මේ දිනවල මැදපෙරදිග ගාසා තීරයේ ඇතිවී තිබෙන ගැටුම නිසා දැනට තිරය පිටුපස සිටින ඉරානය ලෙස ලෝකෙම අවදානය යොමාගෙන ඉන්නවා. ඇත්තෙන්ම යුධ තත්ත්වයක දී ඉරානය කෙතරම් ශක්තිමත් ද යන්නත්, විශේෂයෙන් කලාපීය වශයෙන් ඔවුනගේ හමුදා ශක්තිය පිළිබඳවත් මේ අතර සාකච්ඡා මතු වනවා.
මැදපෙරදිග හෙවත් බටහිර ආසියාවේ ප්‍රබල හමුදා බලයක් ලෙස ඉරානය සලකන්න පුළුවන්. සක්‍රිය සේවයේ සිටින සන්නද්ධ හමුදා සාමාජිකයන් සංඛ්‍යාව 534,000ක් වනවා. එරට යුධ, ගුවන්, සහ නාවික යන ත්‍රිවිධ හමුදාව මෙන්ම ඉරානයේ ඉස්ලාමීය විප්ලවීය ආරක්ෂක හමුදාව (Islamic Revolutionary Guard) එහි අංශ වනවා.
Islamic Revolutionary Guard
ග්ලෝබල් ෆයර් පවර් යනු ලෝකයේ යුධ ශක්තීන් පෙළගස්වන පිළිගත් වෙබ් අඩවියක්. ඔවුන් එක් එක් රටවල හමුදා ශක්තිය මැනීමේ දී න්‍යෂ්ටික නොවන අවිවල ශක්තිය, පිරිස් බලය, මූල්‍ය ශක්තිය, සහ භූගෝලීය පිහිටීම යනාදී කරුණු රාශියක් සලකනවා. එම වෙබ් අඩවියට අනුව ඉරානය වර්තමානයේ දී හමුදාමය ශක්තිය අතින් ලොව 17 වන ස්ථානයේ සිටිනවා. ඒ සලකන ලද රටවල් 136 ක් අතුරින්.
කලාපීය වශයෙන් ගත් විට තුර්කිය 11 වන ස්ථානයේත්, ඊජිප්තුව 14 වන ස්ථානයේත්, ඊශ්‍රායලය 18 වන ස්ථානයේත් සිටින බව මෙම වෙබ් අඩවිය සඳහන් කරනවා. සවුදි අරාබිය සිටින්නේ 22 වන ස්ථානයේ.
මිලියන 82 ක ජනගහනයක් සිටින ඉරානයට අවශ්‍ය විටෙක විශාල අතිරේක පිරිස් බලයක් ද තිබෙන අතර, දිගු කාලීන යුද්ධයක දී එය ඉතා වැදගත් වනවා. 1980-88 සමයේ සිදු වූ ඉරාන-ඉරාක යුද්ධය ඊට හොඳම උදාහරණය යි.
1980-88 සමයේ සිදු වූ ඉරාන-ඉරාක යුද්ධය
නමුත් ඉරානය යුධ වියදම් අතින් සිය ප්‍රතිවාදීන්ට වඩා පසුපසින් සිටින බවයි සංඛ්‍යාලේඛන සඳහන් කරන්නේ. 2017 වසරේ දී ඉරානයේ ආරක්ෂක වියදම් ඇමරිකානු ඩොලර් බිලියන 16ක් වූ අතර එය ඇමරිකා එක්සත් ජනපදයේ ඩොලර් බිලියන 600ක් වූ යුධ වියදමට සාපේක්ෂව නොගිණිය හැකි තරම් වනවා.
ඊශ්‍රායලයේ 2017 දී ආරක්ෂක වියදම් ඩොලර් බිලියන 18.5ක් වූ අතර ඩොලර් බිලියන 3.5ක ඇමරිකානු යුධ ආධාර ද එරටට ලැබුණා. සවුදි අරාබියේ ආරක්ෂක වියදම එම වසරේ දී ඩොලර් බිලියන 77.6ක් වුණා.තව ද, 1979 ඉස්ලාමීය විප්ලවයෙන් පසුව ඇමරිකා එක්සත් ජනපදය විසිනුත්, 2006 සිට එක්සත් ජාතීන් විසිනුත් ඉරානයට ආයුධ ගෙන්වීම පිළිබඳ සම්බාධක පනවා තිබෙනවා. මේ හේතුව නිසා ඉරානයට සිදුව ඇත්තේ සිය දේශීය යුධ අවි නිශ්පාදනය මත යැපීමට යි. නමුත් ඉරානය අවට පිහිටි එරට එදිරිවාදීන් සතුව නවීන බටහිර අවි තිබෙනවා.
මෙම අභියෝගයට මුහුණ දීම පිණිස ඉරානය යොදාගන්නා එක් ප්‍රතිපත්තියක් වන්නේ “ඉදිරිපෙළ ආරක්ෂාව” (Forward defense) යි. මෙහි දී අවට ප්‍රදේශවල සිය බලය පැතිරවීමට සහ ප්‍රතිවාදීන් දුර්වල කිරීමට ඉරානය අදහස් කරනවා. ඉරාන විප්ලවීය ආරක්ෂක හමුදාවේ කුද්ස් බලකාය (Quds Force) මෙම මෙහෙයුම් වලට නායකත්වය දෙනවා.
