එච්චර දුර මට ඉගෙනගන්න බෑ සර්. මට වියදම් කරන්න තාත්තට බෑ

malakadss

Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx

    "එච්චර දුර මට ඉගෙනගන්න බෑ සර්. මට වියදම් කරන්න තාත්තට බෑ."
    කණගාටු වෙන්න එපා. අපේ ඉස්කෝලෙ ලොකු ප්‍රින්සිපල් පියසේනට ශිෂ්‍යත්වයක් දෙන්න
    කැමතියි."
    ශාන්ත මරියා විදුහලේ ප්‍රධාන පාලක ටෙරන්ස් ඊ ද සිල්වා පියතුමා තමන්ගේ කාරෙකේ පියසේන නංවාගෙන ගාල්ලේ ශාන්ත ඇලෝසියස් විද්‍යාලයට රැගෙන ගියා.
    විශ්වවිද්‍යාල ප්‍රවේශය සමත් වෙන තෙක්,පුස්තකාල ගාස්තු හොස්ටල් ගාස්තුත් ගෙවීම පියතුමා බාර ගත්තා. දැන් පියසේන ශිෂ්‍යයා ජීවවිද්‍යා අංශයෙන් උසස් පෙළ හදාරනවා.
    1957 දී පියසේන ශිෂ්‍යයා විශ්වවිද්‍යාල ප්‍රවේශයෙන් සමත් වෙනවා. ඒ සමඟ ම ඔහුගේ ශිෂ්‍යත්ව මුදල අහිමි වී ගියා.
    විද්‍යාලයට ඇතුළු වෙලා ඉගෙන ගන්න සල්ලි කොයින් ද? බොහෝ වේලාවක් කල්පනා කළ අම්මා පියසේනත් එක්ක ලගම නෑදෑයෙක් ළඟට ගිහින් විස්තරේ කිව්වා.
    "මෙඩිකල් කොලේජ් යන්න... ඕව තමන්ගෙ තත්වේ හැටියට කරන්න පුළුවන් දේවල් ද? බැරි දේවල් කරන්නෙ නැතුව නිකං හිටිය නම් තමා හොද..."
    ලක්ෂපති නෑදෑයාගෙන් ලැබුණු උපකාරය අන්න ඒ වගේ වචන ටිකක් පමණයි. අම්මාත් පියසේනත් එළියට බැස කණගාටුවෙන් ලක්ෂපති ගෙදර දොරකඩින් ඉතා ම සිත් වේදනාවෙන් නික්ම ගියා.
    "පලයන් පුතා. මං පියසේනට කිවිවා උබට කොහොම හරි උගන්වන්නම් කියල."
    ආර්ථික දුක් ගැහැට කෙතරම් තිබුණත් 1957 වසරේ දී දොන් පියසේන අතුකෝරළ වෛද්‍ය ශිෂ්‍යයෙක් ලෙස කොළඹ වෛද්‍ය විද්‍යාලයට ඇතුළු වුණේ මුළු ඇල්පිටිය පළාතෙන්ම පළමුවරට විශ්වවිද්‍යාලයට තේරුණු සහ පළමු වරට දොස්තර කෙනකු වුණු ප්‍රථමයා ලෙසටයි.
    වෛද්‍ය විද්‍යාලයෙන් ඔහුට නැවත ශිෂ්‍යත්වයක් ලැබුණා. මසකට රු.45 ක්. ගුරුවරයෙක් වු බාප්පා මසකට ඔහුට රු.10 ක් දුන්නා.
    කොළඹ සිටි මිතුරන් දෙදෙනකුත් ඔහුට රු.10 බැගින් දුන්නා. අද වගේම ඒ කාලෙත් විෂයට අදාළ පොත් හරි ගණන්. පොත් සල්ලිවලට ගන්න බැරි නිසා පොත් කියවන්න අතුකෝරළ වෛද්‍ය ශිෂ්‍යයා බ්‍රිතාන්‍ය කවුන්සලයේ පුස්තකාලයට බැඳුණා. ඔහු ඉගෙන ගත්තේ ඒ පොත්වලින්.
    1964 දී උසස් සාමාර්ථයක් ඇතුව ඔහු සමත් වෙනවා. ඒ වසරේ දී ම ඔහුට කොලඹ මහ රෝහලේ පත්වීමක් ලැබෙනවා.
    දොස්තර ඩී. පී. අතුකෝරල බිහි වුණේ ඒ විදියටයි.
    මගේ වෘත්තීය ජීවිතේ දුෂ්කර ම කාලය පළමු පත්වීම ලබා ගත් කළ කාලය යි. පැය 4කට වැඩිය නිඳාගත්තෙ නෑ. උදේ 7 ට වාට්ටුවට යනවා. දවල් කෑම කැවේ දෙකෙන් පස්සේ. නවාතැනට එන්නේ 6ට. ආයෙත් වාට්ටුවට ගිහින් රෑ 11.00 වන තුරු ලෙඩ්ඩු බැලුවා.
    මට ලැබුණේ රු.480ක් වගේ පඩියක්. මම ඒ පඩියෙන් වැඩි හරියක් වියදම් කළේ ගෙදරට. නංගිලා මල්ලිලාට උගන්නන්න. මම දොස්තර කෙනෙක් වුණාය කියල තාත්තා ගොවිතැන් කරන එක නැවැත්තුවේ නෑ. තාත්තා දිගට ම කුඹුරු කෙටුවා. එළවළු වැව්වා.
    දොස්තර අතුකෝරල දොස්තර විභාග අත්හැරියේ නෑ. ඔහු එම්.ඩී.ඒ උපාධියත් පාස් කළා.
    ඒ කොහොම වුණත් මිටි තැනින් වතුර ගලා යාමේ අවාසනාව දොස්තර අතුකෝරලටත් බලපෑවා. පොදු රාජ්‍ය මණ්ඩලීය ශිෂ්‍යත්වයකට රජය ඉල්ලුම්පත් කැදෙව්වා. දොස්තර ඩී. පි. ඇතුළු වෛද්‍යවරු 15 දෙනෙක් ඊට ඉල්ලුම් කළා. වැඩි ම සුදුසුකම් තිබුණේ දොස්තර අතුකෝරල මහත්මයට. ඔහු ශිෂ්‍යත්වය සඳහා තෝරා ගැනුණා. ශිෂ්‍යත්වය සඳහා පිටරට යාමට මාසයක් තිබිය දී ඔහුගේ ශිෂ්‍යත්වය අවලංගු කළ බවට ලියුමක් ආවා. දොස්තර අතුකෝරලට එය ඉතාමත් දුක් සහිත ලියුමක් වුණා. පසුව කාරණා එළිදරව් වුණු අන්දමට එකල රට පාලනය කළ අගමැතිවරයාගේ ළඟම හිතවතකුගේ දොස්තර පුතාට මේ ශිෂ්‍යත්වය පිරිනමලා. ඔහුට තිබුණේ ඉතා ම අඩු සුදුසුකමක්.
    මේ අතර කොළඹ ක්‍රමය යටතේ ලැබුණු ශිෂ්‍යත්වයකින් එංගලත්තයේ මැන්චෙස්ටර් විශ්වවිද්‍යාලයේ වැඩිදුර ඉගෙන ගන්නට ඔහුට අවස්ථාව ලැබුණා. එහි දී වසර දෙකක් ඔහු ඉගෙන ගත්තේ හෘද චිකිත්සාවයි. එම්. ආර්. සී. පී. වෛද්‍ය උපාධිය දිනා 1973 දී ඔහු ආපසු ලංකාවට පැමිණියා. මෙකල එංගලන්තය ශිෂ්‍යත්ව මඟින් ගිය දොස්තරවරු බොහොමයක් ආපහු ලංකාවට ආවේ නෑ. නමුත් ඇල්පිටියේ හත්තක කියන දුප්පත් ගමේ උපන් පියසේන ආපහු ලංකාවට ආවා. ඒ කොළඹ මහ රෝහලේ හෘද රෝග විශේෂඥයෙක් හැටියට.
