එකෝමත් එක ආදරයක්

Status
Not open for further replies.

AGSUPUN

Well-known member
  • Dec 29, 2008
    2,835
    433
    83
    Malabe
    :D හපොයි උඹලා හරි දරුණුය. දැන් මා මේ කතාව ලියමින් සිටී. හැකි ඉක්මනින් කොටසක් අවසන් කොට දෙන්නට පොරාන්දු වෙමි.

    hurry up brooooooooooooooooooooooo.............:baffled:
     

    Bathiya2005

    Member
    Oct 10, 2016
    808
    136
    0
    hurry up brooooooooooooooooooooooo.............:baffled:
    :D:D:D:D
    උදේම ආව අපිත් ඔන්න.. දාපන් දාපන්.. එක කොටසකින් ඉවර කරන්න ද හිතන් ඉන්නේ? :dull::dull:
    නෑ මචං 1 කොටසකින් ඉවර නෑ. කොටස් දෙකක් හරි තුනක් හරි තියනවා. දැන් එක කොටසක 75% ක් විතර ලියලා ඉවරයි.
     

    ksndhr

    Well-known member
  • Feb 22, 2011
    1,185
    165
    63
    එළ මචෝ... අදින් ඉවරද බන් කතාව... :(
     

    thushiq64

    Well-known member
  • Apr 24, 2012
    1,102
    273
    83
    uae
    giphy.gif


    තාම නෑ
     

    Bathiya2005

    Member
    Oct 10, 2016
    808
    136
    0
    12 කොටස

    ඇය නැවතත් පාසල් යන්නේ මීළග සදුදාය. අසනීප ගතිය හොද වුවද ඇගට ඇති අපහසුතාවය නිසා සති අන්තයේ තිබෙන පංති සදහාද ඇය සහභාගී නොව්නි. එබැවින් ඇය දැකුමට මට ඉවසාගෙන සිටිය යුතු විය. සුපුරුදු පරිදි පාසල නිමවී පුවත්පත් ඒජන්සියට පැමිනෙන්නේ ඇයයි. දැන් නම් අසනිප ගතිය හොදටම සුව අතට හැරී ඇති බව ඇගේ මුහුනෙන් කිව හැකිය. කෑම එක දිගහරිනවාත් සමගම දැන් කොහොමදැයි විමසමින් මා ඇයගේ මුහුන අතගෑවේය.

    මගේ අත, අත් දෙකෙන්ම අල්ලාගත් ඈ මා නිසා ඇයට දැන් හොදබව පවසන්නීය. මම සිනාසෙමින් කිව්වේ හොද කලේ මා නොවන බවත් වෛද්‍ය වරයා බවත්ය. කතාවෙන් කතාවෙන් අප කෑම එකක් කා අවසන් විය. එහෙත් වෙනදා මෙන් නොව අද දෙවැනි කෑම එකට වග කියන්නට බැරියැයි ඇය කියා සිටී. එය මට කවන්න දැයි ඇය විමසයි. එහෙත් මටද අද ඉන් කොටසක් හෝ කන්නට පිරියක් නැත. එබැවින් අප එය දිගහරින්නේද නැතිව එසේම තැබුවේය. ඉදුල් නොකර තැබීමෙන් එය පුවත්පත් ඒජන්සිය ඉදිරිපසින් යන යාචකයෙකුට දෙන්නට පුළුවන.

    වෙනදාට වැඩියෙන් ඇය සමග දොඩමලු වීමට ඇති අවශ්‍යතාවය මා සිත තුළ විය. ඇයගෙන් ඇසිය යුතු ප්‍රශ්න කීපයක්ම මට ඇත. ඇයනම් පාඩම් කරන්නට ලෑස්ති වී මේසය අස්කරගෙන එතැන හිදගනය. මා ඊට අඩි කීපයක් මෑතින් පිහිටි කබඩ් එක අසල සිටී. මා ඇයගෙන් විමසුව පළමු පැනය නම් දැන් ඔබ කැම්පස් ගිය පසු ද මා බලන්න එන්නේද යන්නය. ඇය එක්වරම කියා සිටියේ 'අනේ අයියේ ඔයාව බලන්නේ නැතිව මම ඉන්නේ කොහොමද' යන්නය. එය කියනවාත් සමගම ඇය අසුනෙන් නැගිට විත් මා වැළදගත්තේය. මගේ දෑත් ද ඇගේ බද වටා ගියේ නොදැනීමය. මොහොතක් එසේ තුරුලු වී සිටි ඈන් 'ඔච්චර හිතන්න එපා' යැයි මගේ මුහුන අතගාමින් පවසා නැවතත් අසුනට ගොස් හිද ගත්තේය.

    ඒ සමග මා අසන්නට සිටි අනෙක් ප්‍රශ්න ලොප් කර ගන්නට මට හැකි විය. ඒවා වූයේ කෙදිනක හෝ මගෙන් දුරස්වි සිටින්නට වුවහොත් මසකට වරක් හෝ මා බලන්නට එන්නේදැයි කියාය. අනෙක් ප්‍රශ්නය නම් කව්රුන් හෝ මා සමග කතා කරන්නට එපා යැයි පැවසුවහොත් කුමක් කරන්නේද යන්නය. නමුත් එම ප්‍රශ්න මා ඇයගෙන් කිසි දින ඇසුවේ නැත.

    පෙර සංවාදයෙන් පසුව ඇය කියන්නේ පුදුම කතාවකි. A/L වලින් කැම්පස් යන තරමට රිසාල්ට් තිබුනද ඇය කැම්පස් යන්නේ නැතිලු. මා ඈ හට කියා සිටියේ එසේ නොකරන ලෙසත්, කැම්පස් යන්නට ඇත්නම් එය කෙතරම් භාග්‍යක්ද යන්නත්ය. කෙසේ නමුත් ඇය කැම්පස් ගියහොත් අප දෙදෙනාගේ සමාජ තල දෙක වෙනස් වෙන බවට, මගේ සිත තුළ බියක් නොතිබුනාම නොවේ. නමුත් ඈ මෙතරම් මහන්සි වෙන්නේ A/L ප්‍රතිඵල හොද කරගෙන කැම්පස් යැමේ අරමුන ඇතිවය. එසේ නම් ඇගේ එම අරමුණට අවශ්‍ය දිරිය දීම මගේ යුතුකමය. එබැවින් මා ඇයව දිරිමත් කරන්නට කැම්පස් යෑමේ ප්‍රතිලාභ රැසක් කියා සිටියේය.

    එහෙත් ඇය කියන්නේ ඈ හට කැම්පස් රැග් වළට මුහුන දෙන්නට බැරි බවත්, හොස්ටල් වල සිටින්නට බැරි බවත්ය. දැනටමත් ඒ බව මවට පවසා ඇය මේ සම්බන්ධයෙන් මවද කැමති කරවාගෙන ඇති බව පවසන්නිය. එබැවින් ඇයට කැම්පස් යන්නේ නැතිව ඉන්නට තව අවශ්‍ය වෙන්නේ මගේ කැමැත්ත පමණක් බව ඈ කියන්නීය. රැග් ගැන නම් මා සිත තුළද බියක් වෙයි. එබැවින් මා ඇය ලගට ගොස් හිස අතගාමින් කියා සිටියේ ඔබට කැමැත්තක් කරන ලෙසය. ඔබේ කැමැත්ත සැමදා මගේ කැමැත්තද වෙන බව මා ඇයට කියා සිටියේය.

    තව සුලු මොහොතක් මා ඇය අසල රැදී සිටී. ඈ පවසන්නේ 'මගෙ අයියා නැතිව' මට දුර ගොස් සිටින්නට නොහැකි බවය. මා විසින් පෙරලා, මටද එසේ යැයි පවසා සිටියේ සතුට පිරුණු සිතින්ය. මෙසේ අදාරයෙන් පිරුණු තත්පර, විනාඩි, පැය පමණක් නොව දින, සති, මාසද ගෙවි ගියේ ආලෝකයේ වේගයෙන් යැයි සිතේ.

    නමුත් කිසිම තැනක සිතෙහි ඇතිවූ ආදරය වචන වලට නම් පෙරළුනේ නැත. මා ඇයට ආලය කරන බවට හෝ ඇය මට ආලය කරන බවට කිසිදු දිනක කියා නැත. එබැවින් අපගේ බැදීම ඉතා දැඩි මිත්‍රත්වයක් සමග ඇතිවූ සහෝදර බැදීමක් වෙන්නට බැරිද. ලව් කරනවා යැයි පවසන කොල්ලන්ට කෙල්ලන්ට දැනෙන්නේ කුමක්ද? උන්ට මේ අපට දැනෙන හැගීමට වඩා වෙනස් හැගිමක් දැනෙන්නේද? වැනි ප්‍රශ්න රාශියක් කිසිදා ආදරසම්බන්ධයක් ඇති කරගෙන නැති මට දැන් තිබේ. ඇයටද එවැනි ප්‍රශ්න ආවාද, නැද්ද යන්න කියා කීමට මම දන්නේ නැත.

    මෙසේ කල් ගතවී A/L විභාගයේ පළමු පේපර් එක ඇති දින හිරු හිනැහින. අද සවස විභාගය ලියා විස්තර කිමට ඈ එනවා නොඅනුමානය. උදෑසන සුපුරුදු රාජකාරි ආරම්භ කළ මා හට සවස ඇය විත් පේපර් එකෙහි විස්තර කියනු මැවී පෙනෙයි. ගතවූයේ සුලු මොහොතකි. මෙන්න ඇය උදෑසනම පුවත්පත් ඒජන්සියට එන්නීය. ඇය දුටු සැනින් මා විභාගයට සුභ පැතුවේය. ඇය පැමිණ ඇත්තේ විභාගයට මගෙන් ආශිර්වාද ගන්නටැයි කියන්නීය. එසේ කියූ ඈ මාවෙත පැමිණ මගේ දෙපා නමැද සිටියේය.

    ඒ මොහොතේ මා බොහෝසෙයින් හැගිම් බර වූවා ය. මා විසින්, නැවත සිටගත් ඇයගේ මෘදු නලලට හාදුවක් දුන්නේ නොදැනිමය. එවිට ඇය විසින් මගේ මුහුන අතගා කම්මුලට හාදුවක් දී සිටියේය. සැබැවින් මෙය හැගීම් බරය. එසේ වූවේ ජීවිතේ පළමු වරටය. එම හැගීම බොහෝ ආදර බර බව නම් අමුතුවෙන් කිව යුතු නොවේ. සුලු මොහොතක් ගත විය. විභාගයට ප්‍රමාද වෙන්නට බැරිය. එබැවින් ඇයව වහාම පිටත් කර යැවිමට මා ඉක්මන් විය.

    මෙලෙස දිනෙන් දින ගතවි විභාගයද අවසන් විය. එය අවසන් වූවාට වඩා අවසන් නොව්නානම් හොදය. ඊට හේතුව දැන් ඇයට නිතරම පුවත්පත් ඒජන්සියට පැමිනෙන්ට බැරි වීමය. එහෙත් දවසට 1 කෝල් එකක් වත් දීම නම් වැරදුනේ නැත. එස්එම්එස් 10 ක් වත් දවසට හුවමාරු විය. දැන් සතියට දින දෙකක් ඈ පරිගණක පංති යන්නීය. ඒ දින දෙක තුළදි ඇය, මා බලන්නට එන්නිය. ඉංග්‍රිසි ක්ලාස් එකකටත් යා යුතු බව ඈ පවසා සිටී. එය නම් බොහෝ අගේ ඇති අදහසකි එවිට තවත් දිනක් හෝ දෙකක් මට ඇය දකින්නට හැකිවෙයි.

    මේ අතරවාරයේ නිමාෂා ද විභාගය ලියන්නට ඇතැයි මට නිකමට සිත්විය. බොහෝ කළකින් ඇයව දුටුවේ නැත. කෙසේ වෙතත් ඇයව දැක ගන්නට මට ලොකු අවශ්‍යතාවයක්ද නැත. නමුත් එක් දිනක් සවස වැඩ ඇරී යනවිට මට ඇයව මුන ගැසෙයි. ඒ වෙළදසැලක බඩු මිලදි ගමින් සිටින විටය. ඇය සමග සුලු මොහොතක් කතාකරමින් හුන් මා එතැනින් නික්මුනේ සිත යට ඇතිවූ කුමක්දෝ සතුටක්ද සමගය.

    කාළය මෙසේ ගතවි යයි. දිනක් මා පුර්ණීව ඇරලීමට ඇගේ නිවස අසලට ගියේය. ඇගේ මව වත්ත අතුගාමින් සිටී. එහෙත් මා දුටු ඈ වෙනදා මෙන් ලොකු පුතේ යැයි පවසා මා අසලට ආවේ නැත. දුටුවා නුදුටුවා ගානින් ඇය හැරී ගියේය. මෙය මගේ සිතට මහත් ප්‍රශ්නයකි. එම අලුත් ප්‍රශ්නයද හිසමත පටවාගත් මා නිවස බලා පිටත් වුනේ වෙනදා මෙන් සතුටෙන් නොවන බව නම් කිව යුතුය.

    මතු සම්බන්ධයි!
    අවසන් කොටස 59 පිටුවේය.
    http://www.elakiri.com/forum/showthread.php?t=1766213&page=59



    ත්‍රෙඩ් එක bump කිරීමෙන් හෝ උදව් කරන සැමට මාගේ හද පිරි ස්තූතිය පුදමි.
    එය ලියන මාහට ශක්තියක් වන්නේමය.
     
    Last edited:

    Bathiya2005

    Member
    Oct 10, 2016
    808
    136
    0
    giphy.gif

    තාම නෑ
    :D:D:D ඔන්න දැම්මෝ.....
    IKMANATA DAAAAPN :yes::yes:
    :D:D:D ඔන්න දැම්මෝ.....
    Waiting....
    :D:D:D ඔන්න දැම්මෝ.....
    ikmnta dapankoo bn.. padam karannath thiyenwa :sorry:

    :D:D:D ඔන්න දැම්මෝ. මේක බලලා ගිහින් පාඩම් කරපියෝ....
    ආයි හවස අවසන් කොටස බලන්න එන්න.
     
    • Like
    Reactions: King_cobra
    Status
    Not open for further replies.