එන්ටර්ප්‍රයිස් ශ්‍රීලංකා සහන ණය සහ පොහොට

monson

Well-known member
  • May 7, 2007
    25,763
    28,898
    113
    එන්ටර්ප්‍රයිස් ශ්‍රීලංකා සහන ණය සහ පොහොට

    එන්ටර්ප්‍රයිස් ශ්‍රීලංකා සහන ණය සහ පොහොට්ටුවේ අසහනය !

    එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා වැඩසටහන යටතේ රජයේ මුදල් අවභාවිතා කරන සියලුම රජයේ නිලධාරීන්ට එරෙහිව ඉදිරියේදී පිහිටුවන මහින්ද රාජපක්ෂ ප්‍රමුඛ ආණ්ඩුවක් යටතේ නඩු පවරන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා ප්‍රකාශ කර තිබිණි.

    ඒ මහතා මේ බව ප්‍රකාශ කර තිබුණේ පසුගිය 18 වනදා පැවති, ඒකාබද්ධ විපක්ෂයේ ආර්ථික පර්යේෂණ ඒකකය මෙහෙයවූ මාධ්‍ය හමුවක් අමතමිනි.

    enterprise-g-l.jpg


    ජී. එල්.ගේ තර්ජනය

    එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා වැඩසටහන ආරම්භ කර ඇත්තේ ආණ්ඩුවේ ගජමිතුරු ව්‍යාපාරිකයින්ට අඩු පොළියක් යටතේ ණය දීමට බවට චෝදනා කළ මහාචාර්යවරයා රජයේ බැංකුවලට සහ මහා භාණ්ඩාගාරයට විශාල පාඩුවක් වන මේ වැඩසටහන සඳහා ඇමතිවරුන්ගේ නියෝග පිළිපදිමින් ක්‍රියාත්මක වන නිලධාරීන්ට එරෙහිව අනිවාර්යයෙන්ම තමන්ගේ රජයක් යටතේ නඩු පවරන බව ප්‍රකාශ කළේය.

    ඇමතිවරුන්ගේ කීම මත ඒ දේවල් කළ බව පසුව අධිකරණයක් හමුවේ කීමට කිසිදු නිලධාරියකුට අයිතියක් හිමි නොවන බව ද කී මහාචාර්යවරයා නීතිය ක්‍රියාත්මක වීමෙන් පසුව ඔවුන්ට තමන්ගේ සාක්කුවෙන් මුදල් ගෙවීමට සිදුවනු ඇතැයිද පැවසීය. දැනට පිහිටුවා ඇති පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාශය (FCID) සහ විශේෂ අධිකරණය හරහා ම එවන් නිලධාරීන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වන බවයි මහාචාර්යවරයා වැඩිදුරටත් සඳහන් කළේ.

    එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා සහන ණය

    එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා වැඩසටහන වත්මන් රජය විසින් ආරම්භ කරන ලද්දේ නව ව්‍යවසායකයින් පිරිසක් බිහි කරගැනීම සඳහා සහ දැනට සිටින ව්‍යවසායකයින් දිරිගැන්වීම සඳහා ය. ඒ සඳහා සහන පොළී ණය යෝජනා ක්‍රමයක් ලෙස මෙම ව්‍යාපෘතිය දියත් කෙරිණි.

    ගොවි ජනතාවට, ධීවරයින්ට, පශූ සම්පත් නිෂ්පාදකයින්ට, ගෙවතු වගාකරුවන්ට, අත්කම් ඇඟළුම් නිෂ්පාදකයින්ට සහ සංචාරක ව්‍යාපාරයේ යෙදී සිටින්නන්ට යනාදී වශයෙන් විවිධ ක්ෂේත්‍ර යටතේ ණය ලබාදෙන වැඩසටහන් 15ක් මේ හරහා ක්‍රියාත්මක වේ.

