එන්ගලන්ත සංචාරය : අහුලාගෙන ක්‍රිකට් ගසා ඉ&#351

mr.tikko

Member
Nov 19, 2010
1,699
399
0
එන්ගලන්ත සංචාරය : අහුලාගෙන ක්‍රිකට් ගසා ඉ&#351

මැත ක්‍රිකට් ඉතිහාසයේ දරුණුතම ටෙස්ට් පරාජය ශ්‍රී ලාන්කික ක්‍රිකට් ලොලීන්ට ඊයේ (30) දින ඇස් පනාපිට දැක ගත හැකි විය. මෙවන් ටෙස්ට් පරාජයන්ට ලන්කා කණ්ඩායම ගොදුරු වීම 80 දශකයේ දැක ගත හැකි වීම එතරම් පුදුම උපදවන සුලු නොවීය. ඒ එම අවදියේ මෙතරම් ක්‍රීඩාව ජනප්‍රිය නොවීමත් ක්‍රිකට් ලොකයට ලන්කාව කොඩු කරයන් වූ නිසාවෙනි.

ඒත් ලොක කුසලානය අවසාන වී දෙමසක් අවසන් වීමට මත්තෙන් මෙවන් ඉරණමකට ගොදුරු වීම ක්‍රීඩා ලොලියෙක් ලෙස කිසි ලෙසකින් සාධාරණීය කරනය කළ නොහැකිය.

ඒ මෙම කණ්ඩායමේ පිති කරණයේ එදා 80 දශකයේ අප දුටු අඩු ලුහුඩුකම් නොමැති නිසාය. කණ්ඩායමෙන් පිටත වතුර ඇදීමටත් අංක එකේ පිති කරුවන් සිටි නිසාය. මෙම දරුණු පරාජයට කිසි සේත්ම නිදහසට කරුණු කීමට නොහැකිය. එසේ නිදහසට කරුණු කියන්නෙකු ඉදිරි පත් වේනම් අනිවාර්යයෙන්ම ඔහු ක්‍රීඩා කිරීමට සුදුස්සෙකුද කියා සැක සිතේ.

133559.2.jpg


පන්දු යවන්න්නන්ගේ අසාර්ථකත්වය පෙනුනත් සාර්ථකව ප්‍රභලව තිබූ පිතිකරණයේ පසු බැම සන්වෙගයට තුඩු දෙන ගැටලුවකි.

ඊයේ දෙවෙනි ඉනිම තුල කිසිදු පිති කරුවෙකුට සාර්තක විය නොහැකි විය. පන්දු වාර 51ක් දවස නිම කිරීමට ඉතිරිව තිබියදී ලකුණු 96ක ඉලක්කයක් ඉනිම බේරා ගැනීමට ලබාදී තිබුණු නමුත්, සියලුම කීඩකයන් පන්ඩුවාර 24.4 ක් තුළ දැවී ගියේය. ලබාගත හැකිවූයේ ලකුණු 82ක් පමනි.

ඉනිමකින් පරාජයට පත් වීම එතරම් උරණවීමට වත් දුක් වීමටවත් කරුණක් නොවේ ඒ ටෙස්ට් ක්‍රීඩාවෙ ස්වභාවය එය නිසාය. නමුත් මෙතරම් පහසුවෙන් ජය පරාජයෙන් තොරව අවසන් කළ හැකිවූ තරගයක් මෙසේ විසි කර දැමීම අනුමත කළ නොහැකිය. මේ අනවශ්‍ය හදිස්සියකින් ක්‍රීඩාකොට ජයගත හැකිව තිබූ තරගයක්දු නොවේ.

මෙයට වග කිවයුත්තන් අන් කිසිවෙකු නොවේ. මේ සදහා වගකීම ක්‍රිකට් පරිපාලකයන් භාරගත යුතුය. කණ්ඩායමක් වශයෙන් ක්‍රීඩාකළයුතු තරගාවලියක් ඒ ඒ ක්‍රීඩකයාට අවශ්‍ය අකාරයට ක්‍රීඩා කිරීමට සැලස්වීම මේ ඉල්ලගෙන කැමට ප්‍රධාන සාධකයයි.

