එකෝමත් එක ආදරයක්

Status
Not open for further replies.

BlizZ

Member
Oct 6, 2015
319
30
0
අය්යෝ කතාව අදින් ඉවරද එතකොට?:(
ගොඩාක් කාලෙකට පස්සේ කියවපු ලස්සන කතාවක්.
ඔයාට උනු ඇත්ත සිද්ධියක් හින්දයි, මුළු හදවතින්ම දැනුනු ඇත්තම ආදරයක් හින්දයි වෙන්න ඇති මේ කතාව මෙච්චර ලස්සනට ලියන්න පුළුවන් උනේ.
අනිත් එක art නොකරට හරිම ලස්සනට දැනෙන්නේ ලියල තියනවා. ඉස්සරහටත් මේ වගේ කෙටි කතා ලිව්වනන් හරි.:)
 

LizzyB

Member
Aug 18, 2014
107
17
0
Live in Dreamland
හරිම ලස්සනයි බන්. ඊලග කොටසත් ඉක්මනින් දාපන්.

ගොඩක් අය කතාව හොදයි කියල කියල තියනවා. එත් මේ සිද්ධිය දැන් වෙන එකක්නන්. හදිස්සියෙවත් උඹ thread එකක් දාල මේකේ ඉන්න එවුන්ගේනන් ඇහුවනන් නෑන ගැන හිතක් තියනවා කියන්නද එපාද කියල, බලාගන්න තිබ්බ අපේ අය්යල ටික දෙන advice. :P:lol:
 

ksndhr

Well-known member
  • Feb 22, 2011
    1,185
    165
    63
    දැන් අග කොටස ටයිප් කරන්නේ මචං.

    11.gif
     

    Bathiya2005

    Member
    Oct 10, 2016
    808
    136
    0
    අවසන් කොටස

    ඇයගේ මව මා සමග දැන් වැඩිය කතා නොකළ කාරණය, මා සිතින් මවාගත්තක් නොවන බව සපත උනේ තවත් දිනක ඇය දුටු විටය. සැබැවින්ම ඇයගේ මවට දැන් මා නුරුස්සන අයෙකු වී ඇත. මෙසේ වෙන්නට හේතුව අප දෙදෙනා අතර ඇති ඇගෑලුම්කම විය යුතුය. වෙනනම් මා අතින් කිසිදු වරදක් නොවුන බව මා හොදාකාරව දනි. මෙය මට මහත් වේදනාවකි. නමුත් ඒ බව පූර්ණිගෙන් අසන්නටද බැරිය. මන්දයත් එය අසන්නට ගියෝතින්, මම ඇගේ අම්මා පිළිබදව වැරදි වැටහීමක් ඇති කරගෙන ඇතැයි සිතීමට බැරි නැත. එවැන්නක් ඈ සිතුවහොත් මවට දැඩිසේ ආදරය කරන ඇයට මාව පිළිකුල් වෙන්නටද බැරි නැත.

    නමුත් දිනක් ඇය පරිගණක පංතියට යන්නේ නැතිව කලින්ම පුවත්පත් ඒජන්සියට පැමිණියේය. දුටු සැසින් ඇගේ මුහුනේ සිනහවක් නැත. හඩන්න ලංව ඇතිසේයාවක් මුහුනෙන් දිස්වේ. ඇතුලේ කාමරයට ගිය ඇය, එක්වරම 'අපේ අම්මා අයියත් එක්ක දැන් වැඩිය කතා කරන්නේ නෑ නේද' යන්න විමසුවේය. ඇය එය අසූ සැනින් මාද පෙරලා පැවසුවේ 'ඇයි ද දන්නෙ නෑ නංගි මටත් මේක දැනුනා මම ඔයාට කිව්වෙ නෑ' යනුවෙනි. එකෙනෙහිම ඇය හඩන්නට ගත්තේය. ඇය හඩනවා බලාගෙන සිටින්නට තරම් ශක්තියක් මට නැත. මා ක්ෂණිකව ඇය අසලට ගොස් ඇයගේ හිස අත ගාමින් ඇයව සනසන්නට වදන් කීහ. ඇගේ මව මොන ආකාරයෙන් සිටියද, මට බැන්නද මම ඇගේ මව සමග තරහක් ඇති කර ගන්නේ නැතැයි මා ඇයට කියා සිටියේය. දිගින් දිගටම හඩන ඇයගේ දෑස් දැක මගේ ඇස්වලින්ද කදුලු වැටුනේ නිරායාසයෙන්මය. මා ලේසියෙන් හඩන අයෙකු නොවෙයි. කලින් වතාවේ නිමාෂා ගෙන් ඇතිවූ දැඩි පීඩන හමුවේද මා රහසින් වත් හැඩුවේ නැත. කොටින්ම කියනවා නම් 7 වසරේදී අපගේ සීයා මිය ගිය සොවින්, රහසින් හැඩූ පසු මා නැවත හැඩුවේ නැත. එහෙත් අද මට ඇයගේ කදුළු දැක ඈ ඉදිරිපිටම හැඩෙයි.

    ඇය හඩමින් පැවසුවේ මා අපේක්ෂා කළ දෙයයි. ඇය සමග මම යම් සම්බන්ධයක් ඇතැයි කියා ඇගේ මවගේ සිත තුළ සැකයක් ඇතිවී තිබේලු. එබැවින් මව පූර්ණි සමග මට දොස් පවරා ඇත්තේ එවැන්නකට ඇය අකමැති බව පවසමිනි. එය භාතිය අයියාට කියනා ලෙසද මව පවසා තිබේ. ඈ එය පවසන්නේ ඉකි ගසමින්ය. ඈ මවට බොහෝ සේ ආදරය කරන බව මා දනිමි. ඇතිව තිබෙන්නේ මහත් ගැටලුවකි. ඒ අතරේ පූර්ණි පවසන්නේ අප අතර එවැනි සම්බන්ධයක් නැතුවද මව එලෙසින් සිතන්නේ ඇයිදැයි කියාය. ඒ කියන්නේ අප අතර තිබුනු බැදීම එවැන්නක් නොවිය යුතුය. මම මටම සිතින් කියා ගත්තේය.

    මා විසින් ඇය සැනසීමේ අටියෙන් කියා සිටියේ 'හඩන්න එපා නංගි අම්මට කවදහරි තේ්රෙයි යන්නය' සැබැවින්ම එය සිතා මතා කීවක් නොවේ. මට ඇයගේ ඇඩිල්ල කෙසේ හෝ නතර කළ යුතු වූ බැවින් කියවුනකි. නමුත් ඇගේ හැඩීම පාළනය වන්නට පැය භාගයක් හෝ ඊට වැඩි කාළයක් යන්නට ඇත. එතෙක් මා ඇගේ ඇඩිම පාළනය කර ගන්නට මොනවා කිව්වාදැයි මට මතක නැත. නමුත් මා නොනවත්වා මොන මොනවාදෝ කිවා බව නම් මතකය.

    ඇතිවි තිබෙන තත්වය පිටින් පෙනෙනවාට වඩා බරපතලය. :( ඇගේ මව ඈ හට පුවත්පත් ඒජන්සියට යෑම නතරක කරන ලෙස තරවටු කර ඇත. ඉංග්‍රීසි පංති සහ පරිගනක පංතිද ඔය ගියා ඇති යැයි ඇය පවසා තිබේ. එසේ නම් ඉදිරියේදී ඇයට පුවත්පත් ඒජන්සියට එන්නට නොහැකි වෙනු ඇත. ඇය නොමැතිව මම පුවත්පත් ඒජන්සියේ ඉන්නේ කෙසේද? මේ බිත්තු පුරා ඇත්තේ අප අතර හුවමාරු වුන සෙනේබර වදන් වල දෝංකාරයයි. මේ බිත්ති මේ මේසය මේ පුටුව ඇය ස්පර්ශකල දේවල්ය. ඇය නැතිව ඒවා දෙස මා බලන්නේ කෙසේද? :( මෙය මට පහසුවෙන් තබා අපහසුවෙන් වත් දරාගත හැකි දෙයක් නම් නොවේ. මගේ දැතම වෙව්ලයි. සිටගෙන සිටියද කකුල් වාරු නැතිමෙන් මට දැනෙයි.

