එකම කරුණක් දෙලොව යහපත සලසන

S_M_S

Well-known member
  • Sep 28, 2017
    3,343
    7,858
    113
    ඒකධම්මෝ භික්ඛවේ භාවිතෝ බහුලීකතෝ උභෝ අත්ථේ සමධිගය්හ තිට්ඨති, දිට්ඨධම්මිකඤ්චේව අත්ථං සම්පරායිකඤ්ච.
    “පින්වත් මහණෙනි, එකම දෙයක් තියෙනවා. ඒක පුරුදු කළොත්, බහුල වශයෙන් පුරුදු කළොත්, මෙලොවත්, පරලොවත් කියන දෙලොවම යහපත පිණිස හේතු වෙනවා.

    කතමෝ ඒකධම්මෝ? අප්පමාදෝ කුසලේසු ධම්මේසු. අයං ඛෝ භික්ඛවේ ඒකධම්මෝ භාවිතෝ බහුලීකතෝ උභෝ අත්ථේ සමධිගය්හ තිට්ඨති දිට්ඨධම්මිකඤ්චේව අත්ථං සම්පරායිකඤ්චා’ති.

    ඒ එකම දේ කුමක්ද?
    කුසල් දහම් වැඩීමේ අප්‍රමාදී බවයි.
    පින්වත් මහණෙනි, හොඳින් පුරුදු කළොත්, බහුල වශයෙන් පුරුදු කළොත්, මෙලොව පරලොව කියන දෙලොවම යහපත පිණිස හේතු වන ඒ එකම දේ මෙන්න මේක තමයි.”

    ඒතමත්ථං භගවා අවෝච. තත්ථේතං ඉති වුච්චති:
    මේ අර්ථය භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක. එය මේ අයුරිනුත් පවසන්න පුළුවනි.

    “අප්පමාදං පසංසන්ති පුඤ්ඤකිරියාසු පණ්ඩිතා,
    අප්පමත්තෝ උභෝ අත්ථේ අධිගණ්හාති පණ්ඩිතෝ
    “දාන, සීල, භාවනා වශයෙන් පුණ්‍ය ක්‍රියාවන්හි අප්‍රමාදීව කටයුතු කිරීම ගැන බුද්ධිමත් අය ප්‍රශංසා කරනවා. අප්‍රමාදීව කටයුතු කරන ඒ බුද්ධිමත් කෙනා මෙලොව පරලොව යන දෙලොව ම යහපත සළසාගන්නවා.

    දිට්ඨේ ධම්මේ ච යෝ අත්ථෝ යෝ චත්ථෝ සම්පරායිකෝ,
    අත්ථාභිසමයා ධීරෝ පණ්ඩිතෝ’ති පවුච්චතී”ති

    මෙලොව යම් යහපතක් ඇත්නම්, ඒ වගේම පරලොව යම් යහපතක් ඇත්නම්, මේ දෙලොව යහපත සළසාගන්න ඤාණවන්තයාට තමයි ‘පණ්ඩිතයා’ කියන්නේ.”

    අයම්පි අත්ථෝ වුත්තෝ භගවතා ඉති මේ සුතන්ති.
    මේ අර්ථය වදාරණ ලද්දේ භාග්‍යවතුන් වහන්සේ විසින්මයි. මේ විදිහට මා හට අසන්නට ලැබුනා.

    සාදු! සාදු!! සාදු!!!

    https://tripitaka.online/sutta/12236
    ඛුද්දක නිකාය > ඉතිවුත්තක පාළි > උභෝ අත්ථ සූත්‍රය
     
    S_M_S

    Well-known member
  • Sep 28, 2017
    3,343
    7,858
    113
    මෙලොව දියුණුව කියන්නේ මොකද්ද ?
    මෙලොව කියන්නෙ මෙලොව.
    දියුණුව කියන්නෙ දියුණුව.
    යහපත කියන්නෙ යහපත.
     
    • Like
    Reactions: kinkon

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,507
    166,933
    113
    එකමත් එක රටක
    මෙලොව කියන්නෙ මෙලොව.
    දියුණුව කියන්නෙ දියුණුව.
    යහපත කියන්නෙ යහපත.
    ඉතින් කියන්නකෝ මොකද බුදුදහමේ විදියට ඔය මෙලොව යහපත කියන්නේ ? මෙලොව දියුණුව කියන්නේ ?
     
    S_M_S

    Well-known member
  • Sep 28, 2017
    3,343
    7,858
    113
    ඉතින් කියන්නකෝ මොකද බුදුදහමේ විදියට ඔය මෙලොව යහපත කියන්නේ ? මෙලොව දියුණුව කියන්නේ ?

    “අප්පමාදං පසංසන්ති පුඤ්ඤකිරියාසු පණ්ඩිතා,
    අප්පමත්තෝ උභෝ අත්ථේ අධිගණ්හාති පණ්ඩිතෝ
    “දාන, සීල, භාවනා වශයෙන් පුණ්‍ය ක්‍රියාවන්හි අප්‍රමාදීව කටයුතු කිරීම ගැන බුද්ධිමත් අය ප්‍රශංසා කරනවා. අප්‍රමාදීව කටයුතු කරන ඒ බුද්ධිමත් කෙනා මෙලොව පරලොව යන දෙලොව ම යහපත සළසාගන්නවා.
    දන් දෙන කෙනාට මේ ජීවිතයේදී සැලසෙන යහපත
    සිල් රකින කෙනාට මේ ජීවිතයේදී සැලසෙන යහපත
    භාවනා කරන කෙනාට මේ ජීවිතයේදී සැලසෙන යහපත
    etc.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,507
    166,933
    113
    එකමත් එක රටක
    දන් දෙන කෙනාට මේ ජීවිතයේදී සැලසෙන යහපත
    සිල් රකින කෙනාට මේ ජීවිතයේදී සැලසෙන යහපත
    භාවනා කරන කෙනාට මේ ජීවිතයේදී සැලසෙන යහපත
    et
    ඔතන යහපත කියලා අදහස් කරන්නේ මොකද්ද කියලා මම අහන්නේ ..
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,036
    1
    61,172
    113
    Mother Earth
    SMS සමහරු රේඩියෝ වලින් පිරිත් දානවා. උදාහරනෙකට උදේ 5ට විතර අපිට ඇහෙනවා අල්ලපු ගෙදර පිරිත් දාල තියෙනවා.(සද්දේ අපිට භාධාවක් නැති වෙන ගාණට) ඉතින් ඒ ගාථාවේ වචනෙක වත් තේරුමක් නොදැන එහෙම දාන එක අනුවණ කමක් නෙමෙයිද? දවසක් @Rontmir දීල මම වජිර බුද්ධි හාමුදුරුවොන්ගේ සාකච්චාවක් ඇහුවා. එයා කියනවා බුදු හාමුදුරුවෝ කවදාවත් පිරිත් කියලා දෙයක් දේශනා කරලා නෑ කියලා. 🙄
     
    අපේ ගෙදරත් පිරිත් දානවා (නිදාගන්න වෙලාවට නෙවේ, දවල්ට). හැබැයි අපේ ඉඩමෙ මායිමෙන් එහාට ඇහෙන්නෑ.
    මහමෙව්නාවෙ පාලි-සිංහල පිරිත් සජ්ඣායනාව. ඒකෙ ඉතිං සිංහල තේරුමත් තියෙනවා.

    Playlist:
    youtube.com/playlist?list=PLaIyA_suCnHxKP48DQ3L99hnzSpnA80ko&si=US23IsznvbZGoe3M

    .
    පිරුවානා පොත් වහන්සේ (පිරිත් පොත) පසුකාලීනව ලියපු එකක් වුණාට ඒකෙ තියෙන්නෙ බුද්ධ භාෂිත ත්‍රිපිටක සූත්‍රමයි නම් ප්‍රශ්නයක් නෑනෙ.
    රතන සූත්‍රයේ "ඒතේන සච්චේන සුවත්ථි හෝතු (මේ සත්‍යානුභාවයෙන් සෙත සැලසේවා)" කියලා තියෙන්නෙ ඒක විශාලා මහනුවර කියපු පිරිතක්.
    "අනාගතයේදී ජනයා තුළ මෙහෙම ප්‍රශ්න ඇති වෙයි" කියලා හිතලා මිලින්ද රජතුමා නාගසේන මහරහතන් වහන්සේගෙන් අහපු ප්‍රශ්න අතරෙ පිරිත් ප්‍රශ්නයත් තියෙනවා. ඒක නාගසේන මහරහතන් වහන්සේ විසඳලා දුන්නා.

    ප.ලි.- අංගුලිමාල මහරහතන් වහන්සේට අංගුලිමාල පිරිත කියන්න කියලා, කැලේ භාවනා කරන භික්ෂූන්ට කරණීය මෙත්ත සූත්‍රය කියලා මෛත්‍රී වඩන්න කියලා උපදෙස් දුන්නෙ බුදුරජාණන් වහන්සේමයි.
    ------ Post added on Apr 15, 2024 at 3:37 PM
     
    • Like
    Reactions: NRTG