එකයි වැරදුනේ .. ඉතුරු සේරම හරි
ඉතුරු සේරම හරියට අධ්‍යයනය කරලා තමයි කරලා තියෙන්නෙ



අධිවේගී මාර්ගයන්හි ගාස්තු වැඩි කිරීම හරි අධ්‍යනයකින් නොකළ දෙයක්
(අංජුල මහික වීරරත්න)
අධිවේගී මාර්ගයන්හි කාර්යබහුල වේලාවන්හිදී ගාස්තු වැඩි කිරීම හරි අධ්‍යනයකින් කළ එකක් නොවන බව පෙනෙන්නේ යැයි සංවර්ධන උපාය මර්ග සහ ජාත්‍යන්තර වෙළෙඳ නියෝජ්‍ය අමාත්‍ය නලින් බණ්ඩාර මහතා මාධ්‍ය හමුවකදී අද (08) පැවැසීය.
මෙවර අයවැයෙන් කාර්ය බහුල වේලාවන්හිදී ගාස්තු වැඩි කිරීම හරි දැයි මාධ්‍යවේදියෙකු ඇසු ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව කීය.
මෙම යෝජනාව පිළිබඳව තවදුරටත් සාකච්චා කරන බව කි නියෝජ්‍ය අමාත්‍යවරයා එලෙස ගාස්තු වැඩි කිරීම හරි ක්‍රමවේදයකින් නිසි පරීක්ෂණයකින් කළ දෙයක් නොවන බවද කීය.
පිටකෝට්ටේ සිරිකොත එක්සත් ජාතික පක්ෂ මුලස්ථානයේදී මෙම මාධ්‍ය හමුව පැවැත්විණි.
ඉතුරු සේරම හරියට අධ්‍යයනය කරලා තමයි කරලා තියෙන්නෙ



