එක්ටා_එනෝ

Bitter Truth

Well-known member
  • Dec 19, 2015
    23,984
    46,340
    113
    *ඉන්දියාව සමග මේ වසර අවසන් වීමට පෙර ආර්ථික, කාර්මික සහයෝගිතා ගිවිසුමක් - අගමැති කියයි

    *ගිවිසුමට වෘත්තිකයින්ගේ විරෝධය



     

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    23,984
    46,340
    113
    එදා මහින්ද රාජපක්ෂ යුගයේදී ‘‘සීපා’’ නමින් ඉන්දු ලංකා විස්තීර්ණ ආර්ථික සහයෝගිතා ගිවිසුම අත්සන් කිරීම ස`දහා ඉන්දියාවෙන් බලපෑම් එල්ල වන විට ඊට එරෙහිව එල්ල වූ මහජන විරෝධතා මහින්ද රාජපක්ෂ පාලනයට ආශිර්වාදයක් විය. එදා එම ගිවිසුම අත්සන් නොකර සිටීම ස`දහා එම විරෝධතා නිදහසට කාරණා ලෙස භාවිතා කෙරිණි. එම නිසා විරෝධතා එල්ල කළ සුළු පිරිසක් වූ විද්වතුන්ට සහ දේශීය ව්‍යාපාරිකයන්ට මහා බරපතල සටනක් කිරීමට සිදු වූයේ නැත. ඔවුන් විසින් එක්තරා මට්ටමක බුද්ධිමය සංවාද තුලින් සහ අධ්‍යාපන ප‍්‍රකාශන වලින් කරන ලද දැනුවත් කිරීම් හරහා ගිවිසුමට පක්ෂපාත අදහස් ප‍්‍රකාශ කල පිරිස් යටත් කෙරින.ි එදා එම යටත් කිරීමේ ක‍්‍රියාවලිය පහසු වූයේ එම උපදේශකයින් විසින්ම සිදු කළ යම් වරදවා ගැනීම් නිසාය.

    එදා ‘‘සීපා’’ගිවිසුමේ කෙටුම්පත ඒ 4 ප‍්‍රමාණයේ පිටු 72කින් සමන්විත වූ අතර ඒ තුල විස්තරාත්මක කරුණු අඩංගු විය. උදාහරණයක් ලෙස සේවා වෙළදාමට අදාළව ලෝක වෙළද සංවිධානය විසින් නිර්දේශ ක‍්‍රමවේද 4ම එහි අඩංගු කොට තිබුණි. ඒ අනුව 4 වන කරුණ වන සොභාවික පුද්ගලයා දේශසීමා හරහා සේවා සැපයීම ගිවිසුමට අයත් වන බව ඉතා පැහැදිලිව වචනයෙන්ම එම ලේඛනයේ සදහන්විය. නමුත් ‘‘සීපා’’ ලේඛනය‘‘එක්ටා’’ ලෙස රූපලාවන්‍ය ප‍්‍රතිකාරයට ලක් කිරීමේදී ඉතා සූක්ෂමව විස්තරාත්මක කරුණු ඉවත්කොට මූලික ගිවිසුම් රාමුවට අවශ්‍ය වචන පමණක් ඉතා පරිස්සමින් තෝරා බේරා ඇතුලත්කොට ඇත. ඒ මගින් මුල් අවධියේදීම විරෝධතා එල්ල කරන පිරිස් නිරායුධ කිරීම අපේක්ෂා කරන බව ඉතා පැහැදිලිව තේරුම් ගත හැක. චෙක් එකට ගණන් දැමූ විට ගණන පෙනෙන බැවින් දැන් පසුව ගණන් දැමීම ස`දහා චෙක් එකක් නොව පොතක්ම අත්සන්කර ඉන්දියාව අතට දෙන බව පැහැදිලිව තිබේ.

