එදා දවස උදා වේවිදෝ???
කැම්පස් ටික අනධයන වර්ජනයට ජූනි 5 වහල දැම්ම. පස්සෙ අධයන කාර්ය මණ්ඩලයෙ වැඩ වර්ජයෙන් තාමත් ඇදීගෙන යනව මාස 2ක් තිස්සේ. දැන් අනධයන කට්ටිය ආයෙමත් පටං ගන්නවලු.
විශ්වවිද්‍යාල අනධ්‍යයන සේවකයින් සහ උසස් අධ්‍යාපන අමාත්‍යංශය අතර ඇතිකරගත් එකඟතා ගිවිසුම අනුව උසස් අධ්‍යාපන අමාත්‍යාංශය කටයුතු නොකරන්නේ නම් ලබන 10 වැනිදායින් පසුව වෘත්තීය ක්‍රියාමාර්ග ගන්නා බවට විශ්වවිද්‍යාලවල අනධ්‍යයන කාර්ය මණ්ඩල සාමාජිකයෝ අනතුරු අඟවති.
අනධ්‍යයන වෘත්තීය සමිති ඒකාබද්ධ කමිටුව සමග ඇතිකරගත් ගිවිසුම දින 45 ක් ඇතුළත ක්‍රියාත්මක කරන බවට උසස් අධ්‍යාපන අමාත්‍යාංශය පොරොන්දු වූ නමුත් මෙතෙක් ඒ සම්බන්ධයෙන් කිසිදු ක්‍රියාමාර්ගයක් ගෙන නැතැයි ද ලබන 10 වැනිදා වන විට දින 45 කාලය සම්පූර්ණ වන බවද ඒකාබද්ධ කමිටුවේ සභාපති ආර්. එම්. චන්ද්‍රපාල මහතා පැවසීය.
දස දහසක් පමණ වන අනධ්‍යයන කාර්ය මණ්ඩල සාමාජිකයන් වෘත්තීය ක්‍රියාමාර්ගවලට යැම වළක්වාලීම සඳහා උසස් අධ්‍යාපන අමාත්‍යාංශය අවශ්‍ය පියවර ගනු ඇතැයි අපේක්ෂා කරන බවද චන්ද්‍රපාල මහතා කීවේය.
රටේ ඉන්න බූධ්දිමත් සිසුන්ගේ ජීවිතත් එක්ක සෙල්ලම් කරන, අපිව කාලකණ්නි කරන මේ ආණ්ඩුවටයි ඇමතිලටයි හෙණ හතම ගහපිය.