එකෝමත් එක ආදරයක්

Status
Not open for further replies.

Absolute Zero

Well-known member
  • Mar 31, 2015
    13,315
    1
    16,929
    113
    −273.15°C
    ඊලග කොටසත් ඉක්මනට දාන්ඩෝ...:D

    Boy-Loves-Girl.jpg
     
    Last edited:

    Bathiya2005

    Member
    Oct 10, 2016
    808
    136
    0

    7 කොටස

    දැන් දැන් පුර්ණි නංගි ඉරිදාද පංති ඇරී එන්නේ පුවත්පත් ඒජන්සියටය. ඉරිදා එක් පංතියක් ඇරි පුවත් පත් ඒජන්සියට විත් පැයක පමණ විරාමයෙන් පසුව තිබෙන මීළග පංතියට සහභාගි වීමට පිටත්ව යන්නීය. එම දෙවැනි පංතිය ද නිමවී නැවත පුවත්පත් ඒජන්සියට එන්නීය. එතැන් පටන් තරමක් වෙලා පත්තර කඩයේ මාගේ වැඩටද උදව් කරන ඈ ඉතාම කඩිසරය. සෙනසුරාදා දිනයේ නම් ඇයට පංති තිබුනේ සවසය. එම පංතිය නිම වෙන විට සවස 6 පමණ වෙයි. එබැවින් මම කඩය වසා ඇයවද ගෙදර ඇරලාගෙන මාද ගෙදර යන්නේය.

    පුර්ණි නංගිගේ ගතිගුණ ගැන යමක් නොපවසා බැරිය. ඇය බොහෝ චාම් තැනැත්තියකි. බොහෝ විට අදින්නේ ලමා සාරියේ මෙන් ඉහළ වෙනමම රැලි සහිත කොටසක් ඇති චාම් ගව්ම්ය. එසේ නැත්නම් සාමාන්‍ය දිග ගව්ම් අදී. කලිසම් ටී ෂර්ට් ඇය ඇන්දේම නැත. අතේ ඇත්තේ කළු පටි සහිත ඔරලෝසුවක් පමණි. මුහුණ මේකප් අතුරා විරුප කර නැත. සැබැවින්ම ඇගේ සෙදුරු වතට මේකප් අවශයද නැත. ඇගේ මෙම සෑම ලක්ෂණයකටම මා ඉතා ඇලුම් කරන බව නම් අමුතුවෙන් කිව යුතු නැ. කුඩා කළ පටන් ඇය එසේය. නමුත් කෙදිනක වත් මම ඇයගේ දැනුම මිස රූපය වර්ණනා කර නැත. ඊට හේතුව මම ඇය දෙස ඔනවට වඩා බලන්නේ යැයි ඒත්තු ගැන්වීම නොකළ යුතු නිසාවෙනි. සත්‍ය වශයෙන්ම මම ඇය දෙස ඕනවට වඩා බලන්නේ නැත. මා කියු සියලු වර්ණනාවන් ඈ වරක් හෝ දුටු ඕනෑම අයෙකුට සිතෙන දේ මිස වෙනත් දෙයක් නොවේ.

    ''ඇහල මල් ‍පිපෙනා දෙවැට දිගේ නුඹ පියමැන්නා
    පුන් පෝය දාක සඳ විලසින් මුහුණ පෙනෙන්නා
    ඈත මෑත කොතැනක හෝ කවුරුත් නොයෙනා
    වැට ළඟ හිඳිමින් මං එබී බලන්නම්.

    වත්සුණු තැවරූ ගත මට අගේ නොවෙන්නා
    වනේ පිපුණු මලක් ලෙසට සුවඳ හමන්නා.. ''


    මට දැන් ඇය පුවත්පත් ඒජන්සියට එන තුරු ඉවසිලලක් නැත. ඇයව නොදැක ඉන්නට මට බැරිය. සිත නිතරම ඉල්ලන්නේ ඇයවය දැකුමය. උදෑසන සිට මා ඔරලෝසුව දෙස බලමින් සිටින්නේ පාසල නිමවී ඈ එන තුරුය. එසේ සිටිනා විට ඉද හිට දිනක ඇය පැමිණෙන්නේ නැත. එසේ වන්නේ ඇතැම් දිනවල ඈ පාසල් නොයාමය නිසාය. එනමුදු එය දැන් දැන් මට දරා ගන්නට බැරි තරම් පාළුවක් වෙමින් තිබේ.

    එවැනි විටක ඒ බව මට කලින් දැන ගන්නට නොලැබෙන්නේ ඇයගේ නිවසේ දුරකතනයක් නොවූ බැවිනි. එදවස මේ තරම් ජංගම දුරකථන ප්‍රචලිත නැත. බොහෝ තරුණ තරුණියන් අත සාමාන්‍ය ජංගම දුරකතන තිබුනද ඇයගේ අත හො ඇයගේ නිවසේ ජංගම දුරකතනයක් ද නැ. අවශය පණිවිඩ දෙන්නේ අල්ලපු ගෙදර දුරකතනයෙනි. මීට දශකයකට පමණ පෙර ලංකාවේ බොහෝ නිවෙස්වල තත්වය මෙය බැව් අමුතුවෙන් කිව යුතු නැත. ඇයගේ පියා දුර බැහැර පෙදෙසක ආණ්ඩුවේ රැකියාවක් කරන අතර ඔහු පවා අවශ්‍ය පණිවිඩ දුන්නේ අසල් වැසි නිවසකටය.

    ඇය සතුව ජංගම දුරකතනයක් තිබුනේ නම් කෙතරම් අගනේදැයි මට සිදුන වාර අනන්තය. නමුත් එවැන්නක් මට අරන් දෙන්නට බැරිය. ඊට හේතුව මුදල් ප්‍රශ්නයක් නොවේ. අයියා මට හොදට පඩි ගෙවන්නේය. නමුත් එසේ ජංගම දුරකතනයක් අරන් දෙන්නට ගියහොත් එසේ කරන්නේ ඇයිදැයි ඇයටද සිතෙන්නට පුළුවන. මන්ද ඇය මාගේ පෙම්වතිය නොවන නිසාය. එමෙන්ම ලොකු අම්මා මා වෙත තබා තිබෙන විස්වාසය වුවද එයින් පළුදු වන්නට බැරිනැත. මේ හේතුව නිසා එවැන්නක් අරන් දෙන්නට මා සිතුවේ නැත.

    ඒ වෙනුවට මා විසින් ඇයගේ නිවසේ ජංගම දුරකතනයක් තිබීමේ අවශ්‍යතාවය ඒත්තු ගැන්වීය. විශේෂයෙන් මට :P සහ ඇගේ පියාට පණිවිඩයක් දීමට එවැන්නක් තිබෙන්නේ නම් කොතරම් ප්‍රයෝජනවත්ද යන්න මා පැහැදිලි කර සිටියෙමු‍. කෙසේ වෙතත් මාගේ එම උත්සාහය මල්ඵල ගන්වමින් ඇගේ මව ජංගම දුරකථනයක් මිළදි ගත් බවට වන පුවත අසන්නට වැඩි කාළයක් ගත වූයේ නැත. එපමණක් නොව එම ජංගම දුරකතනයෙන් මුල්ම ඇමතුම ගත්තේද මාගේ 6600 ජංගම දුරකතනයටය.

    දුරකතනයක් මිළදි ගැනීම මට මහත් අස්වැසිල්ලකි. දැන් ඇය යම් දිනක පැමිණෙන්නේ නැත්නම් මට කෙටි පණිවිඩයක් හෝ එවන්නීය.

    මේලෙස දිනෙන් දින සාමාන්‍ය අයුරින් කාළය ගත වෙමින් කැළැන්ඩරයේ පිටුවෙන් පිටුව ඉරෙයි. එසේ විත් එළඹෙන්නේ මැයි මාසයයි. තවත් කෙලියකි. මේ මගුල් මාසයේ අපගේ එජන්සියේ බොසා නොහොත් පරිගණක උපාංග අලෙවි සැලේ හිමිකාර මාගේ මිතුරාගේ අයියා බදින්නට සැරසෙයි. බදිනව නම් බැරියෑ අයියා බදින්නට යන්නේ පොළොන්නරුවෙන්ය. දැන් ඉතිං පොළොන්නරු යන්නට වන්නේය. යෑම පමණක් නම් කළ හැකිය. නමුත් විස්තරයේ හැටියට පොළොන්නරුවේ දින 4 ක් වත් තපින්නට සිදුවෙනු නොඅනුමානය. එක් දිනක් නම් යන දිනය. දෙවැනි දිනය එහෙ සිටින්නට වෙයි. 3 වැනි දිනයේ අයියා බදී. එන්නට වෙන්නේ 4 වැනි දිනයේය. කැරුමෙට තවත් දිනයක් වැඩිවෙන්නට බැරි නැත. අයියා එන්නට කියූ විට බෑ කියන්නටද බැරිය. දැන් මම යා යුතුම වෙයි.

    එපමණක් නොව මට අසනීප වෙන්නටද බැරිය. අයියාගේ දෙවනි මනාලයා මමය. මුල් ඇදුම හිරකරගෙන තොප්පි දමාගෙන කෙසේ හෝ සිටිය හැකිය. නමුත් මා කෙසේද පොළොන්නරු ගොසින් දින හරතක් පමණ සිටින්නේ යන්න සිහිවෙන විට දෙලොව රත්වෙයි. රත්වන්නේ වෙන කිසිවක් නිසා නොව පුර්ණි නංගි දකින්නේ නැතිව මට ඉන්නට බැරි නිසාය.

    කුමක් කරම්ද මා. ඇතිව ඇත්තේ කිරිහින්දා විසි කරන්නත් බෑ උණු හින්දා බොන්නත් බැරි කේස් එකකි. නොයත් බැරිය, ගියොත්ද බැරිය. කෙසේ නමුත් මේගැන පුර්ණි නංගි ගේ අදහස වූයේ මට පරිස්සමෙන් ගිහින් එන්න කියාය. සැමදා උදේ හවස කෝල් කරන ලෙසද, නැවත පැමිණි පසු මුල් ඇදුම සහිත ඡායාරූපයක් ඇයට දෙන ලෙසද ඇයගේ වූ අහින්සක ඉල්ලිම් අතර තිබුණි.


    මතු සම්බන්ධයි...
    8 කොටසක් 34 පිටුවේය.
    http://www.elakiri.com/forum/showthread.php?t=1766213&page=34
     
    Last edited:
    • Like
    Reactions: Sachira123 and xxc

    Bathiya2005

    Member
    Oct 10, 2016
    808
    136
    0
    apoi. thava kellak adama daapan

    :sorry: අද නම් බැරිවෙයි මචන්. රෑට කතාව ලියන්න තරම් වෙලාවක් නෑ. හොට, අද දවල් කතාව දාපු වෙලාවට හරි ඊට කලින් හරි අනිවාර්යෙන් දාන්නම්.
     

    senewimala1988

    Well-known member
  • Dec 5, 2007
    7,828
    2,665
    113
    Kadawatha, Sri Lanka
    :sorry: අද නම් බැරිවෙයි මචන්. රෑට කතාව ලියන්න තරම් වෙලාවක් නෑ. හොට, අද දවල් කතාව දාපු වෙලාවට හරි ඊට කලින් හරි අනිවාර්යෙන් දාන්නම්.
    :sorry::sorry::sorry::sorry:
     

    BlizZ

    Member
    Oct 6, 2015
    319
    30
    0
    එන්න එන්න කතාව ලස්සන වෙනවා. :love::love:
    හෙට හවස් වෙනකං ඉන්න බැරියෝ.. ඉක්මනින් ඉතුරු ටිකත් දාන්න..

    එක දවසක් නිවාඩු දාල මුළු ඔක්කොම කතාව ලියල වේල් තුනට 1 බැගින් දාන්න බැරිද? :baffled::P:baffled::P
     
    Status
    Not open for further replies.