    ඒ අනුව සීපා ගිවිසුමට එක්ටා නමින් පිටකවරයක් දැමීමේ සූක්ෂම ක‍්‍රියාවලිය තුල මතඛේදයට තුඩු දිය හැකි විස්තර ඉවත්කොට ඇත. ඒවා සියල්ල ගිවිසුම අත්සන් කිරීමෙන් පසුව ඇමුණුම් ලෙස, වට්ටෝරු ලෙස, පිළිගැනීම් ලිපි , බාර ගැනීමේ ලිපි, රැුස්වීම් වාර්තා හෝ අතුරු ගිවිසුම් ලෙස ගිවිසුමට ඇතුලත් කළ හැක. ඒ බව ‘‘ ගිවිසුම් රාමුව’’ ලෙස මහජනයා නොමග යැවීම සදහා වචනයෙන් හදුන්වන එහෙත් සැබෑ ගිවිසුමේ සදහන්වේ. ඉහත කී රූපලාවන්‍ය ප‍්‍රතිකාර වලට පසුව දැන් ඒ ගිවිසුම සමන්විත වන්නේ පිටු 11කිනි. ඒ අනුව මාර්තු මාසයේ අත්සන් කිරීමට නියමිතව ඇත්තේ ‘‘ ගිවිසුමේ රාමුවක් පමණි’’ සහ සම්පූර්ණ ගිවිසුම අත්සන් කරන්නේ ඊට පසුවය යන පට්ටපල් බොරුව එළිදරව් කිරීම ඉතා වැදගත්වේ. එහෙත් විපක්ෂය විසින් මාධ්‍ය වලට නිකුත්කර තිබූ නිවේදනයක් මගින් ආණ්ඩුවේ උපදේශකයන්ගේ ව්‍යාජ තර්කය සනාථකොට තිබුණි.

    එම නිසා සීපා මෙන්ම එක්ටා ගිවිසුමට විරුද්ධ විද්වතුන් සහ විපක්ෂය විසින් පළමුවෙන්ම කළ යුත්තේ ආණ්ඩුවේ උපදේශකයන්ගේ පට්ටපල් බොරු හෙළිදරව් කිරීම සහ ඒවා තාක්ක්‍ෂණිකව අභියෝගයට ලක් කිරීමය. එවිට සැබෑ ගිවිසුම ගෙන ඒමට තව කල් තිබෙනවායයි මහජන මතයක් හැදීමට ඇති ඉඩද අවමවේ. මේ එක්ටා නමින් සහ ගිවිසුම් රාමුවක් පමණි යන ලේබලය යටතේ එන්නේ වචන වලින් සහ මතුපිටින් සැර බාල කළ සීපා ගිවිසුම බව සහ ඒවා එකම ගිවිසුමක් බවත් වෙනත් ගිවිසුමක් නොමැති බවත් හොදින් තහවුරු කිරීම ඔවුන්ගේ මූලික වගකීමවේ.

    රාජ්‍ය නායකයා විසින් අත්සන් කිරීම අවශ්‍ය වන්නේ එම ඊනියා ගිවිසුම් රාමුව පමණක් බවත් ඉන් පසුව එකතුවන ලේඛන මගින් අදාල ගිවිසුම ක‍්‍රමයෙන් පුළුල් කෙරෙන්නේ දෙපාර්ශවයේ නිළධාරීන්ගේ අත්සනින් බවත් මහජනයාට පෙන්වා දිය යුතුය. ඉතා සරල උදාහරණයක් ලෙස ගරු ජී.එල් පීරිස් මහාචාර්යතුමාගේ වචන වලට අනුව ඉඩමේ මායිම් සළකුණුකොට ඉඩම ලියා දී එහි භුක්තිය ලබාදුන් පසුව එහි හදන ගොඩනැගිලි මොනවාදැයි පසුව තීරණය වේ. මුල් අවස්ථාවේදී එම ගොඩනැගිලි මොනවාදැයි සළකුණු කිරීම අවශ්‍ය නැත. එවිට අසල්වැසියන්ගෙන් ප‍්‍රශ්න ඇති විය හැක. එම ඉඩමේ හදන්නේ සමාජ ශාලාවක් කැසිනෝ මධ්‍යස්ථානයක් යයි ඉඩම ලියන අවස්ථාවේදීම ප‍්‍රසිද්ධ කළහොත් මහජනයා ඊට විරුද්ධ වන නිසා ඉඩමේ අයිතිකාරයාට ඉඩම ලිවීමේදී බලපෑම් ඇතිවේ. නමුත් පසුව ක‍්‍රම ක‍්‍රමයෙන් ගොඩනැගිල්ල ඉදිකොට අවසානයේදී බෝඞ් ලෑල්ල ගැසීමේදී අසල්වැසියාට නීතියෙන් සහ බොහෝවිට දේශපාලනිකවද කළ හැක්කේ සීමා සහිත විරෝධය පළ කිරීමක් පමණි. එවිට යම් පිරිසක් එසේ විරෝධය පළ කළත් බහුතරය වැඬේ අත්හරින ප‍්‍රවනතාව වැඩිවේ. මෙම කරුණ දිගින් දිගටම පැහැදිලි කිරීම අවශ්‍ය වන්නේ එම උපක‍්‍රමය පිළිබ`ද මහජන අවධානය යොමුව නැති නිසාය.

    අගමැතිවරයාගේ ලකුණු දමා ගැනීම සදහා පට්ටපල් බොරු කියන විද්වතුන් යයි කියා ගන්නා ඇමතිවරයෙක්් සේවා අංශයේ 4 වැනි ක‍්‍රමවේදය විවෘත නොකරන බව කියන විට මලික් සමරවික‍්‍රම අමාත්‍යවරයා සහතික කොට කියා සිටියේ තොරතුරු තාක්ෂණය සහ නාවික අංශ වල විද්වතුන්ගේ සහ පුහුණු ශ‍්‍රමිකයන්ගේ හිගයක් පවතින බැවින් රටේ සංවර්ධනය සදහා ඔවුන්ට අවස්ථා ලබාදිය යුතු බවයි. ගිවිසුම් රාමුවේ වචන වලට අනුව සේවා වෙළදාමේ ක‍්‍රමවේද හතරටම අදාළ විස්තරාත්මක කරුණු පසුව ඇතුලත් කළ හැක. එම නිසා ඉතා සරලව විරුද්ධ පාර්ශවය රජයට අභියෝග කළ යුත්තේ සේවා අංශයේ 4 වැනි ක‍්‍රමවේදය ඊනියා ගිවිසුම් රාමුව මගින් ආවරණය නොවන බවට පැහැදිලි වගන්තිියක් ඊට ඇතුලත් කරන ලෙසය. එය කිසිසේත්ම සිදු නොවන බව සියයට දෙසීයකින් සහතික කළ හැක. එයට හේතුව පුද්ගලයන්ගේ පැමිණීම හරහා ආර්ථික පමණක් නොව දේශපාලන සහ සමාජ සංස්කෘතික ආක‍්‍රමණයකටද ම`ගපාදා ගැනීම ඉන්දියාවේ් ප‍්‍රධාන අරමුණක් වීමය. එමනිසා ආණ්ඩුවේ ඇමතිවරු කටේ තොලේ නොගෑවී කියන පට්ටපල් බොරු පසුව ක‍්‍රම ක‍්‍රමයෙන් එළිදරව් වීම ප‍්‍රශ්නයක් නැතැයි ඔවුන් කල්පනා කරන බැවින් විපක්ෂයේ අභියෝගය වන්නේ මහජනයා විසින් යම් කාලයකදී ඒවා බොරු බව තේරුම් ගැනීමට ඉඩ හැරීම වෙනුවට ගිවිසුම් අත්සන් කිරීමට පෙර එම බොරු පැහැදිලිව හෙළිදරව් කිරීමය.

    තුන්වනුව මේ ඇමතිවරු මහජනයාගෙන් පොදුවේ අහන්නේ විදේශ ආයෝජන අවශ්‍යද නැද්ද යනුවෙනි. එහෙත් ඔවුන් විරෝධතාකරුවන්ගෙන් ප‍්‍රශ්න කරන්නේ මේ රටේ සංවර්ධන ක‍්‍රියාවලියට විරුද්ධ වන්නේ මහින්ද රාජපක්ෂගේ උවමණාවටද යනුවෙනි. ඊට ඉතා සරල පිළිතුර වන්නේ දැනටමත් ලෝකයේ ඕනෑම රටක ආයෝජකයෙකුට ශ‍්‍රී ලංකාවට පැමිණ ඉතා සුරක්ෂිතව තම මුදල් යෙදවීමට සුදුසු නීතිමය රාමුවක් ශ‍්‍රී ලංකාවේ තිබෙන බවය. ශ‍්‍රී ලංකා ආයෝජන මණ්ඩල පනත මගින් ලබාදෙන සහන වලින් 50% ක් වත් ඉන්දියාවට ලබා දෙන්නේ නැත. එසේම දැනට තිබෙන නිදහස් වෙළද ගිවිසුම යටතේද ආයෝජන දිරිගැන්වීමේ ප‍්‍රතිපාදන ඇත. නමුත් ඔවුන් අපේ රටට ගෙන ආවේ පරණ යකඩ උණු කිරීමේ කසල කර්මාන්ත සහ ෆාම් තෙල් වලට හයිට‍්‍රජන් වායුව ගසා ව්‍යාජ ගිතෙල් හදන ඊනියා කර්මාන්ත පමණි. එමනිසා ඒසා විශාල සහන ලබාදී තිබියදීද තවත් දියුනු කර්මාන්ත රට තුලට ගෙන ඒමට මැලිවන ඉන්දියානු ආයෝජකයින් සතුටු කිරීම සදහා තවදුරටත් වැඩිපුර ලබාදෙන සහන මොණවාදැයි එළිදරව් කිරීම රජයේ වගකීමකි.

    හතරවැනි කාරණය වන්නේ සේවා වෙළදාමට අදාළ පළමු ආකාර 3ම දැනටමත් ක‍්‍රියාකත්මක වන බව පෙන්වාදීමය. දේශසීමා හරහා පාර්ශව දෙක විසින් සේවා වෙළදාම කිරීම හෙවත් පළමු ක‍්‍රමය අන්තර්ජාලය හරහා දැනටමත් සිදුවේ. දෙවන ක‍්‍රමය වන දෙවන පාර්ශවයේ රටට ගොස් සේවාව ලබා ගැනීමය. අප රටේ රෝගීන්් දැනටමත් ඉන්දියාවට ගොස් සේවා ලබා ගනිති. තුන්වන ක‍්‍රමය වන වානිජ වශයෙන් සමාගමක් ආරම්භ කොට හෝ ශාකාවක් පිහිටුවීම මගින් අනෙක් පාර්ශවයේ රට තුල සේවා සැපයීමද ශ‍්‍රී ලංකාවේ හොදින් සිදුවේ. ඇපලෝ රෝහල ඊට හොද උදාහරණයකි. එම ඉන්දියානු ආයතන වලට මෙන්ම ශ‍්‍රී ලංකාවේ ආයතන වලට අවශ්‍ය ඉන්දියානු වෛද්‍ය වරුන්ටද ශ‍්‍රී ලිංකාවට පැමිණ රක්ෂා ලබා ගැනීමටද ඉඩ සලසා ඇත. නමුත් එය සිදුවන්නේ එක් එක් ඉල්ලූම්පත‍්‍රය අනුව වෙන් වශයෙන් අවශ්‍යතාවය සලකා බැලීමෙන් පමණි.

    ඒ අනුව 4වන ආකාරය වන පුද්ගලයන්ට නිදහසේ පැමිණීමට ඉඩ කඩ ලබාදීම පමණක් දැනට සිදු නොවේ. එනම් ඒක පාර්ශවීයව ශ‍්‍රී ලංකාව විසින් ඉන්දියානුවෙකුට රට තුලට ඒමට ඉඩ දෙනවාද නැද්ද යන්න තීරණය කරනවා වෙනුවට පොදු පූර්ව එකගතාවයක් මගින් ඉල්ලූම් කරන ඔනෑම අයෙකුට විරෝධතාවයකින් තොරව රට තුලට ඒමට ඉඩ සැලසීමය. මේ වෙනස මහජනයාට හොදින් පැහැදිලි විය යුතුය. ඒ අනුව විදෙස් ආයෝජන වලට පොදුවේ එපා කීමක් හෝ ඉන්දියානු ආයෝජන වලට විශේෂයෙන් එපා කීමක් සිදු නොවන බව විරෝධතාකරුවන් ඉතා හොදින් රටට පැහැදිලි කළ යුතුය. තමා විරුද්ධ වන්නේ තරගකාරීව පොදු පූර්ව එකගතාවයකින් පිරිස් බලය පැමිණීමට ඉඩ දීමේ කරුණට පමණක් බව සහ එයට ඉඩ ලබාදුනහොත් ගංවතුර ගේට්ටු වසා දැමීමට පසුව ඉඩ නොලැබෙන බව තර්කානුකූලව ඔප්පු කළ යුතුය. ඊට අදාළ අනෙක් කරුණ හෙවත් විරෝධතාවයට හේතු වන පස්වන කරුණ වන්නේ එක් රටකට පමණක් විශේෂයෙන් සැලකීම් ස`දහා ගිවිසුම් අත්සන් කිරීමෙන් රටට සිදුවන පාඩුවයි. උදාහරණයක් ලෙස චීනය හෝ යුරෝපය සමග පවතින නීති යටතේ සේවා වෙළදාම කරන ආකාරයට ඉන්දියාවටද අවස්ථාව ලබා දීමෙන් තරගකාරීව වඩා සුදුසු වාසිය ලබා ගැනීමේ ඉඩ රටට ලැබේ. එක් රටකට නීතිය මගින් එනම් ගිවිසුමක් මගින් විශේෂ වරප‍්‍රසාද ලබාදුන් පසු අනෙක් රටවලින් විවෘතව ආයෝජන ලබා ගැනීමට බාධා එල්ලවේ. එසේම එවිට විශේෂයෙන් තොරා ගන්නා රටේ ප‍්‍රමිතීන් අප රටේ ප‍්‍රමිතීන් බවට පත්වන අතර විශේෂයෙන් සේවා අංශ වලට අදාළ අධ්‍යාපන අවස්ථාවන්ද ඒ රටේ මට්ටමට අනුව පහත වැටීම සිදුවේ. එමනිසා ඉන්දියාව සමග විශේෂයෙන් තරහවීම හෝ චීනයට හෝ යුරෝපයට වඩා ඉන්දියාවට විශේෂයෙන් සැලකීම යන ආකාර දෙකම රටට අහිතකර බව තර්කානුකූලව පෙන්වාදීම මගින් ආණ්ඩුවේ ඊනියා ව්‍යාජ උපදේශක විද්වතුන් නිරායුධ කළ හැක.

    අවසාන වශයෙන් කලාපයේ භූ දේශපාලන අවශ්‍යතාවය මත ශ‍්‍රී ලංකාව තමාගේ නිල නොවන ‘‘කොලනියක්’’ බවට පත්කර ගැනීමට මාන බලන රටක් සමග විශේෂ වරප‍්‍රසාද ලබාදෙන ගිවිසුම් අත්සන් කිරීම ප‍්‍රඥා ගෝචර නොවන බව මහජනයාට ඒත්තු ගැන්විය යුතුය. ෙඓතිහාසිකව ඉන්දියාව විසින් ශ‍්‍රී ලංකාවට කරන ලද අකටයුතුකම් පිළිබදව දිගින් දිගටම කතා කරමින් ඉන්දියානු විරෝධයක් හැදිය යුතු යයි මින් අදහස් නොකෙරේ. අවශ්‍ය වන්නේ වර්තමානයේදී අපට බලහත්කාරයෙන්ම නොමිලේ ආදම්ගේ පාලම ලබාදෙන්නේ කුමක් නිසාද ත‍්‍රීකුණාමලයේ සිට තලෙයිමන්නාරම හරහා රාමේෂ්වරම් දක්වා කි.මී 126ක් දිග රේල් පාරක් යෝජනා කරන්නේ කුමක් නිසාද යන කරුණු මහජන අවධානයට ලක් කිරීමටයි.

    ගෙදරට පැන කෙල්ල දූෂණය කිරීම සදහා මාන බලමින් සිටින අසල්වැසි තරුණයෙකු ගෙදර නවතා ගැනීම ට යෝජනා කරන්නේ කවුද? එවැනි පියවරුන්ගෙන් දරුවන් රැුක ගැනීම සමාජයේ වගකීම නොවේද? ඊට අමතරව විවිධ බලහත්කාරී ක‍්‍රියාමාර්ග වලට එරෙහිව මහජන විරෝධය එල්ල වන විට ඒවා නිවරදි කිරීම සදහා ඉන්දියාව පැත්තෙන් කිසිදු පියවරක් නොගැනීමද අප රටක් ලෙස සැලකිල්ලට ගත යුතුය. හොදම උදාහරණය උතුරු මුහුදේ නීතිවිරෝධීව බලහත්කාරයෙන් අප රටේ මුහුදු සම්පත් කොල්ල කෑමය.එසේනම් ඉදිරියේදී ගිවිසුම් කොන්දේසි ඉන්දියාව විසින් කඩ කරන විට උදාවන තත්වය පිලිබ`දව මහජනයා කල්පනා කළ යුතු නඅද්ද?

