එදා එයාගෙන් මම කැමැත්ත අහපු වෙලේ, එයා මට කිව්වේ
"චී.. තමුසෙ වගේ කෙනෙක්ට මම කැමති වෙයිද. බලනවකෝ මූණේ හැටි. වඳුරෙක් වගේනේ" කියලා..
ඒම කියලා එයාගෙ යාළුවොත් එක්ක මට හිනා වෙද්දි මම එතනින් ආවේ
"හරි නංගි, මම යනවා, දවසක ඔයාම මාව දැකලා මගේ පස්සෙන් එන විදියට වැඩ කරනවා"
කියල හිතාගෙන..
අවුරුදු හයකට පස්සේ ඊයේ මම එයාව දැක්කා. පානදුරේ රෙදි කඩේකට ඩෙනිමක් ගන්න ගිය වෙලාවේ. ඒකේ රෙදි විකුණන්න ඉන්න ගැහැණු ළමයි කිහිප දෙනාගෙන් කෙනෙක් එයා. දුකත් හිතුනා, එදා මට කැමති උනානම් ඕම කඩවල් ගාණේ දුක් විඳින්න දෙන් නෑනේ මම..
මම හිතුවේ අවුරුදු හයකට පස්සේ මම ගොඩක් වෙනස් වෙලා නිසා මාව අඳුනගන්නේ නැතිව ඇති කියල. ඒත්, මම තෝරගත්තු ඩෙනිමත් කරේ දාන් fit on room එක ඉස්සරහා ඉද්දි මගේ දිහා හොරෙන් හොරෙන් බලපු විදියට මම දැන ගත්තා මාව අඳුරගෙන තමා කියලා. එදා එයා මට කතා කරපු විදිය නිසා අද මගේ මූණ බලන් කතා කරන්න බැරි කමට හොරෙන් බල බල ඉන්නවා කියන එක තේරුම් ගන්න බැරි තරමට මම ළදරුවෙකුත් නෙමෙනෙ..
මට ඇත්තටම එයාව රිද්දන්න උවමනාවක් තිබ්බේ නෑ, ඒත් අද එයාට මාව දැක්කම හිතෙන්න ඇති, අපරාදේ එයා එදා මට අකමැති උනේ කියලා. ඒත් එයා පරක්කු වැඩියි දැන්..
මටත් තවත් ඒ කඩේ ඇතුලේ ඉන්න ඕන කමක් තිබ්බෙම නෑ. ඒ නිසා fit on room එකේ ඉන්න එකා ඉක්මන්ට එලියට වරෙන් කිය කිය හිත හිත හිටියේ සයිස් එක හරි නම් සල්ලි ගෙවලා සුටුස් ගාලා යන්න බලන්.
ඇතුලේ හිටපු කෙනා ආවා, ඒත් එක්කම මම ඇතුලට යන්න හදද්දිම,
"සර්..."
ඒ අර කටහඬමයි..
ආදරයෙන් ඔයා, මෙයා කියල කතා කරන්න තිබ්බ කටින් සර් කියද්දි ඇත්තටම මගේ පපුව පිච්චුන නිසාම මම පිටිසස්ස හැරිච්ච ගමන්,
"සර් කියන්න ඕන නෑ.. මට අයියා කියලා කතා කරන්න නංගි"
ඒම කියපු වෙලාවේ මම එයාගේ මුහුණෙන් දැක්කේ සතුටත්, දුකත්, ලජ්ජාවත්, බයත් එකතු වෙච්ච හැඟීමක්.
අමුතුම ලජ්ජාවකින් වගේ එයා මොකක් හරි කියන්න කට හදමින් වටපිට බැලුවා.
"ඇයි නංගි මොකො වටපිට බලන්නේ.."
"නෑ.. කවුරුත් ඉන්නවද කියල බැලුවේ ළඟපාත.."
මම අහපු දේට එයා එහෙම පිළිතුරු දුන්න.
"ඒ මොකො.. මොනා හරි කියන්න තියෙනවද.." මම එහෙම ඇහුවේ, මගේ ඇස් දෙක බලන් කෙලින් කියාගන්න බැරි දෙයක් එයාගේ හිතේ තියෙන බව මට දැනුනු නිසා.
"හුම්.." එයාගෙන් දිගු හුස්මක් පිට උනා..
"කියන්න ඉතින්.. ඔයා මොනා කිව්වත් මම අහන් ඉන්නවා.." මම ඒම කිව්වේ එයාගේ හිතේ විශ්වාසය ඇති කරන්න හිතන්..
"හ්ම්.. අයියා fit-on කරන්නද යන්නේ"
එයා ඒම ඇහූවේ කරේ තිබ්බ ඩෙනිම දිහා බලන්..
මට තේරුනා ඩෙනිම ඉස්සරහට දාන් දිග කතාවකට මුල පුරන්න තමා යන්නේ කියල. ඒ නිසා මම කෙටි උත්තරයක් දුන්නා..
"ඔව් නංගි.. සයිස් එක හරි ගියොත් අරගෙන යනවා."
මම ඒම කිව්වම, ආයෙත් එයා ඇහෙන නෑහෙන තරමට වචන කිහිපයක් මිමිණුවා..
" අයියේ.. මේම කිව්වට මුකුත් හිතන්න එපා."
"අයියෝ නෑ නංගි, ඔයා කියන්නකෝ.."
"ඕක ලේඩිස් ට්‍රව්සර් එකක් අයියේ. ජෙන්ට්ස් ඒවා තියෙන්නෙ සෙකන්ඩ් floor එකේ.."
© දුමිදු