උඹ කියන්නේ මේ තනකොල කව්වන්නෙ අපි හරක් නිසා කියන එක වත් උන්ට නොතේරෙන තරමට උන් දාර හරක් කියලා ද?![]()
අනිවාර්යෙන්. උන් ඕක බලන්නෙත් පොඩි උන් අල්ලන් සෙල්ලන් කරනවා වගේ මනසිකත්වෙන්. උන් ඕක බලල "මේක තියල තියෙන්නේ අපේ මෝඩකමට" කියන දේ නෙමෙයි ඔලුවට ගන්නේ. යකෝ එහෙම වෙනවනම් ඕකුන් ඕවට එයිද? මුන් අපිව නොන්ඩි කරානේ අපි මීට වඩා දෙයක් කරන්න ඕන අපේ නායකය එක්ක කියන මනසිකත්වේ ඉන්නේ. ඕකට ගිය එකෙක් එක්ක පුලුවන්නම් පස්සේ කතා කරලා බලපන්. අනිවා කියයි "මග දිගට තනකොලත් ගහල තිබ්බ අපි අඩියක් ගහල ශේප් එකේ ආව, මොනා උනත් අපිට දෙයක් කරපු මනුස්සය වෙනුවෙන් අපි යන්න ඕනනේ හා නැද්ද?" කියල.
ඕවට එන උන්ට ස්වයන් පැවැත්මක් නැහැ. තව එකෙක්ගේ එල්ලිලා ගොඩ යන්නේ. අන්න එක නිසා නායකයට භක්තිය දෙන තැනට අවුරුදු ගානක ඉදන් ඔලුව හුරු වෙලා ඉන්නේ. නායකයා දිනන තරමට තමයි උන්ගේත් කට හෙලවෙන්නේ, අත මිට සරු වෙන්නේ.
උබල අපි අපේ ව්‍යාපාර වෙනුවෙන් හරි ආයතන වෙනුවෙන් හරි වැඩ කරනවා වගේ උන් වැඩ කරන්නේ දේශපාලන ව්‍යාපාරේ වෙනුවෙන්. එහෙම මිනිසසු ඉන්නවා ඕන තරම්. උන්ට වැඩකුත් නැහැ, වෙලාවත් තියෙනවා ඕව කරන්න.
