එන්ජින් වර්ගීකරණය

VLearn

Banned
Jun 29, 2015
43
13
0
එන්ජින් වර්ගීකරණය

එන්ජින් නොයෙක් ආකාරයෙන් වර්ගීකරණය කල හැක.

ක්‍රියාකාරී මුලදර්මය අනුව
  1. සිව්පහර
  2. ද්වි පහර
භාවිතාවන ඉන්දන වර්ගය අනුව
  1. ඩිසල්
  2. පෙට්‍රල්
දහන ක්‍රියාව අනුව
  1. පුලුගු ජ්වලන එන්ජින්
  2. සම්පීඩන ජ්වලන එන්ජින්
සිසිලන ක්‍රම අනුව
  1. වාසිසිලන
  2. ද්‍රව සිසිලන

ක්‍රියාකාරී මුලදර්මය අනුව​
1. සිව් පහර එන්ජිම
4-Stroke-Engine-with-airflows.gif

සිව්පහර එන්ජින් වර්ග 2ක් පවතී එනම් සිව්පහර පෙට්‍රල් එන්ජින් , සිව්පහර ඩීසල් එන්ජින් . මෙහි පහර 4ක් ක්‍රියාත්මක වේ. එක් පහරක් යනු දහන කුටීරයේ ඉහල සීමාව (TDC) හා පහල සීමාව (BDC) අතර එක් වරක් ගමන් කිරීමයි.
පහර 4 මෙසේය

චුෂණ පහර : ඩීසල් එන්ජින් වල මෙම අවස්ථාවේදී වාතය පමණක් දහන කුටිරයට ලබාගනී. පෙට්‍රල් එන්ජින් වල ඉන්දන මිශ්‍ර වාතයද දහන කුටීරයට ලබාගනී. මෙම අවස්ථාවේදී චුෂණ වෑලය විවෘර්තවද පිටාර වෑලය වැසීද පවතී.

සම්පීඩන පහර : චුෂණ හා පිටාර වෑල් වැසී පවතී. සම්පීඩනය වේ.

බල පහර : චුෂණ හා පිටාර වෑල් වැසී පවතී. ඉන්දන වායු මිශ්‍රණය පුලිගුවක් මගින් දහනය වී ඇතිවන ප්‍රසරණයෙන් පිස්ටනය පහලට තල්ලු වී බල පහර ඇති වේ.

පිටාර පහර : චුෂණ වෑලය වෑසී පිටාර වෑලය විවෘර්ත වේ. දහනය වූ ඉන්දන වායු මිශ්‍රණයේ දැවූ වාතය ඉවත් වේ.

2. ද්වී පහර එන්ජිම
ඉහත එන්ජිමෙහි මෙන් නොව මෙහි පහරවල් 2ක් සම්පුර්ණ චක්‍රයක් සම්පුර්ණ වේ. මෙහිද ද්වී පහර පෙට්‍රල් , ඩීසල් යනුවෙන් වර්ග 2ක් පවතී. මෙහිදී පළමු පහරේදී ඉන්දන වායු මිශ්‍රණය ලබාගැනීමත් සම්පිදනය වීමත් සිදුවේ. ඉහල සීමාවෙහිදී පුලිගුව ඇතිවී දහනය සිදුවී සිස්ටනය පහලට තල්ලු වේ. බලපහර අවසානයේ ඉන්දන මිශ්‍ර වාතය දැවීමෙන් ඉතුරු වූ කාබන්ඩයොක්සයිඩ් ඉවත් වේ.


Source : http://si.vlearn.info/2015/06/blog-post_30.html