    කෙසේ හෝ එන තත්වයකට මුහුනදෙන්නේයැයි සිතා ප්‍රතිඵල බලන්නට පැමිණි දිනයේ හෝ මා බලන්නට එනමෙන් ඇගෙන් ඉල්ලා සිටියේය. එමෙන්ම හැකි තරම් මට එස්එම්එස් පණිවුඩ එවන ලෙසද එසේ බැරිනම් පැය කීපයකට වරක් මිස්කෝල් එකක් හෝ මට දෙන ලෙසද මා ඇයගෙන් ඉල්ලා සිටියේ බැගැපත් හඩිනි.

    තවත් දෙයකි වෙනදා මෙන් ඇයව ඇරලන්නට අද මට එන්නට එපාලු. :( පරිගණක පංතිය නිමවෙන වේලාවට තනිව එන්න යැයි මව පවසා තිබේ. එවිට මව ඇය එක්කරගෙන යෑමට හංදියට පැමිණ සිටින බවත් ඇයට කියා තිබේ. එනම් ව්‍යංගඅර්තයෙන්ද කියා ඇත්තේ අද වත් පුවත්පත් ඒජන්සියට යන්නේ නැතිව ගෙදර එන්න කියාත්, එමෙන්ම මාසමග නොඑන ලෙසත්ය. එහෙත් මෙම තත්වය යටතේ මට ඇයව තනියම යවන්ට බැරිය. ඇය හොදටම හඩා ඇස්ද රතු කරගෙන ඇත. එබැවින් පරිගණක පංති නිම වෙන වේලාව මදක් පහු වෙන්නට හැර ඇයට මුහුණ සොදො ගන්නට දෙන ලදි. පසුව ත්‍රීරෝද රතයකින් ඇය සමග පිටත් වූනෙමි. නමුත් හන්දියටම ත්‍රීරෝද රතයෙන් යන්නට බැරිය. ඇයගේ මව හන්දියේ සිටිනු ඇත. එබැවින් හන්දිය පෙනෙන නොපෙනෙන මානයට ත්‍රීරෝද රතයෙන් පැමිණ, එතැන සිට ඇයව තනියම පිටත් කර හැරියාය. පිටත් කර හැරියා පමණක් නොව ඇය යන දෙසද බලා සිටියේ බොහෝ වේදනාවෙන්ය.

    හෙනගසන්නාක් මෙන් මේ ඇතිවූ තත්වය එක්වරම ඇති වූයේ කෙසේද? එය ඇගේ මවගේ හිත තුළ කාළයක් පුරා දළුලා වැඩුනු දෙයක් විය යුතුය. ඇය විභාගය ලියා මාස කීපයක් ගත වෙන තුරු ඈ ඉවසා සිටියා විය හැකිය. එසේ ඉවසා සිටිනා කාළය තුළ අප ගැන සොයාබැලුවාද විය හැකිය. එමෙන්ම අනෙක් ඥාතීන් අප ගැන යම් යම් දේ ඇයට පවසා ඇගේ හිතේ තිබුනු සැකයට වැඩෙන්නට අවශ්‍ය පොරහොර, ජලය දැම්මා විය හැකිය. කෙසේ නමුත් දැන් ප්‍රශ්නය ඉතා බැරෑරුම්ය. මම ඇය සමග ඇති කිට්ටු වන්ත ඇසුර මගේ මවද දනී. නමුත් ඇගේ සිත තුළ නම් එවන් සැකයක් නොතිබෙන්නට පුළුවන. තිබුනද මගේ කැමැත්තට සැමදා ඉඩ දෙන ඇය මෙවැනි දෙයකට විරුද්ධ වෙන්නේ නැති බව මා දනිමි.

    මෙලෙසින් සොවින් බරව දිනෙන් දින ගතව ගියේය. උ/පෙළ ප්‍රතිඵල අන්තර්ජාලයට දමා ඇති බව දැනගන්නට ලැබිණ. මම හනිකට ඇගේ විභාග අංකය ඇතුළු කර ප්‍රතිඵල පිරික්සීමි. ප්‍රතිඵල නම් ඉතා හොදය. ඉසෙඩ් අගය මත කැම්පස් සිලෙක්ට් වෙන්නටද වරම් තිබෙන්නට පුළුවන. මා දෙවරක් නොසිතා ඇයට සුභ පැතුම් සමග ප්‍රතිඵල එස්එම්එස් කළේය.