Quds Force
මේ අනුව මේ වනවිටත් බෂාර් අල් අසාද්ගේ සිරියානු රජයට ආධාර දීමත්, ඉරාකයේ ශියා ඉස්ලාමික මිලීෂියා කණ්ඩායම්, යේමනයේ හූති කැරලිකරුවන්, ලෙබනනයේ හිස්බුල්ලා ව්‍යාපාරය, සහ පලස්තීනයේ හමාස් සංවිධානය වැනි සංවිධානවලට ආධාර කිරීමත් ඉරානය විසින් සිදු කරනවා.
ලෙබනනයේ හිස්බුල්ලා ව්‍යාපාරය
ඉරානය සිය ආරක්ෂාව සලසාගැනීම සඳහා සිදු කරන තවත් ව්‍යාපෘතියක් වන්නේ බැලිස්ටික් මිසයිල වැඩසටහන යි. ඔවුනට කෙටි දුර, මධ්‍ය දුර, සහ අන්තර්මධ්‍ය දුර බැලිස්ටික් මිසයිල තිබෙන අතර එම මිසයිල වලට ඊශ්‍රායලයට සහ පර්සියානු බොක්ක අවට අරාබි රටවලට මෙන්ම, කලාපයේ තිබෙන ඇමරිකානු හමුදා කඳවුරු කරා ළඟා විය හැකි යි.
මේ අතර සෙජ්ජිල් වර්ගයේ මිසයිල විශාල ප්‍රමාණයක් වන අතර ඒවාට කිලෝමීටර 2000ක් – 2500ක් දුර ළඟා විය හැකි යි. ඉරානය කියා සිටින්නේ මෙම මිසයිල ස්වකීය ආරක්ෂාව පිණිස යොදවන බව වුණත්, ඉරානයේ විරුද්ධවාදීන් මෙම මිසයිල දකින්නේ තමන්ට මුහුණ දීමට සිදුවන තර්ජනයක් ලෙසයි.
සෙජ්ජිල් වර්ගයේ මිසයිල
මේ අතර ඉදිරිපෙළ ආරක්ෂාව ප්‍රතිපත්තියේ දී ද බැලිස්ටික් මිසයිල වැදගත් වනවා. විශේෂයෙන්ම හිස්බුල්ලා සංවිධානයට මෙන්ම හූති කැරලිකරුවන්ට ද මිසයිල ලබා දෙන බවට ඉරානය වෙත චෝදනා එල්ල වනවා. හූති කැරලිකරුවන් මෑත අවස්ථා කිහිපයක දී ම සවුදි අරාබිය වෙත බැලිස්ටික් මිසයිලවලින් පහර දුන්නා. නමුත් ඉරානය කියා සිටින්නේ තමන් ඔවුනට මිසයිල හෝ ඒවායේ කොටස් හෝ ලබා නොදෙන බව යි.
Houthi Rebels
යම් කිසි අවස්ථාවක යුධ තත්ත්වයක් වර්ධනය වුවහොත් ලෝක තෙල් වෙළෙඳාම කඩාකප්පල් කිරීමේ හැකියාව ඉරානයට තිබෙනවා. පර්සියානු බොක්ක අවට රටවල්, එනම් ගල්ෆ් කලාපයේ රටවල්, ලෝක ඛණිජ තෙල් නිෂ්පාදකයන් අතර ප්‍රමුඛ වනවා. මේ අනුව ලෝකයේ වෙළඳාම් වන ඛණිජ තෙල්වලින් 20%ක් පමණ හෝර්මුස් සමුද්‍ර සන්ධිය හරහා යන නැව් මගින් ගෙනයනු ලබනවා. යම් හෙයකින් යුධ තත්ත්වයක් ඇති වුවහොත් එම නෞකා මාර්ගය වසා දැමීමට ඔවුනට පිළිවන්.
Strait of Hormuz
මේ ආකාරයෙන් සමුද්‍ර සන්ධිය වසා දැමීමට ඒ හරහා සමුද්‍ර බෝම්බ ඇතිරීම හෝ ගාදිර් (Ghadir) වර්ගයේ කුඩා සබ්මැරීන යෙදවීම සඳහා ඉරානයට යොමුවන්නට හැකි යි. හූති කැරලිකරුවන්ගේ ක්‍රියාකාරීත්වය හේතුවෙන් බබ් එල් මන්ඩෙබ් සමුද්‍ර සන්ධිය ආශ්‍රිත නෞකා ගමනාගමනයට ද තර්ජන එල්ල කිරීමේ හැකියාව ඉරානය සතු යි.
ගාදිර් (Ghadir) වර්ගයේ කුඩා සබ්මැරීන
යම් කිසි ආකාරයකින් ඉරානය සහ එරට එදිරිවාදීන් වන ඊශ්‍රයලය අතර යුධමය තත්ත්වයක් ඇති වුවහොත්, එහි දී ප්‍රතිවාදීන්ට පමණක් ද නොව, ලෝක ආර්ථිකයට ද විශාල බලපෑමක් සිදු කිරීමට ඉරානයට හැකි යි. කෙසේ නමුත් එවන් යුද්ධයක් අතිශයින් විනාශකාරී වනු ඇති බවට කිසිදු සැකයක් නැහැ.
Source
ජර්මනියේ DW මාධ්‍ය ආයතනය පළ කල “Iran’s military power: What you need to know” ලිපිය ඇසුරිනි.
www.globalfirepower.com
Roarmedia
Blogger-Chamara Sumanapala
www.forces.net
nationalinterest.org
www.dw.com
Pictures from Internet

Last edited:

. anna aru war eka patan gath kiwwa gaman war eka nawathinawa. war eka nawathinawa kiwwa gaman war eka patan gannawa. muduma katak tiyenne porata