එදාබුදුරජාණන්වහන්සේ විසින් ලෝක විවරණය ක&

dewage55

Junior member
  • Jan 8, 2008
    803
    16
    18
    Saudi arabia[sri lanka] padukka
    එදාබුදුරජාණන්වහන්සේ විසින් ලෝක විවරණය ක&

    එදාබුදුරජාණන්වහන්සේ විසින් ලෝක විවරණය කරන අවස්ථාවේ සිද්ධ​ වෙච්ච් සුවිශේෂි
    > සිදු වීම් කීපයක් ගැන ලියන්න."අවිජහිත භූමි" කියල කියන්නේ සියලුම
    > බුදුරජාණන්වහන්සේලා හට පොදු වෙච්ච භුමි. එවැනිස්ථාන හතරක් ලෝකයේ පවතිනව.
    > ~සියලුම බුදුරජාණන්වහන්සේලා සියළු ක්ලේෂයන් නසා බුද්ධත්වයට පත්වන වන ස්ථානය
    > - ගයාවේ වජිරාසනය~පළමු වරට ධර්ම චක්‍රය ප්‍රවර්තනය සිදු කරනු ලබන ස්ථානය
    > (ප්‍රථ​ම ධර්ම දේශනාව වන ද​ම්සක් පැවතුම් සුත්‍රය දේශනා කරන ස්ථානය)
    > - ඉසිපතන මිගදාය​~සියලුම බුදුරජාණන්වහන්සේලා විසින් වැඩිම කලක් වස් වසන ස්ථානය
    > - සැවැත් නුවර ජේතවනාරාමය​~මාතෘ දෙව් පුත් හට අභිධර්මය දේශනා කොට වස් තුන්
    > මස් අවසානයේ දී ලෝක විවරණය සිදු කරමින් නැවත මෙළොවට වැඩම කරන ස්ථානය - සංකස්ස
    > පුරය
    > නූතන ලෝකයේ මේ උතුම් වූ පුජා භුමිය (සංකස්සපුරය) හැදින් වෙන්නේ ‘සන්කිසා’ යන
    > නමිනු යි. මේ උතුම් වූ පුජා භුමිය පිහිටා තියෙන්නේ භාරතයේ උත්තර
    > ප්‍රදේශයේ Sarrukhabad කියන පළාතේ.
    > ඉතින් එදා ලෝක විවරණය සිදු කළාවූ අවස්ථාවේ දී සුවිශේෂි සිදුවීම් කීපයකුත් සිදු
    > වුනා. එක් සිදුවීමක් තමා අනාගතයේ මිනිසුන් ගේ ආයුෂ අවුරුදු අසූදාහ දක්වා
    > වැඩි වූ විට මේ මහා භද්‍ර​ කල්පයේ පස්වනුව​ ලොව​පහළවන මෛත්‍රි බුදුරජාණන්වහන්සේ
    > අවසන් වරටනියත​ විවරණ ලැබුවේත් බුද්ධත්වයට පත්වීමට පෙර අවසාන වරට පැවිදි බව
    ලැබුවේත් ඒ අවස්ථාවේ දී.
    > ගෞතම බුද්ධ ශාසනයේ ප්‍රඥාවන්ත​ භික්ෂුන් වහන්සේලා අතරින් අග්‍ර වූ සාරිපුත්ත
    > මහරහතන්වහන්සේ ට එම අගතනතුර අපගේ ගෞතමබුදුරජාණන්වහන්සේ විසින් ප්‍රදානය
    > කරන ල​ද්දේත් එදා.
    > ඉතින් එදා එතනට රැස් වෙච්ච දෙව් මිනිසුන් දස දහස් ගණ​නින් මාර්ග​ ඵල අවබෝධය
    > කරා. එතනට රැස් වෙච්ච අතිවිශාල භික්ෂු සංඝයා වහන්සේ ලා උතුම් වූ අරහත්වය
    > සාක්ෂාත් කළා. ඉතින් බලන්න අපගේගෞතම බුදුරජාණන්වහන්සේ විසින් ලෝක විවරණය සිදු
    > කල ඒ දවස කොතරම් ආශ්චර්යමත් ද කියල.
    > ඉතින් අපි හැමෝම දෙව් මිනිසුන්ගේ එකම ශාස්තෘන් වහන්සේ වන අපගේ මහා
    > මුනිරජාණන්වහන්සේලෝකයේ දෙව් මිනිසුන් වෙත පතළ මහ කරුණාවෙන්ලෝක විවරණය සිදු
    > කළා වූ ඒ ආශ්චර්යමත් අත්භුත වූ අවස්ථාව සිහි කරගෙන අපගේ සිත් ඒ කෙරේ පහදවාගෙන
    > කුසල් සිතම වඩමු. අනන්ත වූ අප්‍රමාණ වූ බුදු ගුණම සිහි කරමු.
    > ඔබ සැමට තෙරුවන් සරණ වේවා.......
    > උතුම් වු ඒ අමා නිවන් සුවම ලබත්වා!!!
     

    sudunone

    Member
    May 23, 2009
    3,781
    121
    0
    බොහොම පින්. ඔය සංකස්ස පුරේ වැදගත් වෙන හේතුව මං දැන හිටියෙ නෑ.