    රටේ තරුණ පරපුර රජයේ රැකියාවලට හෝ සේවා අංශයේ රැකියාවලට පිරවීමෙන් රටක ආර්ථිකය දියුණු කිරීමට හැකිවන්නේ නැත. ඔවුන්ට අවශ්‍ය සහන ලබාදී ස්වාධීන ව්‍යවසායකයින් වශයෙන් රටේ ආර්ථිකයට සම්බන්ධ කරගත හැකි නම් රටක දියුණුවට එය ඉතාම නිවැරදි සහ විශිෂ්ඨ පියවරක් වනු ඇත. එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා ව්‍යාපෘතිය හරහා රජය කිරීමට බලාපොරොත්තු වන්නේ එයයි.

    පොහොට්ටුවේ අසහනය

    එවන් අවස්ථාවක පොහොට්ටුවේ නායක ජී. එල්. පීරිස් මහතා මේ කරන්නේ එම ව්‍යාපෘතියට සම්බන්ධ වන රාජ්‍ය නිලධාරීන්ට තර්ජනය කරමින් ඔවුන්ව බිය වැද්දීමයි. සහන පොළී ණය සඳහා අයදුම් කරන ව්‍යවසායකයින්ට එම ණය ලබාදීම වැළැක්වීම සඳහා ඔහු රජයේ නිලධාරීන් අධෛර්යමත් කරමින් සිටී.

    කෙසේ හෝ බලය ලබාගැනීම සඳහා වන ඒකාබද්ධ විපක්ෂය ප්‍රමුඛ රාජපක්ෂ කල්ලියේ නින්දිත වෑයම මේ හරහා ද රටට පැහැදිලි වේ. රටට අලුතින් ව්‍යාපාරිකයින්, නිෂ්පාදකයින් එකතු වී රට දියුණු කෙරෙනවාට ඔවුන් කැමති නැත. ඔවුන්ගේ අපේක්ෂාව රටේ ආර්ථිකය බංකොලොත් කිරීමය. ඒ තුළින් තමන්ට බලයට ඒමට මඟ කපා ගැනීමය. එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා වැඩසටහනට ජී. එල්.ලා අකුල් හෙළන්නේ ඒ නිසාය.

    රටේ සංවර්ධනය වෙනුවෙන් රජය ව්‍යාපෘතියක් දියත් කර ඇති මොහොතක, ඊට සහභාගී වන නිලධාරීන්ට කවදා හෝ එන තමන්ගේ රජයක් යටතේ නඩු පවරන බව පවසා තර්ජනය කිරීම කෙතරම් සදාචාරාත්මකද යන්න පළමුව මහාචාර්ය ජී. එල්. පීරිස්ගෙන් ප්‍රශ්න කළ යුතුව ඇත. එහෙත් ගැටලුව වන්නේ ඔහු නීතිය උගන්වන සමයේ හැර දේශපාලනයට පිවිසීමෙන් පසුව කවදා හෝ සදාචාරයක් පිළිබඳව දැන සිටියේද යන ප්‍රශ්නය අප ඉදිරියේ ම මතුවීමයි. ජී. එල්. ගේ දේශපාලන අතීතය දෙස බලන විට ඔහු සදාචාරය යන වචනයවත් නොදන්නා බව පැහැදිලි වේ.

    අනෙත් අතට මෙසේ රාජ්‍ය නිලධාරීන්ට තර්ජනය කර බිය වැද්දීම යනු ජී. එල්. පීරිස්ට එරෙහිව නඩු පැවරිය හැකි ගණයේ වරදකි. මෙය විමල් වීරවංශ හෝ රෝහිත අබේගුණවර්ධන පන්නයේ දේශපාලකයකු විසින් කරන ලද්දේ නම් එය වෙනම කතාවකි. එහෙත් මේ තර්ජනය කරන්නේ මහාචාර්යවරයෙකි. වෙනෙකෙක් නොව නීතිය පිළිබඳව ම මහාචාර්යවරයෙකි. ඛේදවාචකය ඇත්තේ එතැනයි.

