එචිඩ්නා

djjaya

Well-known member
  • Feb 16, 2013
    6,244
    1,394
    113
    место неизвестн&
    ඉත්තෑවකු මෙන් කටු සහිත එචිඩ්නා නමැති ඈන්ටීට වර්ගයේ මේ සතුන් සිය වර්ගයා බෝකිරීමට අපූරු ක්‍රමයක් අනුගමනය කරයි. ඕස්ට්‍රේලියාවේ ටොරොංගා සත්ත්වෝද්‍යානයේ දී එචිඩ්නා සතුන්ගේ දර්ශන ඡායාරූපයට නැගිමෙන් පසු ඒ බව හෙළිවී ඇත.
    එචිඩ්නා සතුන් එකා පසු පස එකා ගමන්කරන ආකාරය ඉතා සුලබ දසුනකි. එසේ වුව ද මෙයට හේතුවක් මෙතෙක් අනාවරණය වී තිබුණේ නැත. ටොරොංගා සත්වෝද්‍යානයේ සේවකයන් පවසන්නේ මේ සතුන් පේළියේ සැමවිටම ඉදිරියෙන් ගමන් කරන්නේ ගැහැනු සත්ත්වයකු බවයි. ඒ පසුපස පිරිමි සතුන් එකිනෙකාට අතිශයින් සමීපව ඉතා දුෂ්කර ගමණක යෙදෙන බව ද ඔවුහු කියති. එයට හේතුව සොයා බැලීමේ දී පෙනීගොස් ඇත්තේ ගැහැනු සතුන් සිය ප්‍රජනක කාලයේ දී පිරිමි සතුන් ආකර්ශනය කරගැනීමට ලිංගික හෝමෝනයක් නිකුත් කරන බවයි. එයට ආකර්ෂණය වන පිරිමි සතුන් ගැහැනු සතා පසුපස උගේ අඩිපාරේ ගමන් කරයි.
    මෙය අපූරු දසුනකි. උද්‍යාන සේවකයන් පවසන්නේ එය එචිඩ්නා කෝච්චිය යනුවෙනි. මෙලෙස තමා පසුපස වැටී සිටිනි පිරිමි සතුන් අතරින් එකකු ගැහැනු එචිඩ්නා සිය සහකරු ලෙස තෝරාගනී. මෙවැනි අසීරු චාරිකාවක පිරිමි සතුන් යෙදවිමෙන් පසු ස්වකීය වල්ලභයා තෝරාගැනීම ප්‍රහේලිකාවක් බව සත්ත්ව විද්‍යාඥයෝ කියති. ගැහැනු සතා විඩාපත් වූ විට තමා පසුපස මුලින්ම සිටින පිරිමි සතා සමග එක්වන බව නිරික්ෂණය කැර තිබේ.
    ස්වභාවික වනයේ දී නම් මෙවැනි ගැහැනු සතකු පිටුපස පිරිමි සතුන් 10ක් පමණ ගමන් කරන බව සත්ත්ව විද්‍යාඥයෝ කියති. අවුරුදු 40ක පමණ කාලයක් ජීවත්වන මේ සත්ත්වයකු තම වර්ගයා බෝ කරන්නේ බිත්තර දැමීමෙනි. ජුනි සිට සැප්තැම්බර් දක්වා කාලයේ ඔවුන් අභිජනනය කරයි.



    1411691846473_wps_22_Trailing_success_for_Taro.jpg


    1411691858934_wps_24_Trailing_success_for_Taro.jpg


    1411691873454_wps_26_Trailing_success_for_Taro.jpg


    1411691884353_wps_27_Trailing_success_for_Taro.jpg


    1411698303382_Image_galleryImage_Trailing_success_for_Taro.jpg
     
    • Like
    Reactions: Harsh7046

    powers

    Well-known member
  • Dec 8, 2008
    3,356
    480
    83
    Nittambuwa
    Good Post..rep+6:D
    දෙන්න බැලු බන්
    You must spread some Reputation around before giving it to djjaya again.
     
    Last edited: