එන්ජින් ඕවර්හීට්

salitha22

Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,147
    113
    එන්ජින් ඕවර්හීට්



    එන්ජින් ඕවර්හීට් වීමට බලපාන ප්‍රධානතම හේතු

    විවිධ හේතු නිසා එන්ජින් ඕවර්හීට් තත්වයන් ඇති විය හැකි නමුත් ප්‍රධාන හේතුන් නිසා සාමාන්‍යයෙන් සිසිලන පද්ධතියේ උෂ්ණත්වය නිසිපරිදි අවශෝෂණය කර ගැනීමට සහ තාපය විසුරුවා හැරීමට බාධා ඇ‌ති කරයි.එබැවින් එන්ජින් ඕවර්හීට් වීමට බලපාන මෙම කරැණු ගැන සැලකිලිමත් වීම අතිශයින්ම වැදගත්ය.

    1. සිසිලන පද්ධතිය කාන්දු වීම

    එන්ජින් ඕවර්හීට් වීමට සිසිලන පද්ධතිය කාන්දු වීම ප්‍රධාන හේතුවකි.රේඩියේටර්, රේඩියේටර් කැප්,වෝටර් පොම්ප්,හීටර් කෝර්,තර්මස්ටැට් හවුසින්,හෙඩ් ගෑස්කට්,ට්‍රාන්ස්මිෂන් සහ එන්ජින් ඔයිල් කූලර් හෝ සිලින්ඩර් හෙඩ්/බ්ලොක් ආ‌දී සියල්ල ඇ‌තුලත් විය හැකිය.කාන්දුවීමක් තිබේදැයි තීරණය කිරීම සඳහා පීඩන පරීක්ෂණයක්(Coolent systems pressure test)සිදු කරන්න; කූලන්ට් සිස්ටම් ප්‍රෙෂර් ගේජ් එකක් මගින් පද්ධතියට අවම වශයෙන් මිනිත්තු 2 ක කාලයක් පීඩනය යෙදිය නොහැකි නම් එය සමහර විට කාන්දු විය හැකිය.

    2. දෝෂ සහිත තර්මස්ටැට් වෑල්

    එන්ජිමේ උෂ්ණත්වයේ ප්‍රතිචාරයක් ලෙස තර්මස්ටට් වෑල්වය විවෘතවීම සහ වැසීම සිදුවන අතර වෑල්වය විවෘත වී ඇ‌ති විට රත් වූ කූලන්ට්/ජලය රේඩියේටර් වෙත ගමන් කරන අතර තර්මස්ටෑට් වෑල්වය වැසී ඇ‌ති විට සීතල එන්ජිමක උෂ්ණත්වය වේගවත් කිරීම සඳහා කූලන්ට් ප්‍රවාහය රේඩියේටරය හරහා ගමන් කිරීම වලක්වනු ලැබේ.තර්මස්ටැට් වෑල්වය වැසී හිරවී ඇති විට(Stuck closed)කූලන්ට් එන්ජිම තුල සිරවී එන්ජිම ඕවර්හීට් වනු ඇ‌ත.වෑල්වය විවෘතවී හිරවී(Stuck open)ඇත්නම් එන්ජිම නිසි ක්‍රියාකාරී උෂ්ණත්වය වෙත ළඟා නොවනු ඇත.

    3. වැරදි කූලන්ට් සාන්ද්‍රණය

    වැරදි ආකාරයේ කූලන්ට් හෝ කූලන්/ආ‌ස්‍රෘත ජල අනුපාතය එන්ජින් ඕවර්හීට් වීමට හේතු විය හැක.වාහන නිෂ්පාදකයා විසින් නිර්දේශ කර ඇති පරිදි නිසි ලෙස කූලන්ට් භාවිතා කරන්න.

    4. අවහිර වූ කූලන්ට් ගමන් මාර්ග

    අපද්‍රව්‍ය, මලකඩ, අවසාදිත හා සුන්බුන් මගින් එන්ජිමේ උෂ්ණත්වය නියාමනය කිරීමේ හැකියාව සීමා කරන අතර සිසිලන පද්ධතිය හරහා කූලන්ට් ගමන් කිරීමට බාධා කිරීම් හෝ අවහිර කළ හැකිය.අවසාදිත ද්‍රව්‍ය නිසා සිසිලන පද්ධතියේ සංරචක බිඳවැටීම සහ දිරාපත්වීම් ඇ‌ති විය හැකිය.

    5. දුර්වල රේඩියේටර් ෆෑන්

    ෆෑන් ක්ලච් හෝ ෆෑන් බ්ලේඩ්.කැඩී ගිය හෝ වොබලි ෆෑන් නිසා එන්ජිමේ උෂ්ණත්වය නිසි ලෙස නියාමනය කිරීමට නොහැකි වී එන්ජින් ඕවර්හීට් වීම ඇ‌ති කරයි.

    6. දුර්වල රේඩියේටර්

    රේඩියේටරයේ ඇ‌ති ශ්‍රේණි ගත වරල් හා නල මාර්ග මාලාවක් හරහා කූලන්ට් ගමන් කරන විට කූලන්ට් උෂ්ණත්වය අඩු වීම සිදු වන අතර අවහිර වූ සහ කාන්දු වීම් රේඩියේටර් වීම අසමත්වීම සඳහා බලපාන පොදු හේතු වේ. රේඩියේටර් ක්‍රියාකාරීතවයට ඇ‌ති වන ඕනෑම ආකාරයක බාධා වීම් හෝ කිසියම් ආකාරයක බිඳවැටීම්,අහිතකර එන්ජින් උෂ්ණත්වයක් ඇතිවීමට සහ ඕවර්හීට වීමට හේතු විය හැක.

    7. ගෙවුණු රේඩියේටර් හෝස්

    ඉරිතලා හෝ කැඩී ඇ‌ති රේඩියේටර් හෝස් නිසා සිසිලන පද්ධතියේ කාන්දු වීම් ඇ‌ති වන අතර එන්ජින් කූලන්ට් නිසියාකාරව ගලා යාමේ අවදානමක් ඇතිවී එන්ජින් ඕවර්හීට් වීම ඇ‌තිවේ.

    8. කැඩුණු වෝටර් පම්ප් ඩ්‍රයිව් බෙල්ට්

    බොහෝ බෙල්ට් ඩ්‍රයිව් සිසිලන පද්ධතිවලදී,සිසිලන පද්ධතිය පුරාම වඩා හොඳ කූලන්ට් ප්‍රවාහයක් සඳහා නිසි වේගයකින් වෝටර් පම්ප් ධාවනය කරයි. කැඩුණු වෝටර් පම්ප් ඩ්‍රයිව් බෙල්ට් මගින් වෝටර් පම්ප් නිසියාකාරව භ්‍රමණය වීම වලක්වන අතර එන්ජිම ඕවර්හීට් වීමක් සිදු කරයි.(එන්ජින් ටයිමිං බල්ට් මගින් ක්‍රියාකරන වෝටර් පම්ප් මීට අදාල නොවේ)

    9. බුරැල් වූ වෝටර් පම්ප් ඩ්‍රයිව් බෙල්ට්

    බුරැල් වූ වෝටර් පම්ප් ඩ්‍රයිව් බෙල්ට් නිසාද නිසියාකාරව වෝටර් පොම්ප් ක්‍රියානොකිරීම නිසා කූලන්ට් ගලායාම සඳහා නිවැරදි වේගයක් පවත්වා ගත නොහැකි වී එන්ජින් ඕවර්හීට් වීම සිදුවේ.

    10. දුර්වල හෝ දෝෂ සහිත වෝටර් පම්ප්

    වෝටර් පම්ප් එන්ජින් සිසිලන පද්ධතියේ කේන්ද්‍රය වශයෙන් සැලකෙන අතර කූලන්ට් පීඩනය සහ පද්ධතිය හරහා කූලන්ට් ප්‍රචාලනය කිරීම සඳහා වගකිව යුතු ප්‍රධානතම අංගයි.වෝටර් පම්ප් බිඳවැටීම් නිසා සිසිලන පද්ධතිය නිසි ලෙස අපවහන කිරීම,පොම්ප ඉම්පිලර් වොබලි හෝ ඉමිපිලර් ශෘෆ්ට් හරහා ලීක් වීම මගින් කූලන්ට් ගලා යාමට බාධා ඇ‌ති වී එන්ජිම උෂ්ණත්වය ඉහළ යාම හෝ ඕවර්හීට් වීම් තත්වයන් ඇති විය හැකිය.

    (චන්ද්‍රසිරි ජයවික්‍රම විසිනි)

    19/10/2017