එන්න අපි ඉරානය දෙස බලමු

NRTG

Well-known member
  • Oct 19, 2019
    40,987
    198,367
    113
    Colombo, Sri Lanka
    මේ දිනවල මැදපෙරදිග ගාසා තීරයේ ඇතිවී තිබෙන ගැටුම නිසා දැනට තිරය පිටුපස සිටින ඉරානය ලෙස ලෝකෙම අවදානය යොමාගෙන ඉන්නවා. ඇත්තෙන්ම යුධ තත්ත්වයක දී ඉරානය කෙතරම් ශක්තිමත් ද යන්නත්, විශේෂයෙන් කලාපීය වශයෙන් ඔවුනගේ හමුදා ශක්තිය පිළිබඳවත් මේ අතර සාකච්ඡා මතු වනවා.


    Y8O29im.jpg



    මැදපෙරදිග හෙවත් බටහිර ආසියාවේ ප්‍රබල හමුදා බලයක් ලෙස ඉරානය සලකන්න පුළුවන්. සක්‍රිය සේවයේ සිටින සන්නද්ධ හමුදා සාමාජිකයන් සංඛ්‍යාව 534,000ක් වනවා. එරට යුධ, ගුවන්, සහ නාවික යන ත්‍රිවිධ හමුදාව මෙන්ම ඉරානයේ ඉස්ලාමීය විප්ලවීය ආරක්ෂක හමුදාව (Islamic Revolutionary Guard) එහි අංශ වනවා.

    D1EWdZ4.jpg

    Islamic Revolutionary Guard


    ග්ලෝබල් ෆයර් පවර් යනු ලෝකයේ යුධ ශක්තීන් පෙළගස්වන පිළිගත් වෙබ් අඩවියක්. ඔවුන් එක් එක් රටවල හමුදා ශක්තිය මැනීමේ දී න්‍යෂ්ටික නොවන අවිවල ශක්තිය, පිරිස් බලය, මූල්‍ය ශක්තිය, සහ භූගෝලීය පිහිටීම යනාදී කරුණු රාශියක් සලකනවා. එම වෙබ් අඩවියට අනුව ඉරානය වර්තමානයේ දී හමුදාමය ශක්තිය අතින් ලොව 17 වන ස්ථානයේ සිටිනවා. ඒ සලකන ලද රටවල් 136 ක් අතුරින්.



    cw9XwkO.jpg


    කලාපීය වශයෙන් ගත් විට තුර්කිය 11 වන ස්ථානයේත්, ඊජිප්තුව 14 වන ස්ථානයේත්, ඊශ්‍රායලය 18 වන ස්ථානයේත් සිටින බව මෙම වෙබ් අඩවිය සඳහන් කරනවා. සවුදි අරාබිය සිටින්නේ 22 වන ස්ථානයේ.

    XrO7Ukl.jpg



    මිලියන 82 ක ජනගහනයක් සිටින ඉරානයට අවශ්‍ය විටෙක විශාල අතිරේක පිරිස් බලයක් ද තිබෙන අතර, දිගු කාලීන යුද්ධයක දී එය ඉතා වැදගත් වනවා. 1980-88 සමයේ සිදු වූ ඉරාන-ඉරාක යුද්ධය ඊට හොඳම උදාහරණය යි.


    Ujs1v5K.jpg
    tTO5Ub8.jpg

    1980-88 සමයේ සිදු වූ ඉරාන-ඉරාක යුද්ධය

    නමුත් ඉරානය යුධ වියදම් අතින් සිය ප්‍රතිවාදීන්ට වඩා පසුපසින් සිටින බවයි සංඛ්‍යාලේඛන සඳහන් කරන්නේ. 2017 වසරේ දී ඉරානයේ ආරක්ෂක වියදම් ඇමරිකානු ඩොලර් බිලියන 16ක් වූ අතර එය ඇමරිකා එක්සත් ජනපදයේ ඩොලර් බිලියන 600ක් වූ යුධ වියදමට සාපේක්ෂව නොගිණිය හැකි තරම් වනවා.


    czo04Fh.jpg


    xfRlMX0.jpg



    ඊශ්‍රායලයේ 2017 දී ආරක්ෂක වියදම් ඩොලර් බිලියන 18.5ක් වූ අතර ඩොලර් බිලියන 3.5ක ඇමරිකානු යුධ ආධාර ද එරටට ලැබුණා. සවුදි අරාබියේ ආරක්ෂක වියදම එම වසරේ දී ඩොලර් බිලියන 77.6ක් වුණා.තව ද, 1979 ඉස්ලාමීය විප්ලවයෙන් පසුව ඇමරිකා එක්සත් ජනපදය විසිනුත්, 2006 සිට එක්සත් ජාතීන් විසිනුත් ඉරානයට ආයුධ ගෙන්වීම පිළිබඳ සම්බාධක පනවා තිබෙනවා. මේ හේතුව නිසා ඉරානයට සිදුව ඇත්තේ සිය දේශීය යුධ අවි නිශ්පාදනය මත යැපීමට යි. නමුත් ඉරානය අවට පිහිටි එරට එදිරිවාදීන් සතුව නවීන බටහිර අවි තිබෙනවා.

    l8Bckjo.jpg


    UC1ZSne.jpg



    මෙම අභියෝගයට මුහුණ දීම පිණිස ඉරානය යොදාගන්නා එක් ප්‍රතිපත්තියක් වන්නේ “ඉදිරිපෙළ ආරක්ෂාව” (Forward defense) යි. මෙහි දී අවට ප්‍රදේශවල සිය බලය පැතිරවීමට සහ ප්‍රතිවාදීන් දුර්වල කිරීමට ඉරානය අදහස් කරනවා. ඉරාන විප්ලවීය ආරක්ෂක හමුදාවේ කුද්ස් බලකාය (Quds Force) මෙම මෙහෙයුම් වලට නායකත්වය දෙනවා.

    8eJxfkG.jpg

    Quds Force


    මේ අනුව මේ වනවිටත් බෂාර් අල් අසාද්ගේ සිරියානු රජයට ආධාර දීමත්, ඉරාකයේ ශියා ඉස්ලාමික මිලීෂියා කණ්ඩායම්, යේමනයේ හූති කැරලිකරුවන්, ලෙබනනයේ හිස්බුල්ලා ව්‍යාපාරය, සහ පලස්තීනයේ හමාස් සංවිධානය වැනි සංවිධානවලට ආධාර කිරීමත් ඉරානය විසින් සිදු කරනවා.



    eSSKlCi.jpg

    ලෙබනනයේ හිස්බුල්ලා ව්‍යාපාරය

    ඉරානය සිය ආරක්ෂාව සලසාගැනීම සඳහා සිදු කරන තවත් ව්‍යාපෘතියක් වන්නේ බැලිස්ටික් මිසයිල වැඩසටහන යි. ඔවුනට කෙටි දුර, මධ්‍ය දුර, සහ අන්තර්මධ්‍ය දුර බැලිස්ටික් මිසයිල තිබෙන අතර එම මිසයිල වලට ඊශ්‍රායලයට සහ පර්සියානු බොක්ක අවට අරාබි රටවලට මෙන්ම, කලාපයේ තිබෙන ඇමරිකානු හමුදා කඳවුරු කරා ළඟා විය හැකි යි.


    nrIdLOn.jpg



    මේ අතර සෙජ්ජිල් වර්ගයේ මිසයිල විශාල ප්‍රමාණයක් වන අතර ඒවාට කිලෝමීටර 2000ක් – 2500ක් දුර ළඟා විය හැකි යි. ඉරානය කියා සිටින්නේ මෙම මිසයිල ස්වකීය ආරක්ෂාව පිණිස යොදවන බව වුණත්, ඉරානයේ විරුද්ධවාදීන් මෙම මිසයිල දකින්නේ තමන්ට මුහුණ දීමට සිදුවන තර්ජනයක් ලෙසයි.

    RvlXOmQ.jpg


    Mg9VUZ1.png


    සෙජ්ජිල් වර්ගයේ මිසයිල

    මේ අතර ඉදිරිපෙළ ආරක්ෂාව ප්‍රතිපත්තියේ දී ද බැලිස්ටික් මිසයිල වැදගත් වනවා. විශේෂයෙන්ම හිස්බුල්ලා සංවිධානයට මෙන්ම හූති කැරලිකරුවන්ට ද මිසයිල ලබා දෙන බවට ඉරානය වෙත චෝදනා එල්ල වනවා. හූති කැරලිකරුවන් මෑත අවස්ථා කිහිපයක දී ම සවුදි අරාබිය වෙත බැලිස්ටික් මිසයිලවලින් පහර දුන්නා. නමුත් ඉරානය කියා සිටින්නේ තමන් ඔවුනට මිසයිල හෝ ඒවායේ කොටස් හෝ ලබා නොදෙන බව යි.

    kNNEbvm.jpg



    tyC9kKF.jpg

    Houthi Rebels


    යම් කිසි අවස්ථාවක යුධ තත්ත්වයක් වර්ධනය වුවහොත් ලෝක තෙල් වෙළෙඳාම කඩාකප්පල් කිරීමේ හැකියාව ඉරානයට තිබෙනවා. පර්සියානු බොක්ක අවට රටවල්, එනම් ගල්ෆ් කලාපයේ රටවල්, ලෝක ඛණිජ තෙල් නිෂ්පාදකයන් අතර ප්‍රමුඛ වනවා. මේ අනුව ලෝකයේ වෙළඳාම් වන ඛණිජ තෙල්වලින් 20%ක් පමණ හෝර්මුස් සමුද්‍ර සන්ධිය හරහා යන නැව් මගින් ගෙනයනු ලබනවා. යම් හෙයකින් යුධ තත්ත්වයක් ඇති වුවහොත් එම නෞකා මාර්ගය වසා දැමීමට ඔවුනට පිළිවන්.

    4emObmU.png

    Strait of Hormuz

    මේ ආකාරයෙන් සමුද්‍ර සන්ධිය වසා දැමීමට ඒ හරහා සමුද්‍ර බෝම්බ ඇතිරීම හෝ ගාදිර් (Ghadir) වර්ගයේ කුඩා සබ්මැරීන යෙදවීම සඳහා ඉරානයට යොමුවන්නට හැකි යි. හූති කැරලිකරුවන්ගේ ක්‍රියාකාරීත්වය හේතුවෙන් බබ් එල් මන්ඩෙබ් සමුද්‍ර සන්ධිය ආශ්‍රිත නෞකා ගමනාගමනයට ද තර්ජන එල්ල කිරීමේ හැකියාව ඉරානය සතු යි.


    W4zgczW.jpg

    ගාදිර් (Ghadir) වර්ගයේ කුඩා සබ්මැරීන

    යම් කිසි ආකාරයකින් ඉරානය සහ එරට එදිරිවාදීන් වන ඊශ්‍රයලය අතර යුධමය තත්ත්වයක් ඇති වුවහොත්, එහි දී ප්‍රතිවාදීන්ට පමණක් ද නොව, ලෝක ආර්ථිකයට ද විශාල බලපෑමක් සිදු කිරීමට ඉරානයට හැකි යි. කෙසේ නමුත් එවන් යුද්ධයක් අතිශයින් විනාශකාරී වනු ඇති බවට කිසිදු සැකයක් නැහැ.


    Source
    ජර්මනියේ DW මාධ්‍ය ආයතනය පළ කල “Iran’s military power: What you need to know” ලිපිය ඇසුරිනි.
    www.globalfirepower.com
    Roarmedia
    Blogger-Chamara Sumanapala
    www.forces.net
    nationalinterest.org
    www.dw.com
    Pictures from Internet
     
    Last edited:

    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,946
    113
    TFS bro 😍

    ඔය රේටින් වලින් රුසියාව ඉන්නේ දෙවනි තැන නේද ? රුසියාව තටමන තැටමිල්ල දැක්කම ඕව පිළිගන්න අමාරුයිනේ
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    අඟහරුවල ජනාවාස හරදුවට පස්සෙ ලෝකෙ ඉන්න හැම තම්බියෙක්ම අඟහරුවලට යැව්වනම් ලෝකෙ සෑහෙන්න සාමකාමී වෙයි :yes:
     

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,987
    198,367
    113
    Colombo, Sri Lanka
    TFS bro 😍

    ඔය රේටින් වලින් රුසියාව ඉන්නේ දෙවනි තැන නේද ? රුසියාව තටමන තැටමිල්ල දැක්කම ඕව පිළිගන්න අමාරුයිනේ
    YES :yes:


    2023 Russia Military Strength​


    The GFP index denotes Russia as a Top 5 world power.

    For 2023, Russia is ranked 2 of 145 out of the countries considered for the annual GFP review. The nation holds a PwrIndx* score of 0.0714 (a score of 0.0000 is considered 'perfect'). This entry last reviewed on 01/19/2023.
     

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,987
    198,367
    113
    Colombo, Sri Lanka
    සුපිරි නූල...👍👍
    අපෝ, මොන තාක්ශනේ තිබුණත් යුද්ධෙනං අන්තිම චොර...
    එහෙම කියන්න එපා මිස්.... යුද්දයක් තිබුනම තමයි මට ආටිකල් තියෙන්නේ. අපිත් ජිවත් වෙන්න එපැයි.... :cool:
    මේ යුද්දය මමම ඇතිකරලා, මමම වාර්තාකරලා, මමම චායරුප අරගෙන අමාරුවෙන් තමයි මේ පොස්ට් දාන්නේ ...... 😛
     

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,987
    198,367
    113
    Colombo, Sri Lanka
    thanks මචන් .. මුන්ගේ drone technology එක ගොඩක් හොඳ මට්ටමක තියනවා කියලා කියනවා .. ඒ ගැනත් පුළුවන් වෙලාවක දාන්න ..
    අනිවා දාමු මචන් මේකේ දැම්මේ නැත්තේ නූල දික් ගැහෙන නිසා. කොමෙන්ට් එකට ගොඩක් ස්තුතියි....:love2:(y)