එක්තරා නිධාන කතාවක්....

Dodo Mahaththaya

Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    එක්තරා නිධාන කතාවක්....

    හරි මම මෙහෙම කියන්නම්.....

    මේක එක්තරා නිධාන කතාවක්.(නිධන් ගන්න කැමැත්තෙන් ඉන්න අය ඉක්මන් වෙන්න එපා , මොකද දැනටම එව්වා මේ රටෙත් නැතුව ඇති.)
    එක්තරා ලේඛකයෙක් තමන්ගේ පොත් පිංචක, මායාරූපී විලාසයකින් පූර්විකාවක් ගැන ඉඟියක් දෙනවා.
    එක් කඳු මුදුනෙක සඟවා ඇති මහත් වූ නිධානයක් ගැන.
    ව්‍යංගාර්ථයෙන් වූ නමුත් එහි යම් යම් කරුණු සැබෑවෙන් තරමක් වෙනස් දිශානතියකින් තමා සටහන් කරන්නේ.
    එක්කෝ ඒ එහි ආරක්ෂාවට, නැතහොත් සැබෑ කරුණු නොදන්නා කමට....
    කෙටියෙන් මෙසේය....
    එක්තරා කඳු මුදුනෙකි,එහි ගලෙක මත තුන් පාදයෙන් හා දිසානතියෙන් යොමු වෙන තවත් මුදුන් ත්‍රිත්වෙයකි.


    GyESWnJ.jpg


    6ErRoVY.jpg

    කඳු මුදුනත

    DBvLJ1n.jpg

    වන වළල්ලෙන් වැසුණු මාවත....

    iO2xSUL.jpg

    ගලෙහි කොටා ඇති සලකුණ

    ප්‍රධාන මුදුනේ ගල් පියස්සක ගුහාවකි.ද්වාරයෙන් බැලූ කල දකුණුපස කන්දය.
    එසේම දකුණු කන්දේ ගුහා ද්වාරය මැද කන්දට එල්ල වන ලෙසත්,එලෙසම මැද ගුහා ද්වාරය වම් ශීර්ශයටත් ලෙසය.


    tIYWdRS.jpg

    මුදුනත ඇති ගුහා ද්වාරය

    KxFaj6V.jpg

    ඉදිරියෙන් පෙනෙන කඳු වළල්ල


    JqnH7f7.jpg


    T9YJ7he.jpg


    1zpS3zo.jpg


    eaSgNrd.jpg


    Z76Q20O.jpg


    KYWMgmw.jpg

    කඳු අතර පිහිටි ගුහා සංකීර්ණයන්.....

    8BD87DH.jpg


    aWzvePi.jpg

    අවට සුන්දරත්වය


    වම් ශීර්ෂයේ උමගෙකින් මේ රටාව අවසන් වෙයි.
    උමං කට බෙහෙවින් අබලන්ය. ඒ කිට්ටුව රාජ මහා විහාරයක් වෙයි.
    එය අඩි දහයක්, දොළහක් යන්නට මත්තෙන් පස් හා ගල් ගොඩකින් අවසන් වෙයි.


    wmudA9c.jpg

    ගරා වැටි ඇති උමන් කට

    වඩාත් පුදුම ඵලවන සුළු කරුණ නම් හෑම ගුහා ද්වාරයකටම එකිනෙක අතර රේඛීය දුර සමානය.
    ඒ ගණනය කිරීම මෙසේය,
    ගුහා ද්වාරයන් සිතියම් ගත කල විට (අක්ෂාංශ ,දේශාංශ) එකිනෙක ලක්ෂ්‍යයන් අතර සිතියම් දුර සමානය.
    අවසන් ජ්‍යාමිතික හැඩයේ මධ්‍ය ලක්ෂ්‍යය එළඹෙන තැන,නිධන් හොරුන්නේ අපයෝජනයට ලක්වූ හරි හතරැස් ගලෙකි.
    එහි මැද කුහරය හිස්ය.එය අඟල් 8 බැගින් පළල අඟල් 6 ගැඹුරකින් යුත් මන්ජුසාවක් බහාලූ හැකි වන පරිදි කුහරයෙකි.


    g71DFXh.jpg

    නිධානය සඟවා තිබුනා යැයි සැලකෙන හතරැස් ගල....
    දක්නට ඇති නිධානයක් නම් නැත...


    v3noRn4.jpg


    BAUsxan.jpg


    8gNPcOz.jpg

    ගල් කැඩීම නිසා මේ කඳු සහ අවට බොහෝ කඳු වල ස්වාබාවය මේ ආකාර වෙයි.
    නිධන් හොරුන්ට කෙසේ වෙතත් ගල් කොරි මුදලාලිලාට නම් නිධාන පහල විය.


    ප:ලි - මේ කඳු ශීර්ෂයන් බොහොමයක් ගල් කොරි සඳහා විකුණා ඇත...එමෙන්ම ඒවා බොහොමයක් මේ වන විටත් බෝර වී හමාරය.
     

    inspiron

    Well-known member
  • May 27, 2014
    24,975
    17,607
    113
    Nowhere
    ඕවා මේකේ දාලා ප්‍රසිද්ද කරන්න එපා. හොරු මෝල් වෙනවා.
     

    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    ඕවා මේකේ දාලා ප්‍රසිද්ද කරන්න එපා. හොරු මෝල් වෙනවා.

    දැන් වැඩක් නෑ. හොරු මෝල් වෙලා අහවරයි. එකයි දැම්මේ.
    දැන් පයිසයක් වත් නෑ. අඩුම ගානේ ඒ කඳු වල හැඩේත් ඉස්සරට වඩා වෙනස්.
    ගල් කොරි නිසා බාගෙට බාගෙයක් කඩල :lol:
     

    inspiron

    Well-known member
  • May 27, 2014
    24,975
    17,607
    113
    Nowhere
    දැන් වැඩක් නෑ. හොරු මෝල් වෙලා අහවරයි. එකයි දැම්මේ.
    දැන් පයිසයක් වත් නෑ. අඩුම ගානේ ඒ කඳු වල හැඩේත් ඉස්සරට වඩා වෙනස්.
    ගල් කොරි නිසා බාගෙට බාගෙයක් කඩල :lol:


    :(
     

    rrkolla

    Well-known member
  • Mar 24, 2012
    4,415
    204
    63
    දැන් වැඩක් නෑ. හොරු මෝල් වෙලා අහවරයි. එකයි දැම්මේ.
    දැන් පයිසයක් වත් නෑ. අඩුම ගානේ ඒ කඳු වල හැඩේත් ඉස්සරට වඩා වෙනස්.
    ගල් කොරි නිසා බාගෙට බාගෙයක් කඩල :lol:
    gal kadana un nidan aran kotipathiyo,