එජාපය කතුන්ට හිරිහැර කළා සමහරුන් නිරුවත#
එජාපය කතුන්ට හිරිහැර කළා
සමහරුන් නිරුවතින් මහ මඟ ඇදගෙන ගියා
ශ්‍රීලනිපයේ ප්‍රථම කත සිරිමාවෝ මැතිනියයි
මෙදා පුංචි ඡන්දයට කාන්තාවෝ 150ක්
එක්සත් ජාතික පක්ෂය මේ රට පාලනය කළ 1977 න් පසු කාන්තාවන් විවිධ කරදර හා අතවරවලට ලක්වූ බව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ප්‍රකාශ කරයි. ඇතැම් කාන්තාවන් නිරුවත් කර මහමග ඇදගෙන ගිය බවට ඉතිහාසයේ ලියවී ඇතැයිද ජනාධිපතිතුමා සිහිපත් කෙළේය.
ජාත්‍යන්තර කාන්තා දින සැමරුම් උළෙලේ ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගී වූ ජනාධිපතිතුමා එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් ඉදිරිපත් වූ ගර්භණී කාන්තාවකට එක්සත් ජාතික පක්ෂය පහරදීම හෙළා දකින බව ද සඳහන් කළේය.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂ කාන්තා සංවිධානය 100 වැනි වරට සංවිධානය කළ මේ සැමරුම් උළෙල කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේ ඊයේ (07) පැවැත්විණි.
ශ්‍රී ලාංකීය දේශපාලනය නින්දිත හා පහත් තත්ත්වයට පත්වීමට කිසිදු ආකාරයකින් ඉඩ නොතබන බව ජනාධිපතිතුමා මෙහිදී අවධාරණය කළේය.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂ දේශපාලනයේ පළමු කාන්තාව ලෙස සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණියගේ නම සිහිපත් කළ ජනාධිපතිතුමා තම පක්ෂය තුළ විශාල කැපකිරීමක් කළ කාන්තා දේශපාලනඥයන් සිහිපත් කරන බව ද කීය.
විරුද්ධ පක්ෂය බලයට පැමිණි සෑම අවස්ථාවකදීම මේ රටේ කාන්තාවන්ගෙන් පළිගැනීම අතීතයේ සිට දක්නට ලැබුණි. ඒ බව අද කාන්තාවනට අමතක වී තිබේ. ඒ වසර ගණනාවකින් එක්සත් ජාතික පක්ෂය බලයට පත්නොවීම නිසා බව ද ජනාධිපතිතුමා සිහිපත් කළේය.
ඉදිරි පළාත් පාලන මැතිවරණයට ශ්‍රීලනිප නියෝජනය කරමින් ඉදිරිපත් වී සිටින කාන්තාවන් 150 දෙනා ජයග්‍රහණය කරවීම තම අපේක්ෂාව බව මහින්ද රාජපක්ෂ මහතා පැවැසීය.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරන කාන්තාව සියලුදේට මුහුණ දෙමින් ඉදිරියටම පැමිණි සිටී.
ගතවූ කාලය තුළ මැතිවරණ 24 ක් ජය ගැනීමට හැකිවූ බව පෙන්වා දුන් ජනාධිපතිතුමා තම පක්ෂය කෙතරම් ජයග්‍රහණ ලැබූවද පළිගැනීමෙන් තොරව සියලුදෙනා සුහදව හා මිත්රශීලීව පිළිගත් බව සඳහන් කළේය.
සෞඛ්‍ය ඇමැති මෛත්‍රීපාල සිරිසේන, ආර්ථික සංවර්ධන ඇමැති බැසිල් රාජපක්ෂ, තාක්ෂණ හා පර්යේෂණ ඇමැතිනී පවිත්‍රාදේවි වන්නිආරච්චි, යෞවන කටයුතු හා නිපුණතා සංවර්ධන ඇමැති ඩලස් අලහප්පෙරුම, ළමා සංවර්ධන හා කාන්තා කටයුතු ඇමැති තිස්ස කරල්ලියද්ද, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ, ජේ. ආර්. පී. සූරියප්පෙරුම, මාලනී ෆොන්සේකා හා දකුණු පළාත් ආණ්ඩුකාර කුමාරි බාලසූරිය මහත්ම මහත්මීහු ඇතුළු විශාල පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියහ.