එදා ජනමාධ්‍ය සහ අද ජඩමාධ්‍ය
ඉස්සර අපි පොඩිකාලේ මතකේ හැටියට අපෙ රටේ ටෙලිවිෂන් චැනල් තිබුණේ 3ක් නැත්තම් 4ක් වගේ ඊට වැඩිද මන්දා.ඒත් මට මතක ඒ ගාණ වගේ .හැබැයි අපේ ගෙදර ටීවී එකට පොඩි තාක්ෂනික අවුලක් නිආ පෙනුනේ එක චැනල් එකයි .ඒ ජාතික රූපවාහිනීය විතරයි.පෙනුනේ එකයි උනාට මොකො බලන්න දාහක දේවල් තිබුණා .ටීවී එක දැම්ම වේලාවක් ඇත්නම් මොකක් හරි ආස හිතෙන දෙයක් ගුණාතමක දෙයක් විකාශනය උනා. දැනුම විනෝදය වගේම ආකල්පමය වෙනසක් ඇතිකරන්නත් ඒ වැඩසතන් වලට පුලුවන් වුනා. මෙරට මෙන්ම පිටරට වැඩසටහන් හා ටෙලි නාට්‍ය ද අපේ ප්‍රියතම වැඩසටහන් ගොන්නේ තිබුණා .උදාහරණ විදියට කියනව නම් ,
මායා බන්ධන ,රොබින්සන් කෲසෝ,රොබින්සන් අන්දරය රොබින් හුඩ් .ට්විස්ට් පවුලේ චාරිකා .වගේ පිටරට ටෙලිනාට්‍ය ඒ වගේම අකාලසන්ධ්‍යා,දඬුබස්නාමයනය ,මනෝකාය වගේ දේශීය ටෙලිනාට්‍ය .ඒ වගේම දොස්තර හොඳ හිත ,පිස්සු පූසා වගේ කාර්ටුන් ,තව හසරැලි රසාර,ගොවිබිමට අරුණළු,3to5 වගේ අධ්‍යාපනික වැඩසටහන් ,අහ්!! තව එක්ස් ෆයිල්ස් වගේ ත්‍රාසජනක කතා ,ඉරිදා දවස් වල උදේට විකාශනය වෙච්ච ශනිදා අයුබෝවන් වගේ වැඩසටහන් ,අහ් !! ඇයි ඩිස්කවරි නාළිකාව? මතක ඇතිනේ එව්වයෙ ගිය වැඩසටහන් එහෙම .කවදාවත් අමතක නම් වෙන්නෙ නැහැ.ඩිස්කවරි චැනල් එකෙ ගිය වැඩසටහන් ඉංග්‍රීසියෙන් ගියාට මොකො එව්ව නොතේරි නොතේරි බැලුවෙ ආසාවට .
මේ කිව්ව වැඩසටහන් තිබ්බේ එක චැනල් එකක.වයස් භේදයකින් තොරව එකා වගේ එව්ව නැරඹුවා.
ඒත් අද බලන්න මොකද වෙල තියෙන්නෙ කියල? චැනල් 10ක්ටත් වැඩිය තියෙනව හැබැයි බලන්න දේවල් තමා නැත්තේ . ටීවී එක බලන්න කියල උදේට දැම්මොත් තුප්පහි ඉවුම් පිහුම්, මැහුම් ගෙතුම්.දවල් දැම්මොත් තුප්පහි සිංදු ප්‍රොග්‍රැම්.හවසට දැම්මත් එච්චරම තමා .රෑට දැම්මොත් තුප්පහි මෙගා නාට්‍ය සහ තුප්පහි රියලිටි තරු ප්‍රොග්‍රැම් නැත්තම් නූගත් දේශපාළුවන්ගේ කෙහෙල්මල් විවාද සහ බයිලා .ඉඳල හිටල සතියේ එක දවසක කොනක තියෙන චැනල් එකක් මොකක් හරි බලන්න දෙයක් නම් තියෙනවා හැබැයි ඒ යන එව්වත් එක්කො ආණ්ඩුවට කඩේ යනවා නැත්තම් විපක්ෂේට කඩේ යනවා. පොහෝය දවසට බණ වැඩසටහනක් ගියොත් එව්වයෙ ඉන්න හාමුදුරුගොල්ලො එක්කො කියන්නේ ආණ්ඩුවෙ බණ නැත්තම් විපක්ෂෙ බණ නැත්තම් කාල් මර්ක්ස් ගේ බණ. බුදු බණ දන්න අය දැන් නැහැ .බණත් රී මික්ස් කරලා .හනේ අපොයි මෙහෙම වින්නැහියක් .මට මෙව්ව දකිනකොට පේනකොට අපේ කාලේ අපි වාසනාවන්තයි කියල හිතෙනව අද ඉන්න පොඩි උන්ට වඩා .හා නැද්ද ? .