    බලය නොලැබීමේ බය

    ජී. එල්.ගේ තර්ජනය ක්‍රියාත්මක වන්නට නම් මුලින්ම ඔවුන්ට ආණ්ඩු බලයක් ලැබිය යුතුය. එහෙත් එවැන්නක් සිදුවන බවක සේයාවක් හෝ දකින්නට නැත. එසේම ආණ්ඩු බලයක් ලබා ගත්ත ද ජී. එල්.ලා කරන්නට උත්සාහ ගන්නේ මොනවාද යන්න ඉහත ප්‍රකාශය හරහා පැහැදිලි ය. දේශපාලන පළිගැනීම් වෙනුවෙන් රටේ ම සංවර්ධන ක්‍රියාදාමයන් ආපසු හැරවීම ඔවුන්ගේ උවමනාව වී තිබේ.

    ආණ්ඩුව පසුගිය වසර තුනක කාලය තුළ ණය රාජපක්ෂලා අටවා ගිය ණය උගුලෙන් ගැළවීමේ ක්‍රමවේද සොයමින් සිටි නිසාම ජනතාව වෙත මුදල් ගලායන වැඩසටහන් සකස් කිරීමට හැකියාවක් තිබුණේ නැත. එහෙත් එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා වැඩසටහන හරහා ග්‍රාමීය ජනතාව වෙත දැන් මුදල් ගලා යන්නට පටන් ගෙන තිබේ. ඉදිරියේදී එම ජනතාවගේ ආර්ථිකය ස්ථාවර වන ලකුණු පහළවී තිබේ. තවදුරටත් රාජපක්ෂලා රජ කරවීම වෙනුවෙන් ඒ ජනතාව රවටා ගත නොහැකි බව පොහොට්ටුවේ නායකයින්ට අවබෝධ වෙමින් පවතී. ඔවුන් ඊට දැඩි ලෙස බියපත් වී සිටී. මෙසේ නීතිය ද නොතකා ඊට මාරාන්තික ලෙස විරෝධය පාන්නේ එබැවිනි.

    එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා වැඩසටහන සංකල්පයක් ලෙස ඉතාම විශිෂ්ඨ වුවත් ක්‍රියාත්මක වීමේදී කොතෙක් දුරට සාර්ථක වේද යන්න අපට කිව නොහැක. එහෙත් පොහොට්ටුව එම වැඩසටහන කෙරෙහි දක්වන බියේ තරම අනුව නම් පැහැදිලිව ම පෙනෙන්නේ එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා වැඩසටහන අති සාර්ථක බවයි.
    :lol:

    RN

    - https://lankanewsweb.net/sinhala/පු...ප්‍රයිස්-ශ්‍රීලංකා-සහන-ණය-සහ-පොහොට්ටුවේ-අසහනය
     

    pathumputha

    Well-known member
  • Feb 20, 2018
    3,284
    6,545
    113
    "දැනට පිහිටුවා ඇති පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාශය (FCID) සහ විශේෂ අධිකරණය හරහා ම එවන් නිලධාරීන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වන බවයි මහාචාර්යවරයා වැඩිදුරටත් සඳහන් කළේ."


    පහුගිය කාලේ මේ උත්තමයල මැරෙන්ඩ හැදුව නේද මේක (FCID සහ විශේෂ අධිකරණය )නීති විරෝදී කියල ????????????
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    "දැනට පිහිටුවා ඇති පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාශය (FCID) සහ විශේෂ අධිකරණය හරහා ම එවන් නිලධාරීන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වන බවයි මහාචාර්යවරයා වැඩිදුරටත් සඳහන් කළේ."


    පහුගිය කාලේ මේ උත්තමයල මැරෙන්ඩ හැදුව නේද මේක (FCID සහ විශේෂ අධිකරණය )නීති විරෝදී කියල ????????????

