එගොඩහ යන්නෝ... මෙගොඩහ එන්නෝ...
පරන ඊ මේල් එකක් හම්බුනා කියවල බලන්න..
මම මේ ගඟුලේ අඟුලේ නැගිලා
එගොඩ මෙගොඩ යනවා...
එගොඩහ යන්නෝ... මෙගොඩහ එන්නෝ...
තව කවුරුද ඉන්නේ....
මේ ප්රලවීණ ගායන ශිල්පී ෂෙල්ටන් පෙරේරා විසින් ගායනා කරනු ලබන ගීතයක පදවැල් කිහිපයකි. මේ ගීතයෙන් කියෑවෙන්නේ අඟුලක් යොදාගන්නා ගංගාවකින් මිනිසුන් එගොඩ මෙගොඩ කරන තොටියකු ගැනය. සැබවින්ම එදා අපේ පැරැන්නෝ ගංගා, විල්, වැව්, ඇළ දොළවල් තරණය කිරීම සඳහා යොදා ගත්තේ ඔරු පාරු හා අඟුල් ආදී ඉපැරැණි යාත්රාවවන්ය.
ගංගාවලින් එගොඩ මෙගොඩ යැම සඳහා වැඩි වශයෙන් භාවිතා වූයේ අඟුල් ඔරු වැනි යාත්රාගවන්ය. අපේ පාරම්පරික යාත්රාුවන් ගැන සඳහන් කරන විට ඒවාට ඇත්තේ ඉතා දිගු ඉතිහාසයකි. විජය රජතුමා මෙරටට ගොඩබැස්‌සේද යාත්රාටවකිනි. ශ්රීේ මහා බෝධිය මෙරටට වැඩමවා ගෙන විත් ඇත්තේද යාත්රාවවකිනි. විහාරමහා දේවිය කැලණි ගඟෙන් පාකොට යවා ඇත්තේද යාත්රාිවකිනි. අපේ පැරැන්නන් මෙම ඉපැරැණි යාත්රාටවන් භාවිතා කිරීමට පුරුදු පුහුණු වූයේ ඉන්දියානු ආභාෂය නිසා බව කියති.
කෙසේ වුවද දැනට ලංකාවේ ගංගාවන් ආශ්රිාතව හමුවී ඇති පැරැණිතම යාත්රාභව වන්නේ කැලණි ඔරුවයි. කැලණි ඔරුව හමුවී ඇත්ත් ක්රි ස්‌තු පූර්ව තුන්වන සියවසේදීය. ඒ කැලණි ගංගාවෙනි. එම යාත්රාරව ජාතික කෞතුකාගාරයේ තැන්පත් කොට ඇත්තේය. අත්තනගලු ඔයෙන් හමුවී ඇති අත්තනගලු ඔරුව ක්රිවස්‌තු පූර්ව හත්වන සියවසට අයත්ය. රත්නපුරයෙන්ද ඉපැරැණි ඔරුවක් හමුවී ඇති අතර මේ අයුරින් පාරම්පරික යාත්රාවවන් ගණනාවක්‌ම ලංකාවේ ගංගා ආශ්රිවතව හමුවී තිබේ.
මෙකී පාරම්පරික යාත්රාපවන් සෑදීම සඳහා යොදාගෙන ඇත්තේ දෙල්, දොඹ, වල්අඹ යන ලී වර්ගයන්ය. විශේෂයෙන් බැදි දෙල් ලී ඔරු පාරු සෑදීම සඳහා යොදාගනු ලැබීය. යාත්රාරවන් සෑදීම සඳහා පළපුරුදු වඩු කාර්මිකයන්ද එකල ගංගාවන් ආශ්රිුතව පදිංචිව සිටියහ. ඔරු, පාරු, අඟුල් සාදන එකද එතරම් ලේසි පහසු කාරියක් නොවේ. එය යම්කිසි ශාස්‌ත්රදයකට අනුව කළ යුතු කාරියකි. ඔරුවක් සෑදීමේදී එහි දිග, පළල, ගැඹුර, බර හා සමබරතාව ගැන විශේෂයෙන් සැලකිලිමත් විය යුතු බැව් ප්රේවීණ වඩු කාර්මිකයකු වන ජී. එම්. ප්රිශයන්ත කුමාර මා සමග කීවේය.
ඔරු කඳේ විශේෂ හැඩයක් දක්‌නට ඇති අතර එය ඉංග්රීපසි හෝඩියේ යූ අකුරේ හැඩයෙන් යුක්‌තය. ගිං ගඟ පහළ නිම්නයට අයත් තෙලිකඩ, කොස්‌දූවේ ගුණවර්ධන පරම්පරාවේ අය තමයි ඒ කාලයේ ඔරු පාරු අගුල් හදලා තියෙන්නේ. අඟුල් ඔරු පාරු අලුත්වැඩියා කරලා තියෙන්නෙත් ඒ පරම්පාරාවේ උදවිය බව ගමේ පැරැන්නෝ මා සමග කියා තියෙනවා. ජනශ්රැරති පර්යේෂකයකු හා මාධ්යපවේදියකු වන ජයතිස්‌ස තෙන්නකෝන් කියන්නේය.
සැබවින්ම පාරම්පරික යාත්‍රා විශේෂයන් අතුරින් අඟුලට හිමි වන්නේ සුවිශේෂී වූ ස්‌ථානයකි. එකල ගංගාවන් ආශ්රිනතව අඟුල් සේවාව ඉතා ජනප්රිකයත්වයට පත්ව තිබූ සේවාවකි. අඟුල් යොදාගෙන ජනී ජනයා මෙන්ම භාණ්‌ඩද ගංගාවන් ඔස්‌සේ ප්රාවාහනය කරනු ලැබීය.
අඟුලක් පැදීමට හතර දෙනකු අවශ්ය් වේ. අඟුලේ මුල සහ අග දෙදෙනා බැගින් සිටින අතර අඟුල හරවන්නේ පසුපස සිටින දෙදෙනාය. අඟුල් පැදීමද කළ යුත්තේ ඉතා ප්රතවේශමිනි. අඟුල් පැදීමේ ශාස්‌ත්රුය නොදත් අයකුට එය ඉතා අපහසුකාරියකි. අඟුලක් යනු ඔරු දෙකක් ලී දඬු මගින් එකට ඈ¹ ඒ මත තට්‌ටු සවිකළ යාත්රානවක්. පාරුවද අපේ පාරම්පරික යාත්‍රාවකි. පාරුව විශාල බඳකින් යුක්‌තය. පාරු වැඩි වශයෙන් ප්රඅයෝජනයට ගත්තේ ඇළ මාර්ග ඔස්‌සේ භාණ්‌ඩ ප්රඳවාහනය කිරීම සඳහාය. භාණ්‌ඩ ප්රමවාහනය කිරීම සඳහා පාරුවටත් වඩා විශාල යාත්රාටවක්‌ද එකල භාවිතා විය. එය හැඳින්වූයේ "කප්පර" නමිනි.
ලංකාවේ අභ්යඟන්තර ජල මාර්ග භාණ්‌ඩ ප්රසවාහනය සඳහා වැඩි වශයෙන් යොදාගනු ලැබුවේ ඕලන්ද පාලන සමයේදීය. එකල දුම්රිය මාර්ග ඉදිවීමට පෙර බටහිර වෙරළබඩ නැව් බඩු ප්රමවාහනය සඳහා ඇළ මාර්ග පද්ධතියක් පැවතුණි. ස්‌වභාවික විල්, කලපු සහ ගංගා ආශ්රි ත මෝයවල් සමග කණිනු ලැබූ ඇළ මාර්ගවලින් මේ ඇළ මාර්ග පද්ධතිය සම්බන්ධ විය. එකල කිලෝමීටර් 170 ක දුරක් පැතිරෙන ඇළ මාර්ග පද්ධතියක් මෙයට අයත් විය.
මෙකී ඇළ මාර්ග ගොඩනැඟිලි ඉදිකිරීම සඳහා පුරවා ඇති නිසා අද වන විට එම ඇළ මාර්ග දක්‌නට නැත. කෙසේ වුවද කැලණි, ගිං, නිල්වලා, කළු ගංගාවල පාරු අදටත් දැකගත හැකිය. ඒ වැලි ප්රපවාහනය කිරීම සඳහා ය. පාරු ගැන සඳහන් කරන විට මාගේ මතකයට ආවේ ගිං ගඟ දෙගොඩතලා ගිය අවස්‌ථාවලදී කෙසෙල් කඳන් යොදාගෙන පාරු සකස් කරගෙන පැදපු කාලයයි.
එදා ගංගාවල ගමන් ගත් ඔරු පාරු කාරයෝ තම කාන්සිය, විඩාව, දුක මඟහරවා ගැනීම සඳහා කවි මෙන්ම පාරු සිව්පද ද ගායනා කළහ. ගඟ දිගේ ඉහළ පහළ පාරුව පැද යැමේදී පාරුකාරයන්ට නිතැතින්ම මතකයට එන්නේ තම අඹු දරුවන්ය. පාරු සිව්පද ගැයී ඇත්තේ එම දුක පාළුව, අකා මකා දැමීමටය.
මේ එවැනි පාරු කවියකි.
සීරුවේ ගමන් ඇවිදින් පාරුවට
මාරුවේ හබල් අදිමින් විටින් විට
පූරුවේ කරපු අකුසල් ගෙවන්නට
පාරුවේ ඇවිත් දුක් විඳිනව දැනට
ඔරුවද අපේ ඉපැරැණි යාත්රා වකි. ඔරු වර්ග ගණනාවක්‌ම දක්‌නට ඇත්තේය. ඒ ඒ ප්රවදේශ හා ඔරුව යොදා ගන්නා කාරිය අනුව ඔරුවට විවිධ වූ නම් පටබැඳී ඇත. ඔරුව ගැන සඳහන් කරන විට අපේ මතකයට නිතැතින්ම එන්නේ කොල්ලෑවයි. හාරා තනන ලද තනි කඳකින් සහ කොල්ලෑවකින් ඔරුව යුක්‌ත වන අතර ලීවලින් සැදූ මෙවැනි ඔරු වර්තමානයේ දක්‌නට ඇත්තේ ඉතා කලාතුරකිනි.
ඔරුව පදින්නේ හබල උපයෝගී කරගනිමිනි. එහෙත් ඔරුව හසුරුවා ගන්නේ හබල යොදා ගනිමිනි. ඔරුව කොටස් කිහිපයකින් යුක්‌තය. රුවල, කොල්ලෑව, පන්නාරකූඩුව, ඔරුකඳ, වියල, ඇනිය, අවර කොටස, හබල්, අවල්, උලවංගුව, අවල ලෑලි, කෙවනිය ආදී උපාංගවලින් සමන්විතය. ඔරු ගැන සඳහන් කරන විට ඒ හා බැඳී ඇති ජන ගී ද රාශියකි. මේ ඔරුව ගැන සඳහන් ප්ර කට ජන කවියකි.
මලේ මලේ අර නාමල කඩා වරෙන්
අත්ත බිඳෙයි පය බුරුලෙන් තබා වරෙන්
කැලණි ගඟේ ඔරු යනවා බලා වරෙන්
සාධුකාර දී ඔරුවක නැඟී වරෙන්
ගංගා දිගේ ඉහළ පහළ ගමන් කළ ඔරු පාරු අඟුල් නතර කර තැබීම සඳහා ගංගාවල තොටුපොළවල්ද ඉදිකොට තිබිණි. මහාවංශයේද ගංගා ආශ්රි තව තිබූ ඉපැරැණි තොටුපළවල් ගැන සඳහන් වන්නේය. මහවැලි ගඟේ රුහුණ රජරට මාර්ගය සම්බන්ධ වන ස්‌ථානයේ වඩ්ඩමාන නමින් තොටුපොළක් තිබී ඇත. කසාතොට, අම්බතිත්ථ, ගිංතොට, කැලණිතොට, මාගම්තොට මේ එකල තිබූ ප්ර,ධාන තොටුපොළවල්ය. මැණික් ගංගාවේ වරහන ආශ්රිහතව කප්පකන්දූර්, වර්ණතොට යනුවෙන් තොටුපොළවල් තිබී ඇත. පලිංතොට තිබී ඇත්තේ කිරිඳි ඔයේය.
මීට අමතරව ධීවර කාර්මිකයන් විසින් මසුන් මැරීමට මුහුදු යැම සඳහා එකල යොදා ගනු ලැබුවේ ලීවලින් තැනූ යාත්රාමවන්ය. වල්ලම්, තෙප්පම්, පඩවු, කට්‌ටුමරම්, බලඔරු සමග ඇමිඔරුව, මාදැල් පාරු, කොල්ලෑ ඔරුව, රෑ මුහුදු ඔරුව ආදිය පාරම්පරික ධීවර යාත්රා වන්ය.
වල්ලම ඉංග්රීවසි හෝඩියේ වී අකුරෙන් යුක්‌තය. වල්ලම එවැනි හැඩයකින් සාදා ඇත්තේ මුහුද සැර කාලයේ දී දියඹ කපාගෙන යාත්රා කිරීමට හැකිවන අයුරිනි. මාදැල් පාරුවද ධීවරයන් සතුව ඇති පැරැණි යාත්රාදවකි. ලීවලින් සෑදූ මාදැල් පාරු හා මාදැල් ඔරු දක්‌නට ලැබෙන්නේ කලාතුරකිනි. පරම්පරා තුනක් පරිහණය කළ අවුරුදු 200 ක් පමණ පැරැණි මාදැල් පාරුවක් කොග්ගල මාර්ටින් වික්රයමසිංහ ජන කෞතුකාගාරයේ ප්රනදර්ශනයට තබා ඇත.
මෙකී මාදැල් පාරුව දිගින් අඩි 40 ක් පමණ වන අතර පළලින් අඩි 8 ක් විශාලය. සුනාමියට හසුවී ගසාගෙන ගොස් කළු ගඟේ මෝය කට අසල ලඳු කැළෑවක වැටී හිරවී තිබියදී සොයාගෙන තිබේ. පාරුවේ දෙපස කඩියුරු දෙක හා පත්තාර කූඩුව කොස් ලීයෙන් තනා ඇති අතර අනික් ලෑලි දොඹ ලී ය.
මාදැල් ඔරුවද කෞතුකාගාරයේ ප්රතදර්ශනයට තබා ඇති තවත් පැරැණි ධීවර යාත්රා වකි. මෙම මාදැල් ඔරුව කොල්ලෑව සහිත එකකි. මාළු අහින වටකර මා දැල් එලා දෙකෙළවර ඇදීමෙන් මාළුන් ඇල්ලීම සිදු කෙරේ.
බල ඔරුව ගැඹුරු මුහුදේ බලයන් ඇල්ලීම සඳහා යොදා ගන්නා ඔරු විශේෂයකි. දිගින් අඩි 35 ක් පමණ වන මෙම ඔරුව සෑදීම සඳහා යොදා ගන්නේ ඇටඹ ගසේ තනි කඳකි. කොල්ලෑව සහිත බල ඔරු මෙන්ම කොල්ලෑව රහිත බල ඔරුද දක්‌නට ඇත. මෙම ඔරු යාත්රාි කිරීම සඳහා යොදා ගන්නේ රුවල්ය.
බල ඔරුවක් බලන්න ඕන නම් කතළුවට එන්න ඕන. කෞතුකාගාරයේ හැරෙන්නට දැනට ඇති එකම බල ඔරුව තියෙන්නේ මා ළඟ. කතළුවේ ධීවර කාර්මිකයකු වන අනුර ළමාහේවා කියන්නේය. මේ තියෙන්නේ පැහ. අර තියෙන්නේ දැල්කන්ද, පුලුල්ල, ඇන්ඔරුව, රුවල, උණ ලී, කටුගල, හබල ආදී බල ඔරුවක ඇති ආම්පන්න අනුර ළමාහේවා අපට විස්‌තර කර දුන්නේය.
සුනාමි ෙ€දවාචකයේ දී අපේ ඉපැරැණි යාත්රාසවන්ට වූ හානිය සුළු පටු නොවේ.
ඉපැරැණි යාත්රාුවන් විශාල ප්රැමාණයක් සුනාමි දිය රකුසාට හසුවීමෙන් විනාශ විය. වර්තමානයේ අපේ පාරම්පරික යාත්රාලවන්ට ලැබී ඇත්තේ ඉහළ වටිනාකමකි. ඒවා අද පත්ව ඇත්තේ පෞරාණික භාණ්‌ඩයන් බවටය. සංචාරක හෝටල් හිමියන් අතර ඉපැරැණි යාත්රාක මිලදී ගැනීම සඳහා ඇත්තේද දැඩි තරගයකි. පොරයකි.
ලලිත් චාමින්ද