චීන දූතයන් ගිය පසු ඉහළ මට්ටමේ ඇමරිකානු නියෝජිතයන් ලංකාවට
එක්සත් ජනපද රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ මහතා මේ මසදී මෙරටට පැමිණීමට නියමිත බව
සන්ඩේ ටයිම්ස් පුවත්පත වාර්තා කරයි.
ඔහුගේ පැමිණීම අපේක්ෂා කරන බව විදේශ අමාත්‍යාංශයේ ලේකම් අද්මිරාල් මහාචාර්ය ජයනාත් කොළඹගේ මහතා ප්‍රකාශ කර ඇත. ජපානය සහ ඕස්ට්‍රේලියාව සමඟ මෙන්ම චීන විරෝධී සන්ධානයක් සඳහා වන යුධ සහයෝගීතා ගිවිසුමක් එක්සත් ජනපදය හා ඉන්දියාව අතරද අත්සන් කිරීමට අපේක්ෂාවෙන් ඔහු එක්සත් ජනපද ආරක්ෂක ලේකම් මාක් එස්පර් සමඟ නවදිල්ලියේ නිල සංචාරයකින් පසුව සති දෙකකින් මෙරටට පැමිණීමට නියමිත බව වෙනත් ආරංචි මාර්ගයක් වාර්තා කර ඇත.
පසුගිය වසරේදී සිදු කිරීමට නියමිතව තිබූ ශ්‍රී ලංකා සංචාරය කල් දැමූ ලේකම් පොම්පියෝ මෙවර ඔක්තෝබර් 27 වනදා මෙරටට පැමිණීමට නියමිතය.
ජෝන් කෙරී මහතා මින් පෙර 2015 වසරේදීදී ශ්‍රී ලංකාවට පැමිණි අවස්ථාවෙන් පසු පසු මෙරට සංචාරය කරන එක්සත් ජනපද කැබිනට් මට්ටමේ ඉහළම තලයක නිලධාරියා මයික් පොම්පියෝ වනු ඇත.