~එන්න...අපි තරඟෙට කවි ලියමු...~ | EK Kavi Maduwa |

nexuszone

Well-known member
  • Aug 12, 2009
    847
    251
    63
    ~එන්න...අපි තරඟෙට කවි ලියමු...~ | EK Kavi Maduwa |

    එදවස් පටන් ලියනෙමි මම කවිය ගොතා...
    දහසක් සිතුම් දරනෙමි ඒ ජයම පතා...
    පදවැල් බඳිමු එක්වී අපි බේද නැතා...
    ලියමුද අපිත් තරඟෙට එළකිරිය පතා...


    |||එන්න...අපි තරඟෙට කවි ලියමු... මේ අපේ කවෙ මඩුව...|||

    friday_walk.jpg


    |||එන්න...අපි තරඟෙට කවි ලියමු... මේ අපේ කවෙ මඩුව...|||
     

    thilangr8

    Well-known member
  • Sep 18, 2008
    21,508
    5,864
    113
    හෝම් ස්වීට් හෝම්
    කවි ත්‍රෙඩ් නං එළකිරියෙ තියෙන්නා
    තවත් එකක් තිබුනට වරදක් නැතුවා
    එහෙනං පටං ගමු තරගෙට කවි කීවා
    කවුරුද ඉන්නෙ කවියො මෙ රැ වීලා​
     

    nexuszone

    Well-known member
  • Aug 12, 2009
    847
    251
    63
    සේකර තුමා ආවත් මම බයක් නැතී...

    රෑ වී දවල් වී හෝ මෙහි කවියො එතී...
    ආවොත් ලියන්නට ඇරයුම් කරමු නිතී...
    තාමත් ඇවිත් නෑ තරඟෙට බයක් සිතී...
    සේකර තුමා ආවත් මම බයක් නැතී...

     

    Mindada hee sara..

    Well-known member
  • Dec 1, 2009
    2,746
    538
    113
    මහරගම
    සේකර තරම් කෙරුමෙක් නොවෙමි මම
    පොඩි කොල්ලෙකි වසනා මහරගම
    නොව හොද අදහසක් ඔබේ චන්ඩි කම
    සේකර තරම් කොල්ලෝ ඇත එලකිරියේ එම
     

    mdee

    Member
    Jun 27, 2009
    1,810
    99
    0
    Small Planet
    වෙනසක් කරන්න බයිලා කියන කලෙක
    කවිකම මතුකරන්න පටන් ගත්ත ද හූය
    පොද වැසි වටෙන්න රකින්නට සරු පොලව
    කවි පොඩි ගලන්න සුරකින්නට හූය
     

    mdee

    Member
    Jun 27, 2009
    1,810
    99
    0
    Small Planet
    පන්හිඳ තුඩින් ලියවුන කවිය
    සේකර තුමන් සුරැකිය කවිය
    ඇඟිලි තුඩින් නිමවන කවිය
    එළකිරි තුලින් සුරකිමු කවිය
     
    Last edited:

    nexuszone

    Well-known member
  • Aug 12, 2009
    847
    251
    63
    මින්දද හොවමි බිමටම දන ගස්සාලා...

    සේකර තරම් කෙරුමෙක් නොවෙමි මම
    පොඩි කොල්ලෙකි වසනා මහරගම
    නොව හොද අදහසක් ඔබේ චන්ඩි කම
    සේකර තරම් කොල්ලෝ ඇත එලකිරියේ එම


    මින්දද හීසරින් කවි කම් පතුරාලා...
    සන්නද සමඟ ආවද හුය දෙදරාලා...
    නින්නද දෙමින් ලියනෙමි නම රන්දාලා...
    මින්දද හොවමි බිමටම දන ගස්සාලා...


    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
     

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    කවුදැයි කවුදැයි කෑමොර දෙන්නේ
    අපිට වඩා කෙරුමන් කොහි ඉන්නේ
    ගේමට ගේමක් කෝල් කරන්නේ
    ලියනවනම් ලියලා පෙන්නන්නේ

     

    nexuszone

    Well-known member
  • Aug 12, 2009
    847
    251
    63
    ලියමු සහෝ දිගටම කවි මේ හුයට...

    පන්හිඳ තුඩින් ලියවුන කවිය
    සේකර තුමන් සුරැකිය කවිය
    ඇඟිලි තුඩින් නිමවන කවිය
    එළකිරි තුලින් සුරකිමු කවිය


    සුරකිනු කවිය හැකිවෙයි මේ ලෙසට...
    කවි මඩු තරඟ නිසඳැස් ඇති කලට...
    ලියමු සහෝ දිගටම කවි මේ හුයට...
    එවිට ෂුවර් කියවනු හැකි වෙයි රසට...


    :cool::cool::cool::cool::cool::cool::cool::cool::cool::cool::cool::cool::cool::cool::cool::cool::cool::cool::cool::cool::cool:
     

    nexuszone

    Well-known member
  • Aug 12, 2009
    847
    251
    63
    කවුදැයි කවුදැයි කෑමොර දෙන්නේ
    අපිට වඩා කෙරුමන් කොහි ඉන්නේ
    ගේමට ගේමක් කෝල් කරන්නේ
    ලියනවනම් ලියලා පෙන්නන්නේ



    කෙරුමෙක් වේද මට නම් මේ සිඟිති පුතා...
    කවි මඩු තරඟ ඉල්ලුවෙ මේ ගේම පතා...
    ලැජ්ජ නැද්ද මේ හැටි මේ කියන කතා...
    ඔබට වඩා කෙරුමන්
    එළකිරියෙ ඇතා...

    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
     

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    කෙරුමෙක් වේද මට නම් මේ සිඟිති පුතා...
    කවි මඩු තරඟ ඉල්ලුවෙ මේ ගේම පතා...
    ලැජ්ජ නැද්ද මේ හැටි මේ කියන කතා...
    ඔබට වඩා කෙරුමන්
    එළකිරියෙ ඇතා...

    කිරියාව මිසක් නෑ නොවේ අපෙ පොරටෝක්
    වෙලාවට දෙන්නම් කුඩුවෙන්න උඹෙ ටෝක්
    අකුලාගත්තේ නැතිනම් වේවි ඉන්නට නෝටෝක්
    කට නැතුව නහින්නට මාළුවට SLT V ටෝක්
     

    Amalka101

    Member
    Oct 27, 2008
    6,012
    271
    0
    එළකිරි අඩවියේ කවදත් කවි ලිව්වා
    හැම කවි හුයෙම වාගේ මම සැරිසැරුවා
    ඉඳ හිට තරගයට කවි පද වැල් ගෙතුවා
    තවදුරටත් ලියන්නට මට කවි ඇතුවා
     

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    කටමැත දෙඩුව කෝ නෙක්සස් සෝන්
    බිත්තර කටුවක් යට සැගවීද ඒ සෝන්
    දැන් එළියට එන්න මේක සේෆ් සෝන්
    නැත්නම් වේවි වුනදේ නෝ ෆයර් සෝන්
     

    sudunone

    Member
    May 23, 2009
    3,781
    121
    0
    අඩේ අප්ප තවත් එකක්
    කවි කියන්න තව හූයක්
    පටං ගත්තු තැන වලියක්
    නැගල යන්න එළ විදිහක්
     

    Mindada hee sara..

    Well-known member
  • Dec 1, 2009
    2,746
    538
    113
    මහරගම
    මින්දද හීසරින් කවි කම් පතුරාලා...
    සන්නද සමඟ ආවද හුය දෙදරාලා...
    නින්නද දෙමින් ලියනෙමි නම රන්දාලා...
    මින්දද හොවමි බිමටම දන ගස්සාලා...


    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:

    ඔබටත් හී සර වදී කෙදිනක හෝ මින්දදගේ
    එම විට වැටහේවි මින්දද හී සරගේ අගේ
    මොන විදිහට කලත් නින්නද දෙමින් රඟේ
    නුබේ කවි මඩල නැත මා තරම් අගේ

    :lol::lol::lol::lol::lol::lol:
     

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    කවි හුයෙ පොර ටෝක්
    වීලා දැන් කෝ චෝක්
    කිව්ව උන් කෝ ටෝක්
    මමත් ආවා බට් කවි කෝ
    අර ඉන්නේ හැංගී
    ලැජ්ජාවෙන් රතු වි
    බියෙන් ගැහි ගැහී
    නොදුටු සේ ගොළුවී
     

    thilangr8

    Well-known member
  • Sep 18, 2008
    21,508
    5,864
    113
    හෝම් ස්වීට් හෝම්
    අර ඉන්නේ හැංගී
    ලැජ්ජාවෙන් රතු වි
    බියෙන් ගැහි ගැහී
    නොදුටු සේ ගොළුවී


    සෙකර ආවත් නොමැත බිය කිව්වා
    එහෙව් එකා දැන් හැංගී ඉන්නා
    අනෙ අපොයි මෙහෙමත් කවියන් ඉන්නා
    පිලිතුරක් දෙන්නටවත් එලියට එනවාද ගැඩවිලා​
    :lol::lol::lol:
    (jk)
     
    Nov 24, 2008
    14,813
    575
    0
    78

    සෙකර ආවත් නොමැත බිය කිව්වා
    එහෙව් එකා දැන් හැංගී ඉන්නා
    අනෙ අපොයි මෙහෙමත් කවියන් ඉන්නා
    පිලිතුරක් දෙන්නටවත් එලියට එනවාද ගැඩවිලා​
    :lol::lol::lol:
    (jk)

    අවුව වැටෙන විට නෑ ගැඩවිලො එන්නෙ....
    වැස්ස වැටෙන විට පමණයි ගැඩවිලො එන්නෙ....
    පාලු ගෙයි වලන් බින්ද ගැඩවිලකියී ඉන්නෙ
    ITN තුලාවට නම් මොහු හරි යන්නෙ....
    ....

    :lol::lol::lol::lol:
     

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴

    සෙකර ආවත් නොමැත බිය කිව්වා
    එහෙව් එකා දැන් හැංගී ඉන්නා
    අනෙ අපොයි මෙහෙමත් කවියන් ඉන්නා
    පිලිතුරක් දෙන්නටවත් එලියට එනවාද ගැඩවිලා​
    :lol::lol::lol:
    (jk)

    ඌකා බිම් පණුවා
    කුනු කන හයිනාවා
    ආදරබර උගුඩුවා
    කෝ අඩුකුත්තේරුවා