එජාප පෙළපාලිකරුවෝ වෙඩි තබා ගනිති මන්ත්
පෙළපාලිකරුවෝ වෙඩි තබා ගනිති… එජාප මන්ත්‍රී වෙඩි වැදී රෝහලේ
එජාප නායකත්වයෙන් රනිල් වික්‍රමසිංහ මහතා ඉවත් කිරීම සඳහා අද ආරම්බ වූ පා ගමනේදී එල්ල වූ වෙඩි ප්‍රහාරයක් හේතුවෙන් තුවාල ලැබූ එම පක්ෂ දකුණු පළාත් සභා මන්තී‍්‍ර නිෂාන්ත පූෂ්පකුමාර මහතාට බරපතල තුවාල සිදු වී ඇති බව වාර්තා වේ.
මෛතී‍්‍ර ගුණරත්න හා ශිරාල් ලක්තිලක යන පළාත් සභා මන්තී‍්‍රවරුන්ගේ මූලිකත්වයෙන් සංවිධාන කෙරුණු පාගමනට විරෝධය පාමින් සහ රනිල් වික්‍රමසිංහ මහතා පක්ෂ නායකත්වයේ තවදුරටත් රැදිය යුතු බවට යෝජනා කරමින් එජාප මන්ත්‍රී මංගල සමරවීර මහතාගේ මූලිකත්වයෙන් සංවිධානය කරන ලද විරෝධතා දෙක නිසා මෙම ගැටුම ඇති වී තිබේ.
රනිල් වික්‍රමසිංහ මහතාට සහය පල කිරීම වෙනුවෙන් සංවිධාන කෙරුණු පාගමනේ ප්‍රධාන සංවිධායකයෙකු ලෙසද එක්සත් ජාතික පක්ෂයේ දකුණු පළාත් සභා මන්තී‍්‍ර නිෂාන්ත පූෂ්පකුමාර මහතා කටයුතු කලේය.
මෙම වෙඩි තැබීම සිදු වී ඇත්තේ පාගමන් දෙකම මාතරට පැමිණිමෙන් අනතුරුවයි. වෙඩි තුවාල ලැබු මන්තී‍්‍රවරයා මේ වන විට කරාපිටිය රෝහල වෙත ඇතුල් කර ඇති අතර වෙඩි වැදීම නිසා තවත්පුද්ගලයන් තිදෙනෙකු තුවාල ලබා තිබේ.
වෙඩි තැබීමට සැක පිට දකුණු පළාත් සභා මන්ත්‍රී මෛත්‍රී ගුණරත්න මහතාගේ පියා හර්මන් ගුණරත්න පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත්තේ ගිනිඅවියක කොටසක් සහ උණ්ඩ කිහිපයක් ද සමගිනි.
පොලීසිය මැදිහත් වී පෙලපාලි දෙකම නවත්වා තිබේ.

Last edited: