.:~ එන්න, අපි රියෝ යමු ~:. - Rio Olympics 2016 (01 කොටස)

blue_in_rio

Well-known member
  • .:~ එන්න, අපි රියෝ යමු ~:. - Rio Olympics 2016 (01 කොටස)

    ඔලිම්පික් (Olympic ) කිව්වහම නොදන්න කෙනෙක් නෑනේ.ඔව්, ඒක තමයි ලෝකේ තියෙන හැම රටකම පාහේ ක්‍රීඩක ක්‍රීඩිකාවෝ තරඟ වදින, ලෝකේ ලොකුම ක්‍රීඩා සැණකෙළිය.අවුරුදු හතරකට වරක් පවත්වන ඔලිම්පික් උත්සවය මේ පාර, ඒ කිව්වේ 2016දි පවත්වන්නේ බ්‍රසීලයේ, රියෝ දි ජැනෙයිරෝ (Rio de Janeiro) නගරයේ.ඉතිං මම කල්පනා කලා, මේ පාර ඔලිම්පික් උත්සවය පවත්වන රියෝ නගරේ ගැන පොඩි විස්තරයක් එක්ක ත්‍රේඩ් එකක් දාන්න. :yes::yes:


    Montagem_RJ.jpg



    රියෝ නගරය පිහිටලා තියෙන්නේ, බ්‍රසීලයේ, ගිනිකොන පැත්තට වෙන්න.Rio De Janeiro කියන්නේ පෘතුග්‍රීසි වචනයක්.ඒකේ තේරුම, River of January නැත්නම් "ජනේරුවේ ගංගාව" කියන එක.1565 දි විතර නගරයට මේ නම යෙදුනේ, පෘතුග්‍රීසි ආධිපත්‍යය යටතේ තියෙන කාලේ.


    christ-the-redeemer-statue-overlooking-rio.jpg


    Rio De Janeiro කිව්වම ඉස්සෙල්ලම මතක් වෙන්නේ, Corcovada කන්ද මුදුනේ තියෙන, ජේසූස් ක්‍රිස්තුස් වහන්සේගේ, අති විශාල ප්‍රතිමාව.මේ ප්‍රතිමාව අඩි 98ක් විතර උසයි.(පාදස්තලයේ අඩි 26ක උස නැතුව.ඔක්කොම නම් අඩි 124ක් විතර වෙනවා )මේක ලෝකයේ පුදුම හතටත් අයත් වෙලා තිබුනා කියලා මතකයි. :confused::confused:

    rio-de-janeiro-carnaval-0206-400_0.jpg


    ඊළඟට කාටත් මතක් වෙන දෙයක් තමයි, රියෝ කානිවල් එක.සැම්බා නැටුම් වලින් සමන්විත මෙම සුන්දර ප්‍රසංගය, සෑම වර්ශයකම, පෙබරවාරි-මාර්තු කාලයේ, සතියක් විතර පැවැත්වෙනවා.( ෆිල්ම් එක ෂූට් කරන දවස්වල නම්, මමත් ඔය කානිවල් එකක් අස්සේ පිස්සු නැටුවා, කට්ටියට මතක ඇති )කාන්තා පාර්ශවය හරි ලස්සනට ඇඳ පැලැඳගෙන මේකට සහභාගි වෙනවා.මේ ඇඳුම් දැක්කම කාට හරි අපේ පැස්බරා එහෙම මතක් උනා නම් සොරි වෙන්ට ඕනෑ.ලබන අවුරුද්දේ එකට ඌවත් එක්ක යන්න හිටියේ.කොහෙද, පොර මිසින්ලුනේ. :sorry::sorry:


     
    Last edited:

    blue_in_rio

    Well-known member
  • Brazil_Copacabana-Beach_357.jpg

    IpanemaBeach-RiodeJaneiro-Brazil.png


    Copacabana Beach, Ipanema Beach වගේ සුන්දර මුහුදු වෙරළවල් උනත් රියෝ වල අඩුවක් නැහැ.මේ වගේ මූදු වෙරළක් දකිද්දි කාටද ආස හිතෙන් නැත්තේ ? :P:P රියෝ යනවා නම් මෙන්න තවත් යන්නම ඕනා තැනක්.

    maracana-stadium-brasil.jpg


    මේක නම් ඉතිං කොහොම අමතක කරන්නද ? මේ තමයි Maracana Stadium එක.ඔයාලා හිතුවා වගේම, මෙවර ඔලිම්පික් තරඟ වලින්, තරඟ 28ක, ඉසව් 306ක්ම මේ Stadium එකේ පැවැත්වෙනවා.එසේ මෙසේ stadium එකක් නෙමෙයි, සීට් 78,838ක් තියෙන, බ්‍රසීලයේ ලොකුම stadium එක.2014 අවුරුද්දේ පාපන්දු ලෝක කුසලානේ අවසන් තරඟයත් ඇතුලුව, තවත් තරඟ කීපයකුත් මේකේ පැවැත්වූවා.දන්නවද මේක හදලා තියෙන්නේ කොයි කාලේද කියලා ? 1948දි. විවෘත කරලා තියෙන්නේ 1950 දි.ඊට පස්සේ 2000, 2006, 2013 කියන අවුරුදු තුනේදි අලුත් වැඩියාවන් ටිකක් එහෙම කරලා, දැන් තියෙන තත්ත්වයේ තියෙන්නේ.

    00016c42b423143ed24728.jpg


    එතකොට මේ මොකක්ද ? මේක තමයි Tijuca National Park කියන්නේ.රියෝ වල ජාතික වන උද්‍යානය.බලන්න ලස්සන තැනක්.
    මමත් පොඩි කාලේ හිටියේ මෙහෙ තමා.පස්සේ මාව ලින්ඩාට හම්බුනානේ.ඒකෙන් තමයි මගේ පොඩි කාලේ මේ කැලෑවල් වල ගත කරන්න නොලැබුනේ.ඒත් දැන් නම් මම ඉන්නේ, මගේ ජුවෙලුයි, පොඩ්ඩෝ තුන් දෙනයි එක්ක දකුණු ඇමරිකාවේ මීටත් වඩා ලස්සන පැත්තක තියෙන කැලෑවක. - මීට බ්ලු (Blue) ;);)

    රියෝ ගැන මෙහෙම පොඩ්ඩක් කියලා වැඩක් නෑ බන්. එක ත්‍රෙඩ් එකකින් ඉවර කරන්න හිටියට වැඩේ ලේසි නෑ වගේ.ඇයි යකෝ, ඔෆීස් එකේ අම්බානට වැඩ තියාගෙන බොලව් මේවා කොටන්නේ.දෙවෙනි කොටසින්, ඉක්මනින්ම හමුවෙමු. :cool::cool:
     
    Last edited:

    blue_in_rio

    Well-known member
  • ළමායි...... අදට රෙප් ඉවරයි, හෙටසිට 11+ ගානේ සලකන්නේ. :yes::yes: (ඒ අස්සේ රෙප් පවර් එකත් වැඩිවෙලා කියහන්කො.අද රෙප් ගන්න බැරි වෙච්ච එවුන්ට වාසියි. ) ;);)