එදා ඉඳන් අද වෙනකල් ලංකාවේ නිධන් හොරු

umedhah

Active member
  • Jun 14, 2006
    466
    207
    43
    AKL, NZAA
    එදා ඉඳන් අද වෙනකල් ලංකාවේ නිධන් හොරු

    නිධන් හොරු ගැන කතා කරනකොට මේ කාලේ නං දේශපාලනය පටලවාගන්නෙ නැතුව බෑ. ඔය හිටපු රජකුමාරවරු සහ අන්තේවාසිකයෝ විතරක් නෙවෙයි, ලංකාවේ එක් එක් පැතිවල ඉන්න ප්‍රාදේශීය නායකයොත් ඉතින් නිධන් ගැරිල්ලට කප් ගහපු කප්පිත්තො වෙච්චි. ඉතින් අනික් එවුන් ගැන කවර කථාද!

    1. නිධානයක් කිව්වේ අය්යා?

    TreasureHunters-01.jpg
    Source – askgramps.org


    ඔය අසූව අනූව දශකවල පැංචෝ කාලේ හිටපු අපිට නං ඔය නිධන් සීන් සෑහෙන හිත දිනාගත්තු මාතෘකා වෙලා තිබුණා. ඇයි ඉතින් නිධානය පිචර් එකෙන් පටන් ගත්තට පස්සේ නිධන් හෑරිල්ල එක්ක සෙට් වුණු යොවුන් නවකතා කොයි තරම් නං ආවද. ඉතින් ඔය දොඹගල නිධානය වගේ පොතක් කියෝලා අපිටත් නිධන් සීන් එක මාරම කුතුහලයක් වෙලා තිබුණේ.

    2. නිධන් වදුලක් නැතුව මොකුත් බෑ!

    TreasureHunters-02.jpg
    Source – businessinsider.com


    දැන් ඔය ඕනම ට්‍රෙෂර් හන්ට් එකකට යන ලොක්කෙක් ‘මැප්’ එකේ විදියටනේ ගිහින් නිධානේ හොයාගන්නේ. ඔය මැප් ඇඳලා තියෙන්නෙත් ඕනම ආතෙක්ට පුතෙක්ට තේරෙන විදියට නෙවෙයි. එහෙම වුනා නං ගමම යනවනේ ට්‍රෙෂර් හන්ට්! දැන් ඔය නිධන් වදුල කියන්නේත් ලංකාවේ ක්‍රමේට මැප් එක තමයි. ඔය වදුලු සාහිත්‍යය කියන්නේ වෙනම එකක්. වැව් වදුලු බෙහෙත් වදුලු වගේම නිධන් වදුලු ලියවිලා තියෙනවා. නිධන් වදුලක් කියන්නේ බොහෝ විට පුස්කොළේ ලියපු පරණ කාලේ එකක් නම් මේක නිධානයකට සම්බන්ධයි කියලා හිතාගත්තැහැකි. හැබැයි නිධන් වදුල කියවලා ඒකේ තියෙන රහසිගත උපදෙස් වලට අනුව නිධානේ තියෙන තැන පින් පොයින්ට් කරගන්න එකත් ගේමක්. සෙල්ලමට කරන්න පුලුවන් දෙයක් නෙවෙයි. ඉන් පස්සේ නිධානේ බහ් ගාලා ගිහින් හාරලා ගන්න බෑ. ඒකට අම්බානෙක පුදපූජා වතාවත් තියෙනවා. මේන්න මේ නිධන් ගැනීමේ ගුප්ත පැත්ත තමයි මේ තරම් ආකර්ෂණයක් ගේන්න හේතුවෙන්නේ.

    3. කවුද අනේ ඔය නිධන් එහෙ මෙහෙ දාලා යන්නේ?

    TreasureHunters-03.jpg
    Source – treasurenet.com


    දැන් ඔය රජ ගොල්ලො කුමාර ගොල්ලො එහෙම හිටියනේ ඉස්සර. ඔය කට්ටියට වස්තුව එහෙමත් තිබුණා උතුරන්න. ආයි නෑ කෙලින්ම රත්තරන් මුතු මැණික් වලින් තමයි. දැන් ඔය හතුරු ආක්‍රමණ ආවහම, නැත්තං රජ කමේ කේස් ගියහම එහෙම මේ වස්තුව ‍රැකගන්න ක්‍රමයක් එපෑ. භාණ්ඩාගාරෙ තියල ගියොත් වස්තුවේ වයන්නවත් ඉතුරු වෙන්නෙ නෑ. ඉතින් හොඳම ක්‍රමේ තමයි කවුරුත් නොදන්න රහසිගත තැනක හංගලා, වලළලා යන එක. දැන් ඔහොම කිව්වට නිකම්ම වලක් හාරලා වස්තුව ඒකට දාලා වල වහල යන්නත් බෑනේ. ඒ හින්දා තමයි මැප් එක ලියන්නේ, හංගපු තැන ආයෙමත් හොයාගන්න. හංගන්නෙත් එසේ මෙසේ තැන්වල නෙවෙයි. මහා කළු ගල්තලා යට, රූස්ස ගස් යට, සමහර වෙලාවට වැව් අස්සේ පවා. ඔය නිධන් හංගලා තියෙන තැන් ටක්කෙට හොයාගන්න එක එක සලකුණු එහෙමත් සටහන් කරලා තියෙනවා කියලා කියනවා. ඒ කියන්නේ නාග ලකුණු, කුකුල් අඩි, ගෙඹි සලකුණු වගේ ඒවා. ගලේ තමයි ගොඩක් වෙලාවට කොටලා තියෙන්නේ!
    හැබැයි තව නිධන් ජාතියක් තියෙනවා. දැන් අපි ගෙයක් හදනකොට වුනත් පෙට්ටියක දාපු අනන් මනන් නිධන් කරන පුරුද්දක් තියෙනවනේ. ඇත්තටම ඔය සිරිත එන්නේත් අතීතයෙන් තමයි. අතීතයේ ඔය වෙහෙර විහාර, ප්‍රතිමා හදනකොටත් ඔය විදියටම වටිනා කියන රන් රිදී මුතු මැණික් නිධන් කරන සිරිතක් තිබුණා. මේවලට නං නිධන් වදුලු නෑ. මොකද ආයෙමත් ගන්න බලාගෙන නිධන් කරන ඒවා නෙවෙයිනේ. හැබැයි නිධන්හොරු මේවා පුරාවස්තු කියලා බලන්නෙ නෑ. දකින දකින හැම පුරාවස්තුවම කඩලා, හාරලා බලනවා නිධන් තියෙනවද කියලා. මේක ලංකාවට විතරක් පොදු සිරිතකුත් නෙවෙයි. ඔය ඊජිප්තුව ඇතුළු තවත් සෑහෙන්න රටවල පුරාවිද්‍යාත්මක වටිනාකමක් තියෙන වස්තු විනාස වෙලා ගිහින් තියෙනවා මෙහෙම නිධන් හොරු පැනලා නිධන් ගන්න විනාශ කරලා.

    4. නිධාන ගැන ජනප්‍රවාද

    TreasureHunters-04.jpg
    Source – shockblast.net, youtube.com, tryflintox.tumblr.com


    දැන් ඔය නිධාන ගැන ජනප්‍රවාදයේ එන්නෙ මෙහෙමයි. රජා වස්තුවත් අරගෙන යන්නේ තමන්ගේ විශ්වාසවන්තම සේවකයත් එක්ක. ගිහින් වස්තුව නිධන් ගර්භයේ තැන්පත් කලාට පස්සේ රජතුමා කියනවලු සේවකයට මේ වස්තුව ඔක්කොම උඹටයි, මේක ‍රැකගෙන ඉඳපන් කියලා. එතකොට මේ සේවකයා වස්තුවේ ආසාවෙන් නිධන් ගර්භයට නැවිලා බලනකොට රජ්ජුරුවෝ කරන්නේ සරාස් ගාලා සේවකයගේ හිස ගසා දානවා මගුල් කඩුවෙන්, හිසයි ලේයි වලටම වැටෙන්න. දැන් අර වස්තු තන්හාසෙන් මැරුණු සේවකයා ඉපදෙනවා මෙතනම බහිරවයෙක් වෙලා. දැන් ඉතින් මොන කෙරුම්කාරයට වුනත් නිධන් වදුල හොයාගත්තත් අත් දෙක වන වනා ඇවිත් නිධානේ ගන්නවා බොරු. ඒකට හරියට වතාවත් කරන්න ඕනා. මේ හැමදේටම වැඩියෙන් බහිරවයාට බිලි දෙන්න ඕන. මේ එකක් හරි පොඩ්ඩක් ගැස්සුනොත් නිධානේ ගන්න ආපු එවුනුත් භයානක විදියට මැරෙන්නේ!

    5. බිල්ලක් නං තුන් කුළුඳුල්!

    TreasureHunters-05.gif
    Source – youtube.com

    අපේ කාලේ නිධන් ගැන ආපු යොවුන් නවකථා කියෝලම ‘නිධන් හාරන්න බිලි දෙන්න ලමයි අල්ලගෙන යනවා’ කියන එක අපේ කාලේ අර්බන් මිත් එකක් වුනා. බොරුත් නෙවෙයි. එහෙම වුණු අවස්ථාත් ඉස්සර ඕන තරම් තිබුණා. ඇත්තටම හැත්තෑව, අසූව, අනූව දශකවල දරුවෙක් කුළුඳුල් හරි තුන්කුළුඳුන් හරි නං අම්මලා තාත්තලා සෑහෙන්න දරුවව පරිස්සං කරනවා. කුළුඳුල් කියන්නේ පවුලේ පළවෙනි, ඒ කියන්නේ වැඩිමල් දරුවා කියන එක. තුන් කුළුඳුල් කියන්නේ එක පවුලක වැඩිමලා වුනු ගෑණු දරුවා, තවත් පවුලක වැඩිමලා වුණු පිරිමි දරුවාව කසාද බැඳලා, ඒ දෙන්නට හම්බුවෙන පළවෙනි දරුවා. දැන් මේ දරුවා තුන් කුළුඳුල් කියන්නේ සෑහෙන්න දුර්ලභ තත්වයක් වගේම නිධන් හොයන්නන්ට මරු ටාගට් එකක් කියලා බයක් ඒ කාලේ සෑහෙන්න පැතිරිලා තිබුණා. දැනට වුනත් ඒ බය නැහැමයි කියන්න බෑ.
    දැන් ඔය කතාවේ හැටියට බහිරවයාට බිල්ලක් නොදී නිධානෙ ගන්න බෑනේ. හැබැයි නිකම්ම එළුවෙක් කුකුළෙක් බිලි දීලා හරියන්නෙ නෑලු. එක්කෝ කුළුඳුල් දරුවෙක්. නිධානේ සෑහෙන්න ලොකුයි නම් තුන් කුළුඳුල් බිල්ලක්ම දෙන්න වෙනවාලු. කථාවට කියන්නේ හරියට පුද පූජා කරලා බිල්ල දුන්නහම ගල් තලය පලාගෙන නැත්තම් වැව් දිය දෙබෑ කරගෙන නිධානෙ මතුවෙනවා කියලා තමයි. හැබැයි ඉතින් මේ ජනප්‍රවාද තමයි. ඇත්තයි කියන්න සාධක නෑ.

    6. මිනිස්සු ඇයි මේ තරමට නිධන් හොයන්න ආස?

    TreasureHunters-06.jpg
    Source – nypost.com


    අන්න ප්‍රශ්නේ. සාමාන්‍යයෙන් ඕකට පටස් ගාලා හම්බුවෙන උත්තරේ වෙන්නේ සල්ලි හොයන්න කියන එකනේ. ඔව්, ඔය බිස්නස් කරලා හන්ටර් වෙච්ච එවුන්, ලෝකේ කරන්න තියෙන හැම මගුලම කරලාත් සම්තින්ග් එකක් හොයාගන්න බැරි වුණු එවුන් ලාස්ට් රිසෝට් එක විදියට බහින්නේ නිධන් හොයන්න තමයි. ඔය දේශපාලකයොත් සල්ලි තණ්හාවට සහ බල තණ්හාවට නිධන් හොයනවා. මොකද ඔය සමහර නිධන් වල රන් රිදී මුතු මැණික් වස්තු විතරක් නෙවෙයි, ඒ කාලේ රජගොල්ලො ගාව තිබුණු අද්භූත බලයන් තියෙන වස්තු එහෙමත් නිධන් කරලා තියෙනවා කියල ජනප්‍රවාදයේ එනවනේ. අන්න ඒවා ගන්නත් ඔය බලවත්තු නිධන් හාරවනවා.
    හැබැයි නිධන් හොයන්න තවත් හේතුවක් තියෙනවා. ඒ තමයි ට්‍රෙෂර් හන්ට් කියන මිනිහාට තියෙන ත්‍රාසජනක ආසාව. දැන් ඔය දඩයමේ යන්න ආස මිනිස්සු කොච්චර ඉන්නවද. ඒක ක්‍රීඩාවක්නේ. අන්න ඒ වගේ ට්‍රෙෂර් හන්ටින්ග් කියන්නේත් ක්‍රීඩාවක්, ත්‍රාසජනක ක්‍රියාවක්. ඉතින් ඒ ආතල් එකට නිධන් හොයන්න යන එවුවොත් ඕන තරම් ඉන්නවා.
    දැන් ට්‍රෙෂර් හන්ට් කියන ක්‍රීඩාව පවා හැදිලා තියෙන්නේ ඔය ආසාව සන්සිඳවන්න තමයි. හැබැයි මේ ට්‍රෙෂර් හන්ට් අර වගේ අවදානම් හරි, නීතිවිරෝධී හරි නැහැ.