    ඊට අමතරව ඉන්දු ලංකා නිදහස් වෙලද ගිවිසුමේ ගැටළු විසදීමට ඉන්දියාව දක්වන මැලිකමද අප සැලකිල්ලට ගත යුතුය. එහිදී ආණ්ඩුවේ ඊනියා උපදේශකයින් කියා සිටින්නේ නිදහස් ගිවිසුමේ ගැටළු විසදීම සදහා සීපා/ එක්ටා අවශ්‍ය වන බවය. එය ඉතා හාත්ස්‍යජනක දුප්පත් උත්තරයකි. යම් ගිවිසුමක ගැටළු විසදිය යුත්තේ එම ගිවිසුම යටතේ තිබෙන ප‍්‍රතිපාදන යොදා ගනිමින් මිස ඊට වඩා සංකීර්ණ ඊට වඩා වෙනස් ගිවිසුමක් අත්සන් කිරීමෙන් නොවේ. ලෝකයේ කුමන රටක කුමන ගිවිසුමක ගැටළු ඒ ආකාරයට විසදා ඇත්ද යන්න හෙළි කරන ලෙස රජයට අභියෝග කිරීම ඉතා වැදගත්වේ. එම තත්වය තුල රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ඉල්ලීම ඉතා දියුණු ප‍්‍රවේශයකි. ඒ අනුව පළමුව රජය විසින් වෙළ`ද ගිවිසුම් වලට අදාළ ජාතික ප‍්‍රතිපත්තියක් සකස් කළ යුතුය. දෙවනුව නිදහස් වෙළ`ද ගිවිසුමේ ගැටළු එම ගිවිසුම යටතේ විසදා ඉන්දියාවේ සත්භාවය තහවුරු කළ යුතුය. එවිට සීපා හෝ එක්ටා ගැන කතා කිරීමට ආණ්ඩුවට යම් හෝ සදාචාර බලයක් ලැබේ. දැනට තිබෙන තත්වය යටතේ ආණ්ඩුවට ඒ ස`දහා කිසිදු සදාචාර බලයක් නැත.

    කේ. එම්. වසන්ත බණ්ඩාර
     

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    23,984
    46,340
    113
    දෙරන විතරද උබලගේ පැත්තට පේන්නේ.. උදේම චතුරව බලලා වගේ..

    ඔය දෙරණද ගොබිලෝ?උදේ පාන්දර කූරක් ඇදලා වගේ..:lol:
     

    Yahoowa

    Banned
    Jun 17, 2015
    1,557
    160
    0
    55
    Colombo 07
    ඔය දෙරණද ගොබිලෝ?උදේ පාන්දර කූරක් ඇදලා වගේ..:lol:
    නැ උදේ පාන්දරම චතුරත් ඔක කිව්වා. මම උන්නා උබ ඒක බලලා කියලා.. කොහොමත් රනිල් ගොබ්බයා කලොත් වැඩක් ඔය ජාතියේ තමා. අනාතයි..
     

    dasss

    Well-known member
  • Jul 30, 2015
    3,131
    119
    63
    නැ උදේ පාන්දරම චතුරත් ඔක කිව්වා. මම උන්නා උබ ඒක බලලා කියලා.. කොහොමත් රනිල් ගොබ්බයා කලොත් වැඩක් ඔය ජාතියේ තමා. අනාතයි..

    ada chathura hitiye ne ne paththar kiywnn.:P
     

    Hirash

    Well-known member
  • Apr 10, 2011
    867
    68
    48
    Narnia
    ඕක ගහන්න යන පොනිලා ඇතුළු හැත්තම හැඳි ගෑවිලාම පල
     

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    23,984
    46,340
    113
    13412969_1774438472792033_4818764093568268081_n.jpg
     

    prashan3000

    Well-known member
  • Apr 10, 2011
    3,923
    1,004
    113
    යහපාලනය ලංකාව දිදුලවයි........
    අපි රැවටුනා කියල හිතෙන්නේ මට විතරද?
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    නැ උදේ පාන්දරම චතුරත් ඔක කිව්වා. මම උන්නා උබ ඒක බලලා කියලා.. කොහොමත් රනිල් ගොබ්බයා කලොත් වැඩක් ඔය ජාතියේ තමා. අනාතයි..
    ඒ කියන්නේ හුකංපාරුවෝ තෝ නේ චතුරය කියන දේවල් උඩ දාගෙන බලන්නේ.......:angry: