එදා චිත‍්‍ර ඇන්ද තරුණයා කෝ.. පාස්පෝට් පෝලිමේද

BINGU_PUTHA

Well-known member
  • Apr 26, 2013
    12,133
    5,945
    113
    canada
    ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පස්වන ජාතික මහා සම්මේලනයේ දී පක්ෂ නායක අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා කළ සම්පූර්ණ කතාව මෙසේය.

    මිත්‍රවරුනි,

    පොදුජන පෙරමුණේ පස්වෙනි සංවත්සරයටයි අද අපි එකතුවෙලා ඉන්නෙ. අළුත්ම පක්ෂයකට වසර පහක් තුළ ජනාධිපතිවරයෙක් බිහි කරලා තුනෙන් දෙකක බහුතරයක් සහිත පාර්ලිමේන්තු බලයකුත් අරගෙන පස්වැනි සංවත්සරය සමරන්න ලැබෙයි කියලා එදා මේ රටේ කිසිම කෙනෙක් විශ්වාස කළේ නෑ. නමුත් අලුත් දේශපාලන පක්ෂයකට ‍ඓතිහාසිකව කරන්න පුළුවන් මහා පෙරළිය අද අපි කරලා තියෙනවා. ඒ සඳහා හිරේ විලංගුවේ වැටෙන්න හෝ මහපාරට වැටෙන්න සුදානමින් වුනත් කැපවුණ සියලු දෙනාට මම මගේ ගෞරවය මේ මොහොතේ පිරිනමනවා.

    මිත්‍රවරුනි,

    පොදුජන පෙරමුණේ ගෙවුන පස් වසරක කෙටි ඉතිහාසයෙන් ලංකාවේ දේශපාලනයට ලොකු පාඩමක් ඉගෙන ගන්න තියෙනවා. ආණ්ඩු බලය අහිමි වෙලා මර්දනයට ලක් වුණාම නැගිටින්නේ කොහොමද කියන එක ඉගෙන ගන්න නම් පොදුජන පෙරමුණ ගත කරපු ගෙවුණ වසර පහ දිහා බලන්න. ඒ වාගේම විපක්ෂයේ ඉන්නකොට පොදු ජනතාව මුහුණ දෙන ප්‍රශ්න අතට අරගෙන ආණ්ඩුවක් එක්ක අරගල කරන්නේ කොහොමද කියන එක තේරුම් ගන්නන් පොදුජන පෙරමුණේ පක්ෂ ඉතිහාසයෙන් පුළුවන්.

    පොදුජන පෙරමුණ ගොඩ නගාගෙන යනකොට තමයි එදා දිගන ජාතිවාදී ගැටුම සිද්ධ වුණේ. පාස්කු ප්‍රහාරය සිද්ධ වුණෙත් අපි පොදුජන පෙරමුණ ගොඩනගමින් විපක්ෂයේ ඉන්න කොට. එබදු අවස්ථාවල ජනතාව කුමන්ත්‍රණකාරීව අවුස්සන්නේ නැතිව කෝප කරන්නේ නැතිව කටයුතු කරන්නේ කෙහොමද කියන එක තේරුම් ගන්නත් අපේ ගෙවුන ඉතිහාසයෙන් පුළුවන්. එපමණක් නොවෙයි පොදුජන පෙරමුණ මේ රටේ වාගේම විදේශවලත් බලපෑමට ලක්වුණා. මට මතකයි දින පනස් දෙකේ ආණ්ඩුව පිහිටවලා පාර්ලිමේන්තුවේ බලය ලබා ගන්න කටයුතු කළ මොහොත. එදා පාර්ලිමේන්තුවට ආව විදේශ නියෝජිතයෝ අපිට එරෙහිව පාර්ලිමේන්තු ගැලරියේ ඉඳන් ජයඝෝෂා කරලා අත්පුඩි ගැහුවා. එබඳු බලවේගවලටත් මුහුණ දෙමින් තමයි පොදුජන පෙරමුණ ගොඩනැගුවේ.

    මිත්‍රවරුනි

    මොන තරම් මර්දනයට ලක් වුණත් මොන තරම් පීඩනයට ලක් වුණත් අපි ප්‍රජාතන්ත්‍රවාදය ගැන විශ්වාසය තියලා වැඩ කළා. අපිව හිරේ විලංගුවේ දැම්මත් ජනතාව කලබල කරවලා වර්ජන රැළි මෙහෙයවලා ජනතාව අඳුරේ තියන්න කටයුතු කළේ නෑ. ඒ නිසාම තමයි වගකිවයුතු පක්ෂයක් හැටියට ජනතාව අපිව භාර ගත්තේ. ඒ වාගේම මොන බාධක කම්කටොලු ආවත් ජනතාව අත හැරලා දිව්වෙ නෑ. බය වෙලා කලබල වෙලා තීරණ ගත්තේ නෑ. ඒ නිසා තමයි මේ තරම් ඉක්මනට අපි මේ ගමන ආවේ. ඒ ඉතිහාසය මතක තියාගෙන තමයි ඉදිරියට යන්න ඕනෑ.

    මිත්‍රවරුනි,

    ආණ්ඩු බලය ගන්නා තුරු ඉතාම ඉවසීමෙන් කැපවීමෙන් අපි දේශපාලනය කරනවා. ආණ්ඩු බලය ගත්තාට පස්සේ අපි දේශපාලන කටයුතුවලින් ඈත් වෙනවා. හැබැයි ආණ්ඩු බලය ගත්තාට පසු දේශපාලන කටයුතු අමතක කරලා රාජ්‍ය පාලන වැඩවලට කාලෙ වෙන් කරන්න පටන් අරන් තියෙනවා. අද අපිට වෙලා තියෙන්නෙ ඒකයි. පක්ෂයක කීර්තිය ජනප්‍රියත්වය රැකෙන්නේ ආණ්ඩු බලයෙන් නොවෙයි.

    ආණ්ඩු බලය ලබාගෙන රාජ්‍ය ආයතන හරියට කරනවා වාගේම ජනතාව අතර දේශපාලනයක් කරන්නත් ඕනෑ. ආණ්ඩු බලයෙන් අමාත්‍යාංශවලින් රාජ්‍ය ආයතනවලින් කරන්න බැරි බොහෝ දේවල් තියෙනවා. පසුගිය කාලේ ගුරු වර්ජනය දුරදිග ඇදිලා ගියේ අපි දේශපාලන කටයුතුවලින් ඈත් වුණ නිසා.

    අද ගොවි උද්ඝෝෂණ වුණත් මේ තරම් බරපතළ විදිහට ඇදිලා යන්නේ ඒ අය අතරේ වැඩ නොකළ නිසා. ඒ ජනතාවගේ හඬ අපි තේරුම් ගන්න ඕනෑ. ඒ හඬ අපට ඇහෙන්න ඕනෑ. දේශපාලනයෙන් ඈත් වෙන්න ඈත් වෙන්න අපි පරාද කරපු බලවේග පටු වාසි ගන්න ජනතාව අතරට රිංගලා විශාල අවුල් ඇති කරනවා. ඒ නිසා පොදුජන එක්සත් පෙරමුණ මේ රටේ තහවුරු කරගන්න නම් පක්ෂයක් විදිහට ආණ්ඩුව තිබෙන කාලෙත් ජනතාව අතර දේශපාලනය කරන්න ඕනෑ.

    රජයේ බලධාරීන්, නිලධාරීන් පමණක් අපි වෙනුවෙන් ජනතාවට සේවය කරයි කියලා බලා ඉන්න එපා. සෞභාග්‍යයේ දැක්මේ තියෙන දේශපාලනය ක්‍රියාත්මක කරන්න වගකීම තියෙන්නේ ඔබගේ අතේ. කම්හලේ,වැඩබිමේ, ගොවිබිමේ අපේ පක්ෂයේ බලය තහවුරු කර ගන්න ඕනෑ.

    මිත්‍රවරුනි,

    අපි තේරුම් ගන්න ඕනෑ අපිට ඡන්දය දුන් ජනතාව දැන් ඉන්නේ ඉතාම අපහසු දුෂ්කර තත්ත්වයක. මේ වාගේ දුෂ්කර කාලවලට මුහුණ දීලා මට නම් හොඳට පුරුදුයි. මේ වාගේ කාලවල නොකළ වැරදිවලට වුණත් ජනතාව බනින්නේ ආණ්ඩුවට. ඒක තමයි සිරිත.

    ජනතාව බනින්න පුළුවන් පඹයො පුච්චන්න පුළුවන්. ඒත් අපි ජනතාව අතරට යන්න ඕනෑ. තමුන්නාන්සේලාට මතක ඇති කැබිතිගොල්ලෑවේ බස් බෝම්බය පුපුරපු වෙලාවේ මම එතැනට ගියා. ජනතාව දොස් කිව්වා. ඇඬුවා. මගෙන් ඉල්ලීම් කළා. මට එදා ඔවුන් සනසන්න පුළුවන් වුණා. ඒ අය ඉදිරියේදීම මම ජාතියේ ආරක්ෂාවේ වගකීම බාර ගත්තා.

    ඒ වාගේම ඔබට මතක ඇති බේරුවල, අලුත්ගම සිද්ධිය. ඒ වෙලාවෙත් මම එතැනට ගියා. වුණ දේ දෑසින් දැක්කා.

    ආණ්ඩුවේ වාගේම විපක්ෂයේ ඉන්නකොටත් මම එහෙමයි කටයුතු කළේ. පාස්කු ප්‍රහාරය වෙලාවේ ආණ්ඩුවේ අය විනාස වුණ පල්ලියට යන්නත් කලින් මම එතැනට ගියා. ජනතාවගෙ ප්‍රශ්නවලට ආවේගවලට මුහුණ දුන්නා. එහෙම දේශපාලනයක් අද අපිට වුවමනායි. පොදුජන පෙරමුණ ඒ වගකීම යුතුකම ඉටු කරන්න ඕනෑ.

    මිත්‍රවරුනි

    අපි නිතරම සමගියට අත වනන පක්ෂයක්. ඒක ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් අපට ලැබුණු උරුමයක්. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හැමදාම වමේ දේශපාලන පක්ෂ එක්ක එකට හිටියා. වාද විවාද මැද වුණත් එකට වැඩ කළා.

    පොදුජන පෙරමුණත් ඒ ගැන හිතන්න ඕනෑ. සමහර පක්ෂවලට පාර්ලිමේන්තු නියෝජනයක් නොතිබෙන්න පුළුවන්. පක්ෂ කුඩා වෙන්න පුළුවන්. ලොකු කුඩා නෙවෙයි දේශපාලනයේදී වැදගත් වෙන්නෙ. අරමුණයි වැදගත්. මේ හැමෝම අපිත් එක්ක එක මග යන අය. අපේ දුෂ්කර අවස්ථාවල එකට එක පිලේ සිටි අය.

    එක අරමුණකට සටන් කළ අය. මේ කවුරුත් අපිට ඈත් කරන්න බෑ. ඒ අය අපේ ආධාරක නෙමෙයි. අපේ කිහිලිකරු නෙමෙයි. ඒ අය අපේ අතකොළුත් නෙවෙයි.

    ඒ අයත් අපිත් එක්ක එකට එක අරමුණකට ගමන් කරන අය. ඒ නිසා ඒ සියලු පක්ෂ එදා හිටපු සියලු පක්ෂ එක රෑනට එකට ඉන්න ඕනෑ. ඒ සමගිය රකින එක ප්‍රධාන පක්ෂයේ අපේ වගකීම.

    මිත්‍රවරුනි,

    අද තියෙන ප්‍රශ්න අපි ගෙනාපු ඒවා නොවෙයි. 2015 දී අපි බාර දීපු රට නොවෙයි 2019 අපි බාර ගත්තේ. අපි 2019 පොදුජන පෙරමුණ බලයට එනකොට ඇස් හිස් මස් ලේ පූජා කරලා රට බේර ගත්ත රණවිරුවෝ දං ගෙඩියට ගෙන යන ජාත්‍යන්තර යෝජනාවට ආණ්ඩුව එකඟ වෙලා තිබුනා.

    යහපාලන ආණ්ඩුව කාලේ මුලතිව්වල ගුරු කන්ද පංසලේ නායක හාමුදුරුවෝ අපවත් වුනහම උන් වහන්සේගේ සිරුරවත් උතුරේ තියන්න, ඒ පංසල් බිමේ ආදාහනය කරන්න ඉඩ දුන්නේ නෑ. එදා උතුරේ තිබුණ තත්වය ඒක තමයි. මුළු භික්ෂු ශාසනයටම කතා කළේ චීවරධාරීන් කියලා.

    ජාතික ආරක්ෂාව කියලා දෙයක් තිබුණෙම නෑ. ඒ විතරක් නෙමෙයි එම්.සී.සී. අත්සන් කරන්න සියලු කටයුතු සූදානම් කරලා තිබුනේ. එම්.සී.සී. ගිවිසුම අත්සන් කරන එක නතර කළා වගේම එක්සත් ජාතීන්ගේ සංවිධානයට ඉදිරිපත් කරලා තිබුණු යෝජනාවත් අපි බලයට ඇවිත් ඉවත් කර ගත්තා. ඒත් ඒ සියල්ල අපි දැන් ආපස්සට හරවලා තියෙනවා.

    අපි ජාත්‍යන්තරය එක්ක හැප්පිලා මේවා කළේ එන ඕනම අභියෝගයකට මුහුණ දෙන්න සූදානම් වෙලා. මේ නොයෙක් විදිහට වෙස් වලාගෙන නොයෙක් සටන් නාමයෙන් අපේ ඉස්සරහට එන්නේ අපි ඒ කරපු දේවල්වල ප්‍රතිඵල. අපි ඒවායේ තියෙන දේශපාලනේ ජාතියට තේරුම් බේරුම් කරලා දීමේ වගකීම පක්ෂයක් හැටියට බාර ගන්න ඕනෑ.

    මිත්‍රවරුනි,

    අද රටේ ස්වාධීනත්වය වෙනුවෙන් මේ ගෙවුණ කාලය තුළ කළ කැපවීම ගැන කවුරුවත් කතා කරන්නේ නෑ. ඇයි ඒ.කතා කරන්න දෙයක් නෑ අපි එහෙමයි කියලා මේ රටේ ජනතාව දන්නවා.

    ඒ නිසා මම කියන්න ඕනේ නෝර්වේ සටන් විරාම ගිවිසුම ඉරා දාලා බේරගත්ත රට, එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් යෝජනාව ප්‍රතික්ෂේප කරලා, එයින් ඉවත්වෙලා බේරගත්ත රට, එම්.සී.සී. ගිවිසුම අත්සන් නොකර ඉඳලා බේරගත්ත රට අපි පාවා දෙන්නේ නෑ. රට වෙනුවෙන් ලෝකේ දරුණුම ත්‍රස්තවාදීන්ට එරෙහිව යුද්ධ කරපු අපි ගැන මතුවටත් ඒ විශ්වාසය තියන්න පුළුවන් බව මම කියන්න කැමැතියි.

    මිත්‍රවරුනි,

    පසුගිය ජනාධිපතිවරණය ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාගේ පැමිණීම අපට විශාල ශක්තියක් වුණා. එතුමාගේ කැපවීම අවංකකම ගැන ජාතියේ විශාල විශ්වාසයක් තිබුණා. මේ පක්ෂය එතුමාට ශක්තියක් වුණා වාගේම එතුමාත් පොදුජන පෙරමුණට ආකර්ශනයක් ගෙනාවා. දේශපාලනය ඈත් කරලා සිටි විශාල තරුණ පිරිසක් එතුමා ගැන විශ්වාසය තියලා ඡන්ද පොළට ගියා.

    ඒ නිසාම පොදුජන පෙරමුණේ තරුණ මන්ත්‍රීවරු විශාල පිරිසක් ගැන එතුමා විශ්වාසය තියලා තියෙනවා. ඒ නව තරුණ පිරිස ඒ විශ්වාසය ආරක්ෂා කරන්න ඕනෑ.





    මිත්‍රවරුනි,

    රට කරවන ප්‍රධාන දේශපාලන පක්ෂය හැටියට අපේ රටේ වර්තමාන තත්වය ගැන පැහැදිලි තක්සේරුවක් අපිට තියෙන්න ඕනේ. අපි ජනාධිපතිවරණයේදි ලබපු ජයග්‍රහණයත්, පාර්ලිමේන්තුවේ ලබපු ජයග්‍රහණයත් ඉතිහාසයේ කිසිම මැතිවරණ ජයග්‍රහණයක් සමඟ සංසන්දනය කරන්න බෑ. උතුරු නැගෙනහිර අන්තවාදී දේශපාලන පක්ෂවල සහයෝගය නැතුව ජනාධිපතිවරයෙක් බිහි කරන්න බෑ කියන විශ්වාසය හැමදාම තිබුණා. සෑම ජනාධිපතිවරණයකදීම අන්තවාදීන්ගේ ඉල්ලීම්වලට ඉඩ දෙන්න සිද්ද වෙලා තිබුණා. නමුත් එබඳු ජාතිවාදී දේශපාලන පක්ෂවල බලපෑමට යටත් නොවී ජනාධිපතිවරෙක් බිහි කරන්න අපිට පුලුවන් වෙලා තියෙනවා. ඒකෙන් අදහස් කරන්නේ නෑ අපි දෙමළ, මුස්ලිම් ජනතාවගෙන් ඈත් වෙලා දේශපාලනය කරන්න ඕනෑ කියලා. ඒ ජාතීන් ළං කරගන්න පුළුවන් නම් ඒක තමයි පොදුජන පෙරමුණට කරන්න පුළුවන් හොඳම කාර්යය.

    ඒ වගේම අන්තවාදී දෙමළ මුස්ලිම් දේශපාලන පක්ෂවල පදයට නටන්නේ නැතුව තුනෙන් දෙකක පාර්ලිමේන්තු බලයක් ලබන්න අපිට පුලුවන් උනා. වසර 70 කට වඩා ඉතිහාසයක් තියෙන ආණ්ඩු බලය තිබුණු එක්සත් ජාතික පක්ෂය එක ආසනයට බස්සන්න පොහොට්ටුවට පුලුවන් උණා.‍

    මතක තියාගන්න ඒක ඓතිහාසික ජයග්‍රහණයක් ඒ වාගේ ජයග්‍රහණයක් ලබා දීලා ජනතාව ජාතිය අපෙන් ඉල්ලපු දේ අපි තේරුම් ගන්න ඕනැ.

    මිත්‍රවරුනි,

    මට මතකයි අපි ජයග්‍රහණය කල මුල් දිනවල මේ රටේ තරුණයෝ මුළු රටේම තාප්පවල චිත්‍ර ඇන්දා. නන්නාදුන තරුණයෝ නම් ගම් ලියන්නේ නැතිව චිත්‍ර ඇන්දා. අතේ වියදමෙන් තීන්ත අරගෙන කාණුවල බැහැගෙන, බස් නැවතුම් පොළවල් රජයේ කාර්යාලවල තාප්ප, පාසල් තාප්ප මේ හැමතැනම මහ රෑ චිත්‍ර ඇන්දා. කාගෙවත් ඇරයුමක් තිබු‍ණේ නෑ. කාගෙවත් ඇණවුමක් තිබුණේ නෑ.

    ඒ අය රටට ආදරය කරන නන්නාදුනන තරුණයෝ. ඒ අය තමන්ගේ නම් වත් කොහෙවත් සටහන් කළේ නෑ.

    මිත්‍රවරුනි,

    අද ඒ චිත්‍ර ඇන්ද තරුණ පරපුර කොහේද කියලා අපි දන්නේ නෑ. පක්ෂ දේශපාලනය පටන්ගත්ත දා ඉඳලා පෝස්ටර්වලින් තාප්ප කැත උණා. නගර අවලස්සන උනා. තරුණයෝ තාප්පවල චිත්‍ර ඇඳලා කිව්වේ, මෙතෙක් කරගෙන ආපු දේශපාලනයෙන් රට කැත කරන්න එපා කියලයි. ඒ දේශපාලනයෙන් රට අවලස්සන කරන්න එපා කියලයි. අපි ඒ පණිවුඩය තේරුම් ගන්න ඕනා.

    අද රට හැර යන්න පාස්පෝට් ගන්න පෝලිමේ ඒ තරුණයෝ ඉන්නවද කියලා හොයලා බලන්න. ඒ පෝලිමට එකතුවෙලා ඉන්නවා නම් ආයෙත් මේ රටට කැඳවාගන්න පුළුවන් විදිහේ දේශපාලනයක යෙදෙන්න. ඒක තමයි පොදුජන පෙරමුණේ අපිට තියෙන ඓතිහාසික අනාගතවාදී කාර්යය.ඔබ සැමට සුබ අනාගතයක්! යැයි අග්‍රාමාත්‍යතුමා පැවසීය.

    රොහාන් වැලිවිට,
    අග්‍රාමාත්‍ය මාධ්‍ය ලේකම්

    copyright :lankacnews

    මේක හොද කතාවක්. ආණ්ඩුව වැරදි තේරුම් අරගෙන ඉදිරියේදීවත් නිසි තීරණ ගන්න ඕනේ.
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    44,100
    1
    58,446
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴

    bandaranaike-cp1272173-768x914.jpg
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    මේක හොද කතාවක්. ආණ්ඩුව වැරදි තේරුම් අරගෙන ඉදිරියේදීවත් නිසි තීරණ ගන්න ඕනේ.

    mona redde kathawakda oi me? 2005 idan 2014 wenakan kareth weradi thamai. dan ආණ්ඩුව වැරදි තේරුම් අරගෙන.

    mun dan rata karanna patan aran awurudu 2k wenawa, thawama weradi therum gannawada???? ratak karanawa kiyanne hemadama weradi therum gannawa kiyana eka newei

    me sakkili ballanta karanna berinam gedara gihin gedara weradi therum aran igana gena enna kiyapan


    PS. THREAD EKE KISIMA DEYAK KIYWUWE NE, MOKO OKA MOKEK HARI LIYAPU DEYAK, ANTHIMA LINE EKA BOLD KARALA THIYANA NISA THREAD EKA KIYAWALA WEDAK NE.
     
    • Haha
    Reactions: shenat