එකම පවුලේ 11කට කොවිඩ්

dxx

Well-known member
  • Dec 26, 2011
    18,497
    22,159
    113
    තලවාකැලේ, ලිඳුල සෞඛ්‍ය නිලධාරී කොට්ඨාසයේ කොරෝනා ආසාදිත පුද්ගලයින් 15 දෙනෙක් ඊයේ (21) හඳුනාගත් බව සෞඛ්‍ය අංශ පවසනවා.

    ඒ අතර එකම පවුලක 11 දෙනෙක් ද වනවා.

    ඔවුන්ට කොවිඩ් ආසාදනය වී ඇත්තේ කොළඹ ප්‍රදේශයේ සිට ආගමික කටයුත්තක් සඳහා ගොස් සිටි පූසාරි කෙනෙකුගෙන් බව හඳුනාගෙන තිබෙනවා.

    එම 15 දෙනා අතර සිටි පිරිමි පුද්ගලයින් හම්බන්තොට කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානය වෙතත් කන්තාවන් කඹුරුපිටිය කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානය වෙතත් යොමුකිරීමට පියවර ගෙන තිබෙනවා.
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,245
    113
    Gotland
    මට තින ප්‍රශ්නේ ඇයි දුර තැනකට යවන්නේ තලවකැලේ අය ඊට ළඟ තැන්වලට යවන්නේ නැත්තේ ඇයි ?
     

    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,201
    9,802
    113
    මට තින ප්‍රශ්නේ ඇයි දුර තැනකට යවන්නේ තලවකැලේ අය ඊට ළඟ තැන්වලට යවන්නේ නැත්තේ ඇයි ?
    ළඟ ඒවට යැව්වොත් ඕකුන් පැනලා යනවා පාරවල් දාන්න නිසා.. ගොඩක් උන්ව දාන්නේ පට්ට දුර ප්ලේස් වලට.