    අවුරුදු 32ක් සේවයේ යෙදුණු දොස්තර ඩී. පී. අතුකෝරාල 1986 දී විශ්‍රාම ගියා. ඒ කාලය තුළ හෘද රෝගින් දස දහස් ගණනක් ඔහු නිසා නැවත ජීවිතය ලැබුවා. ඒ අය අතර මහියංගනේ වැදි පරපුරේ අයත් සිටියා.
    "මම දුප්පත් මිනිස්සු ගැන වැඩියෙන් සොයා බැලුවා. දුර බැහැර සිට එන දුප්පත් රෝගීන්ගෙන් පෞද්ගලික ප්‍රතිකාරවල දි මම මුදල් අය කළේ නෑ. මගේ දුප්පත් අතීතය මට හොඳින් මතකයි."
    "විශ්‍රාම ගියත් මම තවමත් කොළඹ යුද හමුදා රෝහලේ සෙබළුන්ට හෘද රෝග ගැන ප්‍රතිකාර කිරීමට හැමදාම උදේ වරුවට යනවා. ඒ ප්‍රතිකාර කරන්නේ නොමිලේ."
    "අද හෘද රෝගීන් සංඛ්‍යාව ඉහළ යනවා. ඒ ඇයි? "
    "ගම්බද අයට නම් හෘද රෝග අඩුයි. ඒ මිනිස්සු වෙහෙසිලා වැඩ කරනවා. නාගරික අය නිසි ව්‍යායාම ගන්නෙත් නෑ. නිවැරදි කෑම බීම ගන්නෙත් නෑ. හේතුව ඒකයි. අනික මස් මාංශ වැඩියෙන් ගැනීම.''
    හදවත් රෝගීන්ගෙන් 60% ම එය හැදුණු අවස්ථාවේ ම මිය යති.40% බේර ගන්න පුලුවන්. ඒ 40% නුත් 5 දෙනෙක් මිය යනවා.
    "තෙල් වර්ගවලින් කොලෙස්ටරෝල් ඇති වෙනවා. නමුත් පොල්තෙල් කොලෙස්ටරෝල් වැඩිවන බව මම පිළිගන්නේ නෑ. කොළඹ ප්‍රදේශයේ විවිධ තරාතිරම්වල ස්ත්‍රී පුරුෂ 3000ක් සහභාගි කරගෙන මෙම පරීක්ෂණයක් කළා. එහි දී මට පෙනී ගිය දෙයක් තමයි පොල්තෙල් කොලෙස්ටරෝල් කෙරෙහි බලපෑමක් කරන්නේ නෑ කියන එක."
    "ඔබ කුඩා කාලෙ වගේ ම අදත් මස් මාළු කන්නෙ නැද්ද?”
    "නැහැ. බිත්තර දමා ඇතැයි සිතෙන නිසා මම කේක් වත් කන්නෙ නෑ."
    "ඔබට උදව් කළ සෝමා ගුරුතුමිය ගැන සොයා බැලුවද?"
    "ඔව්. එතුමියගෙ ගම පයාගල. මම ගෙවල් ගණනාවක ඇවිදගෙන ගිහින් සෝමා ගුරුතුමිය සොයාගත්තා. ඒ වගේම මම ඉගෙන ගත් හැම පාසලක ම දුප්පත් දරුවන්ට උදව් කිරීම අදටත් මම කරනවා."
    "ඔබේ ජීවිතයේ දුෂ්කරතා අමතක නොවෙන සිදුවීමක් දෙකක් කියන්න."
    "බොහොම යි. ඒ අතරින් කිසිදාක අමතක නොවන සිද්ධියක් තියනවා."
    "බාල දක්ෂයෙක් විදියට වැඩ කරන්න ඒ කාලෙ මං හරි ආසයි.පුහුණුවීම්වලට දිගට ම ගියා. නමුත් ස්ථිර බාල දක්ෂයෙක් විදියට වැඩ කරන්න නිල ඇඳුම් කට්ටලයක් මහගන්න කියල ගුරුවරයා කිවා. ඒත් නිල ඇඳුම් කට්ටලයක් මහගන්න සල්ලි නැති නිසා මට බාලදක්ෂ කණ්ඩායෙමන් අස් වෙන්න සිද්ධ වුණා. ඒක මට බොහොම දුක්ඛදායක සිද්ධියක්."
    "තවත් සිද්ධියක් තියෙනවා. පාසලෙන් ලක්ෂපාන විදුලි බලාගාරය ඇතුළු ස්ථාන ගණනාවක් බලන්න විනෝද ගමනක් ගියා. නමුත් ඊට අය කල රැ.15 හොයාගන්න බැරුව මට ඒ විනෝද ගමන යන්න බැරි වුනා,ඒ ගමන නොගිය එක ම ශිෂ්‍යයා මමයි."
    දොස්තර ඩී. පී. අතුකෝරාල ඒ වචන කීවේ සිහින් සිනහවක් දෙතොලග ඇතුව යි.
    "ඔබේ ජීවිතේ තුළ ආදර්ශ පාඨයක් තියෙනව ද ?"
    "ඔව් පළමුවැන්න උත්සාහය දෙවැන්න කරන දෙය ඉතා පිරිසිදු ලෙස හොඳින්ම කිරීම."
    දැන් සිතා බලන්න. ඔබේ දුවට පුතාට දුක දිනා ජයගත් මේ උගත් මේ වෙදදුරාණන්ගේ කතාන්දරය ළමා පොත් දාහක් කියවා වුව ද සොයාගත නොහැකි ආරේ කතාවක් නොවේදැයි කියා.
    ඔබේ දරුවා සුදු කමිස කලිසම් කොපමණ ඉල්ලනවාද? නවීන මාදිලියේ සපත්තු අරන් දෙන්නට අවුරුද්දකට කී වතාවක් මුදල් වැය කරනවාද? කාලයෙන් කාලයට වෙනස් වන නවීන මාදිලියේ අරලෝසු ඔවුන් අත බැඳ තිබෙනවා නොවේද? එහෙත් මේ කිසිවක් නොවෙයි ඉගෙනීම. ඉගෙන ගන්නට නම් මේ කිසිවක් වුවමනා නෑ. දොස්තර අතුකෝරල මහත්මයාගේ ශිෂ්‍ය ජීවිතය අපට කියා දෙන මහඟු පාඩම එයයි.
    උ-ගැ : දුක දිනා ජය ගත් මිනිස්සු By
    චන්ද්‍රසිරි දොඩන්ගොඩ
    සටහන අකුරැ කරේ- Dinuka Siriwardhane
    විශේෂ ස්තූතිය -චන්ද්‍රසිරි දොඩන්ගොඩ
    දිවයින කතෲ මන්ඩලය
    ඡායාරූපය- Thisari Athukorala
    *** මෙය උපුටා පල කරන්නේ නම් කතෲ අයිතිය සුරකින්න.
     

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    41,210
    198,861
    113
    Colombo, Sri Lanka
    images.png
     

    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,400
    13,043
    113
    ඔය වගේ ධෛර්යවන්ත මිනිස්සුන්ගෙ කතා මචං මාර වටිනවා. අපේ පැත්තෙත් කීපදෙනෙක් ඉන්නවා. බිංදුවෙන් පටං අරගන උඩටම ගිය මිනිස්සු. එක බුවෙක් ඉන්නවා විංකලයකින් පටන්ගත්ත. අද ඉඩම් අක්කර 400කට වඩා තියනවා එයාට. හොඳම සීන් එක එයාගෙ විංකලේ තාම කඩලා නෑ. ඒක ඒ විදිහටම තියනවා. ඉඳලා හිටලා වෙලාවක් හම්බඋනාම පොර තාම ඒකෙ පැච් දානවා ආතල් එකට..