පරිපාලනය යනු කුමක්ද කියා හරි හැටි දැනුමක් තිබේද ..? ඔවුන් හරියට කරද්දි ක්‍රීඩකයන් ඔවුන්ව නටවනවාද යන්න අප නොදන්නා කරුණකි. නමුත් ඔවුන් හොද හැටි ලොකය ඉදිරියේ නැටවෙන පිරිසක් බව ඔනැම ක්‍රිකට් බලන කෙනෙකුට පෙනීයන සත්‍යකි.

ඔනැම රටක ඔනැම පරිපාලනමය ව්‍යුහයක එම වර්ශයට අදාළ කාර්‍ය්යන් වල කාල සටහනක් ඇත. ක්‍රිකට් පලක මණ්ඩලයට එහෙම දෙයක් තිබේද කියා මම නොදනී. නමුත් ලංකාව එන්ගලන්ත කණ්ඩායම හා තරග කලයුතුව තිබූ බව වසර මුලදී අඩු තරමේ කණ්ඩායමට වතුර සපයන්නාවත් දැන සිටියා නො අනුමානය. මෙවන් වැදගත් තරගාවලියක් ඉදිරියේ තිබියදී IPL සදහා ක්‍රීඩකයන් නිදහස් කිරීමෙන්ම ඔවුන්ගේ පරිපාලනමය හැකියාව පෙන්වා ඇත.

ටෙස්ට් ක්‍රිකට් යනු ක්‍රිකට් ක්‍රීඩාවේ ප්‍රධානතම සාධකයයි. ටෙස්ට් තරගයක් ක්‍රීඩා කිරීම යනු ඔනැම ක්‍රීඩකයෙකුගේ එකම සිහිනයයි. එසේ ලංකාව වැනි රටකට වසරකට මහාලොකු ටෙස්ට් තරග ප්‍රමාණයක් ලැබෙන්නේ නැත.

මා දන්නා අකාරයට පසු ගිය වර්ශයේ ලංකාව ක්‍රීඩා කරන ලද්දේ ටෙස්ට් තරග 6ක් පමණි. අවසාන තරගාවලිය ලෙස තරග 3ක් පසුගිය නොවැම්බර් මස බටහිර කොදෙව් කණ්ඩායම සමග ශ්‍රී ලංකාවේ තරග කරන ලදී.

එසේ තිබියදී එන්ගලන්තය සමග එන්ගලන්තයේදීම ක්‍රීඩා කිරීමට අවස්ථාව ලැබීම පරිපාලකයන්ට තවත් එක් තරගාවලිය වූවාට සැක නැත. ඔවුන් යම් කිසි ඉලක්කයකට කටයුතු කරන පිරිසක් නම් IPL සදහා ක්‍රීඩකයන් නිදහස් කිරීමේදී කොන්දේසි සහිතව නිදහස් කිරීමට ඉඩ තිබුණි. එසේ වූවානම් "කොචි ටස්කර්ස්" සහ "ඩෙකැන් චාර්ජර්ස්" කණ්ඩායම් මහේල හා සන්ගා නායකයන් වශයෙන් තොරාගන්නේ නැත. මහේල, ඩිල්ශන්, සන්ගා සහ අනෙක් ක්‍රීඩකයන් හට ඔය ලැබුණු ප්‍රමාණයේවත් මුදලක් ලැබෙන්නේ නැත.

එසේම ක්‍රීඩකයන් අවම ප්‍රමාණයක් ලන්කාවෙන් මිළදී ගැනීමට ඉඩ තිබුණි. එසේ වූවානම් ක්‍රීඩකයන්ගෙන් ලැබෙන 10% කොමිස් මුදල පාලක මණ්ඩලයට ලැබෙණුයේ සොච්චම් මුදලක් ලෙසිනි.

10% ගිජුවී ඇස් කන් නැති අද ගොලු බිහිරන් ලෙස තම ක්‍රීඩකයන් IPL වෙත යැමට සැළැස්වු පාරිපාලනය එන්ගලන්ත සන්චාරයට කණ්ඩායමක් තේරීමේදී පබ ගාලක පැටලැවුණි.

හිටපු නායකයා නායකත්වයෙන් විසිවීමට සැලැස්වූ ඔවුන් නව නායකයෙකු ලෙස ඩිල්ශාන් නම් කලේය. ඒත් එන්ගලන්ත සන්චාරයට පමණි මැතිව්ස්ගේ වාසනාවට ඔහු ආබාධයකට ගොදුරු විය නැත හොත් ඔහුගේ නම අසලින් මේ ඉල්ලන් කැම සටහන් වනු ඇත.

