එන්නත ගැන දැනුවත් වෙමු

visalbro

Well-known member
  • Jun 4, 2017
    15,974
    17,133
    113
    panadura
    covishield-sii-twitter-1596351144.jpg

    🅐 හෙට දවසේ දෙන්න යන එන්නත මොකක්ද? මොන රටක නිර්මාණය කරන ලද්දක් ද?

    එංගලන්තේ ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලය සහ Astrazenecea සමාගම මගින් නිර්මාණය කර ලොව පුරා රටවල් අටක මේ වන විට නිෂ්පාදනය සිදුකරන එන්නතකි.

    ලංකාව තුළ හෙට දිනයේ ලබාදීමට යෙදෙන්නේ එංගලන්තයේ ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලය සහ AstraZenecea සමාගම මගින් නිර්මාණය කරන ලද ඉන්දියාව තුළ නිෂ්පාදනය කරනු ලබන CoviShield යන නමින් වෙළඳපලට නිකුත් කරන Oxford-Astrazeneca එන්නත වේ.

    🅑 මෙම එන්නතේ ගුණාත්මකභාවය කොහොමද?

    මෙම එන්නත ලබා ගැනීම මගින්,
    ① covid ආසාදනය වීමේ අවධානම සැලකිය යුතු ලෙස අඩු වේ. (පර්යේෂණ වාර්තා වලට අනුව මෙම අගය 62% සිට 90% දක්වා වන බව තහවුරු කර ඇත)

    ② ඊට අමතරව රෝගය කෙනෙකුගෙන් තවත් කෙනෙකුට බෝවීමේ අවදානම ද විශාල ලෙස අඩුවන බව සොයාගෙන ඇත.

    ③ මෙම එන්නත ලබා ගැනීමෙන් පසු රෝගය වැළඳුණ ද එමගින් සංකූලතා ඇතිවීම, දරුණු රෝගී තත්ත්වයක් ඇතිවීම ඉතා විශාල ලෙස අඩු වීමක් පෙන්නුම් කර ඇත. (පර්යේෂණ වාර්තා වලට අනුව පර්යේෂණයට භාජනය කළ 10,000 කට අධික පිරිසගෙන් කිසිම කෙනෙකුට රෝහල් ගත කර ප්‍රතිකාර කිරීමට අවශ්‍ය වන තරම් රෝගී තත්ත්වයක් වැළඳී නැති බව වාර්තා වනවා)

    මේ සියලුම වාසි ලැබුණත්, මෙම එන්නත සහ දැනට ලෝක වෙළඳපොලේ අනුමත අනෙකුත් එන්නත් සියල්ලම භාවිතය සඳහා අනුමත කර ඇත්තේ දැනට කොරෝනා වෛරසය පැතිරීම වැළැක්වීමට අප ගන්නා සියලු ක්‍රියාමාර්ගවලට අමතරව රෝගය පැතිරීම වැළැක්වීමට නව ජවයක් එකතු කිරීමට මිස එම ආරක්ෂක විධිවිධාන සියල්ල අතහැර දමා එන්නත මත පමණක් යැපීමට උනන්දු කරවීමට නොවේ.

    🅒 මෙම එන්නත් ලබා දෙන්නේ කාටද?

    මෙම එන්නත් ලබාදීම සිදුකරනුයේ රෝගය වැළදීමට ඇති අවදානම මුල්කරගෙන නිර්මාණය කරන ලද ප්‍රමුඛතා ලයිස්තුවකට අනුකූලවයි.

    මුලින්ම එන්නත් ලබා දෙනුයේ කොරෝනා ආසාදිතයන් සමග ගැටෙන පළමු පෙළ සෞඛ්‍ය, ආරක්ෂක සහ අනෙකුත් හඳුනාගත් අංශවල සිටින පුද්ගලයින්.

    දෙවනුව අවුරුදු 60ට වැඩි පුද්ගලයින්ටත් ඉන්පසු අඩු වන වයස් පිලිවෙලට, අවදානම් සාධක ද සලකා බලා, පියවරෙන් පියවර එන්නත ලබාදීමට තීරණය කර ඇත.

    🅓 මෙම එන්නත දැනට අනුමත කර නැත්තේ කුමන කාණ්ඩ සඳහා ද?

    ‣ වයස අවුරුදු 18ට අඩු පුද්ගලයින්ට

    ‣ ගර්භනී මව්වරුන්ට සහ මව් කිරි දෙන මව්වරුන්ට

    ‣ එන්නත් සදහා දැඩි අසාත්මිකතා පෙන්වා ඇති පුද්ගලයින්.

    ‣ මේ කරුණු වලට අමතරව සෞඛ්‍ය කාර්යය මණ්ඩලය මගින් සෑම පුද්ගලයෙකුම එන්නත ලබා ගැනීමට ඇති යෝග්යතාවය සලකා බැලීමෙන් පසුව පමණක් එන්නත් ලබා දීම සිදු කරනු ඇත.

    🅔 කොරෝනා ආසාදනයට ලක්වූ පුද්ගලයකුට මෙම එන්නත් ලබාගත නොහැකිද?

    රෝගය කලින් වැළඳී ඇත්ද නැද්ද යන්න එන්නත් කරනය සඳහා බාධාවක් නොවේ. එම නිසා ඉහත සඳහන් කළ කාණ්ඩ වලට අයත් නොවන සියලු දෙනාටම මෙම එන්නත එන්නත් කළ හැක.

    --Copied from facebook.
     
    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,463
    23,714
    113
    ලිම්පෝපෝ කන්දෙ
    View attachment 111273
    🅑 මෙම එන්නතේ ගුණාත්මකභාවය කොහොමද?

    මෙම එන්නත ලබා ගැනීම මගින්,
    ① covid ආසාදනය වීමේ අවධානම සැලකිය යුතු ලෙස අඩු වේ. (පර්යේෂණ වාර්තා වලට අනුව මෙම අගය 62% සිට 90% දක්වා වන බව තහවුරු කර ඇත)

    ② ඊට අමතරව රෝගය කෙනෙකුගෙන් තවත් කෙනෙකුට බෝවීමේ අවදානම ද විශාල ලෙස අඩුවන බව සොයාගෙන ඇත.

    How efficacious is the vaccine?​

    The AZD1222 vaccine against COVID-19 has an efficacy of 63.09% against symptomatic SARS-CoV-2 infection.

    Does it prevent infection and transmission?​

    No substantive data are available related to impact of AZD1222 on transmission or viral shedding.

    In the meantime, we must maintain and strengthen public health measures that work: masking, physical distancing, handwashing, respiratory and cough hygiene, avoiding crowds, and ensuring good ventilation.

    Source: WHO - https://www.who.int/news-room/featu...zeneca-covid-19-vaccine-what-you-need-to-know
     
    • Like
    Reactions: S_M_S

    Ethakota 2ta kiyalathiyena eka waradiyne
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,930
    1
    60,918
    113
    Mother Earth
    මම නම් ලොවෙත් විදගන්නෙ නෑ. මොනා දාල හදනවද කියල කවුද දන්නෙ.
     
    • Haha
    Reactions: gnilukshi

    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    ඉස්සෙල්ලම ලංකාවට ගෙනාවෙත් Astrazenecea එන්නත ඉන්දියාවෙ හදපු එක. ඒකට කිවුවෙ Astrazenecea කියලා.
    ඒ එන්නතම ආපහු ලංකාවට එනකොට CoviShield වෙන්නෙ කොහොමද?
    මට කොහේ හරි පැටලිලද? දන්නා කෙනෙක් කියන්න බලන්න.
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,930
    1
    60,918
    113
    Mother Earth
    ඉස්සෙල්ලම ලංකාවට ගෙනාවෙත් Astrazenecea එන්නත ඉන්දියාවෙ හදපු එක. ඒකට කිවුවෙ Astrazenecea කියලා.
    ඒ එන්නතම ආපහු ලංකාවට එනකොට CoviShield වෙන්නෙ කොහොමද?
    මට කොහේ හරි පැටලිලද? දන්නා කෙනෙක් කියන්න බලන්න.
    ඇස්ට්‍රා මාජරින් ආයතනය ලිපිහිමිකම් නඩුවක් දාල එයාලගෙ නම මේ වගේ දේකට පාවිච්චි කරනවා කියල. ලංකාවෙ මහ ගොන් නීතියක් බන් තියෙන්නෙ.
     
    • Haha
    Reactions: kasun090354t

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,281
    36,382
    113
    කෑගල්ල
    අනේ මන්දා බන් හන්වැල්ල පැත්තේ පෙලක් උන්ට ගම්වල විදලා. අපේ එකෙක් විදගෙන උබලගේ පැතිවල විදිනවද
     
    S_M_S

    Well-known member
  • Sep 28, 2017
    3,343
    7,858
    113

    Does it prevent infection and transmission?​

    No substantive data are available related to impact of AZD1222 on transmission or viral shedding.

    In the meantime, we must maintain and strengthen public health measures that work: masking, physical distancing, handwashing, respiratory and cough hygiene, avoiding crowds, and ensuring good ventilation.

    Source: WHO - https://www.who.int/news-room/featu...zeneca-covid-19-vaccine-what-you-need-to-know
    අලුත් තොරතුරු එහෙම තියෙනවද?
     
    • Like
    Reactions: Kolama

    Similar threads