    7. නිධන් හෑරිල්ලෙන් නැති වෙන අපේ අතීතය

    TreasureHunters-07.jpg
    Source – archaeologynewsnetwork.blogspot.com


    දැන් අපි යතාර්ථයට ආවොත්, ඇත්තටම මේ නිධන් හොරු නිසා ජීවිත නැති වෙලා තියෙනවා විතරක් නෙවෙයි, මිල කරන්න බැරි තරමේ පුරාවිද්‍යාත්මක වටිනාකමක් ඇති ස්ථාන, වස්තු විනාශ වෙලා ගිහින් තියෙනවා. පොළොන්නරුව පරාක්‍රම සමුද්‍රයේ නැගෙනහිර දිසාවේ ජලයෙන් යටවී ඇති දූපතක තිබුණු මහා පරාක්‍රමබාහු රජතුමාගේ සීත මාලිගය නිධන් හොරු ගිහින් හාරලා විනාශ කරලා කියලා ආරංචි වුනා. එතකොට පොතුවිල් අක්කරෙයිපත්තු පාරේ දාරම්පොළ රක්ෂිතයේ ඉපැරණි චෛත්‍යයක් හාර හාර ඉන්නකොට පොලිසිය පැනලා වටලලා තිබුණා. එතකොට පොළොන්නරුවේ ගල් විහාරය ආසන්නයේ රක්ෂිතයක හාර හාර හිටපු හමුදා සෙබලෙක්ව පොලිසියෙන් අල්ලලා තිබුණා. මේ අවුරුදු පහක හයක කාලේ ඇතුළත් අහන්න ලැබුණු ප්‍රවෘත්ති අටෝරාසියෙන් දෙක තුනක් විතරයි. කටකථා වලට අනුව දේශපාලකයන්ගේ අනුග්‍රහයෙන් සිද්ධ වෙන නිධන් හෑරීම් පත්තරවලට තියා පොලිසියටවත් යන්නෙත් නෑ. දැන් ඇත්තටම නිධන් හාරන්න නිධන් වදුල් ඕන නෑ. ඕන කරන්නේ බැකෝ වගේ හාරන යන්ත්‍ර සහ දේශපාලන බලේ විතරයි.
    හැබැයි එකක්. නිධන් හෑරීම නීති විරෝධීයි කියන එක පැත්තකින් තියමුකෝ. නිධන් හෑරීම නිසා අපිට අහිමි වෙන්නේ අපේම පෞරාණික උරුමයන්. අපේ ඉතිහාසයේ කොටස්. ඒ හින්දා නිධන් හෑරීමට විරුද්ධ වීම විතරක් නෙවෙයි, ඒ වගේ දෙයක් ගැන දැනගත්තත් වහාම අදාළ අංශයන්ට පැමිණිලි කරන එක අපි හැමෝගේම වගකීම.

    Cover Image Source – thewholerealm.com

    Source: http://www.aniwa.lk/2016/11/21/1611213-treasure-hunters-in-sri-lanka/
     

    Ambatta

    Active member
  • Jun 27, 2016
    453
    95
    28
    එදා ඉඳන් අද වෙනකල් ලංකාවේ නිධන් හොරු


    z_P05-President.jpg






    rcxem8NU.jpeg








    220px-Lakshman_Namal_Rajapaksa.jpg