එජාපයට ඡන්දය දෙන්නැයි බල කොට කාන්තාවන් ද&#

Oct 27, 2010
1,996
200
0
Colombo 7
එජාපයට ඡන්දය දෙන්නැයි බල කොට කාන්තාවන් ද&#

එජාපයට ඡන්දය දෙන්නැයි බල කොට කාන්තාවන් දෙදෙනකුට පහර දීලා

එක්සත් ජාතික පක්ෂයට ඡන්දය ලබාදෙන්නැයි බලකරමින් කාන්තාවන් දෙදෙනකුට පහර දුන් බව කියන බේරුවල ප්‍රාදේශීය සභාවේ එ.ජා.ප. අපේක්ෂක එම්. මොහොමඩ් නමැත්තා හා ඔහුගේ සහායකයන් අත්අඩංගුවට ගැනීමට පොලිසිය විශේෂ කණ්ඩායමක් යොදවා තිබේ. සැකකරු බේරුවල ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති බවද පොලිසිය සඳහන් කරයි. බෙරුවල සාෆියා ප්‍රදේශයේදී ඉකුත්දා (16) සවස මේ ප්‍රහාරය එල්ල වී ඇත. පහරකෑමට ලක්වූ කාන්තාවන් දෙදෙනා මේ වන විට ප්‍රතිකාර සඳහා නාගොඩ රෝහලට ඇතුළත් කර ඇතැයි නියෝජ්‍ය පොලිස්පති ගාමිණී නවරත්න මහතා පැවසීය.

සැකකාර එජාප අපේක්ෂකයා ඇතුළු පහළොස් දෙනෙකුට වැඩි පිරිසක් නිවසකට බලහත්කාරයෙන් ඇතුල් වී මේ පහරදීම සිදුකර තිබේ. සිද්ධිය සම්බන්ධයෙන් එදිනම පුද්ගලයන් නව දෙනකු අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි. ප්‍රධාන සැකාකර එ.ජා.ප. අපේක්ෂකයා ඇතුළු හය දෙනකු මේ වන විට ප්‍රදේශය අතහැර ගොස් සැඟවී සිටින බවත් ඔවුන් අත්අඩංගුවට ගැනීම සඳහා කණ්ඩායමක් යොදවා සිටින බවත් පොලිසිය වැඩිදුරටත් සඳහන් කරයි. බේරුවල පොලිසිය හා තවත් විශේෂ කණ්ඩායමක් මේ පිළිබඳ පරීක්ෂණ පවත්වයි.
 

Topology

Member
Feb 24, 2011
2,395
225
0
Out of Elakiri.
chande balen ganna ba. eka kamathen diya uthi
mama hithenne anduva oitavada vada karala athi. police yath egolange nisa. no sound.
me rate hoda palakyaek na thama. inne okkoma horu. UNP,JVP,UPFA okoma ekai.
thama rata 3rd world.
 

Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    සුනිමල් මොරටුවෙ යුනිවර්සිටි ඒකේ දේශපාලන විද්‍යාව පිළිබද උපාධි පිරිනමනවද බන්

    එල් එකෙන් කාලදා අවේ අදත්