එක්සත් ජනපදයේ රහස් යුද්ධ

HarshaLulzSec

Well-known member
  • Sep 7, 2015
    3,710
    3,239
    113
    Ratnapura
    එක්සත් ජනපදයේ රහස් යුද්ධ

    btgFA8N.png

    රහස් යුද්ධවල ඉතිහාසය අපිට සියල්ල උගන්වන්නේ නම් මේවන විටත් ලෝකයේ කොහේ හෝ තැනක රහස් යුද්ධ දියත්වී තිබෙන්නට ඕනෑ තරම් ඉඩ තිබේ.එක් දිනෙක,සමහර විට හෙට,සමහරවිට තවත් වසර 10කින් හෝ ඒවා සම්බන්ධ තොරතුරු ජනමාධ්‍යවේදීන් ඔස්සේ හෝ තොරතුරු දැනගැනීමේ පනත්වල පිහිටෙන් එළිදරව් වේවි.මෙහි සඳහන් වන්නේ එක්සත් ජනපදයේ මැදිහත්වීම යටතේ සිදුකල සමහරක් රහස් මෙහෙයුම්,කුමන්ත්‍රණ කිහිපයක් පමණි.




    මත්ද්‍රව්‍යවලට එරෙහි යුද්ධය

    QY4WpQQ.jpg

    මත්ද්‍රව්‍යවලට එරෙහිව යුද්ධ ජනපති නිකසන් ගේ සමයේ පටන් අවදානයට ලක්වූ මාතෘකාවකි.පසුකාලීනව එක්සත් ජනපදය මත්ද්‍රව්‍ය මත්ද්‍රව්‍ය වෙළෙන්දන් අතර ගැටුම් ඇතිවීමට ඉඩ සලස්වන ලදි.1989 වර්ෂයේදී ඇමෙරිකාව විසින් පැනමා රාජ්‍යය ආක්‍රමණය කල අතර 1990 දශකය මුළුල්ලේ කොලොම්බියානු රජයට හමුදා සහාය ලබාදුන්නේය.කාලයත් සමග මත්ද්‍රව්‍ය වෙළඳාම නවීන තාක්ෂණයෙන් සන්නද්ධ විය.ජාවාරම්කරුවන් සබ්මැරීන පවා යොදාගැනීමට යොමුවන තරමට එය දුරදිග ගොස් තිබිණි.ඇමෙරිකාව මත්ද්‍රව්‍යවලට එරෙහිව කරන යුද්ධය ගැන සමහරු කියන්නේ එය කළු ජාතිකයන් ඉලක්ක කරන සිදුකරන ක්‍රියාවක් බවයි.





    චිලී හමුදා කුමන්ත්‍රණය

    ba5utgS.jpg

    ආණ්ඩු පෙරළීම සම්බන්ධව එක්සත් ජනපදය කප් ගැසූ රටක් බව අමුතුවෙන් කිවයුතු නැත.ඔවුන්ගේ මධ්‍ය රහස් ඔත්තු සේවය රටවල් ගණනාවක් තුල අර්බුද ඇතිකර තිබෙන බව කලින් කලට එළිදරව්වූ තොරතුරු වලින් පෙනේ.එක්සත් ජනපදය දකුණු ඇමෙරිකාවේ චිලී රාජ්‍යයට සිය බැල්ම හෙළුයේ එරට නිදහස ලැබු සමයේ පටන්ය.1960 දශකයේ පටන් එක්සත් ජනපදය,චිලී රාජ්‍යය තුල වාමාංශික නායකයින් පාලන බලය ලබා ගැනීම වළක්වාලීමට සිය උපරිමයෙන් ක්‍රියාකලේ ඩොලර් මිලියන ගණනින් වියදම් කරමින්ය.නමුත් කෙසේහෝ 1970 වර්ෂයේදී මාක්ස්වාදී නායක සැල්වඩෝර් ඇලෙන්ඩේ චිලී ජනපතිවරණය ජයග්‍රහණය කලේය.මින් බියට පත් එක්සත් ජනපදය හමුදා කුමන්ත්‍රණයක් සඳහා රහසිගතව සැලසුම් සකස් කරන ලදි.සීඅයි ඒ සංවිධානය හරහා ඒ සඳහා තෝරාගත්තේ ඔගස්ටෝ පිනොෂියෙට් නම් හමුදා නායකයාය.1973 වර්ෂයේදී එක්සත් ජනපදයේ සැලසුම් පරිදි ප්‍රජාතාන්ත්‍රිකව බලයට පත් ජනපති ඇලෙන්ඩේ ඉවත් කර හමුදා කුමන්ත්‍රණයකින් ජෙනරාල් පිනොෂියෙට් චිලී රාජ්‍යයේ බලය අල්ලාගන්නා ලදි.





    ත්‍රස්තවාදයට එරෙහි යුද්ධයේ රහසිගත සටන්

    DpHL3dO.jpg

    ත්‍රස්තවාදයට එරෙහිව එක්සත් ජනපදය දියත් කල යුද්ධය ඇරඹෙන්නේ 2001 වර්ෂයේදී නිව්යෝක් නගරයේ ලෝක වෙළඳ මධ්‍යස්ථානයට සහ වොෂින්ටන් නගරයේ පෙන්ටගනය ගොඩනැගිලිවලට එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයන්ගෙන් පසුවයි.මෙම යුද්ධයේ ප්‍රධාන ඉලක්කයන් වූයේ අල්කයිඩා සංවිධානය සහ තවත් ඉස්ලාමීය ත්‍රස්ත සංවිධානයි.යුද්ධයේ මුල් කාලයේදී නීතිවිරෝධී රදවා ගැනීම සහ රහසිගතව වදබන්ධනවලට පැමිණවීම සාමාන්‍ය දේවල් විය.අද වන විට ත්‍රස්තවාදයට එරෙහි යුද්ධය "ඩ්‍රෝන් සංග්‍රාමයක්" බවට පත්ව තිබේ.ඩ්‍රෝන් මෙහෙයුම් සඳහා සහ යානා යොදාගැනේ.මෙහිදී ඇෆ්ගනිස්ථානය,පාකිස්තානය,යේමනය සහ සෝමාලියාව ආදී රටවල සිටින සටන්කාමීන්/ත්‍රස්තවාදීන් ඉලක්ක කර ප්‍රහාර එල්ල කරයි.





    සීඅයිඒ සහ කේජීබී

    yIAeiX6.jpg

    සීතල යුද සමයේදී ඔත්තු සේවා ,ඔත්තු සේවා අතර පැවති රහසිගත යුද්ධය තදින්ම පැවතියේ එක්සත් ජනපදය සහ සෝවියට් දේශය අතරයි.ඔත්තුකරුවන්ට අනෙක් රටවල රහස් සොයමින්,සතුරු රටවල ඔත්තුකරුවන් සොයමින් ඕල්ඩ්‍රිරිච් ඒම්ස් වැනි ඩබල් ඒජන්තරුන්ට හසුනොවී සිටීමට සිදුවිය.මෙය දිවිපරදුවට තැබීමකි.මන්ද සෝවියට් දේශයේදී බටහිර රටවල් සඳහා ඔත්තු බලා හසුවුවහොත් මරණ දඬුවම බලාපොරොත්තු විය හැකිය.දෙවන ස්ථානයට වැඩිම සීඅයි ඒ ඒජන්තවරුන් ප්‍රමාණයක් අනාවරණය කල සෝවියට් දේශය සහ රුසියාව වෙනුවෙන් ඔත්තුබැලූ ඔත්තුකරුවා වන්නේ ඕල්ඩ්‍රිරිච් ඒම්ස්ය.ඔහු දෙවැනි වූයේ රොබට් හැන්සන් නම් ඔත්තුකරුවාට පමණි.මොවුන් දෙදෙනාම එක්සත් ජනපදයේ ජීවිතාන්තය තෙක් සිරදඬුවම් විදින බව සඳහන් වේ.





    අතීන්ද්‍රීය ඥානය ලබාගැනීමේ සටන

    IQZVr6N.jpg

    එක්සත් ජනපදය ,රුසියාව සහ එක්සත් රාජධානිය(තවත් ජාතීන් ඇතුලත් විය හැකිය )යන රටවල් අතීන්ද්‍රීය ඥානය බුද්ධි තොරතුරු සොයාගැනීම එනම් න්‍යෂ්ඨික සබ්මැරීනවල පිහිටීම,රහසිගත හමුදා කඳවුරු ආදිය එළිදරවු කරගැනීම සඳහා යොදාගත හැක්කේ කෙසේද යන්න පිළිබදව පර්යේෂණ පවත්වන ලදි.එක්සත් ජනපදය මේ සඳහා ස්ටාර්ගේට් නම් රහස් ව්‍යාපෘතියක් පවා ආරම්භ කරන ලද්දේ 1950 දශකයේ පමණය.නමුත් එක්සත් ජනපදයට තිබූ විශාලම බිය වූයේ තමන්ට පෙර සෝවියට් දේශය අතීන්ද්‍රීය ඥානය සම්බන්ධ දැනුම ලබාගෙන දෙරට අතර අධ්‍යාත්මික ශක්තිය සම්බන්ධව විශාල පරතරයක් ඇති කරාවි යන්නයි.මේ බියට හේතුව සෝවියට් විද්‍යාඥයින් මේ සම්බන්ධ පර්යේෂණවලදී ඉදිරියෙන් පසුවීමයි.






    කාම්බෝජය සහ ලාඕසය

    sUqjAI9.jpg

    වියට්නාම යුද්ධයේදී ඊට සම්බන්ධ නොවූ රටවල් වන කාම්බෝජයේ සහ ලාඕසයේද රහස් කුමන්ත්‍රණ දියත් කිරීමට එක්සත් ජනපදය ක්‍රියා කලේය.ලාඕසය සහ කාම්බෝජය ඔස්සේ වැටී තිබූ වියට්කොං ගරිල්ලන්ගේ සැපයුම් මාර්ග දකුණු වියට්නාමයේ සිටි ඇමෙරිකානු විරෝධී සටන්කරුවන්ගේ ජීවනාලිය බවට පත්ව තිබිණි.මෙම සැපයුම් මාර්ග අඩාල කිරීමට ඇමෙරිකානු හමුදා නොකල දෙයක් නොමැත.සැපයුම් මාර්ග ආශ්‍රිත ප්‍රදේශවලට බෝම්බ හෙළීමේ සිට කාලගුණය වෙනස් කිරීම දක්වා විවිධ ක්‍රියාමාර්ග ගන්නා ලද මුත් වියට්කොං හමුදා වළකාලිය නොහැකිවිය.කාලයක් සීඅයිඒ සංවිධානය ලාඕසයේ ගෝත්‍රික කණ්ඩායම් ආයුද සන්නද්ධ කර මෙම සැපයුම් මාර්ග අවහිර කිරීමට යොදවන ලදි.තවද කාම්බෝජයේ සිහනුක් කුමරුගේ රජයට එරෙහිව සටන් කිරීමට එරට ජනයා පුහුණු කිරීමටද සීඅයි ඒ සංවිධානය ක්‍රියා කලේය.කාම්බෝජයේ ස්ථානගත සිටි උතුරු වියට්නාම් සෙබලුන්ට බෝම්බ හෙළීම එක්සත් ජනපද බී-52 යානා යොදාගෙන සිදුකලේය.දෙරටේ රහස් මෙහෙයුම් සඳහා යොදාගත්තේ සීඅයිඒ සංවිධානය සතු එයාර් ඇමෙරිකා නම් ගුවන් සේවයයි.





    කාලගුණය වෙනස් කිරීම

    EbNhNxz.jpg

    කාලගුණය වෙනස් කිරීම ප්‍රබන්ධයක් නොවන බව සහ එය අවියක් ලෙස සංග්‍රාමවලදී භාවිතා කල හැකිබව ඔප්පු කර පෙන්වූයේ වියට්නාම යුද්ධයේදීය.ඔපරේෂන් පොප් අයි නමින් හැඳින්වූ රහසිගත මෙහෙයුමක් ඔස්සේ 1967-1972 තෙක් ලාඕසය සහ කාම්බෝජය යන රටවල ඉහල අහසට සිල්වර් අයඩයිඩ් මුදා හැරීමෙන් වලාකුළු ඇති කර වර්ෂා සමය දීර්ඝ කිරීමෙන් වියට්කොංවරුන්ගේ සැපයුම් මාර්ග අවහිර කිරීම මෙහි අරමුණ විය.





    ඉරානය-නිකරගුවා

    MxljKcM.jpg

    මෙයත් සුපුරුදු පරිදි විදෙස් රටක ආණ්ඩු පෙරළීමකට සහාය ලබාදීමේ රහස් මෙහෙයුමකි.මෙවර එක්සත් ජනපදයේ ඉලක්කය වූයේ 1980 දශකයේ නිකරගුවා රාජ්‍යය පාලනය කල මාක්ස්වාදී රජයයි.ප්‍රජාතාන්ත්‍රිකව බලයට පත් මෙම වාමාංශික රජයට එරෙහිව දක්ෂිණාංශික කැරලිකරුවන් සන්නද්ධ කිරීම සඳහා රේගන් පාලන ත්‍රන්ත්‍රය ක්‍රියා කලේ ඊට එරෙහිව කොංග්‍රසය නීතිමය වශයෙන් සීමා පවා පනවා තිබියදීය.මේ සඳහා මුදල් ලබාගෙන තිබෙන්නේ පෞද්ගලිකව ලැබුණු පරිත්‍යාග සහ ඉරානය සමග සිදුකල රහසිගතව සිදුකල අවි ගනුදෙනුවක් ඔස්සේය.මෙම රහසිගත මෙහෙයුම අනාවරණය කෙරුණේ කලක් එක්සත් ජනපද හමුදාවේ සේවය කල ඔලිවර් නෝර්ත් නැමැත්තාය.





    ස්ටක්ස්නෙට් ප්‍රහාරය

    ZrgDGAA.jpg

    ඉරාන න්‍යෂ්ඨික බලාගාරවල පරිගණක පද්ධතිවලට සයිබර් ප්‍රහාර එල්ල කිරීමේ මෙහෙයුමක් ඔබාමා පාලන සමයේදී ක්‍රියාත්මක කෙරිණි.මේ සඳහා ඊශ්‍රායලයේ සහාය බොහෝවිට ලැබෙන්නට ඇතැයි සැක කෙරේ.ඔපරේෂන් ඔලිම්පික් ගේම්ස් යන නමින් හැඳින්වූ මෙම මෙහෙයුම ඇරඹුණේ ජෝර්ජ් බුෂ්ගේ පාලනය සමයේදී බවයි කියවෙන්නේ.මේ සඳහා යොදාගෙන තිබුණේ ස්ටක්ස්නෙට් යන නමින් හැඳින්වූ වර්ම් වර්ගයේ වැඩසටහනකි.න්‍යෂ්ඨික බලාගාරවල පරිගණක පද්ධති අවුල් කර බලාගාරවල විනාශයක් සිදුකිරීමට මේවාට හැකියාව තිබූ බව කියවේ.





    Source:unhealthyearth.com

    -HarshaLulzSec-
     

    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,759
    6,200
    113
    🇨🇦🍁
    කොහොමද nuclear plantation වලට cyber attack දුන්න වෙලේ ඒවා blast කෙරෙව්වා නම් :sorry:
     

    HarshaLulzSec

    Well-known member
  • Sep 7, 2015
    3,710
    3,239
    113
    Ratnapura
    tfs brother
    Thanks

    කොහොමද nuclear plantation වලට cyber attack දුන්න වෙලේ ඒවා blast කෙරෙව්වා නම් :sorry:
    ඔය වර්ම් එක යවලා තියෙන්නේ ඊශ්‍රායලය න්‍යෂ්ඨික බලාගාරයට ගුවන් ප්‍රහාර එල්ල කරන එක නවතන්නලු.
     

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    කියවන්න වටිනව මචං


    You must spread some Reputation around before giving it to HarshaLulzSec again.
     

    GTR3

    Well-known member
  • Oct 21, 2015
    588
    357
    63
    Superb

    ලංකාදීපේ ලිපි ටිකක් ගියා කේජීබී එක ගැන. මාර ගේම් බන් උන් දෙන්නේ. :rolleyes::rolleyes::rolleyes::rolleyes:
     

    osandaja

    Member
    Feb 11, 2008
    360
    324
    0
    Good article

    Good article , Thanks You must spread some Reputation around before giving it to HarshaLulzSec again :sorry::sorry::sorry::sorry:
     

    HarshaLulzSec

    Well-known member
  • Sep 7, 2015
    3,710
    3,239
    113
    Ratnapura
    patta machan tfs..
    Thanks

    Patta machan :)
    Thanks

    Superb
    Thanks

    ලංකාදීපේ ලිපි ටිකක් ගියා කේජීබී එක ගැන. මාර ගේම් බන් උන් දෙන්නේ. :rolleyes::rolleyes::rolleyes::rolleyes:
    දියත ද? අතිරේකයේ නම් සෑහෙන්න වටින දේවල් යනවා.ඒත් හුඟක් ලිපි බලන්න හම්බ වෙලා නෑ බන්.:(

    REP 8+
    Thanks

    Good article , Thanks You must spread some Reputation around before giving it to HarshaLulzSec again :sorry::sorry::sorry::sorry:
    Thanks