    බලේ ආවම ඌරගෙ මාලු ඌරගෙ ඇගේම තියල තමයි කප්පන්නෙ දෙන්නම් ජම්බෝ..:cool::cool::cool:
     

    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    අයි මේ බයවෙලා ? හොරකම් වෙලා නැත්නම් අදෝනා දෙන්න ඕනේ නැ නේ ..

    ඔව්වට වඩා පනිෂ්මන්ට් දෙන්න දේවල් ඕන තරඟ තියෙනවා .ඉස්සෙල්ලම මහබැංකු හොරකමෙන් පටන් ගම්මු
    :lol::rofl::rofl:

    2020 හොරු අල්ලන එකෙක්ට චන්දෙ දෙමු .ඕකුන්ව හිරේ දාල නිකන් කන්න දිදී තියන් වැඩක් නැ ඔකුන්ගේ මුළු බුදලේම ප්‍රසිද්දියේ වෙන්දේසි කරලා හොරකම්වල අලාබෙ පියවගන්න ඕන .උන්ගේ බුදලේ මදිනම් උන්ගේ හත්මුතු පරම්පරාවේම හරි කමක් නැ:cool::cool:

    වික්කසින්හගෙන් පටන් ගම්මු :cool:

    රනවිරුවන් පාවාදීමට මරණ දඩුවම දෙමු :cool:
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,763
    28,898
    113
    පුද්ගලයන් 23,000ට එන්ටප්‍රයිස් ශ්‍රී ලංකා පොලී සහන ණය

    21 September 2018

    නව ව්‍යාවසායකයන් ලක්ෂයක් බිහි කිරීමේ අරමුණෙන් මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශය මගින් ක්‍රියාත්මක කරනු ලබන එන්ටප්‍රයිස් ශ්‍රී ලංකා රජයේ පොලී සහනාධාර ණය යෝජනා වැඩසටහන යටතේ මේ වන විට ආයතන හා පුද්ගලයන් 22,957ට ණය ලබා දී තිබේ.

    වාර්තා වන ආකාරයට රජයේ සහ පෞද්ගලික බැංකු හරහා ක්‍රියාත්මක මෙම ණය යෝජනා ක්‍රමය යටතේ ලබා දී ඇති ණය මුදල්වල මුළු වටිනාකම රුපියල් මිලියන 49,176කට අධික ය.

    2018 ජූනි මස 22 වැනි දින එන්ටප්‍රයිස් ශ්‍රී ලංකා, රජයේ පොලී සහනාධාර ණය යෝජනා වැඩසටහන ජනාධිපතිතුමාගේ සහ අගමැතිතුමාගේ ප්‍රධානත්වයෙන් නිල වශයෙන් ආරම්භ කෙරිණි. නව ව්‍යාවසායක පරපුරක් බිහි කිරීමේ අරමුණෙන් ඇරැඹි මෙම වැඩසටහන යටතේ පොලී සහන ණය යෝජනා ක්‍රම 16ක් හඳුන්වා දෙන ලදී. මෙම ණය යෝජනා ක්‍රමවල විශේෂත්වය වන්නෙ ඊට අදාළ සම්පූර්ණ පොලිය හෝ පොලියෙන් කොටසක් රජය මගින් අදාළ ණයලාභියා වෙනුවෙන් බැංකු වෙත ගෙවීමයි.

    ජය ඉසුර, සොඳුරු පියස, මාධ්‍ය අරුණ, ඇරැඹුම, හරිත ණය සහ මධ්‍යම ආදායම්ලාභී නිවාස ණය ඇතුළු ණය යෝජනා ක්‍රම රැසක් ඒ අතර වේ. ස්වයං රැකියාලාභීන්ගේ සිට මහා පරිමාණ ව්‍යවසායකන් දක්වා රුපියල් 50,000 සිට රුපියල් මිලියන 750 දක්වා මේ යටතේ ණය පහසුකම් ලබා දෙනු ලබයි.

