එක්නැලිගොඩ ගැන තොරතුරු රැසක්

prashan3000

Well-known member
  • Apr 10, 2011
    3,923
    1,004
    113
    එක්නැලිගොඩ ගැන තොරතුරු රැසක්

    5f9288c7ae9d040ac991fdd302ad7e47_L.jpg



    මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ පැහැරගෙන යාමෙන් පසු දින කිහිපයක් ගිරිත‍ලේ හමුදා කඳවුරේ රඳවාගෙන හමුදා නිලධාරීන් ඉදිරියේ ප්‍රශ්න කිරීම්වලට ලක්ව තිබෙන බවත් ඔහු අතුරුදන්වන්නේ ඉන් අනතුරුව බවත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මේ සම්බන්ධව මෙතෙක් කරන ලද විමර්ශනවලින් අනාවරණය වී තිබේ.

    fdfe4dc2a2845aa3f87ca52b3e97b895_L.jpg


    එකී පැහැරගැනීමට හා ප්‍රශ්න කිරීමට සම්බන්ධ වූ බවට සැක කෙරෙන පුනරුත්ථාපනය වූ එල්.ටී.ටී.ඊ.යේ දේශපාලන අංශයේ ප්‍රධානියකු ලෙස කටයුතු කළ සුරේෂ් කුමාර් ගිරිත‍ලේ හමුදා කඳවුරේ සේවය කර විශ්‍රාම ගොස් සිටින මාණ්ඩලික සැරයන්වරයෙක් වන සුදු බණ්ඩා ඇතුළු තිදෙනෙක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් මේ වනවිට අත්අඩංගුවට ගෙන තිබේ.

    ප්‍රගීත් එක්නැලිගොඩ මහතාගේ පැහැර ගැනීමත් අතුරුදන් කිරීමත් ගැන බොහෝ තොරතුරු මේ අයගෙන් හෙළිවන අතර ඊට සම්බන්ධ හමුදාවේ කිහිප දෙනකු අත්අඩංගුවට ගැනීමට හමුදාවෙන් සහයක් නොලැබෙන බවටද ‍පොලීසිය චෝදනා කරයි.

    අතුරුදන් වීම සිදුවූ ආකාරය :

    දැනට අනාවරණය වී ඇති ආකාරයට අනුව ප්‍රගීත් එක්නැලිගොඩ මහතාගේ පැහැර ගැනීම හා අතුරුදන් වීම සිදුව ඇත්තේ මෙසේය.

    සුරේෂ් කුමාර නමැත්තාගේ පියා සිංහල ජාතිකයෙකි. මව දෙමළය. 1985 වසරේදී ඔහු එල්.ටී.ටී.ඊ.යට එක්ව ඇත. ඔහුගේ මව නාවික හමුදා ප්‍රහාරයකින්ද පියා යුද හමුදා ප්‍රහාරයකින්ද මියගොස් ඇත.

    ඔහු එල්.ටී.ටී.ඊ.යට එක්ව ඇත්තේ වයස අවුරුදු 16දීය. ඉන්දියන් සාම සාධක හමුදාව මෙරටට පැමිණීමෙන් පසු සුරේෂ් කුමාර එම හමුදාව විසින් අටවන ලද බිම් බෝම්බයකට හසුවී පාදය අහිමි වී තිබේ. එතැන් පටන් ඔහු එල්.ටී.ටී.ඊ. දේශපාලන අංශයට අනුයුක්ත කර ඇත.

    පසුගිය යුද සමයේදී ත්‍රිකුණාමලයේ එල්.ටී.ටී.ඊ. දේශපාලන අංශය භාරව සිට ඇත්තේ ඔහු බව සඳහන්ය.

    යුද්ධය අවසන් වීමත් සමග 2009 වසරේදී ඔහු හමුදාවට භාරවී පුනරුත්ථාපනය වී තිබේ.

    දුරකථන නාමාවලියක් :

    ඔහු සතුව දුරකථන නාමාවලියක්ද තිබි ඇති අතර එය ගිරිත‍ලේ හමුදා නිලධාරීන් විසින් ගෙන ඇත. එහි දුරකථන අංක අතර ප්‍රගීත් එක්නැලිගොඩගේ අංකයද තිබි ඇත. එහිදී හමුදා නිලධාරීන් සුරේෂ් කුමාරගෙන් ඒ පිළිබඳ ප්‍රශ්න කර ඇත.

    සාම ගිවිසුම ක්‍රියාත්මක වූ කාලයේ මඩු ප්‍රදේශයේදී දොස්තර ජයලත් ජයවර්ධන මහතා හරහා තමා ප්‍රගීත් එක්නැලිගොඩ හඳුනාගත් බවත් එතැන් සිට ඔහු සමග සමීප සබඳතාවක් පැවැත්වූ බවත් මෙහිදී සුරේෂ් කුමාර හමුදාවට ප්‍රකාශ කර ඇත.

    අනතුරුව ප්‍රගීත් එක්නැලිගොඩට දුරකථනයෙන් අමතන ලෙස හමුදාව සුරේෂ් කුමාරට දැනුම් දී ඇත.

    එම දුරකථන සංවාදවලට හමුදාව ඇහුම්කන් දී ඇති අතර ඒ සංවාදවලදී ප්‍රගීත් එක්නැලිගොඩ යුද හමුදාව දැඩි ලෙස විවේචනය කරමින් කතා කර ඇත.

    ප්‍රගීත් එක්නැලිගොඩ හමුවීම :

    පසුව ගිරිත‍ලේ හමුදා කඳවුරේ ප්‍රධානී ධම්මික කුමාරගේ නියෝග මත කෝප්‍රල් ප්‍රියන්ත නමැති හමුදා නිලධාරියා සුරේෂ් කුමාරගේ සොහොයුරකු ලෙස පෙනී සිටිමින් ප්‍රගීත් එක්නැලිගොඩ හමුවී ඇත.

    එසේ හමුවී ඇත්තේ සීගිරියේ පිහිටි එක්නැලිගොඩගේ ඉඩමකදීය. සුරේෂ් කුමාර හා තමා හමුදාවෙන් කට්ටි පනිමින් සිටින බව එහිදී කෝප්‍රල් ප්‍රියන්ත එක්නැලිගොඩට ප්‍රකාශ කර ඇත.

    හමුදාවේ සැලසුම් මත ක්‍රියාත්මක වෙමින් පසුව සුරේෂ් කුමාර, එක්නැලිගොඩ හට ප්‍රකාශ කර ඇත්තේ තමාට හා තම සොහොයුරාට රටින් පිටවීම සඳහා උපකාර කරන ලෙසයි.

    එහිදී ඊට සහය වන බවට ‍පොරොන්දු වී ඇති එක්නැලිගොඩ ඊට අවශ්‍ය ලියකියවිලි තමාට භාරදෙන ලෙස ඔවුන්ට ප්‍රකාශ කර ඇත.

    පසුව එම ලියකියවිලි රැගෙන එන බව අඟවමින් කෝප්‍රල් ප්‍රියන්ත 2010 වසරේ ජනවාරි මස 24 දින රාජගිරියේදී එක්නැලිගොඩ හමුවී ඇති අතර ඔහුව ගිරිත‍ලේ හමුදා කඳවුරට රැගෙනවිත් ඇත්තේ ඉන් අනතුරුවය.

    හමුදා කඳවුරේ ප්‍රශ්න කිරීම් කළ ආකාරයත් ඉන් අනතුරුව එක්නැලිගොඩ අතුරුදන් වූ ආකාරයත් පිළිබඳ තොරතුරු ඉදිරියේදී අනාවරණය කරගත හැකි වනු ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පවසයි.

    (ලක්බිම)




    ඉතිං යකෝ මේක ඇත්ත නම් එක්නැලිගොඩ කොටියට උදවු කරලා නේ!!!!!
    අනික හමුදාවේ මිනිස්සු මූව මරල තියෙන්නේ පෞද්ගලික කාරණා උඩ නෙවි .