එක්සත් ජාතීන්ගේ අවධානය මහනුවර වෙතට

thinking_guy

Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737
    113
    එක්සත් ජාතීන්ගේ අවධානය මහනුවර වෙතට

    තිළිණි ද සිල්වා

    එක්සත් ජාතීන්ගේ මහලේකම්වරයාගේ දේශපාලන කටයුතු පිළිබඳ ප‍්‍රධානී ජෙෆ්රි ෆෙල්ට්මෑන්
    තෙදින නිල සංචාරයක් සඳහා සිකුරාදා (09) දිවයිනට පැමිණිමට නියමිතය.

    ඔහු මෙම ශ්‍රී ලංකා සංචාරයේදී ජනාධිපති , අගමැති ඇතුළු දේශපාලන නායකයින් රැසක් හමුවී
    සාකච්ඡා පැවැත්වීමටද නියමිත බව එක්සත් ජාතීන්ගේ මහලේකම්වරයා මාධ්‍ය ප‍්‍රකාශක ස්ටෙෆන්
    දුජාරික් නිව්යෝර්ක් හි එක්සත් ජාතීන්ගේ මූලස්ථානයේ ඊයේ (06) පැවති දෛනික මාධ්‍ය හමුවේදී
    අදහස් දක්වමින් සදහන් කර තිබේ.

    එමෙන්ම ඔහුගේ මෙම සංචාරයේදී මේ දිනවල ඇඳිරි නීතිය පනවා තිබෙන මහනුවර ප‍්‍රදේශයේද නිල
    සංචාරයක නිරත වීමට නියමිතය. ශ්‍රී ලංකාවේ මේ දිනවල ඇති වී තිබෙන ගැටළුකාරී තත්ත්වයට
    පෙර දේශපාලන කටයුතු ප‍්‍රධානින්ගේ මෙම සංචාරය සැලසුම් කර තිබූ බවද එක්සත් ජාතීන්ගේ
    මහලේකම්වරයාගේ මාධ්‍ය ප‍්‍රකාශක ස්ටෙෆන් දුජාරික් සඳහන් කර තිබේ.



     

    Mewan_Rose

    Well-known member
  • Aug 14, 2016
    3,651
    570
    113
    කොහොමද සිකුරාදා වෙනකොට මේක ඉවර වෙන විතරක් ඌ දන්නෙ:confused:
     

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    ඔන්න තව අවුලුවන්න එනවා කාලකන්නියෙක්.. මේ බලු ආණ්ඩුවේ වැඩ නිසා ඕනෑම රටට කෙලවන්න එන එකෙක්ට ලේසියෙන්ම ඇතුලට එන්න පුළුවන් :growl:
     

    thinking_guy

    Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737
    113
    කොහොමද සිකුරාදා වෙනකොට මේක ඉවර වෙන විතරක් ඌ දන්නෙ:confused:

    BBC, Times වගේ පත්තර වල හබ්බ කලබල ගැන නිව්ස් එක වාර්තා කරද්දි අන්තිමට
    කියල තියෙනව ලංකාව කලින් උන මානව හිමිකම් කඩකිරීම් ගැන සෙවීම හරියට ක්‍රියාත්මක
    උනේ නෑ කියල. ලංකාවෙ දැන් තියෙන තත්වෙ අනුව ලේසියෙන් ජාත්‍යන්තර අධිකරණයක් දාන්න
    හම්බවෙන්නෙ නෑ. මේ කේස් ඒකෙන් නිකන්ම ඒකට පාර කැපෙනව.
    මේක මිස්ට ක්ලීන්ගෙ ෆයිනල් මිෂන් එකද දන්නෙ නෑ.
     
    Last edited: