එජායට ආසන 115 යි: එජනිසයට ආසන 74 යි:

Dilwale

Banned
Aug 10, 2015
16
14
0
එජායට ආසන 115 යි: එජනිසයට ආසන 74 යි:

අගොස්තු 17 දා එළැඹෙන පාර්ලිමේන්තු මැතිවරණයේදී එක්සත් ජාතික පක්ෂය (පෙරමුණ) ආසන 115 ක්ද එක්සත් ජනතා නිදහස් සන්ධානය ආසන 74 ක්ද ජනතා විමුක්ති පෙරමුණ ආසන 15 ක්ද දෙමළ ජාතික සන්ධානය ආසන 15 ක් ද ලබා ගත හැකි බව ලංකාවේ දුර්ලභ ඝනයේ ඡන්ද ශ්‍රාස්ත්‍රඥයෙකු (Psephologist) වාර්තාවක් සකස් කරමින් පවසා සිටී.

සෙෆොලොජි (Psephology) හෙවත් ඡන්ද විද්‍යාව යනු ගණිතයාණුකූලව ද, පැවැති සහ අද පවතින රැලි මත ද, සමානුයෝජීයව විග්‍රහ කෙරෙන විද්‍යාවකි. ඒ පිළිබඳ බහුස්‍රැතයන් ලංකාවේ සිටීනම් ඒ එක අතැක ඇඟිලි ප්‍රමාණයටත් අඩුවෙනි. ඔවුහු එක් කනා පොට්ටයක් ගසා පසුව ජාතික ලැයිස්තුවලට රිංගන බටිති මලිත්-තන්ද නොවෙති. එමෙන්ම ජාතිවාදීව හෝ ආගම්වාදීව හෝ තම විශ්ලේෂනයන් ඉදිරිපත් කරන්නෝද නොවෙති.

ඉහත කී වාර්තාව ගෙන එන එන්.රහ්මන් වනාහී වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම ඡන්ද ශ්‍රාස්ත්‍රඥයෙකි, සෙෆොලොජිස්ට් (Psephologist) වරයෙකි. එම වාර්තාව සම්පූර්ණයෙන් ලංකා ඊ නිව්ස් ඉංග්‍රීසි සංස්කරණයේ දක්වා ඇති අතර මෙහි අවසානයේ සේයාරුවක් සේ දක්වා ඇති වගුවෙන් ද විස්තරාත්මක විග්‍රයක් කියැවිය හැකිය.

Prediction-Sin.jpg


අප මේ පූර්විකාව ගෙන ආවේ ලංකාවේ මාධ්‍ය යනු මාෆියාවකැයි සිතා කටයුතු කරන ‘ගොඩේ ෆාදර්‘ නමැත්තෙක් (ඔහු තමා විසින්ම හඳුන්වා ගන්නේ ‘ගෝඩ් ෆාදර්‘ ලෙසය) විසින් මැතිවරණය ප්‍රතිඵල සම්බන්ධයෙන් රාජ්‍ය බුද්ධි අංශය සැකසූ වාර්තා යැයි ගොතමින් දෙසා බානා බයිලා හෙළි කිරීමටත් සමගය

ලංකා ඊ නිව්ස් විසින් සොයා බැලූ විට දැන ගන්නට ලැබුනේ රාජ්‍ය බුද්ධි සේවය මෙතෙක් ඡන්ද ප්‍රතිඵල සම්බන්ධයෙන් කිසිදු සමීක්ෂණ වාර්තාවක් සකසා කිසිවෙකුට ඉදිරිපත් කර නැති බවයි. මන්ද යත් පැවැති රාජපක්ෂ රෙජීමය සේ වත්මන් ජනාධිපතිවරයා හෝ අගමැතිවරයා හෝ රාජ්‍ය බුද්ධි සේවයෙන් මැතිවරණ සමීක්ෂණ වාර්තා ඉල්ලා නැති නිසාය.

ජනාධිපතිවරයා යම් සමීක්ෂණයක් කර ඇති අතර එය සිදු කර ඇත්තේ තමන්ගේ ජනාධිපති ලේකම් කාර්යාලය හරහා ය. එම වාර්තා ද ඉහත කී සෙෆොලාජිස්ට් එන්.රහ්මන් ගේ වාර්තාව ද අතර ලොකු වෙනසක් නැත.

ජනාධිපති ලේකම් කාර්යාල වාර්තාවේ සඳහන් වන්නේ
එක්සත් ජාතික පක්ෂය (පෙරමුණ) ආසන 108 ක් ලබා ගන්නා බවත්
එජනිසය ආසන 87 ක් ලබා ගන්නා බවත්
ජවිපෙ ආසන 10 ක් ලබා ගන්නා බවත්
දෙමළ ජාතික සන්ධානය ආසන 18 ක් ලබා ගන්නා බවත්
සහ අනෙක්වා බෙදී යන බවත් ය.

කෙසේ වෙතත් රහ්මාන්ගේ වාර්තාව සකසා ඇත්තේ ජනවාරි 8 දා ජනාධිපතිවරණ ප්‍රතිඵලය අනුව එජනිසයට ලැබෙන ආසන සංඛ්‍යාවත් ජනවාරි 8 න් පසුව ඇති වූ ජන රැලි සමග ලැබිය හැකි මන්ත්‍රී සංඛ්‍යාවත් සහ 2001 එජාපය ජයගත් මැතිවරණයේ ප්‍රතිඵලයත් සැලකිල්ලට ගනිමිනි.
 
  • Like
Reactions: kinkon

laknath123

Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    දැන් එහෙනම් පක්ෂවල අයට ප්‍රචාරක වැඩ පිළිවෙල නවත්තන් කියන්නද ඈ.. :lol:
     

    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    mona boruwakda bn me yako unp eka kurunegalath dinnawa meke hetiyata .hambanthoto galle matara ,rathnapura unp pissuda bn .boruwak unath mehema demma ma wedak thiyeda?
     

    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    ඡන්ද විද්‍යාව නෙවෙයි බන් චන්ද විජ්ජාව