    එස්එම්එස් කළා පමණය අනෙක් පසට ඇගෙන් දුරකථන ඇමතුමක් එන්නීය. ඇය කියා සිටින්නේ අම්මා කඩේ ගිය බවය. ප්‍රතිඵල පිළිබදව සතුටුයි නේදැයි මා විමසූ කළ ඈ පැවසුවේ අයියාට කියන්නට යමක් තිබෙන බවය. මා එය කියන්න යැයි පැවසූ කළ, පෙරලා ඇය කියා සිටියේ එය මෙසේ දුරකථනයෙන් කියන්නට බැරි බවත් පැමිණ කියා සිටිය යුත්තක් බවත්ය. හෙට ප්‍රතිඵල බලන්නට පාසලට පැමිණි පසු ඒ ගැනද පවසන්නම් යැයි ඇය කීය.

    දැන් මගේ සිත යකාගේ කම්මල මෙනි. ඇය කුමක් කියයිද? ඉන්පසු කුමක් වෙයිදැයි මම දන්නේ නැත. අමාරුවෙන් හෝ දවස ගෙවාගත් මා පසුදා පුවත්පත් ඒජන්සියට ගියේය. දැන් දැන් ඒජන්සියේ මගෙන් විය යුතු කාර්යද නිවැරදිව වෙන්නේ නැත. මෙසේ ගියහොත් අයියාගෙන් මට බැණුම් අසන්නට වෙනවා පමණක් නොව අයියාට පාඩු වෙනවා නොඅනුමානය. එබැවින් පුළුවන් උපරිම ශක්තිය යොදා පුවත්පත් ඒජන්සියේ වැඩද කෙසේ හෝ ඇදගන යා යුතුමය.

    10 පසුවෙන විට රිසාල්ට් බලා පූර්ණි පැමිනියේය. ඇගේ මුහුණ වහින්නට ලංව තිබෙන අහස මෙනි. වෙනදාමෙන් නොව සිනහ නොවීම ඇතුළත කාමරයට පිවිසුනු ඇය පුටුවේ හිදගත්තේය. මම කබඩ් එක අසල සිටගනය. එක්වරම ඇය බිම බලාගෙන පැවසූ දෙය මට නෑසුනා නොවේ. නමුත් එවැන්නක් අසන්නට මම ලෑස්ති නැති බැවින් මා නැවත එය කුමක්දැයි ඇයගෙන් විමසුවේය. එවිට ඇය කියූ දෙය වඩාත් පැහැදිලිය. නමුදු මට දරා ගැනිමට අපහසුය.

    ඇයගේ පියාගේ මිතුරෙකුගේ පුතෙකු ගෙන් ඇයට විවාහ යෝජනාවක් ඇවිත් ඇත. මවද පියාද එයට කැමති බැවින් ඇයටද කැමති වන්නට වී ඇත.:( මට ක්ලාන්තය මෙනි. අවට කළුවරය, හිස බරය. අත් පා වාරු නැත. එනමුදු මා බිම ඇද වැටුනේ නැත. :(

    :( තත්වය එයයි. මේ පොඩි කෙල්ල දැන්ම විවාහ කර දීමට තරම් මහ මිනිසුන් කුරිරු වී තිබේ.

    මම පෙරලා පැවසුවේ 'දැන්ම....' යන්නයි. නැතැයි කියූ ඈ, ඔහු දැනට රුහුණේ උපාදියක් හදාරන බවද එය නිමවූ පසු තව වසරකින් පමණ විවාහය වෙනු ඇතැයිද කීහ. පැවසුවේ එපමනය මට හුස්ම වැටෙන්නේද නැති ගානය.

    කෙසේ නමුත් දැන් මා කළ යුත්තේ ඇයට මේ දැන් වෙන්නට යන්නේ යහපතක්ද, අයහපතක්ද යන්න සොයා බැලිමය. ඒ සදහා ඔහුගේ සියලු විස්තර ලබාගත් මා කැම්පස් එක තුළ ඔහුගේ කල්කිරියාව පිළිබදව දිර්ග ලෙස සෙව්වේය. එවිට එහි අප සමග සිටුයවුන්ද ඇති බැවින් කැම්පස් එක තුළ යමක් සෙවිම අපහසු නොවීය. එපමණක් නොව දුර බැහැරක වුවද ඔහුගේ ගමෙන්ද ඔහු පිළිබදව ආරංචි කර බලන්නට තරම් මගේ මිතුරු චන්ඩියාගේ මිතුරන්ට හැකිවිය.

