙන් කුඩා දැරිය මහත් සේ සන්ත‍්‍රාසයට පත් වූවාය. ඒ බැවින් ඇය සිය දෙමාපියන්ට මේ ගැන කිසිවක් කීවේ නැත. සඳලි දස හැවිරිදි වියට පත්වන විට වතු යාය පුරා නරක කතාවක් පැතිර ගියේය. ඒ වූ කලී සඳලි ¥ෂණය වූ දැරියක බවය. මේ අනුව වතු යායේ සේවකයෙක් ඇය ¥ෂණය කළේය. ඊළඟට තවත් පිරිස් එම ක‍්‍රියාවලියට එකතු වූහ. ක‍්‍රමයෙන් ඇය ¥ෂණය කළ නීච පිරිමින් ගණන හයක් හෝ හතක් බවට පත් විය. ඉන්පසු වතු කම්කරුවන් දෙදෙනෙක් ඇය ගෙන ගොස් බස් කොන්දොස්තර කෙනෙකුට වික්කාහ. ඇය අකුරැුස්ස හෝටලයකට ගෙන ගිය කොන්දා එහිදී ඇය විකුණන්නට පටන් ගත්තේය. මේ අනුව සඳලි දකුණු පළාතේ හෝටලයෙන් හෝටලයට ගෙන යනු ලැබුවාය. කොන්දා හැට පැන කට බිම ඇනුණු නාකි පිරිමින්ට ද ඇය වික්කේය. ඉන් පසු ඒ බව හෙළි කළොත් ඇය මරණ බවට ද තර්ජනය කළේය.

    [/FONT]