    විදේශ ණය ආධාර යටතේ ණය යෝජනා ක්‍රම තුනක් ද ක්‍රියාත්මක කෙරේ. සූර්ය බල උත්පාදන, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාවසාය ණය සහ පවිත්‍ර ගංගා යන ණය යෝජනා ක්‍රම ඒ අතර වෙයි. ඒ අතරින් කර්මාන්ත ශාලා සහ නිවාසවල වහලය මත සවි කරන ලද සූර්ය බල උත්පාදක වැඩසටහන වෙනුවෙන් පසුගිය දා ආසියානු සංවර්ධන බැංකුව මගින් රුපියල් මිලියන 8000ක මුදලක් ශ්‍රී ලංකාව වෙත ලබා දෙන ලදී.

    වැඩිම ණය ගැනීම : රන් අස්වැන්න සහ ගොවි නවෝදා

    කෘෂි කර්මාන්තය වාණිජකරණයකොට අපනයනය සඳහා යොමු කරවීමේ අරමුණෙන් ලබා දෙනු ලබන රන් අස්වැන්න සහ ගොවි නවෝදා යන ණය යෝජනා ක්‍රම යටතේ වැඩි ණය ප්‍රමාණයක් ව්‍යවසායකයන් විසින් මෙම කෙටිකාලය තුළ ලබා ගෙන තිබේ. රන් අස්වැන්න ණය යෝජනා ක්‍රමය යටතේ මේ වන විට ලබාදී ඇති ණය ප්‍රමාණය 6022කි. මෙහි කාණ්ඩ තුනක් යටතේ රුපියල් ලක්ෂ 50 සිට ලක්ෂ 750 දක්වා ණය ලබා දෙනු ලබයි. ණය නිකුත් කිරීම සඳහා වන 13.5%ක් වූ බරිත පොලී අනුපාතයෙන් 6.75%ක් රජය මගින් ණයලාභියා වෙනුවෙන් අදාළ බැංකු වෙත ගෙවනු ලැබේ.

    ගොවි නවෝදා ණය යෝජනා ක්‍රමය යටතේ ද 1749ක පිරිසක් ණය ලබා ගෙන ඇත. ගොවි සංවිධාන සහ සුළු පරිමාණ ගොවීන් ඉලක්ක කරගෙන කෘෂිකාර්මික කටයුතු යාන්ත්‍රීකරණය කිරීමේ අරමුණෙන් මෙම ණය යෝජනා ක්‍රමය ක්‍රියාත්මක කෙරේ. ඒ සඳහා රුපියල් ලක්ෂ 5ක ණය මුදලක් ලබා දෙනු ලබන අතර පොලී අනුපාතයෙන් 75% ක්ම රජය මගින් අදාළ බැංකු වෙත ගෙවනු ලැබේ. ණය ලාභියා ගෙවිය යුත්තේ 3.38%ක පොලී අනුපාතයකි.

    සිය නිවාස අවශ්‍යතාව සපුරා ගැනීම සඳහා සාමාන්‍ය පුරවැසියන්ට සොඳුරු පියස නමින් නිවාස ණය යෝජනා ක්‍රමයක් මෙහි අන්තර්ගත වේ. ඒ අනුව වැඩිම ණය සංඛ්‍යාව වන 11711 දෙනෙකුට රුපියල් ලක්ෂ 200,000ක උපරිමයකට යටත්ව ණය ලබා දී ඇත. මේ සඳහා වන පොලියෙන් අඩක් ම රජය මගින් ගෙවනු ලැබේ.

    වැඩිම ණය ප්‍රමාණය BOC වෙතින්

    මේ සියලු ණයලාභීන් හට රජයේ සහ පෞද්ගලික බැංකුවලින් අදාළ ණය මුදල් මුදා හැරෙන අතර වැඩි ම ණය ප්‍රමාණයක් ලබා දී ඇත්තේ ලංකා බැංකුවෙනි. එම ණය ප්‍රමාණය 11,807කි. මීට අමතරව ප්‍රදේශීය සංවර්ධන බැංකුවෙන් ණය 5612ක් ද, ජාතික ඉතිරි කිරීමේ බැංකුවෙන් ණය 2983ක් සහ මහජන බැංකුවෙන් ණය 1402ක් නිකුත් කර තිබේ. පෞද්ගලික බැංකුවලින් ද සැලකිය යුතු ණය ප්‍රමාණයක් ලබා දී ඇත.

    ව්‍යවසායකයින් ලක්ෂයක් බිහිකිරීමේ ඉලක්කය සපුරාගන්නවා - ඇමති මංගල

    මේ අතර එන්ටප්‍රයිස් ශ්‍රී ලංකා රජයේ පොලී සහනාධාර ණය යෝජනා වැඩසටහන වෙනුවෙන් පොලී සහන ගෙවීම සඳහා පමණක් 2018 අයවැය මගින් රුපියල් මිලියන 5,300කට අධික මුදලක් වෙන් කර ඇති අතර ව්‍යවසායකයන් ලක්ෂයක් වසරක් තුළ බිහිකිරීමේ රජයේ වැඩපිළිවෙළ සාර්ථක කරගැනීමට රජය අධිෂ්ඨානයෙන් කටයුතු කරන බව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර පවසයි.
    මෙම ණය ලබාදීම සම්බන්ධයෙන් මාස තුනකට වරක් සියළු බැංකු හා අදාළ රාජ්‍ය නිලධාරීන් සමඟ එහි ප්‍රගතිය සමාලෝචනය කරන බවද මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර වැඩිදුරටත් පවසයි.


    - https://newstube.lk/news/3719-23-000
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    මරුසිරා;23647628 said:
    අයි මේ බයවෙලා ? හොරකම් වෙලා නැත්නම් අදෝනා දෙන්න ඕනේ නැ නේ ..

    ඔව්වට වඩා පනිෂ්මන්ට් දෙන්න දේවල් ඕන තරඟ තියෙනවා .ඉස්සෙල්ලම මහබැංකු හොරකමෙන් පටන් ගම්මු
    :lol::rofl::rofl:

    2020 හොරු අල්ලන එකෙක්ට චන්දෙ දෙමු .ඕකුන්ව හිරේ දාල නිකන් කන්න දිදී තියන් වැඩක් නැ ඔකුන්ගේ මුළු බුදලේම ප්‍රසිද්දියේ වෙන්දේසි කරලා හොරකම්වල අලාබෙ පියවගන්න ඕන .උන්ගේ බුදලේ මදිනම් උන්ගේ හත්මුතු පරම්පරාවේම හරි කමක් නැ:cool::cool:

    වික්කසින්හගෙන් පටන් ගම්මු :cool:

    රනවිරුවන් පාවාදීමට මරණ දඩුවම දෙමු :cool:

    Mata pena hina....
     

    AHTNIHCA

    Junior member
  • Jan 21, 2017
    173
    10
    18
    Kandy
    අරුන් මුන්ට නඩු දානවා, මුන් අරුන්ට නඩු දානවා. නඩු අහන දවසක් නෑ. නොදකිං. මුන් එක්ක කොහොමද මෙක හදන්නෙ...
     

    JBLs

    Well-known member
  • May 6, 2018
    3,564
    3,378
    113
    Yakoo RDB saha anik bankuwala Mul putu wala inna UNP karayekgenma Ahala balapan
    mokadda seen eka kiyala
    Banku nahayen adanawa loan eka denna
    Ranila Banku budi karanna yanne kiyala
    Basilath me wagema gon wedak kara ekale
    Adatath a naya gewanne ne minissu
     

    Similar threads