එන්ගලන්ත තරගාවලිය ආසන්න වද්දී පරිපාලකයන් තවත් ගොන් පාට් එකක් රගන ලදී. ඒ මැයි 5වෙනි දිනට පෙර කණ්ඩායම පැමිනිය යුතු බවය. ඔවුන් සමහර විට සිතා සිටියේ එන්ගලන්තය තිබෙන්නෙ ඉන්දියාවේ සිට හූවක දුරක ලෙසිනි. නැතහොත දින දරශනයේ දින පැටලී ඇත.

මැයි 5 පැමිණිය යුතුයි කී කටින්ම එය නැවත වෙනස් කොට 20 වෙනි දිනට පෙර පැමිණිය හැකි බව දැනුම් දුනි. ඒ අනුව අහුලාගත් කණ්ඩායමක් සන්චාරයට එක්විය එම කණ්ඩායමේ නායකයෙකු සිටියේ නැත. උප නයකයකු නැත. ජ්‍යේශ්ඨයින් ලෙස සිටියේ සමරවීර හා දිල්හර පමණි.

තවද හිස් පුටු සමග ඡායා රූප මාධ්‍යවෙත පල කිරීමට තරම් පාලක මණ්ඩලයේ මාධ්‍ය ඒකකය විනිවිධ බාවයෙන් කටයුතු කළහ. එම ඡායරූප දුටු විදේශිකයන් ඇස් කටේ තබාගෙන සිනාසුනි.

එහි හිස් තැන් පසුව පුරවනු ඇත ඒ තාක්ෂණය අධාරයෙනි. නමුත් එම තාක්ෂණයට ඊයේ (30) ලන්කා ක්‍රිකට් වලට අහිමි වුණ ප්‍රෞඩත්වය ලබාදිය නොහැකිය.


225507_114180045333335_111939245557415_138038_7331999_n.jpg

ශ්‍රී ලංකා ක්‍රිකට් වෙබ් කලාපයේ එදා පලකෙරුණු ඡායාරූපය.

ඉල්ලන් කැම.

ශ්‍රී ලංකා කණ්ඩායමේ ජ්‍යේශ්ඨ ක්‍රීඩකයන් ලන්කාව තුළ පවතින පළමුපෙළ තරගාවලියට සහභාගීවන්නේ නැත. ඔවුන් ඒතරම් කාර්‍ය්බහුලය. තේරීම් කමිටුව පළමු පෙළ තරගාවලිය භාවිතාවට ගන්නේ හිස්තැන් පිරවීමටය. හිස්තැන් පිරවීමට පැමිණෙන ක්‍රීඩකයා සාර්ථක වුවත් නැතත් ඔහු මීලග තරගාවලියට එක් කර ගන්නේ නැත. අසාර්ථක වුවහොත් ඔහු සදා අනාතය ඔහුට නැවත සාර්ථක වීමට අවස්ථාව නොලැබෙණ නිසාය.

පළමු පෙළ සිව්දින තරගවලට සහභාගී නොවෙන ජ්‍යේශ්ඨ අය්යල පැරශුට් වලින් පැමිණ ක්‍රීඩා කරයි. ඔවුන් අසාර්ථක වුවහොත් ඔනැතරම් තරග ලැබේ. පරාජය වුවහොත් ක්‍රීඩාවේ ස්වභාවය එය බව පවසා මීලග තරගයට හොදින් ක්‍රීඩාකරන බව පවසා මාරුවේ..

දෙසැම්බර් මාසයෙන් පසුව ශ්‍රී ලන්කා කණ්ඩායමේ ජ්‍යේශ්ඨ ක්‍රීඩකයින් ටෙස්ට් තරග වලට තබා තුන් දින තරගයකට පවා ක්‍රීඩා කර නැත. එවන් කණ්ඩායමක් එන්ගලන්තයේදී එන්ගලන්තය පරාජයට පත් කිරීමට සහභාගි කරවීම විහිලුවක් කීමද විහිලුවකි.

ඔවර් 50 ලොක කුසලානයට පසුව විස්සයි20 ක්‍රිකට් ගැසූ ක්‍රීඩකයන් ටෙස්ට් තරගයකට එක්වර එක් වූ විට මෙ වැනි දැ සිදුවීම පාලකයොන්ට නොපෙනීම පුදුම සහගතය. දැන් එය ඇස් පනාපිට පෙන්වා ඇත. එම තරගය සමහරවිට වුන්ට නැරබීමට නොහැකිවන්නට ඇත ඒ තරමට ඔවුන් කාර්‍ය බහුලය.


පරණවිතාන, සමරවීර, ප්‍රසන්න IPL නොගහපු පළමු පෙල ක්‍රීඩාකල අය ලෙස කෙනෙකු ත‍ර්ක කරණු ඇත. නමුත් ශ්‍රී ලංකා කණ්ඩායමේ කොදු නාරටිය ලෙස සිටින්නේ සන්ගා හා මහේලය. ඔවුන් දෙදෙනාගේ දායකත්වය නොමැතිව (ක්‍රීඩා කරන අවස්ථාවේදී) විශේෂයෙන් ටෙස්ට් තරගයක් ජය ගැනීම අපහසු කරුණක් බව ක්‍රිකට් ගැන දන්නා අය දන්නා කරුණකි. එසේම ඩිල්ශාන් යනු අතීතයේ සිට විශාල ලකුණු ප්‍රමාණයක් බලාපොරොත්තු නොවූ පිති කරුවෙකු නොවුණත් ඔහුගේ ඉක්මන් ලකුන් 30 40 පන්දු යවන්න්නන්ගේ මනසිකත්වය බිද හෙලීමට සමත්ය. නමුත් ඔහු මෙම කණ්ඩායමේ නායකයාය ඔහුට වගකීමක් ඇත.
තවද එක කණ්ඩායමක් ලෙස පුහුණුවීම් කිරීමට කාලයක් මොවුන්ට තිබුනේ නැත. කණ්ඩායම් තරගයක් තනි තනියෙන් ක්‍රීඩා කළ නොහැකිබව මුලු ලොවම දන්නා කරුණක් වුවත් අප කණ්ඩායම නොදැන සිටීම ප්‍රධානතම ගැටලුවයි.
 
Last edited:

mr.tikko

Member
Nov 19, 2010
1,699
399
0
ප්‍රභල පන්දු යවන්නන් නොමැතිව එන්ගලන්තයට ගිය අප කණ්ඩායම කබලෙන් ලිපට වැවුණි. ඒ දිල්හාර හා නුවන් ප්‍රදීප් අබාධවලට ගොදුරුවූ නිසාය. ඒ වෙනුවට මහරූෆ් එන්ගලන්තයේ ආනයනය කරන ලද අතර ඔහුගේද ක්‍රීඩා දිවිය අන්තුරේ හෙළන ලදී. වෙලගෙදර පුහුණු තරගයේ ක්‍රීඩා කලද ටෙස්ට් තරගයට තොර නොගන්න ලදී. එවන් ක්‍රීඩකයන් යොදා නොගෙන, ඔවුන්ට අත්දැකීම් ලබා නොදී අනාගතේ කුමන පන්දු යවන්නන් යොදා ගන්නේද...?

vaas%20and%20malinga.jpg

මෙම තරගාවලියේ වැද්ගත් කම පාලකයන්ට අවබොධ වී තිබුනේනම් මාලින්ගට මෙම තරගාවලියට පමණක් ක්‍රීඩා කිරීමට සුහද අරාධනාවක් කිරීමට ඉඩ තිබුණි. එසේ වූවානම් මාලින්ග මාධ්‍ය හරහා හිටපු පාලකයන්ට දෙස් නොතබනු ඇත. ඒත් පාලක මණ්ඩලය ප්‍රමාදය ඔවුන් IPL උගුලේ අසුවී හමාරය. ඔවුන්ට මාලින්ග IPL එකෙන් ගලවා ගැනීමය කොණ්දක් නොමැත.

මහරූෆ් මෙන්ම වාස්ද එන්ගලන්ත ප්‍රාන්ත තරගාවලියේ හොදින් ක්‍රීඩාකරමින් සිටි අතර ලන්කාවෙන් මෙතෙක් බිහිවුන අංක එකේ පන්දු යවන්නෙකි.

ඔහුට විශේෂ අවස්තාවක් ලෙස සලකා ආරධනා කිරීමට තිබුණි මන්ද...? ලන්කාවට අත්දැකීම් බහුල පන්දු යවන්නෙකු නොසිටි බැවිනි. එසේ සුහද ඇරයුම් කිරීමට ක්‍රීඩකයන් හා පාලකයන් අතර කිසිදු සුහදත්වයක් නැත. එමනිසා පාලකයන්ට එසේ කිරීමට නොහැකිය.

එක්දින දක්ශතා සලකා බලා නුවන් කුලසේකරද ටෙස්ට් කණ්ඩායමට තොරා නොතිබුණි.

ක්‍රීඩකයන්ගේ කොන්තරාත් අවසන් වී තිබීම නිසා පාලකයන් රූකඩ බවට පත් විය. ඔවුන්ට ක්‍රීඩකයන් සමග කිසිම ගිවිසුමක් නැත ගිවිසුම් අලුත් කිරීමට පරිපාලනයට මුදල් නැත. මුදල් වලට සිදුවන දේ අප නොදනිමු වියඩහම් අධික බව නිසා නිස්සාරනේ වියදම් වනවා ඇත.

x350.jpg

මෙසේ ටෙස්ට් පිටියට කොඩු කාරයන්ව ගිය ප්‍රභල ශ්‍රී ලංකා පිළ අන්ත අසරණ තත්ත්වයකට පත් වී ටෙස්ට් පිටියෙන් ඉවතට විසිවී ගිය බව අවසානයේ පිළිගතයුතු කටුක සත්‍යය වේ.

මින් ඉදිරියටවත් තරහාවලියක වැදගත් බව වටහාගෙන එයට ආවේණික ලෙස සූදානම් වීම පරිපාලකයන්ගේ මෙන්ම ක්‍රීඩකයන්ගේද වගකීමකි.

මොවුන් සිතා සිටින්නේ ලාන්කික ක්‍රීඩා ලොලීන් ඔලවරසන් දී ප්‍රීතිගොෂා කරනු ලබන්නේ පුද්ගලිකව ක්‍රීඩකයන්ට හා කණ්ඩායම කියාය. ක්‍රීඩා ලොලීන් ඔල්වරසන් දෙන්නේ ලන්කාව කියන තමන්ගේ රටේ කණ්ඩායමේ ක්‍රීඩකයන්ටය. එය ක්‍රිකට් කණ්ඩායමට කරනු ලබන උපහාරයකි. දිරි දීමකි.
එදා මහානාම් ගුරුසින්හ අරවින්දට කැගහපු ක්‍රීඩාලොලීන් පසුව සනත් වාස් අතපත්තුටද අද ඩිල්ශන් සන්ග මහෙලට හුරේ දමයි.. හෙට මැතිව්ස් තිසර චන්දිමාල්ට අත්පුඩි ගසා කැගසා දිරි දෙනු ඇත.

අවසානයේ කියන්නට ඇත්තේ ක්‍රිකට් වලට මිනිසුන් ආදරය කරන තාක්කල් පාලකයන්ට හා ක්‍රීඩකයන්ට පැවැත්මක් අති බවය.

ක්‍රීඩාව එපාවූ විට සනත් සන්ග මහෙල ඩී එස් නිශාන්ත ඩිල්ශාන් වාස් මාලින්ග චන්දිමාල් කියන පුද්ගලයන් කොස් කෙටීමටවත් වැදගත් නැත.

රෙටේ නම ලොකෙට ගෙන ගිය ලොකයේ ක්‍රිකට් ලොලීන් හට ලොක සිතියමේ ලන්කාව කියන රට තියෙන තැන සොයන්නට මග සැලැස්වූ මෙම මහගු දායාදය වන ක්‍රිකට් තමන්ට ඔන විදියට කාල විනාෂකර දමන තුරු ලාන්කිකයන් විදියට අප සැමදා නිහඩව බලා සිටිමු. ලාන්කිකයන් වන අපට ඊයේ රැකාපු පරිප්පුව එළිවෙද්දී අමතක වන්නේය.

දිනන දාට කොල්ලො ෂා නියමයි කියල පැරදුණාම බනින එක වැරදි ... ඒ උණාට මේ වගේ ඉල්ලන් කැවම ඒත් අපරාදෙ පැරදුනේ කියල ඉන්න එක හරිද..