    සියලු ආරංචි වල හැටියට නම් කොල්ලො හොද එකෙකි. එසේ නම් මෙය මා අත නොදමා කෙසේ හෝ සිත හදා ගත යුතුය. මා මුලින්ම කලේ පුවත්පත් ඒජන්සියෙන් ඉවත් වීමට මගක් සොයා ගැනීමය. ඊට මම යෙදූ උපක්‍රමය නම් මා මිතුරු චන්ඩියාට එම ජෙබ්එක අල්ලා දීමය. ඔහු මට මෙන්ම අයියාටද බොහෝ විස්වාස වන්ත අයෙකි. එතෙක් කඩවලට ගොස් ගිණුම් සකසා දුන් ඔහුටද එම ජෙබ් එක ලැබිමද යහපතකි. එහිවූ වැඩ සියල්ල මා ඔහුට කියා දුන්නේ ඔහු සේවය කරන විට මාද තවදුරටත් කඩයේ රැදි සිටිමින්ය.

    දවසින් දවස ඇගෙන් ලැබෙන මිස්කෝල් ප්‍රමාණය අඩු වුනි. මුලින්ම නැවතුනේ එස්එම්එස්ය. පසුව මිස්කෝල්ද නැවතුනි. :( දැන් කඩයද මිතුරා කරයි. මිතුරාට අත්‍යවශ්‍ය මොහොතකදි හැර එහි දොරෙන් ඇතුලට යාමට මට ශක්තියක් නොමැත. එහි ඇතුලත බිත්ති දකින මා සිත කඩා වැටෙන්නේ මටද නොදැනීමය.

    මෙසේ කාළය ගතවීමෙන් අනතුරුව එළඹෙන්නේ ඇගේ විවාහ උත්සවය ඇති කාළ වකවානුවටය. කෙතරම් වේදනා බර වුවද එයට මා උදව් කළ යුතුය. දැන් දැන් ඇගේ මවද මා සමග නැවත පෙරසේම හොදින් කතා කරයි. ඒ අවසරයෙන් පෝරුවේ වැඩ සහ සෙටිබැක් එකෙහි වැඩ මෙන්න ඊට අවශ්‍ය ආලෝක කටයුතු මා විසින් බාරගත්තේය. මට මගේ මිතුරන් සමග එවැනි වැඩ කිරිම පහසු ක්‍රියාවකි. නමුත් අපහසු වෙන්නේ සිත පාළනය කර ගැනීමය.

    මා මුලින්ම කලේ පාසල් කාලයේ සිටි මාගේ අතිජාත මිතුරන් 8 දෙනාම නැවත එකතු කර ගැනිමය. උන් සිටිම මගේ සිතටද හොදය. අපට මල්ද නොමිලේ ලැබෙයි. වෙඩින් එකට මගෙන් විය යුතු කාර්යය මා හද පැලි මැරි වැටුනද මිතුරන් තිතට කරනු ඇත. කෙසේ හො එලඹෙන්නේ විවාහයට පෙර දා රාත්‍රියයි. අපගේ කන්ඩායම සැරසිලි වැඩ අවසන් කර මාගේ නිවසට යෑමට පිටවුනේ පුවත්පත් ඒජන්සියේ අයියාගේ වෑන් එකෙනි.

    අද මගේ බඩ යුද්ධ ප්‍රකාෂ කර තිබේ. සැරසිලි කරන අතරේද, දෙවරක් බඩ බුරුල් විම නිසා වැසිකිලියට දුවන්නට වුනු මාහට දැන් බඩ පෙරලන ආකාරයට දැනේ. හෙට දවසේ වෙඩින් එකෙහි මා සිටියම යුතුමය. බඩේ අමාරුව නිසා එහි හිදින්නට නොහැකි වුවහොත් ඇයට මොනවා සිතෙයිද? ඩොක්ට හමු වුවද ඔහු දෙන බෙහෙත් වලින් පහුවෙනිදාම හොද වෙන්නේ නැත.

    මේ මොහොතේ මගේ පිහිටට එන්නේ රතයේ සිටින මාගේ මිතුරෙකි. ඔහු ෆාමසි කෝස් එකක් කරන්නේය. ඔහු විසින් ෆාමසියට ගොස් ලබාගත් නිල් හා සුදු පැහැති කුඩා කරළක් මට දුන්නේය. එය බිව්වායින් පසුව අනිද්දා වෙන තුරු *ක සීල් යැයි ඔහුගේම භාෂාවෙන් කීවේය. එය සැබෑය. එය බිව්වායින් පසුව මගේ බඩ නැවත කෝලහාල කරන්නට ගත්තේ නැත.

    එලඹුනේ පහුවෙනිදාය. ඇය සහ ඔහු, මගේම සැලසුමට නිර්මාණය වූ පෝරුවේ සිටගෙන සිටින්නේය. ඔහු මුල් ඇදුම ඇදගෙන මහත් උජාරුවෙන් මට තිබූ වටිනාම සම්පත ලග තබාගනය. ඇයද ඔහු සමග සිටින්නේ සාමාන්‍ය විලසිනි. උඩරට ඔසරියට ඈ හරි ලස්සනය. ඇගේ මුහුනේ අකමැත්තක් පෙනෙන්නේද නැත. එක අතකින් එයද හොදය. ඇයට ඔහු සමග සතුටින් සිටීමට හැකි නම් මට එය සැනසිල්ලකි. ඔහු මාගේ පණ හොදින් බලා ගනිතැයි මම විස්වාස කරමි.

    සියල්ල මේ අයුරින් නිමවිය. උදා උනේ ඇය ඔහු හා ගිය මා තනිවුන රාත්‍රියයි. මගේ ජිවිතයේ වඩාත්ම වේදනා බර රාත්‍රිය එයය. නිදාගන්නට බැරිය. නොදැනිම කදුලු ගලා යන්නේ මටද පාළනය කර ගත නොහැකි අයුරිනි. දෙවියෙක් සිටිනවා නම් මට තව මනුස්ස ආත්මයේ සිටින්නට ඇති පිං ටික ගෙන මාව දැන්ම මරා දමන්නයි මම සිතින් ආයාචනා කළ වාර ගණන අනන්තය. රාත්‍රියේ මා ඇවිද ගියේ නිවසේ බුදු කුටිය ඉදිරියටය. ඒ හිතට සැනසිල්ලක් ලබා ගැනීමේ අරමුනෙනි. හාත්පස අදුරුය. බුදු පිලිමය පෙනෙන්නට පමණක් දැල්වූ ආලෝක පහන තිබේ. මා එතැන හිදගෙන හොද හැටි ඇඩුවේය.


    ඉකි ගසා හඩන අතීතයක
    කදුළු එක්ක ගනුදෙනු කරනා
    මට මගේ නොවන
    මගේම ආදරයක් තිබුනා

    හීනේන හීනැහී තුන්යම මා රවටා
    මැදියම් මහ රෑ අදටත් හිත ඉගිලෙනවා
    නින්දෙන් ඇහැරි කලුවරේම යලි සොයනා
    මට මගේ නොවන
    මගේම ආදරයක් තිබුනා
    මගේම ආදරයක් තිබුනා

    රිදුමක් වාගේ කිසිදා සුව නොවෙනා
    සුසුමින් විතරක් නිරතුරුම පිරි මදිනා
    උහුලනු බැරිතැන උනු කදුළුම වගුරුවනා
    මට මගේ නොවන
    මගේම ආදරයක් තිබුනා
    මගේම ආදරයක් තිබුනා

    නිමි.


    කතාවේදී මා සමග සිටි ඔබට බොහෝ පිං සිදු වන්නේය
     
    • Like
    Reactions: dgvirajm and aliman

    Bathiya2005

    Member
    Oct 10, 2016
    808
    136
    0
    ela ela... waiting...
    :( දැම්මා
    අය්යෝ කතාව අදින් ඉවරද එතකොට?:(
    ගොඩාක් කාලෙකට පස්සේ කියවපු ලස්සන කතාවක්.
    ඔයාට උනු ඇත්ත සිද්ධියක් හින්දයි, මුළු හදවතින්ම දැනුනු ඇත්තම ආදරයක් හින්දයි වෙන්න ඇති මේ කතාව මෙච්චර ලස්සනට ලියන්න පුළුවන් උනේ.
    අනිත් එක art නොකරට හරිම ලස්සනට දැනෙන්නේ ලියල තියනවා. ඉස්සරහටත් මේ වගේ කෙටි කතා ලිව්වනන් හරි.:)
    බොහෝම ස්තූතී. බොහෝම ස්තූතී......
    හරිම ලස්සනයි බන්. ඊලග කොටසත් ඉක්මනින් දාපන්.

    ගොඩක් අය කතාව හොදයි කියල කියල තියනවා. එත් මේ සිද්ධිය දැන් වෙන එකක්නන්. හදිස්සියෙවත් උඹ thread එකක් දාල මේකේ ඉන්න එවුන්ගේනන් ඇහුවනන් නෑන ගැන හිතක් තියනවා කියන්නද එපාද කියල, බලාගන්න තිබ්බ අපේ අය්යල ටික දෙන advice. :P:lol:
    ඔව් මචං ඒ වගේ දේවල් මේකේ ප්‍රසිද්ධියේ අහන්න හොදනෑ. මේකෙන් අහනව නම් අහන්න ඕනේ මේකේ දන්න එකෙක් ගෙන් පුද්ගලිකව.

    Bump :love:
    Ko mcn... daahan...

    මේක ටයිප් කරාට පස්සේ ආයි මගේ ඇස්වලින් එන කදුළු තාම හරියකට නවත්ත ගන්න බැරි උනා :( හරි අමාරුවෙන් අන්තිම කොටස ටයිප් කරේ.
     

    Absolute Zero

    Well-known member
  • Mar 31, 2015
    13,315
    1
    16,931
    113
    −273.15°C
    හැම ආදර කතාවකම අවසානය ඕක තමයි.
    මට මගේ නොවන
    මගේම ආදරයක් තිබුනා:(


    කතාව නම් ලස්සනටම ලියලා තිබ්බා.
    ඔබට ජය!
     

    Bathiya2005

    Member
    Oct 10, 2016
    808
    136
    0
    හැම ආදර කතාවකම අවසානය ඕක තමයි.
    මට මගේ නොවන
    මගේම ආදරයක් තිබුනා:(


    කතාව නම් ලස්සනටම ලියලා තිබ්බා.
    ඔබට ජය!
    :(
    බොහෝම ස්තූතී මචන්
     

    Night_Fury

    Junior member
  • Mar 13, 2011
    68
    3
    18
    owa ohaoma thamai ban .....
    uba oka thawa dik kerala nawa kathawak widihata pulish kerapan uba ta goda yanna puluwan .... :D
    uba ta hoda ta katha liyanna puluwan hakiyawak tyanwa machan
    Jayawewa!!
     

    apjayasooriya

    Active member
  • Jun 6, 2011
    351
    30
    28
    45
    divulapitiya
    ade appa shokanthayakne.uba kohomada ban daragena hitiye.oya wage adarayak ahimi unama daraganna amaruyi sahodaraya.kohoma unath ubata sathuten inna puluwan anagayak pathanawa.
     

    AGSUPUN

    Well-known member
  • Dec 29, 2008
    2,835
    433
    83
    Malabe
    apoi... :( me widiyata iwara wei kiyala nm hitune na.. :(
    kathawa api ekka bedagattata sthuthi bro.. :(
    uba ela kollek..
     

    ksndhr

    Well-known member
  • Feb 22, 2011
    1,185
    165
    63
    මේක ටයිප් කරාට පස්සේ ආයි මගේ ඇස්වලින් එන කදුළු තාම හරියකට නවත්ත ගන්න බැරි උනා :( හරි අමාරුවෙන් අන්තිම කොටස ටයිප් කරේ.

    දුක් වෙන්න එපා මචන් හිත හදා ගන්න... දුකයි තමයි ඒත් මොනවා කරන්නද :(
     

    Bathiya2005

    Member
    Oct 10, 2016
    808
    136
    0
    :(
    :(
    owa ohaoma thamai ban .....
    uba oka thawa dik kerala nawa kathawak widihata pulish kerapan uba ta goda yanna puluwan .... :D
    uba ta hoda ta katha liyanna puluwan hakiyawak tyanwa machan
    Jayawewa!!
    බොහෝම ස්තූතී මචන්. ඒත් ඔය කතාව නවකතාවක් කරන්න ඕනි නෑ මචන්. ඕක ලියද්දිත් මට දරාගන්න අමාරුයි. මම හිතුවට වඩා ගොඩක් අමාරුවෙන් අග ලිව්වේ.
    ade appa shokanthayakne.uba kohomada ban daragena hitiye.oya wage adarayak ahimi unama daraganna amaruyi sahodaraya.kohoma unath ubata sathuten inna puluwan anagayak pathanawa.

    දරාගන්න ගොඩක් අමාරු උනා. ඒත් මම දුක හංගගන හිටියා. ටිකක් හරි දන්නේ මගේ මරුමුස් යාලුවා විතරයි. අපේ අම්මට ටිකක් දැනෙන්න ඇති.

    මගේ වර්තමානය නම් හොදයි :) දැන් මම බැදලා ඉන්නෙත් ආදර සම්බන්ධතාවයකින්. ඒ සම්බන්ධය පටන් ගත්තේ ඔය සිද්දිය ඉවර වෙලා අව්රුදු 5 කට විතර පස්සේ. එතකන් මම ඔහේ හිටියා. ඇය මට පණටත් වැඩිය ආදරෙයි. :love: මගේ පනත් එයා. මගේ මේ සිද්දිය නිසා මගේ බිරිදට එක දශමෙක වත් හිත් වේදනාවක් ඇතිවෙන්න මම ඉඩ තියන්නෙ නෑ.
    නමුත් ඔය සිද්දිය මගේ හිතේ පොඩිකාලේ ඉදලා දලුලා වැඩුන එකක් නිසාදෝ තවමත් වේදනාව දැනෙනවා. මේ කතාව ටයිප් කරන්න පටන් ගත්තට පස්සේ දවස් දෙකක් ඇයව හිනෙන් දැක්කා.
    දැන් මම පුද්ගලික සමාගමක ශාකා කළමනාකරුවෙක් විදිහට රස්සාව කරනවා. පඩියත් හොදයි. මගේ සේවය අගයලා 3 පාරක්ම මට රට යන්නත් ලැබුනා.
    හැබැයි ඒ හැමදේටමත් පාර වැටුනේ මගේ ජිවිතේ මුලින් කඩාගන වැටුන අවස්තා දෙක නිසා. තාම මගේ යාලුවා ඒජන්සියේ. තාමත් මම ඒක ඇතුලට යන්නෙ නෑ. පහුගිය අව්රුදු 10 මම තාම බියර් බින්දුවක් කටේ තිබ්බෙ නැ.
     

    Bathiya2005

    Member
    Oct 10, 2016
    808
    136
    0
    apoi... :( me widiyata iwara wei kiyala nm hitune na.. :(
    kathawa api ekka bedagattata sthuthi bro.. :(
    uba ela kollek..
    උඹලට කතාවත් එක්ක හිටියට ගොඩක් පිං.
    දුක් වෙන්න එපා මචන් හිත හදා ගන්න... දුකයි තමයි ඒත් මොනවා කරන්නද :(

    :( ඔව් මචන් මම ඕක කොහොමහරි යටපත් කරගෙන ඉන්නවා. මේ කතාව තව දිගට ලියන්න තිබුනා. ඒත් ඉතිං හිතේ පීඩනයත් එක්ක පුලුවන් ඔච්චර තමයි.
     
    බැලුවහම හැම ආදර කතාවකම අවසානය දුකක් . මේ විදිහට බැලුවාම මට හිතුනෙ අපි යාලුවෙලා ඉන්න කෙනාටත් තව කීදෙනෙක් හිතින් කැමති ද දන්නෑ කියලා හිතුන එක. නියමයි මචං කතාව :):) උබට දුකක් උනාට :sorry::sorry::sorry:
     

    Bathiya2005

    Member
    Oct 10, 2016
    808
    136
    0
    බැලුවහම හැම ආදර කතාවකම අවසානය දුකක් . මේ විදිහට බැලුවාම මට හිතුනෙ අපි යාලුවෙලා ඉන්න කෙනාටත් තව කීදෙනෙක් හිතින් කැමති ද දන්නෑ කියලා හිතුන එක. නියමයි මචං කතාව :):) උබට දුකක් උනාට :sorry::sorry::sorry:

    ඔව් මචන්. ආදරය කියන දේ සංසාරික බැදීමක් කියලා කිව්වට අනේ මන්දා බන්:(
     
    Status
    Not open for further replies.